Thursday 10 November 2011

යන්න වෙන තෙක් ඉදිමි

බසින හිරු යලි පායාවි
පරවුණ මල් පළ දරාවි 
වැටෙන දිය බිඳු ගඟක් වේවි
එහෙත් මා....?
රැය පහන් වේදැයි නොදනි
නුඹ ලග රැදෙන්නට සිතමි
යන්නට ඇති බව දනිමි
නමුත් ඒ..
කවදාදැයි නොදනි
කොතනකදිදැයි නොදනි
යන හැටි පමණක් දනිමි
ඉතින් මා...
යන්න වෙන තෙක් ඉදිමි
බොරු හිනාවක්‌ මවමි
එය වියකෙන්නට නොදෙමි
ඉතින් දැන්...
සිනාසෙනු මැනවි


Sunday 30 October 2011

ආදරය


ජීවිතය සුන්දරයි
ආදරයක් ලබද්දී
එත්..?
ප්‍රශ්නයක්
ආදරය ලබන්න කලින්
ආදරයේ දකින සුන්දරත්වය,
ටික කලක යද්දී 
බාදක පිරුන 
කටු පදුරු වැවුණු
මහා දුෂ්කර මාවතක් වෙනවා...
ඉතින් හැගීමට වහල් වෙලා
උත්තරයක්‌ දෙන්න කලින්
හිතන්න....
පුලුවන්ද කියලා 
තරණය කරන්න
කටු පදුරු පිරුන මාවත...
ලබන්නට නම් 
සතුට පිරුන ජිවිතයක්
කැප කරන්න වෙනවා හුගක් දේවල්
එක වචනයක් වෙනුවෙන්
අකුරු හතරක් වෙනුවෙන්...
ඒ බාදකය තරණය කරන්න බැරුව
එක හැගීමකට වහල් වෙලා
කවමදාවත් දෙන්නා එපා 
උත්තරයක්‌....

Monday 3 October 2011

මිතුර, ස්තූතියි නුඹලාට

පැන්සල අතට ගෙන
මුලින්ම  
"අයන්න " ලියපු දවසේ
කවුරුවත් හිතුවද 
එයි කියලා මෙච්චර දුරක්
දහතුන් වසරක්
ගුරු දෙගුරුන්ගෙන්
ශිල්ප ලැබ
අවසන පැමිණ ඇත
බලාපොරොත්තු වූ ඉලක්කයට 
දැන් යාමට මොහොතයි
දුකයි දමා යාමට ඔබ සැම
උබලා හැමෝටම ස්තුතියි

චරිත්/තිලින/රජිත/යාපා/ට්‍රෙෂා/බට්ටි/ගයා/ප්‍රෙමිල්/ උබලට ගොඩක් ස්තුතියි බං....

නම නොකියවුන කට්ටිය හිටියොත් සමාවෙන ඕන 

හැර යාම

යන්නට යමි මම
මිතුරු සැම දමා
දෙමාපිය ආසිරි මැද
මගේම අනාගතය වෙනුවෙන්
දුර ගමනක්...
දුකයි යාමට
ඔබ සැම දමා
ඔබ සැමගෙන් වෙන්ව
එහෙත් නොමැත වෙන විසදුමක්
යන්නටම වෙයි

නව පරිසරයක්
නව ඉගෙනුම් ක්‍රමයක්
හැකි වෙයිද හුරුවීමට ඉක්මනටම...
පරාජිතයෙක් ලෙස නොව
ජයග්‍රාහකයකු ලෙස පැමිණෙන්නට...

ඒත් දුකයි දමා යාමට
ඔබ සැම
13 න් වසරක් එකට 
ඉගන ගත් 
ගහ මරා ගත් 
ඔබ සැම දමා යාමට 
හිත් නොදෙයි..



Sunday 18 September 2011

අහිමි පොරොන්දුව

පාලු සිත ලගට වී
ගෙතූ පද අමතකද?
නෙතු ලගම නුඹ රැදී
ඇන්ද සිතුවම් කොයිද?
හඬන සිත ලගට වී
සැනසූව නුඹ නැතිව
හඬන සිත තනි කරන්
ඉදිමි මම අද තනිව 

මගේ දුක ලග රැදී
සැනසූව නුඹ මෙදින  
ඔහු තුරුලේ හුරතල්ව
ගෙවයි දිවි මා නැතිව 
අමතකද නුඹ එදා
මට දුන්න පොරොන්දුව
අද තනිව මා ඉදියි
නුඹේ පොරොන්දුව සමග 

Saturday 10 September 2011

නුඹ සවිය මා ලගයි

ජීවිතය දුෂ්කරයි 
යනෙන මග නොම පෙනෙයි
ඉලක්කය බොහො දුරයි
යන විදිහ නොම දනියි
ගැටළු මා වෙල ගනියි 
හෙළ වෙන්නවත් නොදෙයි 
එහෙත් බිය නොවෙමි මම 
නුඹ සවිය මා ලගයි 

වැටුන විට නැගිටින්න 
අත දෙන්න නුඹ හිදී
අඩන විට කදුළු බිඳු
පිසලන්න නුබ හිදී
ජිවිතයේ හරි මගම 
ගෙනියන්න නුඹ හිදී
ඉතින් බිය නොවෙමි මම 
නුඹ සවිය මා ලගයි

මෙච්චර කල් එක එක අයට කවි ලිවුවට අක්කල දෙන්නට ලිවුවේ නෑනේ ඔන්න එකත් අද ලිවුවා දැන් ඉතින් බයක් නෑ.... 


Thursday 8 September 2011

පරාජය

ජීවිතය කවදාවත් අපි කැමති දේවල් අපිට දෙන්නේ නෑ
අපි ජිවත් වෙන්න ඕන නම් අපිට ඕන කරන දේවල් අපි ලබාගන්න ඕන
අපිට ඕන විදිහට
ජීවිතයේදී වැටීම් එමටයි 
වැටුන විට හැම දෙයක්ම අත අරිනවනම් 
එතනයි අපි පරදින්නේ
පරාජය කියන්නේ අපි අන්තිමයා වීමවත් 
අපිට දිනන්න බැරි වීමවත් නෙවෙයි
පරාජය කියන්නේ ජිවිතයෙන් පැනයාම
පරාජය කියන්නේ වැටුන විට හැම දෙයක්ම අත ඇරීම
වැටුන විට නැගිටින්න පුළුවන් නම්
අපි හැමෝම ජයග්‍රාහකයෝ 

පරාජය කියලා දෙයක් නෑ,
අපිට පුළුවන් නම් වැටුන විට නැගිටින්න 
හැමදෙයක්ම වැරදියට වෙද්දී අපිට නිවැරදි වෙන්න 



Friday 2 September 2011

කල්පය

ඔයා හරියට පිච්ච මලක් වගේ 
පිවිතුරුයි, සුවදයි, ලස්සනයි 
ඔයාගේ හිනාව මගේ මුළු ආත්මයම පිනවනවා
ඔයාගේ කතාව මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා 
කොටින්ම ඔයා නිකන් සුරංගනාවියක් වගේ
මටම කියලා මවපු...
ඔයාව කල්පයකටත් වඩා කාලයක් මං ලගින තියාගන්න මම ආසයි...
ඒත් ඔයා දන්නවද 
කාලය කියන්නේ මිහිහෙක්ගේ හිතේ මැවුණු සිතිවිල්ලක් විතරයි කියලා
ඉතින් ඔයාගේ හිතේ කල්පයකට තියන කාලය ගොඩක් දිග උනාට
මට ඒක එකම ඒක තප්පරයක් විතරයි...
සමහර විට තප්පරයකටත් වඩා අඩු වෙන්න ඇති...
අනේ මන්ද මෙයිට වඩා මොනා කියන්නද කියලා
ඔයා තේරුම් ගන්න 

Monday 29 August 2011

ලියන්න මුකුත් නැතෝ

ලියන්න වචන නෑ
වචන තිබ්බත් හිතෙන්නෑ
හිතුනත් ලියවෙන්නෑ 
ලියවුනත් පලවෙන්නෑ 


ඕකෙන් මේකෙන් වෙන්නේ 
මගේ ඇස් දෙක වගේ තිබ්බ බ්ලොග් ඒක
මකුණු දැල් පිරිච්ච පාලු ගුහාවක් වෙන එකයි(වෙන්න දෙයක් නෑ)


අන්න ඒක හින්ද මුකුත් ලියවෙන්නේ නෑ කියලා හරි ලියන්න හිතුනා.. බලනවානම් බලන්න නැත්නම් ඒත් බලන්න බැරිමනම් නොබලා ඉන්න (ඒ උනාට හොරෙන් බලන්න )
මොනා උනත් කමක් නෑ ආවා කියලා නම ලකුණු කරලා යන්න... අපි ආයෙම ලියන්න පටන් ගමු 
එහෙනම් හැමෝටම
ෆේස් බුක් දෙවියන්ගේම  පිහිටයි ආරක්ෂාවයි 
(ගුගල් දෙවියෝ තරහ වෙයිද දන්නේ නෑ...)
ගූගල් දෙවියන්ගේත් ආරක්ෂාවයි ඔන්න 

Thursday 18 August 2011

නාබිගතවූ ඉලක්කය සිහිනයක් වූ කල


දහතුන් වසරක්
වෙහෙසවා හිස
අසමබරව, 
ලෙඩුන් වන ලෙස 
මානසිකව.
එකම ඉලක්කයකට 
නාබිගතව 
වින්දත් දුක් අප
අද අසරණයි 
ලැබුණු දෙයක් නැත 
ලබාගන්න දෙයක් නැත 
අවුරුද්දක් 
කාලකන්නි ලෙස 
ගෙවුන බව පමණක් මතකයි  
නාබිගත වූ ඉලක්කය 
සිහිනයක් වූ කල
ඒ සිහිනය තුල 
තව දුරටත් රැදෙනවද
නැතිනම් වෙන මගක යනවද?
අසරණයි අප 
ඔව් 
අප තෝරාගත් වාසනාවන්ත 
පිරිසක්ලු 
ඒ වාසනාව 
නොදන්නා ආරම්බයක් ලැබෙන තෙක් කාලකන්නියන් වීමයි 

 

Saturday 13 August 2011

මිනි ගවුම


කොටට කොටේ 
ගවුම ඇදන්
අපේ අහිංසක 
ඇස් ඒ දිහාට ගියාම 
ඔරවන්න නම් 
ඉද ගත්තම 
මුළු සර්වාන්ගේම පේන හින්ද
පතාර මල්ලක් 
කකුල් දෙක උඩ තියාගන්න නම් 
මොන මගුලටද 
මිනි ගවුම් අදින්නේ...?

Sunday 7 August 2011

අම්මා

වියලි පොලවට
දිය පොදකි නුඹ
ඉරි වැටුන බිම 
සාර කරවන 
අඳුරු අහසෙහි 
සද මඩල නුඹ
අදුරු අහසම
එලිය කරවන 
වචන පෙළකට
තනුව වෙයි නුඹ 
හිතම සනසන 
ගීත බිහිවන 

මගේ ආදර මෑනියයි නුඹ 
මගේ දිවියම එලිය කරවන 
 

Friday 5 August 2011

මිනිස්සු දකිනවා නේද?

හැංගි හොරා 
කලත් හොර වැඩ 
නුඹ හරිම අහිංසකයි 
ලොවටම
ඉන්නේ නුඹ හරියට
හොදම හොද 
කෙල්ල විලසට.
එලි පිට 
පොඩි වරදක් වූ විට
"ඔයාට පිස්සුද මිනිස්සු දකිනවා නේද?"
අහයි ප්‍රශ්නයක්
උත්තර නැති වෙන්නම
එත් නුඹ නොදන්නා කරුන
දනියි මුළු ලොවම 
නුඹේ හොර වැඩ  

Wednesday 3 August 2011

ෆ්රුට්‌ සැලඩ් එකක් වගේ ලස්සනයි


ඔයාගේ ඇස් වෙරළු ගෙඩි දෙකක් වගේ පුංචියි
තොල් වලින් ඉබින්නමයි හිත  
ඔයාගේ නහය ජම්බු ගෙඩියක් වගේ ලස්සනයි
හපන්න හපන්න ආස හිතෙනවා  
ඔයාගේ තොල් ස්ට්‍රෝබෙරි වගේ රතු පාටයි
කනකන්ම කටට කෙල උනනවා 
ඔයාගේ මුණ පුහුල් ගෙඩියක් වගේ සුදුයි, රවුම් 
ඇත්තම කියනවනම් 
ඔයාගේ පපුව කොමඩු ගෙඩි දෙකක් වගේ ලොකුයි 
බලන්න ආසයි 
ඔයාගේ අත් නෙත්රප්පලන් ගෙඩි වගේ  පිරිලා
හපන්නමයි හිතෙන්නේ   
ඔයාගේ ඇග පෙයාර්ස් ගෙඩියක් වගේ හැඩයි
ඇස් අයින් කරන්න හිතෙන්නම නෑ 
කොටින්ම ඔයා නිකන් 
හරියට "ෆ්රුට්‌ සැලඩ්" එකක් වගේ 

ප.ලි.- ඔය සමහර ඒවාට ඉතින් මම මහා වල කොල්ලෙක් කියනවා එහෙම නෙවෙයි හොදේ.....?

image: http://www.easy-recipes-online.com/images/fruit-salad-bowl-1.jpg

Monday 1 August 2011

වැරදි නැති මමත්වය


මම මම වෙන්නට උත්සහ කරමි
වෙන කවුරුවත් නොවී 
එහෙත් වෙන කවුරුවත් වෙන එක පහසුයි
මම මමම වෙනවට වඩා 
එත් 
මම මමම වෙමි 
කොපමණ අපහසු උනත් 
එවිට මට මගේම කියන්නට දෙයක් ඇත 


ඉතින් සොයමි මම  මාවම 
මට "මම"ම  වෙන්නට 

Friday 29 July 2011

අහිමි...



නොතැවෙන්න 

නුඹේ අප්‍රාණික 
පියාපත් දෙස බලා
සැනසෙන්න
පියැබිය නොහැකි වුවත් 
දිවිය හැකි නිසා
නුඹේ දෙපයින් 
අනන්තයට උව...


-පියාපත් අහිමි කුරුල්ලකුට උපදෙසක්- 

Wednesday 27 July 2011

නොකියමි නුඹ කවුරුන්ද යන වග



විදියේ පහන යට
එන තෙක් ඔහු 
ඉදී ඔබ බලාන 
දෙන්නට අහරක් 
කුසගිනි වූ "ඔහුට" 
අත පය පන නැති උනත් 
අත නොහරී නුඹ 
එලිය වැටුන විට 
ලැබුවත් ගැරහුම්
අදුරු ලොව තුල 
රැජිනියකි...
විකුණුවත් නුඹ නුබවම 
නැත කහටක් නුඹේ හිතේ 
වැරැද්ද නුඹෙද?
නුඹ ගැන ලියු මගේද?
නැතිනම් පහස ලබා 
නුඹටම ගරහන 
උන්ගේද? 

Tuesday 26 July 2011

ඉක්මන




අතැර අප සැම දමා 
ගියා නුඹ දුර ගමන් 
හිතුවේ නෑ නේද නුඹ 
අපේ හිත රිදෙන වග
 
මතකයේ අප කෙරූ
සැම දේම ඇදෙනවා 
හිතන්නත් පෙර අපේ 
ඇස් කදුළු හලනවා 

Friday 22 July 2011

ලොවි ගහ

හිදිමි මම තවම
ලොවි ගහ යට ඉඳ
එන තෙක් නොව නුඹ
වැටෙන තෙක් රතු ලොවි ගෙඩිය 

කඩන්ට මට බැරිය 
උසයි ගස හයිය නැත 
ඉතින් ඉදිමි මම
වැටෙන තෙක් මගේ ලොවි ගෙඩිය 


දැන් නම් බයයි මට
වටව ඇත කොලු රැල 
ගෙනියයිද මුන්ටික 
මගේ පුංචි රතු ලොවි ගෙඩිය 

Thursday 21 July 2011

විදීමද? විදවීමද?



හුදකලා වෙන්න හිතයි

හැම දෙකින්ම ඈත් වෙලා 
පියබන්නට මුළු විශ්වය පුරාවටම
විදින්නට ලෝකයම වෙනස්ව
තනිකම ජිවිතයම කරගන්න
සැහැල්ලු වෙන්න
නිදහස් වෙන්න
අතාරින්න හැම බැදිමක්ම
තනිවෙන්න 
අලුතෙන් ජීවිතය දකින්න 
හුදකලවූ  ලොවක අතරමන් වෙන්න 
විදින්න තනිකම ගෙවෙන හැම තප්පරයකම 

Monday 18 July 2011

Trojan


නුඹ හරියට
ට්‍රෝජන් වයිරසයක් වගේ
හරී වැදගත් විදිහට පෙන්නලා
මගෙන් ගන්න තියන ඔක්කොමත් අරන්
සිස්ටම් එකම අවුල් කරලා 
මුකුත් නොදන්න ගානට ඉන්න

Wednesday 13 July 2011

"උඹට සුභ උපන්දිනක් මිලර්"


කුමක් කියන්නද කුමක් ලියන්නද

කියා හිතාගන්නත් බෑ...

අවුරුද්දකට පෙර උඹට
උඹේ උපන්දිනට සුභ පැතුවා මතකයි
එත් අද?
නුඹ කොහිද?
හිතාගන්නත් බැරි වෙන්වීමක 
දුකක් හිතේ දගලනවා

අද 
සුභ පතන්නට නුඹ නෑ..
අද
විහිලු කරන්න නුඹ නෑ...
අද
විනෝද වෙන්න නුඹ නෑ...
අද 
අපි විතරයි..

උඹේ හිනාවේ මතකය විතරයි..
උඹ කරපු විහිළුවල මතකය විතරයි... 
උඹේ මතකයන් විතරයි...
අපි අද තනියෙන් උඹ නැතුව...
මොනා උනත් 

"උඹට සුභ උපන්දිනක් මිලර්"

Sunday 10 July 2011

හිස්...


හිතත් හිස්
හිතුවිලිත් හැරදමා ඇත මාව 
ගතත් හිස් 
ජීවිතය හැරදමා ඇත මාව
මමත් හිස්
මම කොහෙද දන්නේ නෑ මම තාම 
කුමක් මා කරන්නද 
හිතාගනු බෑ තාම
   

Friday 8 July 2011

නොතේරෙයි මට

අතරමංව 
මරු කතරක
සොයාගත නොහැකිව
යායුතු මගක් 
දුටුව දිය පොදත්
මිරිගුවක් වූ කල 
කුමක් කරන්නද 
නොතේරෙයි මට 

අවුරුදු ගනන්
ඇවිද ආවත් 
තවම නොපෙනෙයි  
නිමාවක්
මගේ වැරැද්දද
මගේම කරුමෙද
කිමද මෙය
නොතේරෙයි මට 


Tuesday 5 July 2011

මෝඩයා



පසක ගිනි අවුළුව 
උරයි නුඹ දුම් 
පිබියි අහසට 
ඉරු දුම් පොද 

හිතම ගිනි ගනී 
උරන විට නුඹ දුම්  
අඬයි නුඹේ දරුවන් 
බඩගින්න දැනී 

නොතෙරේද මේ අරුම 
උරන්නේ නුඹ තවම 
කිසිම වැදගැම්මකට නැති 
මෝඩයාගේ දුම් වැටිය 

Monday 4 July 2011

නැගණියේ


උදේ පාන්දර
ඉර පායපු ගමන් 
වලාකුලක්වත් නැතුව 
කුඩේකුත් ඉහලන් 
සුදු ගවුමක් ඇදන්
ෆෝන් එක අතට අරන් 
පණිවිඩයක් කොටමින් 
යයි නුඹ හිමින් 
යන්නේ ඉගැනුමටනම්
ජංගමයක් කුමකටද
අවුවත් නැත්නම් වැස්සත් නැත්නම් 
කුඩයක් කුමකටද 
කාව රවටන්නද
කාට පෙනෙන්නද 
කුමක් කරන්නද 
නුඹ සැරසෙන්නේ 
"නැගණියේ"

Saturday 2 July 2011

වෙනසක්..






වෙනසට වෙනස් වෙන්නට උදවු කල චරිත් විතානගේ මිතුරාටත් ශ්‍රීමාලි ප්‍රනාන්දු නැගනියටත් මාගේ ස්තූතිය පුද කරනවා...

Thursday 30 June 2011

100

සියක් ලිපි එක පෙලට
සය මසක් යන්ට පෙර
ලියු අයුරු වත් නොදනී 
නමුදු දැන් සියය පැන

මා ලගම සිටි ඔබට
තුති පුදමි පිරි සිතින් 
තවත් මා ලග ඉදන්
දිරිගන්වනු මැනවි 

සොයුර නුඹ හැර ගියත්
නුඹ නමින් කවි පෙළක්
ලියන්නෙමි දුක් සිතින් 
නිති සුවය ලැබෙන්නට 

ලග ඉදන් හරි වැරදි
බැලූ නුඹ දැන් නෑනේ
එත් මක් කරන්නද 
මම යනවා තව දුරට 

කියවන්ට බැරි උනත්
හරි හොදයි යැයි කියපු
නුඹ සැමට තුති පුදමි
මගේ කවිය නිම කරමි 

Wednesday 29 June 2011

අවසන් ගමන

වෙලාව හවස 4 ට විතර. මුළු අහසම වලාකුළු වලින් වැහිලා මහා මුසල අදුරක් හැමතැනම පැතිරිලා. ඈත ගහක වහල හිටපු  බස්සෙක් අවේලාවේ කෑ ගහනවා කිසිම සද්දයක් අවට නැති හින්ද උගේ හඩත් හිතේ ගබුරුම තැනක මහා බියක් එක්ක අමුතුම අමුතු මුසල පාළුවක් ඇති කරනවා. 

"ඔක්කොම ලෑස්තිද?"

"ඔව්.. දැන් කීයටද බන් ගන්නේ"

"4.30 ට බන් තාම ෆාදර් ඇවිල්ල නෑ"

වෙනදා පාරේ යන කෙල්ලන්ට විහිලු කරන්න නැගල හිටපු තාප්පේ පුරාම අද එක එක බැනර්. වෙනදා අපි විහිලු කරද්දී අපිට බැනගෙන ගිය කෙල්ලෝ අද දුකින් බලන් ඉන්නවා. හේතුව..?
 හිතාගන්න බැරි හේතුවක් තාමත් හිත විස්වාස නොකරන හේතුවක්.

"මාලා.. ෆාදර් එක්කන් එන්න කවුරුත් නෑ පොඩ්ඩක් ගිහින් එක්කන් වරෙන්" 

කරුමෙටද මන්ද කාර් එකේ හොන් එකත් වැඩ නෑ.. අවුරුද්ද දාට ගෙවල් වලට බට්ටෝ විසි කර කර ගිය පාර පුරාම අද සුදු කොඩියි ගොක් කොලයි මේවා අපිට මොනාද මේ කියන්නේ.. හිත විස්වාස නොකරන ඇත්ත පිළිගන්න කියලද මේ කියන්නේ..

"ෆාදර් ඉන්නවද? "

"ඔව් මේ අර තල්දෙක පල්ලිය ලග මල ගෙදරට යන්න ලෑස්ති වෙනවා" 
ඇයි මේ මේකම මිනිස්සු කියවන්නේ.. වෙන දෙයක් ඇත්තෙම නැද්ද? 

"අපි අවේ එක්කන් යන්න තමයි. ෆාදර් ට කතා කරනවද?"

"ආ ළමයි ඔයාල මිලර් ලෑ ගෙදරින්ද? "

"ඔව් ෆාදර් අපි යමුද?"
අපි පිටත් වීමු. මහා නිශ්ශබ්දතාවක් අප අවට, වෙන දවසක නම් මෙවන් නිශ්ශබ්දතාවක් කිසිම විටක අප වෙලගන්නේ නැත. 
ටයර පාරේ ගැටෙන හඩත් ඈතින් ඇසෙන බල්ලකුගේ උඩු බිරුම් හඩත් ඇරෙන්නට ඇසෙන එකම ශබ්දයනම් අපගේ සුසුම් ලෑම් හඩ පමණි.

" මොන උනත් ඒ ළමය හොද ළමයෙක් නේ.."  

නිශ්ශබ්දතාව බිදිමින් ෆාදර් තෙපලු වදන් ශෝකයෙන් සිටි අප හදවත් තවත් අසරණ කළා මිස අපට සරණක් වූයේනම් නැත .

කෙමෙන් කෙමෙන් ගොක් කොළ වලින් සරසන ලද පාරට අප පැමිණියහ. කදුලෙන් බරවූ ඇස් වලට පාර නොපෙනුනත් මතකයෙන් මෙන් අදාල තැනට වාහනය ගෙනයාමට මම සමත් වීමි.   
වාහනය නැවතීමට තැනක් වත් සොයාගැනීමට නොහැකි වන සේ වාහන පාර පුරාවටම නැවත තිබිණ. කෙසේ හෝ වාහනය නැවත නිවසට පැමිණෙන විට ඇසුණු විලාපහඩ තව තවත් අප හිත් කාලකන්නි පාලුවකින් පිරවීමට සමත් විය. කිසිම හැගීමක් දැනීමක් නැති හිස් මිනිහෙක් නිවසට ඇතුළු විය.
ෆාදර් ගේ අවසාන ආශීර්වාදය සවන් වැකෙද්දී බොදවූ නෙතින් මම අවට බැලුවෙමි නිවාස පිරෙන්නට සිටි නෑදෑයන් මිත්‍රයන් සියලු දෙනාම හිස් බැල්මකින් ඔහුගේ නිසල දේහය දෙස බල සිටිනවා ඇරෙන්නට වෙනත් කිසිවක් මගේ නෙත නොගැටුණි.
ඔව් මේ ඉන්නේ මිනිස්සු හම්බ කරපු අපේම සහෝදරයෙක්. ලස්සන හිනාවක් හැම විටම මුහුණේ රදවාගෙන අපිව හිනස්සපු අපේම සහෝදරයෙක්. එත් අද.. ඒ හිනාව ගොළු වෙලා ඒ කතාව නැති වෙලා දරන්න බැරි දුකක් හිතේ ගබුරකම තැන්පත් වෙලා..
අපි අපිවම බදාගෙන අඩනවා... ඒ ඇඩුම් අපේම සහෝදරයකුට අපේ හිනාවට.. අද අපේ හිනාව අපිව දාල යන දුකට 

නොයෙකුත් විලාප, අඩුම් , බදාකිරීම් මැද ඔහුගේ නිසල දේහය තබා තිබු පෙට්ටිය වහන විට අපිට අපිවම අමතක විය මූ බදින දාකට හොදම රැග් එක දෙන්න හිටපු අපිට දැන් මුගේ පෙට්ටියට කරගහන්න වෙලා කියල දැනෙනකොට අපි කොච්චර අවාසනාවන්ත මිනිස්සු දැයි හිත අපෙන්ම ප්‍රශ්න කරන්නට විය  
අතින් ඇසෙන ගිනිකෙළි තවත් අපේ හිත් රිදවන විට ඒ ගිනිකෙළි මුගේ විවාහ දිනයට පත්තු කරන්නට අපේ තිබු සිහිනයන් මතක් ව තවත් අපිව අවාසනාවන්ත දුක් ගංගාවකට ඇද දැමුහ. 

ඇසෙන්නාවූ දුක් බර ගීත කන්ඩයන් විලාප හඩවල් මැදින් උරහිස මත ඇති අපේ සොයුරාගේ අවසාන යහනාව ගෙනියද්දි දෙපා වාරු නැතිව වැටෙන්නට ගියේ ශරීරයට දැනුන බරට නොවේ හිතේ තිබු බරටයි.. "නුඹ හිතේ ඇති කරපු ඒ හිඩැස යේම කවුරුද පුරවන්නේ.."
හිතෙන නැගෙන ප්‍රශ්න වදන් වලට පෙරලන්නට පුළුවන් වුනත් ඒ ප්‍රශ්න වලට උත්තර බදින්නට උබ දැන් අපි ලග නෑ... 

සියලු වත් පිළිවෙත් හී අවසානයේ නුඹ සිරුර අපෙන් වෙන්නව අඩි 6 ක් ගැබුරු සොහොනක තැන්පත් කරද්දී නුඹ අපේ හිත්  තුලත් කවමදාවත් පිරවිය නොහැකි මහා හිඩසකුත් තබා යන්නට ගිය 

ඔව් මෙතනින් සියල්ල අවසානයි... එහෙත් අපි දන්නවා නුඹ දැන් දෙවියන් තුරුලේ හිද අප දිහා බලාගෙන ඉන්නවා කියල 

Sunday 26 June 2011

රාමුව


ඔබත්, මමත්
හිර වෙමින් 
තෙරපෙමින්
සෙවුවත්
පිළිතුරු; ප්‍රශ්නයට
පිළිතුර ඇත්තේ 
පිටනම් 
"රාමුවෙන්" 

Saturday 25 June 2011

නිදිමත



ඇස පියන් වැසෙද්දී
හිස කඩන වැටෙද්දී
හැගීමක තෙරපුමක් 
හිතින් පැන නොඑද්දී
නුඹ දොඩන වදන් වැල්
අහසටම ඇහෙද්දී

නිදියන්න හිතයි මට
වැටෙන තැන ගුලි වෙමින්...

Friday 24 June 2011

කොහෙද යන්නේ?


කීයටද යන්නේ
කොහොමද යන්නේ
ඇයි යන්නේ 

කවුද දන්නේ
කොහොමද දන්නේ
ගිය අයත් එන්නේ නෑනේ 

මොනා කරන්නද?
කෝම ඉවසන්නද?
කවුරුහරි දන්නවද?

අකුරු හතරක්;
මහා වේදනාවක් 
කඳුළු ගංගාවක්  

මොනා කරන්නද
ඉවසනවා ඇරෙන්න 
අපිත් කවදාහරි යයිනේ

අන්න එදාට හම්බෙමු...

(සොදුරු මිතුර නුඹ වෙනුවෙන්...)

Milar



Milar- උඹ මට කිවුවා මතකද උඹේ කතාව මගෙ බ්ලොග් එකේ ලියහන් කියලා... මට සමාවෙයන් මචං උබ ජීවත් වෙලා ඉද්දි මට ඒ දේ කරන්න බැරි උනාට ඒත් මං දැන් මට පුලුවන් විදිහට ඒ පිස්සු කතාව ලියනවා...
උඹ කැමති විදිහටම..
ඒ කතාවට නමක් දාන්න අපේ ගේ ඉස්සරහ ගිය වලිය උඹට මතකයිද?
හරි මම අද පරදින්නම් උඹ ආස නමෙන් මම ඒ කතාව ලියන්නම්...

Saturday 18 June 2011

අකීකරු හිත


අකීකරු හිත
මෙල්ල නෑ මට 
දුවයි ඔබ මොබ 
සොයයි නුඹ තව

එහෙත් නුඹ තව 
නොමැත මන් ලග
ගිහින් නුඹ දුර
ඈත අත හැර 

පිලි නොගනී හිත
නුඹ නොමැති බව
අඬයි නෙතු පිරි 
කඳුළු බිම හෙල

මක් කරන්නද 
නොතේරෙයි මට
අඩන හිත 
වද දෙයි තවත් මට 

Thursday 16 June 2011

ඒ ආදරයද?

නුඹ,

මගේ නොවෙයි
එත් නුඹ මගෙමයි 
නුබේ හිත මගේ නොවෙයි
එත් ඒ හිතට මන් ආදරෙයි
මගේ ඇස් නුඹ පිළිනොගත්තත්
නුඹ ඒ ඇස් අඩවයි
මමවත් නොදන්නා අමුතු හැගීමක්
අපැහැදිලි හැගුමක් 
නුඹම වෙනුවෙන්
මගේ හිතේ දග කරයි

ඒ ආදරයද?



Wednesday 15 June 2011

අසම්මතය



නොතේරෙන නොදන්නා 
වචනයක පටලැවී 
හිතේ ඇති දහසක් හැගුමන්
වචනයට, ක්‍රියාවට 
නොපෙරලා
හිතේ තියන් දුක් විදින්න සැලසු
නිර්මාතෘ කවුරුන්ද
"අසම්මතයේ" 

Tuesday 14 June 2011

ජිවිතයම විහිළුවක්

මම වැලි කැටයක්
ඔව් පුංචිම පුංචි වැලි කැටයක්
කාටවත්ම එක පුංචි වැලි කැටයකින් වැඩක් නැතුව ඇති
එත්......;
පොඩ්ඩක් හිතල බැලුවද 
පුංචි වැලි කැට ගොඩක් එකතු වෙලයි
විශාල ගොඩනැගිල්ලකට බධාමයක් වෙන්නේ කියලා
විශාල ගොඩ නැගිල්ලක් ශක්තිමත් කරන්නේ කියල
ඉතින්?
තව දුරටත් ඔඹ හිතන්නේ මම වැඩක් නෑ කියලද?

ජිවිතයම විහිළුවක් නේ...?

Monday 13 June 2011

අදට අවුරුද්දක් පිරෙන සහෝදරීට සුභ උපන්දිනක් වේවා... ඒත් හොයාගන්නවත් නැති එකනේ කේස් එක....

අදට අවුරුද්දක් පිරෙන සහෝදරීට සුභ උපන්දිනක් වේවා... ඒත් හොයාගන්නවත් නැති එකනේ කේස් එක....

ගිටාරයට පෙම් බැදි ඇය





මෙරුන් පැහැයට ලස්සනයි නුඹ 
නුඹේ වැයුමද ලස්සනයි තව 
ආදරය මුසු අමුතු හැගුමක් 
නුඹේ වැයුමෙන්  පිබිද වෙයි මට

ගිටාරයේ තත් නුඹව රිදවයි
එදැක මාගේ නුවන් තෙත් වෙයි 
නුඹව සනසන සොදුරු රිද්මය 
මගේ හිත තුල තනිව නද දෙයි  

විදින්නට ඒ සොදුරු රිද්මය 
කරන ඇරයුම් අහක යයි තව 
ගිටාරයේ තත් අතර දිවියම 
ගෙවයි නුඹ මා ගණන් නොගෙනම 

හැකිද වන්නට නුඹේ ගිටාරය 
තුරුලේ ඉන්නට හැකිය එතකොට 
එවිට නුඹගේ සොදුරු වැයුමෙහි 
රැදෙන්නට හැක මියෙන තුරු මට 

Future Leaders Training camp prt 2

අද ලියන්නම් මම මොනාද අපිට ඉගැන්නුවේ කියල. මේකෙනම් වැඩිපුර ලියන්න දෙයක් නෑ අපිට එවල තියන විශයන්මයි උගන්නන්නේ එත් ලේචා හොදයිනම් මේ කොටස නම් උපරිමයි.
අපිට ජිවත් වෙද්දී ඒ දේ හරියට කරන්න ඕන කොමද කියල තමයි මුලින්ම උගන්නන්නේ.

පලවෙනි පාඩම විදිහට මෙතන උගන්නන්නේ තමන් අවට්ට පරිසරය කොමද හරියට තියාගන්නේ කියල.. මුලින්ම තමන්ගේ ඇද ඊට පස්සේ කාමරය ඊට පස්සේ අල්මාරිය ඇදුම් වැට සමහර විට අපි මේවා පාවිච්චි කලත් හරියට පාවිච්චි කරන විදිහ දන්නේ නෑනේ එක හින්ද මේ කොටස ගොඩක් වටිනවා. මොකද අපි කැම්පස් ගියාම අපි අපේ දෙමවුපියන්ගෙන් ඈත් වෙනවනේ එතකොට උදේට ඇද හදල දෙන්නවත් ඇදුම් වැට හදල දෙන්නවත් කවුරුත් නෑනේ එක හින්ද මේ කොටස ගොඩක් වටිනවා. අනිත් දේ තමයි පලවෙනි දවසේ මේක ඉගැන්නුවට පස්සේ අපි ඊලග දවස් 20 ම මේ විදිහට ඉන්න ඕන එක හොද පුරුදු වීමක්. හිටියේ නෑ කියල අපිට බනින්නේ නෑ. එත් මොකද මන්ද අනිවාර්යෙන් මේ විදිහට ඉදවෙනවා. 

පස්සේ තියෙන්නේ බෝජනාගාර වත් පිළිවෙත්
මේකෙදි අපි බෝජනාගාරෙකදී කොමද හැසිරෙන්න ඕන කියල මුල ඉදන්ම කියල දෙනවා. හොද පුරුදු නරක පුරුදු මේ ඔක්කොම. අහර අනුබව කරන ආකාරයත් කියල දෙනවා. මේක ගොඩක් වටින්නේ අපි සමාජයේ හොද තැනක ඉද්දි අපේ හැදියාවන් පෙන්නන්න මොකද පිලිවලට ඒ කටයුතු කරද්දී අනිත් ය අතර විශේෂ තැනක් අපිට ලැබෙනවා අනිත් දේ තමයි මේකත් ඉතිරි දවස් 20 ම කෙරෙනවා එතකොට නිකන්ම මේක අගට යනවා. තව දෙයක් අපිට මෙතැනදී බෝජනාගාර උපකරණ නිවැරදිව බවිත කරන ආකාරය ගැනත් කියල දෙනවා.

කල කළමනාකරණය
මේකනම් ගිය ද ඉදන්ම කරන්න තියන දෙයක්. වෙලාවට වැඩ කරන හැටි තමාගේ දවසේ වැඩ කටයුතු හරියට පිලිවලකට හදාගන්න හැටි. තමන් රැකියාවක් කරද්දී එම ස්ථානයේ වැඩ කටයුතු හරියට කරන පුළුවන් විදිහ. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහම් මේකෙදි කියල දෙනවා. 

තව මනෝවිද්‍යාව හා ප්‍රත්මදාර දේශන කීපයකුත් තියනවා. මේකෙදි ප්‍රතමාදාර දේශනයනම් ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යෙන් සහබාගි විය යුතු දේශනයක් තමයි ප්‍රත්මදර දේශනය. වෙන තැනකදී ඉගන ගන්නත් අමාරුයි අනිත් දේ ගොඩක් වෙලාවට මේක කරන විදිහ අපිට කරලම බලන්නත් දෙනවා (මිනිහෙක්ට කෘතීම ස්වසනය දෙන එක වගේ) {ආස ඇති නේ.. නෑ නෑ එකේදී දෙන්නේ ඈන් කියල උපකරණයක් මාරු ඈ....}

තව නිතිය ගැනත් උගන්නනවා.
මේක ටිකක් කම්මැලි වෙන්න පුළුවන් එත් ජීවිතේට ගොඩක් වටිනා දේශනයක්. කම්මැලි උනත් හොදට අහගෙන ඉන්න පුළුවන් තරම් නෝට් ගහගන්න. පස්සේ දවසකදී හරි ප්‍රයෝජනයක් එයි. මොකද නිතිය විෂයක් හැටියට ඉගන ගන්නේ නැත්නම් මේ දැනුම අපිට හම්බෙන්නේ අඩුවෙන් හින්ද. මේක තමයි ගොඩක්ම වටිනා දේශනය 

තව මිනිහෙක් විදිහට රටේ ඉතිහාසය දන්නේ නැත්නම් ඒ මිනිරා නිකමෙක් වගේනේ අන්න ඒ හින්දම රටේ ඉතිහාසය ගැනත් ඵට්ටම දේශන 2-3 ක් තියනවා. අපිටනම් මේ දේශනය දුන්නේ පොලිස් විද්‍යාලයේ විදුහල්පති තුමා. එතුමානම් නියමයි කට පාදමින් ඔක්කොම කියනවා අහන ඉන්නත් ආසයි. තව උගන්නද්දී කියපු කතන්දර ටිකනම් පට්ට. 

මේ ඇතිනේ, තව ඉතින් ලිංගිකත්වයට සම්බන්ද දේශන දෙක තුනකුත් තියනවා. එකෙදිනම් උනේ අපි දේශකයට උගන්නපු එක තමයි. ආ... තව කියන්න දෙයක් තියනවා STD ගැන ලේචේදී පොඩි ෆොටෝ වගයක් පෙන්නයි අනේ බලන්නනම් එපා එදා දවල් කම එතැනින්ම හබක් එහෙම උනොත්..

ස්තුතියි....

තව මොන වගේ විස්තරද ඕන කියල කියන්න ඉක්මනට...

Sunday 12 June 2011

කවමදාවත් උඹලව අමතක වෙන්නෙ නෑ මචං


ආවේ නුපුරුදු ලෙස
බියකින්, චකිතයකින්
සිංහයකුට බියව දුවන මුව පොවුවකු සේ..
දුටුවා නුඹලාව
මා ලෙසම බියවී
ගැහෙන හදවතින් බලාගෙන ඉන්නවා
මගේ හිතත් ඒ රිද්මයමටම ගැහෙන්නට විය
එහෙත් ඒ බිය කෙමෙන් පහව ගොස්
බැදුනා අප බැදීමකින්
වූවා නුඹලා මට මගේම සහොදරයින්

එහෙත්...;
දැන් වෙන්නව ගොසින් අපි..
කදුලු පිරි දෑසින්
බලමි මම නුඹලා මා අසලදැයි
සොයමි මම නුඹලාව..
එහෙත් අප වෙන්ව ගොස් හමාරයි
එක් පොරොන්දුවක් සමග
'කවමදාවත් උඹලව අමතක වෙන්නෙ නෑ මචං'

Leadership training camp - part 1

දැන් අපි බලමු අපිට මොනාද කලේ කියල... 

පළවෙනියටම  PT  ගැන බලමුකෝ... 

මුලික අරමුණ නිරෝගිමත් ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කාරන එක. ඒ අතර තුර වෙලාවට වැඩ කිරීම දරාගැනීමේ හැකියාව වැඩි කිරීම වගේ දේවලුත් තිබ්බ. අනිත් දේ තමයි කම්මැලි කම නැති කරන එක මොකද පාන්දරම නැගිටලා 6 වෙද්දෙ  PT වලට යන්න ඕන. ගියේ නෑ කියලා බනින්නේ නම් නෑ එත් අපිට උගන්නන උපදේශක වරුන්ට බනිනවා. ඉතින් වෙන යට බැනුම් අස්සවන්නේ නැතුව වෙලාවට යන්න පුරුදු වුන.

දෙවනියට ඝන සරඹ ගැන බලමු 

මේකෙදි අපගේ එදිනෙද ජිවිතයට කෙලින්ම බලපෑමක් නැතත් වෙලාවට වැඩ කිරීම කණ්ඩායමක් ලෙස එකියව සිටීම කණ්ඩායමක් ලෙස එම කණ්ඩායමේ නායකයාගේ අණට කීකරු වීම වගේම දරාගැනීමේ හැකියාවත් ඇහුන්කන් දීමේ මෙන්ම හොදින් ග්‍රහණය කිරීමේ හැකියාවත් පුරුදු වෙනවා. 

තුන් වෙනියට ප්‍රතමදාර ගැන බලමු 
නායකයකු ලෙස සමාජයේ තැනක් ඇති පුරවැසියෙකු ලෙස අපි දැනගත යුතු මුලිකම ප්‍රතමාදාර ඉගැන්නුවා.. මේකනම් අනිවාර්යෙන් වටිනවා මොකද හදිස්සියකදී අපිට ගොඩක් උපකාරී වෙනවා හින්දා. තව මේකෙදි අපිට හදිස්සි අවස්ථාවකදී තීරණ ගන්නේ කොමද කියලත් උගන්නනවා. කලබල නොවී සිටින්නත් උගන්නනවා 

හතර වෙනියට කණ්ඩායම් ක්‍රියාකාරකම් 

මේකෙදි කණ්ඩායමක් ලෙස එකමුතුව දෙනලද කාලයක් තුල අදාල වැඩක් නිම කිරීම මෙන්ම කණ්ඩායමක් ලෙස හැමෝගෙම මතයන්ට ඇහුන්කන් දෙන්න උගන්නනවා.. එක ජිවිතයට ගොඩක් වටිනවා.
මේකෙදි අපිට කරන්න තිබ්බ ආසම දෙවක් දෙක තමයි කණ්ඩායමක් ලෙස කන්දක් තරණය කිරීම දහවල් ආහාරය පිළියෙළ කර ගැනීම 
තව කණ්ඩායම් නාට්‍යක් ඉදිරිපත් කිරීම මඩේ එරුන වාහනයක් ගොඩ ගැනීම හදිස්සි අවස්ථාවකදී කණ්ඩායමක් ලෙස තීරණ ගැනීම වගේ දේවල්. තව දරාගැනීමේ පා ගමන මේ ගමන 5km  වගේ වුනාට අපිනම් ක් විතර ගිය මේකනම් කණ්ඩායමක් ලෙස ගොඩක් ෆන් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන් කොල්ලෝ විතරක් ඉන්න කෑම්ප් එකක නම් කෙල්ලෝ බලන්න තියන හොදම චාන්ස් එක පුලුවන්නම් ඉස්සරහටම යන්න කොඩිය ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදි. එතකොටනම් කෙල්ලෝ අපි දිහා හොදට බලනවා. තව හොදට කා ගගහ යන්න එතකොට තමයි නියම ෆන් එක තියෙන්නේ මේ කොටසට තමයි මන් හුගක් ආසයි

ඊට පස්සේ ඉතින් දේශනා තමයි. දේශනා ගැන දැනගන්න ඕනනම් කමෙන්ට් එකක් දන්නා. මන් ඒවා ගැන කියන්නම්. 
තව අමතක වුන මොනාහරි කරුණක් තියනවනම් මන් ඒ ගැන පස්සේ දාන්නම්... 

දැනට නවතිනවා...

පහලගමදී ලියු කවි සමග හමුවන්න
මම marlan