Sunday 18 September 2011

අහිමි පොරොන්දුව

පාලු සිත ලගට වී
ගෙතූ පද අමතකද?
නෙතු ලගම නුඹ රැදී
ඇන්ද සිතුවම් කොයිද?
හඬන සිත ලගට වී
සැනසූව නුඹ නැතිව
හඬන සිත තනි කරන්
ඉදිමි මම අද තනිව 

මගේ දුක ලග රැදී
සැනසූව නුඹ මෙදින  
ඔහු තුරුලේ හුරතල්ව
ගෙවයි දිවි මා නැතිව 
අමතකද නුඹ එදා
මට දුන්න පොරොන්දුව
අද තනිව මා ඉදියි
නුඹේ පොරොන්දුව සමග 

5 comments:

  1. ලස්සනයි මලයෝ

    ReplyDelete
  2. හැමදාම දුක් විඳින්න වෙන්නේ නෑ. සැප විඳින දවසකුත් ඒවි.

    ReplyDelete
  3. ලස්සනයි මල්ලි. ඒ වගේම දුකයි.

    ReplyDelete
  4. ස්තූතියි කිවුවා ඔන්න....

    ReplyDelete
  5. "අමතකද නුඹ එදා
    මට දුන්න පොරොන්දුව
    අද තනිව මා ඉදියි
    නුඹේ පොරොන්දුව සමග "

    කඩ වුනු පොරොන්දු තමා අද කාලෙ බාගෙට භාගයක්ම තියෙන්නෙ..

    ReplyDelete