Sunday 6 May 2012

නොසැලෙන්න

නුඹ යමක් කරන විට 
සැවොම නුඹට එරෙහි වේවි 
නුඹේ සහයට කවුරුත් නැති වේවි
එතකොට නුඹට හිතේවි මුළු ලෝකෙම 
උඹට විරුද්ද වෙනවා වගේ 
මුළු ලෝකෙම නුඹව තනි කරනවා වගේ 
ඒත් නොසලෙන්න 
අත නොහරින්න නුඹ කරන දෙය 
දවසක තේරුම ගනීවි ඔවුන්... 
ඔව් එදවස නුඹව තනි කරපු 
ඔවුන්ම පසසයි නුඹව,
නුඹේ කාර්ය... 
එවිට නුඹට තේරෙයි 
නුඹේ වටිනාකම
නුඹට පෙනෙයි 
එදවස නුඹව තනි කරපු මුළු ලෝකයම 
නුඹ ලග බව 

ඉතින් අත නොහරින්න...

ප.ලි. : linking park ලගේ Robot boy සින්දුව අහපුවම හිතට ආව අදහසක් තමයි අකුරු කලේ