Thursday 31 March 2011

හීනයක්





සිත දුවයි හැම තැනම 
මෙල්ල නෑ මට තවම
පාට නැති  හීනයක 
පාට තව තවරන්න

මට අහිමි හීනයට 
මා පාට තවරාවී 
පාට ගෑ හීනය 
රැගෙන ඔහු පැනයාවි

එහෙත්, මා ආදරෙයි හීනයට මගේ නොවූ....


Wednesday 30 March 2011

නොදනිමි



සැහැල්ලුවෙන් තිබූ හිත අද හරි බරයි,
කියාගන්න බැරි හැගීමක් මුළු හිතම වහගෙන 
ආදරෙයි ඒ හැගීමට, 
දැනෙනවා මගේ මුළු හිතම  පිරිලා වගේ   
දරාගන්න බැරි උනත් ආදරෙයි...
විදින්නට ආසයි...

මම දැන් ආදරවන්තයෙක් 
ඔව්, හිතින් විතරයි තමයි 
එත් මම ආසයි..
හැගෙනවා නුබ මන් ලග කියා 
මම ආදරෙයි නුබට...

ආසයි නුබේ අතින් අල්ලන් පියාබන්න 
නිල අහස පුරාවටම 
ගනින්න අහසේ තියන තරු කැට ගණන 
කියන්න ඒ තරු කැට ගානටත් වඩා ආදරෙයි කියලා 

ආසයි නුබව තුරුළු කරගන්න මගේ පපුවට 
විදින්න දෙන්න ආදරේ තරම 
නුබ මගේම කියලා දැනෙනකන් තද කරගන්න
කවදාවත් නොයන්න නුබ මගේම කරගන්න  

හ්ම්... මම දන්නා එකම දේ මම නුබට ආදරෙයි කියන්න විතරයි 
අදට මේ ඇති...

Sunday 27 March 2011

ආදරය




විටක සිත් තුටින් පුරවන
විටක සිත් දුකින් පුරවන
විටක සිනා මල් ගෙනෙන
විටක කදුළු බිදු රදවන 
පුදුම දනවන හැගීමකි මෙය 
අකුරු හතරකට කොටු උන 
ආදරය 

Saturday 26 March 2011

අහිමි

අහිමි නුබ ලගට ගෙන 
ආදරෙන් සිප  ගන්න 
තුරුළු කර ආදරෙන් 
උණුහුමට  ගුලිවෙන්න 
නුබේ ඔය ඇස් දෙකෙන් 
ලෝකයම දැක ගන්න 
පතනවා මම තාම
අහිමි බව දැන දැනත්...

මට අහිමි පුංචි මල 
ආදරෙන් රැකගන්න 
පොඩි වෙන්න ඉඩ නොදී
ආදරෙන් සිප ගන්න 
පතනවා මම තවත් 
නුබ අහිමි බව දැනම 

ඔබේ පුංචි ඇස දෙකට
හාදුවක් පුද දෙන්න
නුඹෙ සිනිදු දෙකොපුලේ 
මගේ තොල් රදවන්න 
සීතලම රාත්‍රියක 
නුඹෙ පපුවේ ගුලි වෙන්න 
පතනවා මම තවත්
නුබ අහිමි බව දැනම 

නුබ මගේ නොවුවත් 
ආදරෙයි මම නුබට 
මගේ ලග නොසිටියත් 
නුබ ලගයි මම තවම 
අහිමි බව දැන දැනත් 
නුබට පෙම් බදින මම
ආදරෙයි හැමදාම 
මගේ පුංචි කුමරියේ.....

-අහිමි බව දැන දැනම නුමට පෙම් බදිනා මම-  

Thursday 24 March 2011

සිරකරුවොත් මනුෂ්යයෝය

වෙනද මෙන්ම ඉර පයලා 
තවත් දවසක් අඩු වෙලානේ 
ඒ උනාට තවත් දවස් අටසිය ගානක් තියෙනේ

මට මතකයි එදා දවස 
කන්න මුකුත් තිබ්බේ නෑනේ
මගේ පොඩි උන් ටික බඩ ගින්නේ
අඩන අයුරු මට අහුනනේ
මගේ නෝනා මගේ දිහා දුකින් බැලුව මට මතකයි 
ඒ උනාට මගේ අතේ සතයක් වත් තිබුනේ නෑනේ 
අතට ගත්ත කමිසය මම යන ගමන්ම ඇගට දැම්ම 
හන්දියේ කඩයට යන විට 
පොල් ගෙඩියක් ඇස ගැටුනා 
පොල් ගෙඩියත් අතට අරන් කඩයට යන්නට ගියානේ 
පොල් ගෙඩියට හාල් සේරුවක් අරගෙන මම ආවනේ
නෝනා මොනාදෝ කරලා පොඩි එවුන්ට කන්න දුන්න
අපි දෙන්නත් ඉතුරු වෙච්ච දං කුඩු ටික කාල දැම්ම 

ටිකක් හවස් වෙද්දී මෙන්න පොලොසියෙන් ගෙදර ආව 
පොල් ගෙඩියක  හොර කමකට මාව කුදලගෙන ගියානේ 
පොඩි එවුනුයි මයේ නොනයි හොදටම ඇඩුවා මතකයි
ඒ උනාට මෙච්චර කල් මන් තනියෙන් කවුරුත් නෑ

අද උදේම මට එළියේ වැඩ කරන්න තියනවාලු
ජේලර් මහත්තයා ඇවිත් දෙකක් ඇනල කියලා  ගියා
ඔන්න ඉතින් එළියේ මම වැඩ කරමින් ඉන්නා විට 
පොඩි එකෙක් මාව දැකල මෙහෙම අහපි අම්මාගෙන්
"අම්මේ අම්මේ අර මාම ඇයි දම්වැල් දාගෙන ඉන්නේ"
පොඩි එකාට අම්මා කියපි

"ඕකා මහා මිනිමරුවෙක් ඒ හින්ද තමයි ඔහොම"
පොඩි එවුන්ගේ බඩගින්නට පාරේ තිබ්බ පොල් ගෙඩියක් 
කඩේට දී හාල් සේරුවක් ගැනීම මරණයක්ද?

මිනිස්සු මැරු මිනිමරුවොයි බැංකු කඩපු කබ්බ හොරුයි
රට ගෙනියයි යස අගෙට තියන ජාති හොරකං කර  
පොඩි එකාගේ බඩගින්නට පාරේ තිබ්බ පොල් ගෙඩියක් 
කඩේට විකුනපු වරදට මම හිරෙලු පස් අවුරුදු 

ඇස දෙක කදුලින් තෙත් වෙයි මගේ පොඩි උන් මතක් වෙලා 
ඇස් පිහදාගෙන බලද්දී නෙත ගැටුනා යස වදනක් 
"සිරකරුවොත් මනුෂ්යයෝය"


Monday 21 March 2011

නිරය

වන්නට අකමැතිය
කරදරයක් නුඹට
එහෙයින් යමි මම 
නුඹෙන් වෙන්ව
තනිව දිවි ගෙවනට


සිටියත් නුඹ 
මගේ ලගම
හැගේ මට
අකමැති බව නුඹ,
මට


ඉතින් මොකටද 
තවත් කරදර
යන්නට යමි මම
නුඹෙන් තොර ලොවකට


සිතුවත් යන්නට
නුඹෙන් තොර ලොවකට
මා පරාදයි
නුඹ නැති ලෝකයක් 
සිතන්නටත් බැරිය


ඉතින් මම
කුමක් කරන්නද
සිටිමි තව
නුඹ එන මග බලාන


එහෙත් නුඹ
දැන් නොඑයි
ඒ කිමද 
නොදනී


ඉතින් මම
යමි යන්නට
නුඹෙන් තොර වූ
නිරයට


-නිරයේ තනියෙන් සිටින මම-

Sunday 20 March 2011

ආසයි මට

හිරු බැස යන සැන්දෑවක
මුහුදු වෙරලේ ‍රැලි අතරින් 
ඇවිද යමින් ඔබත් එක්ක
ආසයි නුඹ සිප ගන්නට

සඳු නැග එන රාත්‍රියක
මල් දෝතක් අතට අරන්
නුඹ සමගින් පන්සල් ගොස්
ආසයි පැතුමක් පතන්ට

හිරු නැග එන හිමිදිරියක
නුඹ තුරුලේ හුරතල් වී
නුඹෙ උනුසුම් හාදු ලබා
ආසයි මට නැගිටින්නට

හිරු මුදුනේ, මද්දහනේ
හෙම්බත් වී සිටිනා විට
මහන්සි මගේ නැති වෙන්නට
ආසයි කට හඩ අහන්න

-නුඹ මත්තෙම නැහෙනා මම-

Saturday 19 March 2011

ආදරය අන්දයි


නිල් පාටට ලස්සනයිලු
කලු කන්නාඩිය හැඩයිලු
අනේ නුඹේ බටර් පාර
මං ‍රැවටෙන් නෑලු ඔන්න

යලුවො මගේ කියයි මෙහෙම
"උඹේ කෙල්ල මාර ගති"ලු
ගති කියන්නේ මොකක්ද මම
තාම හොයයි දන්නේ නැතිලු

නිකමෙක් වී සිටියා මම
නුඹ ආවා මගේ ලොවට
අදුරු වෙච්ච මගෙ ලෝකෙට
ආලෝකය ගෙනාව නුඹ

‍රැකියාවක් සොය දීලා
සමාජයේ තැනක් දීලා
යාලුවො මට හොයා දීලා
ජීවිතයම වෙනස් කලා

ඇස් දෙක මගෙ නොපෙනුනාට
මගෙ ලෝකෙම දැන් එලියයි
මුලු ලෝකෙම නුඹේ ඇසින් 
බලන්න දැන් මට පුලුවන්

ආදරය අන්දයිලු..
කවුද කිවුවෙ දන්නේ නැද්ද?
දැන ගත්තොත් මට කියන්න
අනින්න දත් බඩට යන්න

-නුඹේ ඇසින් ලෝකය දකින මම-

Thursday 17 March 2011

සුරඟන ඇස් 06


කොහොමින් කොහොම හරි මෙලීසාත් සමග මම අවන්හලකට ඇදුනි... හ්ම්... මං එක්ක කතාවත් නොකරපු කෙල්ල දැන් මං එක්ක බීම බොන්නත් ඇවිත් නේ.. හාකො හාකො ඒකෙත් හැටි...
අපි දෙන්න ගිහින් පාර පේන හරියේ ඇති මේසයක් ආසලින් වාඩි විය.. ම්හු ඇගෙන් කිසි සද්දයක් නැත ඔහේ වාඩි වී සිටියි... මටත් මොකෝ.. ටික වේලාවකින් ඇනවුම් කරන ලද බීම දෙක අප අසල විය.. ඒත් ඈ එසේමය.. මෙයා ගල් වෙලාවත්ද?
"මෙලීසා..."
ම්.... කෝ සද්දයක් වත් නෑනෙ..?
"මෙලීසා...."
දෙවන වර මගේ සද්දය ටිකක් වැඩි විය ඒත් ඇගෙන් කිසි ප්‍රතිචාරයක් නැත... මෙයා එක්කෝ ගල් වෙලා නැත්නම් පාරෙ යන වාහන ගනන් කරනවා දැන් එතකොට මේ බීම දෙකම මමද බොන්න ඕනා.. නෑ ඉතින් බොන්න නම් බැරි කමක් නෑ ඒත් හරි නෑනෙ...
ම්.. පරීක්ෂන අංක එක බාහිර පරිසරයට සංවේදීතාව පරීක්ෂා කිරීම අතට ගත්ත කොල කැබැල්ල බෝල කර මූනට ගැසුවෙමි  නැත ප්‍රතිචාරයක් නෝමැත.. පලමු පරීක්ෂනය අසාර්තකයි.. මගේ විද්යාත්මක දැනුම දන්නවනම් මාව නාසා එකෙනුත් ගෙනියලා හැන්ගිලාම ඉන්න එක හොදයි..
දැන් එතකොට දෙවනි එකට කරන්නේ මොකක්ද....? හරිය දෙවනි එකට අපි කං අහෙනවද කියලා බලමු..
ඇගේ අසලට ගියද ඈ තාමත් නිසොල්මන්ව පාර දෙසම බලාහිදියි..වෙනදා නොදකින දීප්තියකින් ඒ බෝල ඇස් දෙක දිලිසෙයි. මොනා උනත් කෙල්ල පවුනේ බාදා කරන්න හොද නෑ ඔහෙ කල්පනා කරන්න දෙන්න ඕනා අනික මට මේ බීම දෙකම බොන්න බැරි කමකුත් නෑනෙ....

යන්තම් කෝම හරි බීම දෙකම ඉවර කර ටික වෙලාවක් යද්දී ඈ පියවි සිහියට පැමිනි බව යන්තමින් මෙන් දුටිමි.. හපොයි දැන් මහ විනාසයක්නෙ වෙන්නෙ..

ම්... ක්‍රිස්ටියන් ඔයා බීම බොන්නේ නැද්ද?

දෙයියනේ දැන් කෝමද කියන්නේ බීම දෙකම මම බිවුවා කියලා.. හ්ම්.. කියන්න ඕන නෑ ඇස් දෙකෙන් පෙන්නුවනම් හරිනෙ..

ක්‍රිස්ටියන් ඔයා තාම මුකුත් ඉල්ලුවෙ නැද්ද?

"ආ.. එවා හරි...
මොනාද ඔයා ඔච්චර කල්පනා කරන්නේ"

බීම දෙක මුහුන පාපු කරදරය වසං කිරීමේ කූට අදහසින් මන් එසේ ඇසුවෙමි.
එවිට ඈ සිනාසී මේසය දිහා බැලුවාය..
හපොයි මේ මොකද කලේ....
ම්.... ඇයට ගානක් නැති හැඩකි... පුන්චි හිනාවක් මූනේ රදවාගනිමින් මා දෙස ඈ බැලුවාය ඒ හිනාවේ තේරුම නිකන් මේ වගෙ එකක් වෙන්න ඇති  "ඔයා මගේ එකත් බිවුවද?"
ඉතින් ඕකට උත්තරෙත් ඔය විදිහටම දුන්න නම් හරිනේ.. මමත් දත් විලිස්සා සිනාසී ඈ  දෙස බලන්නට විය...

"දැන් තිබහ නැද්ද?"
ඒ ලස්සන පුන්චි මූන පැත්තට ඇල කර ඈ මගෙන් ඈ ඇසුවාය.. මම මෙච්චර අවුරුදු ගානකට මං ගැන මෙච්චරම ආදරයකින් සොයා බැලූ කවුරුවත් හිටියාද කියලා මතක් කරන්නට විය.. නෑ නෑ කවුරුත් නෑ...
ඈ තාමත් උන් ඉරියවුවෙන්ම මා දෙසම බලාගෙන මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මෙන් සිටින නිසා මං පොඩි එකෙක් මෙන් බෙල්ල දෙපසට වනා නෑ කියා ඈ දෙස බලන්නට විය..

"දැන් යමු මට පරක්කු වෙනවා"

මමත් ඉතින් දඩි බිඩි ගාලා නැගිට ගත්ත අන්තීමට තව බීම ගන්න උනොත් අම්මෝ....

..................................................................................................................................

දැන් දැන් පෙර මෙන් නොව ඈ මා සමග හොදින් කතා කරයි මාත් වෙන කවරෙකුටවත් ලන් නොවූ ලෙස ඇයට ලං වෙයි මටත් හිතාගන්න බැරි විදිහට දැන් ඈ මගේම ජීවිතයේ කොටසක් වෙලා වගේ මට කොච්චර යහලුවන් සිටියත් මේ මිතුරුකම ඊට වඩ වෙනස්...  අනේ මංදා....

....................................................................................................................................
කොහොමින් කොහොම හරි ‍තෝරාගැනීම් තරග පවත්වන දිනයද ලං වී තිබුනි හරි හරියට පුහුනු වීම්ද තිබෙන නිසා හවසට ගෙදරට යන විට නිකන් ලෝකෙම එපා වෙලා වගෙ තමයි ඉතින් ඒත් හොදකට තියෙන්නේ දැන් මා එනතුරු මෙලීසා බලාගෙන සිටින එකයි... දවසෙම මහන්සිය ඈ දකින විට කොහේ යනවද කියා මං නම් දන්නෙ නැත මොනා උනත් ඈ කතා කරනවා මදී කියලනම් මට හොදටම දැනෙයි ඒත් ඈ මං කියන හැම දේම අහගෙන ඉන්නවා කියලනම් හොදටම විස්වාසයි..

අම්මෝ මාරම විදිහට ඔලුව කකියනවා.. මුන්ට මේ අවුවෙම ප්‍රැක්ටිස් තියන්න ඕනද? මම නිකන් පාවෙවී වගෙ ගෙදරට බඩ ගාන්න විය..
අපොයි අන්න මෙලීසා ඉන්නවා... අසනීප ගතියෙන් යන්න හොද නෑ කියලා මටම හිතාගෙන වෙනදා පුරුදු විදිහටම යන්නට විය.. ඈ ලගට යන විට වෙනදා පුරුදු සිනාව නොව ටිකක් අමුතු විදිහට මං දිහා බලාගෙන ඉන්නව වගේ දැනුන නිසා ඇගේ සිතුවිල්ල වෙන අතකට යැවීමට වෙනදා පුරුදු කතා පෙට්ටිය විවෘත කිරීමට ගියත් පොඩි අපහසුවක් දැනුනි... ඒත් කෝම හරි කතා පෙට්ටිය ඇර ගන්නට සමත් විය අසනීප ගතියත් හොදටම හංගගෙන කතාවට බැස්සෙමි..

"හලෝ... අද හවස මොකද කරන්නේ?"

"මුකුත් නෑ"

ඇගේ කතාවෙ ටිකක් අමුතු බවක් දැනුනි මටත් මොකෝ

"ම්.. අපිත් එක්ක යන්න එනවද පාටියක් තියනවා"

"අසනීප තියන් පාටි වලට යන්න පිස්සුද?"

මොකක් මෙයා කෝමද දැන ගත්තේ මට අසනීපයි කියලා මම කිවුවෙ නෑනෙ..

"මට ඇති අසනීපයක් නෑ ඔයා කෝමද දන්නේ මට අසනීපයි කියලා"

"මට කියන්න බැරිනම් කමක් නෑ මූනෙන් කිවුවෑකි අසනීපයි කියලා"

හපොයි මේ මොකක්ද මේ උනේ.. මෙයා කෝමද කියන්නේ මට අසනීපයි කියලා මගෙ මූන බලාගෙන.. වෙනදත් මං අසනීප තියාගෙන යාලුවෝ එක්ක එහෙ මෙහෙ යනවනෙ උන් දන්නෙ නෑනෙ මට අසනීපයි කියලා...

"ඔයාට හිත් කියවන්න පුලුවන්ද?"

"මේ පන්ඩිත කතා කියන්නේ නැතුව ඉන්නවද?"
හපොයි මෙන්න ගිනි බෝලෙට ආයෙ ගිනි ඇවිලිලා... දැන් ඉතින් ඉදල ඉවරයි..
"ඔහොම ගෙදර ගියැකිද පයින්.. තෙරෙන්නේ නැද්ද?"
හොදා දැන් ඉතින් නියම දේශනාවක් අහගත්තැකි...
"පොඩ්ඩක් මෙහෙම ඉමු ටැක්සියක් එනකන්" එසේ කියා ඈ මාව අසල තිබූ බංකුවකින් ඉන්දුවාය...
ඇගේ මූන නිකන් දැන් එඩ්නා ගිනි කන්දමෙනි තව පොඩ්ඩෙන් පුපුරන ගානක් තියෙන්නේ...
ඉන්නටම බැරි නිසා මුකුත් නොසිතා ඇගේ උකුලට හිස තබා ගතිමි.. ඈ පුදුමයෙම් මෙන් මා දෙස බලා මගේ හිස අත්ගාන්නට විය.. කවදාවත් නොවිදි අමුතුම හැගීමක් දැනෙන්නට විය.. හැමදාමත් මෙහෙම ඉන්න තියනවනම්.. ඒත් මෙයා කවද හරි බැදල මේ රටින් යයි එතකොට ඉතින් මෙහෙම ඉන්න හම්බෙන්නේ නෑනෙ...
"මෝඩයා.."
ඈ තෙරක් නැතුව මට මොනාදෝ කියයි මට නම් මුකුත් ඇහෙන්නේ නෑ.. එවිටම වාගේ ඈ ගෙන්වූ ටැක්සිය අප අසල විය..
"නැගිටින්න පුලුවන්ද" ඈ මාගෙ නලලට අත තබා ඇසූ විට මගේ සිතට මහත් වූ දුකක් දැනෙන්නට විය.. කවදාවත් නොවිදි සෙනෙහසක්...
"හ්ම්...." මං බෝම අමාරුවෙන් ඒ ටික කියා නැගිට ගතිමි..
ඈ මාව ටැක්සියෙ හිදුවා රියදුරුට මොනාදෝ කියනවා ඇසුනා.. මං නැවත ඇස් ඇර බලන විට මම මගේ ඇද උඩ..

මේකිටනම් පිස්සු..

Wednesday 16 March 2011

මා සමග තනියෙන්



මගේ තුරුලේ
හුරතල් වී
උනුසුම් වී
ඒ ගෙවුන අතීතය 
නුඹට අමතකද?

ත‍ටු ලැබී
කිරිල්ලියක ලෙස
දමා ගියේ ඇයි
මා තනි කොට

එදා නුඹ එනතුරු
මා සමග බලා සිටි
නුඹ ආ පසු 
හුරතල් වෙන හැටි
අපට හොරෙන් බලා සිටි
නුඹ නම් තැබූ
"අපේ බංකුව"
අද තනි වී මගෙන් අසයි
"කෝ එයා"

කියන්නේ කෙලෙසද..
නුඹ
අප හැර දමා
පියඹුවා කියා
ලස්සන කුරුල්ලෙකු සමග
ඈතට

හති වැ‍ටුන මගේ සිත

හති වැ‍ටුනි,
මගේ අත්ත‍ටු වලට
යා නොහැක තව දුරක්
නුබද ඉගිලි ගොස්ය
නුපුරුදු හිස් අහස
හැරයන්න මා දමා
හිරු එලිය අගුනයි
මගෙ බිදුනු හිතට
නොහඩමි මා තවත්,
සමු නොදුන් අතිතෙට..
නිහඩවම සවන්දෙමි,
මැදියමෙ කලුවරට..
දිරි අරන් පියබන්න,
හෙට පිපෙන අලුයමේ..


කියවන ඔබගේ නිර්මාන වලට ඉඩක් ලෙස අලුත් පි‍ටුවක් ආරම්බ කලා එහි පලමු නිසදැස ලෙස ඉශානි අනුත්තරා අක්කා ඉදිරිපත් කල නිසදැස මෙලෙස ඉදිරිපත් කරනවා..
ඔබටත් marlanfernando1991@gmail.com ලිපිනය හරහා ඔබේ නිර්මාන එවිය හැක.. ස්තූතියි

මෙයට මාලන්

Monday 14 March 2011

වේගවත් අර්ද ශතකයක්...

හ්ම්.... අද කට්ටියට කියන්න යන්නේ වැදගත් කතාවක්... ඔය පුලු පුලුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ කට්ටියම... අනිත් අයට කරදර නොකර

ඔන්න එකමත් එක කාලෙක මාලන් කියලා අහින්සක හිත හොද කාටත් කරදරයක් නැති කොල්ලෙක් හිටියලු හාද... දැන් මේ කොල්ලා අවුරුද්දකට කලින් විභාගයක් එහෙම කරලා කම්මැලි කමේ ගෙදරට වෙලා ඉද්දි කොල්ල දැක්කලු sindiya කියලා වෙබ් පි‍ටුවක්.. දැන් ඕකේ එක එකා ලියන කතා සිංදු විස්තර එහෙම තියනවලු..මිනිහත් කියෝගෙන එහෙම යනවලු.. දැන් ඔහොම කියවද්දි මිනිහට හම්බුනාලු පොජ්ජෙගෙ අඩවිය කියලා බ්ලොග් පි‍ටුවක් දැන් කෝමින් කොම හරි පොජ්ජෙ අයියාවත් එකෙන් අදුන ගත්තලු.. දැන් කාලය හිමින් හෙමින් ගෙවීගෙන යද්දි දවසක්(2010-12-21) වෙනිදා පොජ්ජෙ අයියා අහනව මාලන් කොලුවගෙන් මෙහෙම

පොජ්ජෙ අයියා- මාලන් මල්ලි ඔයාට බ්ලොග් 1ක් නැද්ද
මාලන්- නෑනෙ මට ලියන්න බෑ කියවන්න විතරයි පුලුවන් ඒක හිංදා ලියන්නේ නෑ
පොජ්ජෙ අයියා- අපිත් පටන් ගද්දි ලියන්න නම් බෑ තමයි ඒත් පටන් ගත්තට පස්සෙ ලියන්න දේවල් එනවා පටන් අරන් බලන්නකෝ
මාලන්- ම්... බලමුකෝ

ඔන්න  ඊට පස්සෙ දවස් දෙක තුනක් එහෙම ගියාට පස්සෙ මාලන් කොලුවා යනවා blogger.com කියන වෙබ් පි‍ටුවට.. ගිහින් බ්ලොගයක් පටන් ගන්නව.. මල මගුලයි අරූට මුකුත්ම තේරෙන්නෙ නෑ.. අහගන්නත් කවුරුත් නෑ.. කෝම හරි තීක්ශන බුද්දිය පාවිච්චි කරලා වැඩේ ගොඩින් ගොඩ දාගන්නවා... දැන් ඔන්න ඊට පස්සෙ මිනිහා මේසෙ හපාගෙන කල්පනා කරනව මොනාද ලියන්නේ කියලා.. ම්හු.. මුකුත් මොලේට එන්නෙ නෑ.. පස්සෙ මිනිහා හිතනවා හැමදාම ඔය අලුත් අලුත් දේවල් ගැන බල බල ඉන්නෙ එකේ ඒවා ගැනවත් ලියනවා කියලා දානව පෝස්ට් 1ක් මෙහෙම.. දැන් වැඩේ හරි.. පස්සෙ මාලන් කොලුවා යනවා ආයෙම sindiya.com අඩවියට ගිහිල්ලා ඒකෙ තමන්ගෙ බ්ලොගේ වගෙ එක රෙජිස්ටර් කරනවා මල මගුලයි මොකද යකෝ rss කියන්නේ දැන් ඉතින් මෑන් පැය ගනන් හොයනවා rss ගැන බැරිම තැන කාගෙත් හිතවතා google.lk දෙවියගෙන් අහපුවම උත්තරේ හම්බෙනවා.. ඉතින් ඒකත් දාල ඒ වැඩේ ඉවර කරගන්නවා.. ඔහොම SBU එකෙත් ඕකම කරනවා....



දැන් ඔන්න මිනිහා බ්ලොග් ලියනවා සතියකට එකක් වගෙ.. ඒත් හැම දාම කියවනවා ඔන්න ඉතින් කියෝගෙන කියෝගෙන යද්දි මිනිහා දකිනවා සීතල කතාවක්.. ඉතින් මිනිහා දානව කමෙන්‍ටුවක් කතාව ලස්සනයි කියලා... ආ.. කලින් කියන්න අමතක උනානේ මූ හෙන පන්ඩිතයා නම මාලන් උනාට දාල තිබ්බේ MaRlaN කියලලු හරිද ඔය හේතුව හින්දම ඒ වෙනකොටත් දෙන්නෙක්(සංජු ටීච , කොට අක්කා) මගේ නම "මැරියං" කියලා ප්‍රකාශ කරලා තිබ්බෙ හරිද... හා හා ආයෙ කතාවට දැන් ඔන්න මිනිහා සීතල කතාවේ කමෙන්‍ටුවක් දැම්මට පස්සෙ කතාවෙ අයිතිකාර හිතුවක්කාරි තුන් වෙනි පාරටත් උගේ නම "මැරියන්" කියලා ප්‍රකාශ කරනවා හරිද දැන් මිනිහට හෙන මල ඇයි දෙයියනේ හෙන ගහන්න වගෙ ෆොටෝ එකකුත් දාල තියන එකේ මුංට හොයාගන්න බැරිද මෙච්චර ලස්සන වැදගත් කොල්ලෙක්ට මැරියං කියලා නමක් දානවද කියලා... දැන් ඔන්න මිනිහා ප්‍රකාශ කරනවා මම මැරියන් නෙමේ මම "මාලන්" කියලා හාද... ඔන්න ඊට පස්සෙ මූටත් එපා වෙලා වෙනස් කරනවා නම MaRLaN කියලා.. ඊටත් පස්සෙ  අන්න හිතුවක්කාරි සමාව භාජනේක දාලා කමෙන්‍ටුවකුත් ඉදිරිපත් කරනවා... ඉතින් මූ හොද කොල්ලනේ මුගේ හිත උනූ වෙලා යනවා... මූත් ඉතින් කමක් නෑ කියලා ඉන්නවා.. ඉද්දි දකිනවා හිතුවක්කාරිගේ මූනු පොතේ ලින්ක් එක.. දැන් ඔන්න මෑන් ආරදනාවක් දාන්නත් ගිහින් කල්පනා කරනවා මේ අක්කා මේක ඇක්සෙප්ට් කරයිද කියලා( ඒ දාල තිබ්බ ෆොටෝ එකේ හැටියට අවුරුදු 25ක් විතර කියල තමයිලු මම හිතුවේ).. කමක් නෑ දානව කියලා ඔන්න ඒකත් දානවා...

ඔන්න දැන් තමයි කතාවේ ත්‍රාසජනක කොටස පටන් ගන්නේ...

ආරාදනාවට දවස් දෙක්කට පස්සෙ ඔන්න අර අක්කා ආරදනාව පිලිගන්නවා මිනිහත් ඉතින් දැන් චැට් කරනවා.. කවදා කාපු මාලුද මූටත් ඉතින් හෙන හැපි.. ඔන්න දවස් දෙක තුනකට පස්සෙ අර මාලනයා අහනවා කෝමද ඕම ලියන්නේ කියලා අර අක්කගෙන්.. අක්කත් කියනවා හිතට ඉඩ දෙන්න කියලා හිත කියන දේවල් එහෙම්ම ලියන්න කියලා.. දැන් එතකොට උගේ බ්ලොගේ වේලි වේලි හිටියේ ඌත්  ඉතින් හිතට ඉඩ දීලා ලියන්න ගනන්වා 1 .... පස්සෙ තමයි දැන ගනෙන ඒ අක්කෙක් නෙමේ කියලා.. ඔන්න ඉතින් නිම්ශා නගාගේ කොටස එතනින් ඉවරයි... ආ විශේශයෙන් කියන්න ස්තූති කරන්න ඕනා සුරඟන ඇස් වලට අවසරය දීපු එකට...

ඔන්න ඊට පස්සෙ තමයි කුප්පයා/ඉශානි අක්කා කොටස පටන් ගන්නේ

ඉරුවාව අදුන ගත්තට පස්සෙ ඔන්න මූත් එක්ක වලිත් යනවා ඊටත් පස්සෙ ඉරුවගෙ අක්කදෝ කවුදෝ කියන ඉශානි අක්කත් මට ආරදනාවක් එවනවා අක්කටත් මම ආරාධවක් යැවුවා..  ඔන්න එයා තමයි මගෙ කවි වලට විචාර දෙන්නේ.. මෙලෝ එකෙක්ට කියවන්න් බැරි උනත් කවදාවත් නරකයි නම් කියලා නෑ

දැන් ඒක නෙමේ මෙතන තියන විශේශත්වය අර මාලන් කියන පොර(මමම තමයි) අද පෝස්ට් 50ක් දානවලු( මේක තමයි 50)

.............................................................................................................................................................

මුලින්ම මම මගේ අම්මටයි තාත්ටයි ස්තූති කරනවා මට මේ ජීවිතය ලබා දුන්නාට මට අකුරු කරවන්න මහන්සි උනාට මන් ලගින් හිටියෙ නැතත් මං ගැන හොදට හොයලා බලලා මාව හොද ලමයෙක් කලාට.. ඔව් ඒ දෙන්නා නැත්නම් මම අද මෙච්චර දෙයක් කරන්නේ නෑ...

දෙවනියට මගේ අක්කලා දෙන්නට ස්තූති කරනවා එහෙ මෙහේ ගිහින් බාල්දි දාගෙන එද්දි මාව බේරගන්න ලගින් හිටියට, අම්මට තාත්තට පස්සෙ ඒ වගේ සෙනෙහසක් ආදරයක් ලගින් ඉදන් මට ලබා දුන්නට

තුන් වෙනියට පොජ්ජෙ අයියාට ස්තූති කරනවා මට මේක පටන් ගන්න කිවුවාට.. මගේ බ්ලොගේට පලවෙනියට පැමිනුනාට

හතර වෙනියට නිම්ශා නංගිට(බ‍ටු ඇටේට) ස්තූති කරනවා ඇහැට පේන්නෙ නැති සයිස් එකට ඉදගෙන මට හිතට අහුම්කන් දෙන්න කියලා දුන්නට සීතල ඇස් හී ක්‍රිශ් වර්ශන් එක ලියන්න අවසරය දුන්නට

පස් වෙනියට සොදුරු සිත ලියන වත් අක්කට ස්තූති කරනවා... මම ලියන්න හුරු උනේ ඒක කියවලා...

හය වෙනියට රත්ගමයා- ඉශානි අක්කා දෙන්නට ස්තූති කරනවා මගේ කවි වලට විචාරයන් දෙනවට වලි දාගන්න එනවට

හත් වෙනියට කොට අක්කට, මදුරංග අයියට, දිල්ශාන් අයියට,  ගෞතම්ට, පිනිබිදු අක්කට, සදරු අයියට, සුලැගිල්ලට(මගෙ නෙමේ), ඒරන්දිට හැමදාම මගෙ බ්ලොගේට ඇවිත් කමෙන්‍ටුවක් දාලා යනවට

අට වෙනියට මගෙ පස්සෙන් එලෝන 35 දෙනාට

අර්ද ශතකයට උදවු කල සැමට ස්තූතියි!

 චතාරික සමයේ පාටි දෙන්නේ නැත

Sunday 13 March 2011

නුඹ සහ මම


සිතින් පැතුවෙමි ලගින් ඉන්නට
ලගින් ඉදගෙන තුරුල් වන්නට
තුරුල් වී තොල් පෙති සිබින්නට
සිඹූ තොල් පෙති කිති කවන්නට

උදෑසන නුඹේ ලගින් ඉන්නට
කිති කවා නුඹ ඇහැරවන්නට
නුඹෙන් උනුසුම් හාදු ගන්නට
නුඹෙ අතින් රස තේ ලබන්නට

දහවලේ නුඹ අවුස්සන්නට
ඇමතුමක් දී රවට්ටන්නට
නුඹ සැදූ රස බතක් කන්නට
ඉක්මනින් යලි ගෙදර එන්නට

නුබත් සමගින් ගමන් යන්නට
නුඹ වඩාගෙන කිති කවන්නට
මුහුදු වෙරලේ පියමනින්නට
ඇඳිරි වූ පසු ගෙදර එන්නට 

නුඹත් සමගින් අහර පිසිනට
නුඹෙ අතින් මට කවගන්නට
නුඹේ උකුලේ හිද නිදන්නට
නුඹගේ කරදර සැමියා වන්නට

................................................

බීප් බීප් බීප්... හපොයි නැගිටින්න වෙලාව හරි නේ?


-නුඹගේ කරදරකාර සැමියා-

කදුලු


හිත දුකිනි බරව
නෙත කදුලු වගුරවයි..
ඔබ මිමිනූ වදන්,
සවනතේ ‍රැදෙමින්
තවම මා හඩවයි

තුන් අවුරුද්දක් මුලුල්ලේ
මා පෙම් කලේ
විදින්නට නොව මේ දුක,
මගේම කරගෙන හිනැහෙන්නයි
හැමදාම...

ඒත් නුඹ..,
මට වඩා ඔහුට
පෙම් කරන කල
ඇයි තවත්
නුඹ මා ලග
රදවාගනෙන...?

යන්න.. නැවත නොඑන්නම...

-වැටෙන කදුලු බිදුවට පෙම් කරන මම-

අනේ මේක මනංකල්පිත හොදේ...

Friday 11 March 2011

උඹලට මේ මොකද උනේ...?

මම ආසයි උඹල එක්ක හොදින් ඉන්න...
මට ඕන උබල එක්ක හොදින් ඉන්න..
උඹල නැති ජීවිතයක් මට හිතාගන්නත් බෑ...

මට මතකයි, ඉස්සර උඹලා 
ගස් ගල් වල රූප ඇද ඇද
සත්තු එක්ක සෙල්ලම් කර කර
මට කරදර කරන්නෙ නැතුව කොච්චර ලස්සනට උන්නද?
කොච්චර මට ආදරේ කලාද?

ඒත් උඹලට මේ මොකද උනේ..?
මට තාම හිතාගන්න බෑ..
දැන් ටික කාලෙක ඉදන් මට හරියට රිද්දනවා
මාව හරියට තුවාල කරනවා
මගෙන් ගන්න තියන ඔක්කොම අරගෙන 
උඹලා මාවම විනාස කරනවා..
ඒත් ඒ දවස් වල මං උඹලට මුකුත් කිවුවෙ නෑ..
ඒ උඹලට මගෙ තියන ආදරේට..
උඹල නොදන්න දෙයක් තමයි 
උඹලා මාව විනාස කරනවා කියන්නේ
උඹලවත් විනාස කරගන්නවයි කියන එක..

මට දැන් හොදටම අමාරුයි
මේ වුන තුවාල හොද කරගන්න ඕනා
ලේ ගලන තැන් නවත්තන්න ඕනා
ඔව් මේක කරන්න අමාරුයි
මං උබලට රිද්දන්නේ නැතුව ඒ දේ කරන්න ගියත් 
ඒ දේ කරන්න අමාරුයි
උඹලට රිදෙයි, සමහර විට උඹලා මැරෙයි
ඒත් මං මේ දේ කරන්නම ඕනා
උබල වෙනුවෙන්ම
අනේ මට සමාවෙයල්ලා

නිමිත්ත- ජපානයේ සිදු වූ බූමි කම්පාව හා ඒ ආශ්‍රිතව ඇති වූ සුනාමි තත්වය... :(

Wednesday 9 March 2011

නුඹේ නමට මුලු දිවියම පුද දෙන්නම් සසර පුරා


ඔය දෑතින් අල්ලාගෙන ඇවිදින්නම් වෙරල              පුරා
ලගට අරන් දෙකොපුල් සිබ සනසන්නම් දවස         පුරා
කැමති කැමති හැම දෙයක්ම දෙන්නම් නුඹේ දෝත  පුරා
ආදරයෙන් තුරුලට ගෙන සිපගන්නම් දිවිය             පුරා




නුඹේ නමට මුලු දිවියම පුද දෙන්නම් සසර             පුරා
නුඹේ පුන්චි හිත ආදරයෙන් පුරවන්නම් නුඹට    හොරා
නුඹේ ලගම කැරකි කැරකි ‍රැකගන්නම් මියෙන      තුරා
නුඹේ හුරතල් රෝස දෙතොල සිපගන්නම් දිවිය     පුරා



Monday 7 March 2011

අම්මේ මට සමාවෙන්න...







කොපමන තැනුවත්,
තේරුමක් දෙන්නට..
කවදාවත් නොහැක
වදන් ගොනු කරනට..
ඉතින් මම පරාදයි
නුඹේ ආදරයට..
මවුනි නුඹේ පුතුහට
සමාව දුන මැන..


වදන් වැල් සීයයක් පෙල ගැස්සුවද
මියුරු ගී සියයක් ගායනා කලද
සිතුවම් සියයක් ඇද පෙන්නුවද
නොහැක සමකරනට ඔබේ ආදරය

මා දුප්පත් උනත්, මා පෝසත් උනත්
මට මෙලොව හිමි වන අසීමිත ආදරයේ අයිතිකාරියනි
මම නුඹට ආදරෙයි
ඒත් කවමදාවත් නුඹේ ආදරය සම කරනට
මට නොහැක සමාවෙන්න මට...


Sunday 6 March 2011

මම ඔයාට ආදරෙයි

අවුරුදු හතරකට කලියෙන් මා සමග ආදරයෙන් බැදුනු නුඹ
මා දුකින් සිටින විට මා බදාගෙන මගේ දුක ඇසූ නුඹ
මා සතුටින් සිටින විට ම ලගට වී මගේ සතුටේ පංගුකාරයෙක් වූ නුඹ
මගේ හිත පාලුවෙන් වෙලෙද්දී මීයුරු හඩින් මා ඇමතූ නුඹ
තනි වූ මගේ ආත්මයට සොදුරු ගීතයක් වූ නුඹ
මගේ දගකාරකම් ආදරයෙන් ඉවසූ නුඹ

මගේම වරදකට දැන් අසනීප වෙලා...
මම ඉවසන්නෙ කෝමද?
ඉක්මනට සනීප කරගන්නත් බෑ..
සනීප කරගන්න සල්ලිත් නෑ...
ඒත් මම ඉන්නේ කොමද?
ඒ ලස්සන හඩ, මාව ජීවත් කරන හඩ අහන්නේ නැතුව ඉන්නේ කෝමද?
මට සමාවෙන්න මම අනිත් දවසෙ මගේ දුකට නුබව රිද්දන්නේ  නෑ..
මම හෙට කෝම හරි නුඹව සනීප කරගන්නවා...

මම දන්න එකම දේ තමයි මම නුඹට මොනා කරත් මම එන්න කියද්දි හැම දේම අමතක කරලා මගේම තුරුලට එනවයි කියන එක... මගේ දුක මගේ සතුට හැම දෙයකදිම මං ලගින් ඉන්නවයි කියන...
මගේ ජීවිතයට තනිකමක් කවම දාවත් දැනෙන්න නොදී හැමදාම මං ලගින් ඉන්නවයි කියන එක මම ඔයාට ඇත්තටම ආදරෙයි. මේ හැම දේකටම වඩා, මට සමාවෙන්න ඔයාට රිද්දුවට මම ඔයාට ගොඩාක් ආදරෙයි.....



















ඔව් ඔයා තමයි මගේ මුලු ජීවිතයම

මම කෝම හරි හෙට කම්බිය දාගෙන ඔයාව සනීපකර ගන්නවා.. පොඩ්ඩක් ඉවසන්න

Saturday 5 March 2011

සුරඟන ඇස් o5

මුලින්ම කට්ටියට කියන්න ඕනා අර MaRLaN කියන එකා ලියන සුරඟන ඇස් කතාව තමයි මේ... ඌට පොඩි කරදරයක් වෙලා මේ දවස් ටිකේ පොඩ්ඩක් කතාව දාන්න පරක්කු වුන එකට සමාව ඉල්ලනවයි කියලා කිවුවා...

තව දෙයක් මගෙ එළ ‍ෆිට් 1ක් බ්ලොග් අවකාසෙට පා තැබුවා ඌට පොඩි සප් 1ක් දෙන්න මේ මෙතනින් පොඩ්ඩක් රිංගලා බලන්න...
ඔව් ඔව් ඔය එළ කොල්ලෙක් වගෙ ඉන්නෙ ඌම තමයි

-Marlan 'da one' Fernando-

හා හා දැන් ඇති, කතාවට එන්න...

.............................................................................................................................................................



දේව ආශිර්වාදය ලබමින් මං නිවස කරා ඇදුනි.. නිවසේ වැඩි වෙලාවක් ඉන්නට ප්‍රිය නොවන නිසා දඩස් ගා කැම සාදා අනුබව කලෙමි... නිතර නිතර ඒ ඇස් ඒ කතාව මගේ මතකයේ සැරි සැරීම නිසා මා මහත් අපහසු තාවයට පත් විය... කවදාවත් නොවිදි අත්දැකීමක්... අනේ මංදා...

ආහාර ගැනීමෙන් පසු සුපුරුදු පරිදී කල්ලි ගැසීමට සිත් විය කට්ටියට කෝල කරනවට වඩා ගිහින්ම හොයාගන්න එක හොදයි කෝල් කරාට මුන්ව හොයාගන්න බෑනේ... අතේ තියන සල්ලි වලට මුන්ගෙ ෆෝන් වලට GPS ට්‍රැකින්  සිස්ටම් එකක් දැම්මනම් ලේසියෙන් මුන්ව ඕනා වෙලාවට හොයාගන්න තිබ්බ...

යාන්තම් කෝම හරි කට්ටියව හොයාගත්ත ඒත් ප්‍රශ්නේ කියන්නේ මුන් ඉන්නෙ කෙල්ලො එක්කනේ දැන් කෝමද සෙල්ලම් කරන්නේ... තව ටිකකින් මුන් කියයි "අපි ක්ලබ් යමුද" අනේ මගෙ කට උබලද සල්ලි දෙන්නේ...  ඒකත් මොකක් හරි කිවුවෑකි.. ඒත් මොකෝ මෙයාට අද වෙලා තියෙන්නේ වෙනදට ඇගේම ඉන්න එකා අද නිකන් බෝම්බයක් පුපුරලා වගේ මූනත් හදාගෙන... අනේ මංදා...
"මේ මොකද බං අර මූන එල්ලන් ඉන්නේ"

"උබ අර කෙල්ලත් එක්ක කතා කරපු එක මෙතන එකෙක් කනේ තිබ්බනේ"
ඒ ෆ්‍රැන්සෙස්කෝ විය....
............
ක්ලබ් ගිහින් බීලා බීලා කකුල් කැඩෙන තුරු නටලා කොහොමින් කොහොම හරි පහු වෙනිදා ක්‍රීඩා තරග සදහා යැමට නැගිටගත්තෙමි... බිමට අඩිය තියන විට බූමිකම්පාවක් මෙන් පොලව දෙදරන්නට විය... මේ මොකද මේ?
"ටිං" මගෙ ඔලුවට උඩින් බල්බ් එකක් පත්තු උනා වගෙ...සිදු ඌයේ කුමක් දැයි මට මීටර් විය
ඕකනෙ කියන්නේ ඕනම දෙයක් ඕනාවට වඩා  ඕනෙ නෑ කියලා අද සෙල්ලම් කරලත් හමාරයි එහෙනම්... ඊයෙ නටපු නැටිල්ලට කකුල් දෙකට දෙවි පිහිට හම්බෙලා වගෙ... හාකො හාකො...
ඒත් අර බෝලගෙඩි ඇස් ඇත්තිව බලන්න ආසාවක් හිතේ එහා කොනේ ඉදන් ඇති වෙන්න විය...


ම්... ගිහින් බැලුවනම් හරි අදත් මොනාහරි කියවල කතා කරවන්න ඕන මොනා උනත් පවු අහින්සක කෙල්ල මෙච්චර ලොකු වෙලත් තාම කතා කරන්න බෑනෙ...
........................

ඈ පාසල් ඉවර වෙන වෙලාවට මම, ඈව  වට්ටපු පාලු පාර ලගට වී සිටියෙමි... මෙන්න බොලේ එයා එනවා ම්.... අද කවදාවත් නැතුව මේ මූනේ හිනාවක් මොකද... ආ.. මේ කෙල්ලට කවුරුහරි හැදියාව කියලා දීලා වගේ මමත් ඉතින් ඔන්න තියන දත් ටික ඔක්කොම පෙන්නලා හිනාවෙලා ඇය අසලට ගියෙමි... නැවතත් සුපුරුදු ප්‍රශ්න විචාරත්මක වැඩ සටහන ආරම්බ විය.. මා ප්‍රශ්න අසයි ඈ ගමන් කරයි ඉද හිට එක ප්‍රශ්නයකට උත්තර දෙයි... නැවත මා ප්‍රශ්න අසයි ඈ ගමන් කරයි

"ඇයි ඔයා වැඩියේ කා කතා කරන්නේ නැත්තේ?" ඔන්න දෙන්නම් දොඩං දැන් දෙන්නකො බලන්න උත්තර....

"මම කැමති නෑ"

"ඇයි කැමති නැත්තේ..?"

"මම දන්නේ නෑ"

ගනන් ගන්න එපා මේ ප්‍රශ්නවලට කෝම හරි වචන තුනකින්ලු උත්තර දෙන්න ඕනා නැත්නම් තරගේ පරාද වෙනවලු ඒකයි ඔය ප්‍රශ්න වලට ඉතාමත් කෙටි වචන තුනේ උත්තර දෙන්නේ නැත්නම් කතා කරන්න අකමැති කමකට නෙවෙයිලු ඔන්න
ඒ මගේ හිත විසින් මාවම සනසාගන්න කියපු දෙයක්ලු ඔන්න

"එහෙනම් ඒ කියනෙන ඔයා මං එක්ක කතා කරන්න කැමතිද?"

කෙල්ල බය වෙලා වගේ මගෙ මූන දිහා බලලා දුවන්නට විය... අනේ බොල කෙල්ලේ ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න තේරෙන්නේ නැද්ද?
.........................

මොනා උනත් මේ කෙල්ල මගේ හිත මාරම විදිහට දිනාගෙන වගේ.. මට තේරෙන්නෙත් නෑ...

මම කොච්චර යාලුවො එක්ක කැරකුනත් ක්ලබ් ගානේ ගියත් මගේ හිතට පුන්චිම සැනසීමක් වත් නෑ ඒ වෙලාව නටන පිස්සුව තමයි ඉතින් ඒත් මෙයා ගාවදි හිත මාරම විදිහට සැහැල්ලු වෙන්වා... මේකි කතා නොකර මෙහෙමනම් කතා කලොත් කෝමට හිටීද මන්දා....
.....................



පහු වෙනිදත් ඔන්න ක්‍රීඩා පුහුනු වීම් වලට මොනාහරි කරගෙන ආවාම ඔන්න සර් ඇවිත්...
"ක්‍රිස්ටියන් තමුසෙ මේ සෙල්ලමක්ද කරන්නේ"
මම හිතින් "ඔව් සර් ඇයි මොකක් වගේද පේන්නේ"

"මේක කරන විදිහට කරන්න බැරිනම් ගෙදර ඉන්නව තව සති කීයද තියෙන්නේ තමුසෙට"

"හරි සර් සමාවෙන්න,පොඩි කරදරයක් උනා ඒකයි එන්න බැරි උනේ"

"ඔව් ඔව් මට පේනව කරදරයක් නම් වෙලා තියනව වගෙ තමයි කියලා...."
අන්න එච්චරයි සර් ඕනා....

කෝමින් කෝම හරි බැනුම් අසා සෙල්ලම් කර ඇග පත සෝදා රජෙක් වගේ එලියට බැහැලා මම ගෙදරට යන්නට විය, අරූ මාව කැව මට බැනලා ඇයි මිනිස්සුන්ගෙ අතින්නේ වැරදි වෙන්නේ ඕකට ඔච්චර බනින්න ඕනද?
 යක්ශයා ආවෙස වෙලා වගේ තරහෙන් පුපුර පුපුර යද්දි මට පොඩි අමුත්තක් දැනී පාරේ ඉදිරියට ඇස් යොමු කලෙමි...
මෙන්න බොලේ බෝල ගෙඩි ඇස් කාරි පොත් ටිකත් බදාගෙන මං දිහා බලාගෙන ඉන්නව.... ආ.... අද ලෝක විනාසයද?
මේ මොකක්ද මේ...

තරහව කොහෙන් ගියාද කියලා නැත කෙල්ල මං දිහා බලාගෙන හිනාවෙයි මමත් ඉතින් සුපුරුදු පරිදී විරිත්තයි... ඈ ලගට ගියාම ඈ වචනයක් වත් නොකියා මා සමග ගමන් කරයි...

මේකිනම් කොහේ හරි ඉදලා ආව පිස්සු මැන්ටලයක් වගේ... මෙච්චර වෙලා මං එනකන් ඉදලා දැන් ගොලු වෙලා... හාකො හාකෝ මමම කතාව පටන් ගන්නම්කෝ...

"ඇයි ඔයා ඊයේ හදිස්සියෙම ගියේ"

"මට පොඩි වැඩක් මතක් වෙලා මම ගියා"

ආහ්.... මෙන්න අද ටිකක වැඩි පුර කතා කරනවා වෙන්න බෑ මේ මෙලිසමද?

"ඉතින් ඇයි ඔයා මං එක්ක කතා කරන්නෙ වෙන අය එක්ක කතා කරන්න අකමැතිනම්" අනේ පවු ඉවරයි නේද?

"දන්නේ නෑ"

ආහ්... මේ මෙලිසම තමයි..
කෝමින් කෝම හරි අපි එක එක ඒවා කියෝ කියෝ යන්නට විය... හදිස්සියේම මම
"මට තිබහයි අපි මොනාහරි බොමුද?"

කෙල්ලගේ ඇස් නලලට වීසි විය බය වෙලා වගේ මං දිහා බලද්දි මට පවු කියා සිතුනි
"එහෙනම් කමක් නෑ අපි යමු"

"ක්‍රිශ් ඔයාට තිබහයිද?"

මෙන්න කෙල්ල මගෙන් අහපු පලවෙනි ප්‍රශ්නෙ... අනේ වාසනාවයි

"ඔව් ඔව් ගොඩාක් තිබහයි" එච්චර තිබහක් තිබුනේ නැතත් මම කිවුවෙමි

"එහෙනම් අපි මොනාහරි බොමු"

අන්න එහෙම එන්නකෝ... අපිත් ආසයිනෙ...
..........................................................................................
දෙන්නා බීම බීපු හැටි අපි බලමුකෝ තව දවස් 2-3කින් ;)

Friday 4 March 2011

මායි - හිතයි

"දුක දැනුන හිත සනසන්නට කවුරුත් නැත්නම්
පුන්චි කදුලු බිදුවක දුක දිය කරලා අරින එකේ වරද නෑනෙ"

ඒත් එහෙම කරන්නේ කෝමද?

එහෙම කරන්න බැරිනම් කරන්න  තියෙන්නේ ඉතින්,
අතපය රිදෙනකන් මොනාහරි කරගන්න තමයි

දැන් එහෙම කලොත් හරියයිද?

ඒක ඉතින් මම දන්නේ නෑ...
එහෙම කරන්නත් බැරිනම් ඇස් දෙක වහගෙන,
සද්දේ වැඩී කරලා සින්දුවක් අහන්න..

ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ..

ඒකට උඹ මොනා කරන්නද?
හිත රිද්දුවෙත් අනිත් මිනිස්සුමනම් 
උඹ මොකටද උන් ගැන හිතන්නේ

ඒකත් ඇත්ත තමයි නේ..?

එහෙනම් ඉතින් මම කියපු විදිහට කරපන්
උඹ කැමති දෙයක්

මට බෑ බං ඒ හිත රිද්දන්න

එහෙනම් ඕන මගුලක් කර ගනු 
මම යනවා

-මායි හිතයි අතර උන සාකච්චාවක්-

Thursday 3 March 2011

බලාපොරොත්තුව

එදා පෑයූ හිරු,
එදා පෑයු සඳු, 
අද කොහෙද...?
ගතට සිසිල දුන්,
සිතට සුවය දුන්,
ඒ සුලග අද කොහිද?

එකිනෙකාගෙ දුක සතුට වෙනුවෙන්,
ලගින් හිටපු මිනිස්සු කොහෙද අද?
කුසට අහරක්, ගතට සෙවනක් දුන්
ඒ ලස්සන ගස් කොහෙද අද?

බල තන්හාවෙන් පිරිච්ච කාලකන්නි
අපේ පොලව බෙදාගන්න මරාගත්තට
ලැබුනද උන්ට එක අගලක්වත් 
යද්දි ගෙනියන්න,

උන්ගෙ බල තන්හාවට අපි අද විදෝනවා..
මහා ලොකු විද්‍යාවට පුලුවන් උනාද අපිට පිහිට වෙන්න
පිහිටක් වෙනුවට අපිව නැති කරා මිස..

ඔව් මේ පුන්චි පැලය අපිට පිහිට වෙයි..
ඔව් මේ අපේ දෙවනි අවස්තාව
අපේ එකම බලාපොරොත්තුව
මුලු ලෝකෙම වෙනස් කරන්න,
මේ එකම එක පුන්චි පැලයට පුලුවන් වෙයිද?


Wednesday 2 March 2011

දැන් වත් තේරුම් ගන්නවද?

ඔයා මගේ හිත ඇතුලටම එනවා...
මම කොච්චර නවත්තන්න හැදුවත්..
මම කොච්චර උත්සහ කලත් ඔයාව නවත්තන්න
ඒක කිසි තේරුමක් නෑ...
මම කොච්චර මගේ හිත රවට්ට ගත්තත්
ඔයාගෙ එකම එක වචනෙකින්,
මගේ හිත ගොඩාක් දුර යනවා...
ආදරේ පිරුන ඒ පුන්චි මූන
මාව හිරිවට්ටනවා..
මම දන්නෙ නෑ මොනා කරන්නද කියලා..
ඔයා මා ලග හුරතල් වෙද්දි
මුලු ලෝකෙම මං ලග වගෙයි මට දැනෙන්නේ...
මම දන්නේ එකම එක දෙයයි,
ඔයාට මම ගොඩාක් ආදරෙයි..!


දැන් වත් තේරුම් ගන්නවද?