Saturday 21 May 2011

Future Leaders

S. B. මාමට පිං  සිදු වන්නට හෙට සිට සති තුනක් පමණ මන් නැත 
මේක කියවන අයටනම් ඒ තරම් සුභ ආරංචියක් තවත් නැතුව ඇති 

ඔන්න බලාගන්න S.B. මාමා ගෙන්න ගියලා තිබ්බ බඩු වල ගණන් අපි වගේ දුප්පත් අසරණ මිනිස්සු මේවා කොහොම ගන්නවද කියල තේරෙන්නේ නැතුවද දන්නේ නෑ මෙච්චර ගෙන්න කියල තියෙන්නේ.

සුදු කැන්වස් (කවදාවත් පාවිච්චි කරලා නෑ මගේ සයිස් එකට එකක් හොයාගන්නත් හම්බුනේ නෑ එක හින්ද අලුතෙන්ම ගන්න උන )  රු. 870 යි 
නිල කොට කලිසම් (9 වසරේදී ඇන්දට පස්සේ අදලම නෑ අලුතෙන් මහුවා ) දෙකටම රු. 1200 යි 
සුදු ඇද රෙදි (සුදු ඇද රෙදි පාවිච්චි කරලම නෑ අලුතෙන් ගන්න උනා ) රු. 2500 යි 
පාස්පෝට් ප්‍රමාණයේ ෆොටෝ 3 ක්  රු. 300 යි
ට්‍රැක් බොටම් (කවදාවත් ඇදල නැත වෙන එකෙක්ගෙන් ඉල්ලන්නත් බැරි හින්ද අලුතෙන් ගත්තා) රු. 500 (ආසන්නව අක්ක ගාන කිවුවේ නෑ)

විශේෂයෙන් ගන්න උනේ මෙච්චරයි 

මුළු වියදම (බඩු වලට පමණක්)  =   5370 යි
ගමන් වියදම් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය වලට ආසන්නව රු. 2000 ක් දැම්මොත් 

මුළු වියදම රු. 7370 යි 

ගොඩක් වෙලාවට උසස් අද්‍යාපනය ලබන්න සුදුසුකම් ලබන්නේ දුප්පත්, එදා වෙලා අමාරුවෙන් හොයාගන්න අසරණ මිනිස්සුන්ගේ ළමයින් ඉතින් එයාල කොමද මෙච්චර වියදමක් කරන්නේ අඩුම තරමේ මේ ගමනට රු. 5000 ක් වත් යනවා. S.B. මාමට මේක තේරුනේ නැද්ද දන්නේ නෑ 
අනිත් එක එවල තියන ලියුමේ සදහන් වෙනවා මෙම පුහුණුව උසස් අද්‍යාපනය ලැබීමේ 'අනිවාර්ය' කරුණක් වෙනවා කියලා එතකොට මුදල් අපහසුතාවයන් තියන අදාල ද්‍රව්‍යන් සපයාගන්න අමාරු ළමයින් කොමද මේකට සහබාගි වෙන්නේ. ඒ හේතුව හින්ද මේකට සහබාගි නොවන ළමයින්ට කැම්පස් යන්න බැරිද? 

මේකට මම බැන්නට මේකේ හොදකුත් තියනවා.. එත් තවත් හොද වෙන්න ගියා දුප්පත් ළමයින් ගැන හොයල ඒ ළමයින්ට මේ බඩු ටික ලබාදුන්නානම්. එතකොට ඒ දෙමවුපියන්ට එක බරක් නොවෙන්න තිබ්බා. එතකොට ඒ ළමයින්ට හිතේ බරක් නැතුව මේකට සහබාගි වෙන්න තිබ්බා  


ගිහින් ආවට පස්සේ වැඩේ කොමද කියලා කියන්නම්කො 

Friday 20 May 2011

ඇත්තටම මම කවුද?

හොයමි මම මම කවුද කියා.. 
තවමත් උත්තරයක් හම්බ නොවුන එකම ප්‍රශ්නයක් 
කන්නාඩිය ඉස්සරහට ගිහින් 
මාවම බලාගෙන මම ඇහුවා මම කවුද?
එතකොට මගේ ප්‍රතිබිම්බය ආයෙම ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවා..
දැන් මම කවුද? 
මට දැනගන්න ඕන මම කවුද කියන එකයි 
ඔව් මම මම වෙන්න ඇති 
එත් මම කවුද?
දැන් නම් ඔලුවත් රිදෙනව වගේ.. 
එත් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕන 
මම කවුද කියන දේ මම දැනගෙන ඉන්න ඕන 
එත් මම දන්නේ නැති දේත් එකමයි 
ඇත්තටම මම කවුද?

Wednesday 18 May 2011

ගෙනියන්න ඈතකට


ඇට මිදුළු පොඩි කරන්

දුන්නත් දරන්න බැරි වේදනාවක් නුඹ  
මුකුත් කියන්නේ නෑ නුඹට මම 
සමහර විට මේ වේදනාව මගේ ලැබීම වෙන්න ඇති 

මගේ හුස්ම හිර කරන්
රිදෙවුවත් නුඹ මට 
කිසිත් කියන්න බෑ නුඹට 
නුඹ මගේ ජිවිතයම වෙලාගෙන 

මගේ ලස්සන කැප කරන්න උනත් 
නුඹ වෙනුවෙන් මට 
මම හිතන්නේ නෑ නුඹ වැරදී කියා 
මේ දේ වෙන්න ඕන විදිහ මේ නම් 
නුඹ මක් කරන්නද එයට 

යන්න ඕන දිනය ලං වෙනවා 
මට දැනෙනවා මගේ ආත්මය කෑ ගහනවා 
එත් මම, නුඹ මට කර දේවල් මෙච්චර ඉවසුවත් 
නුඹට හිතක් නැද්ද මාව ඉක්මනින් ගෙනියන්න 
මේ ලෝකෙන් ඈතට 
මට තවත් දරාගන්න අමාරුයි 









නුඹ, මට රිදවන 'පිළිකාව' උනත් මම නුඹට ආදරෙයි 
ගෙනියන්න මාව ඈතට මට තවත් රිදවන්නේ නැතිව 
මම වැදලා ඉල්ලන්නම්, මට තවත් දරන්න අමාරුයි
ගෙනියන්න මාව ඈතකට 
මේ ලෝකෙන් ඈතකට 
මේ වේදනාවෙන් ඈතකට 
නුඹට මම ආදරෙයි 

Saturday 14 May 2011

ෆීනික්ස් (අවසානයෙන් ආරම්බයකට)



අළු ගසා නැගිටින්න
වෙර යොදා පියබන්න 
හැර ගියාවූ මිතුරු කැල
ආයෙමත් හමුවන්න 

කවි සින්දු පබදින්න
කතන්දර ගෙන එන්න
හිතේ රැදී දුක සතුට අකුරු කර ගෙනඑන්න 
ආයෙමත් පතමි මම අවසරය සැමගෙන්ම

-අළු ගසා නැගිටින්න වෙර යොදන මම-