ඇට මිදුළු පොඩි කරන්
දුන්නත් දරන්න බැරි වේදනාවක් නුඹ
මුකුත් කියන්නේ නෑ නුඹට මම
සමහර විට මේ වේදනාව මගේ ලැබීම වෙන්න ඇති
මගේ හුස්ම හිර කරන්
රිදෙවුවත් නුඹ මට
කිසිත් කියන්න බෑ නුඹට
නුඹ මගේ ජිවිතයම වෙලාගෙන
මගේ ලස්සන කැප කරන්න උනත්
නුඹ වෙනුවෙන් මට
මම හිතන්නේ නෑ නුඹ වැරදී කියා
මේ දේ වෙන්න ඕන විදිහ මේ නම්
නුඹ මක් කරන්නද එයට
යන්න ඕන දිනය ලං වෙනවා
මට දැනෙනවා මගේ ආත්මය කෑ ගහනවා
එත් මම, නුඹ මට කර දේවල් මෙච්චර ඉවසුවත්
නුඹට හිතක් නැද්ද මාව ඉක්මනින් ගෙනියන්න
මේ ලෝකෙන් ඈතට
මට තවත් දරාගන්න අමාරුයි
නුඹ, මට රිදවන 'පිළිකාව' උනත් මම නුඹට ආදරෙයි
ගෙනියන්න මාව ඈතට මට තවත් රිදවන්නේ නැතිව
මම වැදලා ඉල්ලන්නම්, මට තවත් දරන්න අමාරුයි
ගෙනියන්න මාව ඈතකට
මේ ලෝකෙන් ඈතකට
මේ වේදනාවෙන් ඈතකට
නුඹට මම ආදරෙයි
මල්ලි මුල ටිකනං මල් මසුරං..අර අන්තිමට ප්‍රෙහේලිකාව විසඳන්න ගියේ නැත්තං...
ReplyDeleteඑතනින් ඔයා ලොකු පාඩුවක් කරගත්තා මං හිතන්නේ...
මේකනේ අයියේ මම කමති නෑ ප්‍රෙහෙලිකා විසදන්නෙ නතුව තියන්න ඒක හින්දා විසදලාම දැම්මා...
ReplyDeleteඔහොම දැම්මෙ නැත්නම් මෙතන ඉන්න ඇම්බැට්ටයෝ ටික අහන්න
ගන්නවනේ "කවුද කෙල්ල" කියලා
පද ටික ලස්සනයි මලේ,,,මේ විදිහටම මේක එක්ක සටන් කරලා වීරයෙක් වගේ ගිය කොල්ලෙක් ගේ හිතේ මේ වගේම වචන සෙට් එකක් තිබුනා,,ඌ මගේ මලයෙක් සමහරවිට ඔයා දන්නවත් ඇති ඔයාගේ ඉස්කෝලෙම...අන්තිම ගමනට හිත හදාගෙන ලෑස්ති උනේ මේ පදවල වගේමයි...
ReplyDeleteඑහෙම්ම මතකයක් නෑ අයියා.. නම කිවුවොත් මතක් වෙයි
ReplyDeleteමම ආදරේ කරපු නෑයො දෙන්නෙක්ම මේ ඉරණමට ගොදුරු උනා. එයින් එක්කෙනෙක් මගේ පුංචිගෙ අවුරුදු හයක දුව. පිළිකාවක් ඇති කෙනෙක් හුඟක් වෙලාවට මරණය උරුම කරගන්නවා. ඒත් එයා ඒ මරණය කරා දවසින් දවස යන ගමන බලන් ඉඳන් විඳවන්න වෙන එක තරම් දරා ගන්න බැරි තව දෙයක් නෑ.
ReplyDeleteආ අනිත් එක මලේ උඹ ආපහු ආපු එක නම් ලොකු දෙයක් හොඳේ. මට මාර සතුටක් දැනුනෙ ඔයාගෙන් පෝස්ට් එකක් තියෙනවා දැක්කම.
හ්ම්... ගොඩක් වෙලාවට ඒ අසනීපේ තියන කෙනා විදවනවා වගේම ලගින් ඉන්න අයත් හිතින් විදවනවා.. පොඩි බලාපොරොත්තුවක් තියන් ඒ බලාපොරොත්තුව ජීවත් කරවන්න..
ReplyDeleteස්තූතියි අක්කේ...
මාලන් මචාං කවුද බං මේ කෙල්ල ?
ReplyDeleteමම නිකම් විහිලුවක් කලේ ඇත්තටම කවිය ලස්සනයි මාලන් .. මාලන් ආපහු ආව එක අපිට සතුටක්
මේ මට ගොඩක් සමීපම සිද්දියක් මල්ලි.. මට මගේ පූජා නැති උනේ පිළිකාව නිසා.. මේ එයාම ඒ ගැන ලියපු පද පේලියක්..
ReplyDeleteඇගිලි තුඩු මානයක මරණය
පෙනි පෙනි මගෙ දෑස් අද්දර
නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
හිතේ ආදරේ වැඩි හින්දම..
ස්තූතියි සඳරු අයියේ...
ReplyDeleteදිනේශ් අයියා: හ්ම්ම්.. පද පේලියනම් ලස්සනයි අයියා... දුක් වෙන්න එපා මේ ලෝකෙ ජීවත් වෙන්න හොද වැඩි අයව ඉක්මනින් එක්කන් යන හින්ද තමයි පූජ අක්කත් ඉක්මනින් ගිහින් තියෙන්නෙ.. කොහෙ හිටියත් එයා ඔයා ගැන බලන් ඇති