Thursday 28 April 2011

අවසානය

මම ආදරයක් හිතේ තියන් විදවද්දී හැමෝම කිවුව ඒ ආදරේට එක කියන්න කියල ඉතින් මන් එහෙම කියන්න පරක්කු කලේ ඒ ආදරේ මගේ හොද යාලුවෙක් වුන හින්ද එත් අන්තිමට මගේ හිතට මන් පැරදුන මම මාර්තු 31 වෙනිදා මගේ ආදරේ කිවුව එත් ඒ ආදරේ සොදුරු විදිහට ප්‍රතික්ෂේප උනා. මට එකට දුකක් නැති උනේ අපේ යාලු කම එයින් නැති වෙන්නේ නෑ කියල කියද්දී..
එත් ඔයාට පුළුවන් උනාද ඒ දේ කරන්න.. ඔයා දැන් මන් එක්ක කතා කරන්නවත් අකමැති නේද?
මම ඔයාට බනින්නේ නෑ එක මගේ වැරැද්ද ඔයාට නිකමටවත් එහෙම හිතෙන්නේ නැතුව ඇති.. දැන් මන් එක්ක කතා නොකරන එකටත් මන් ඔයාට බනින්නේ නෑ...
එත් මේ බ්ලොග් එකේ මන් ලියන හැම දෙකටම මට මාතෘකාවක් උනේ ඔයයි දැන් ඔයා නෑ මට තවත් මේක කරන්න බෑ.... කොහොමත් තව මාස 4 කින් මේ ඔක්කොම ඉවර වෙලා මම මගේ අලුත් ඉලක්කෙට වෙහෙසෙන්න ඕන එක හින්ද මම ඒ මාස 4 කොහොම හරි ගෙවගන්නවා මගේ අලුත් යාලුවත් එක්ක.. 

තව මම මේ බ්ලොග් 1 නවත්තනවා... සමහර විට තාවකාලිකව සමහර විට මේ දේ සදාකාලිකවම වෙන්නත් පුළුවන් සමහරවිට එයා ආයෙ මගෙ යාලුවෙක් වගේවත් මන් ලගට එනකන් වෙන්නත් පුලුවන්.... 

ස්තුතියි හැමෝටම  

Tuesday 26 April 2011

හදවත අහිමි මම

බිඳුණු හිතක් අතැතිව 
කදුළු පිරි දෑසින් 
බැලුවෙමි මම ලොවම, 
හැම දෙයක්ම බොදවී 
වැටුණි මග; ජිවිත ගමනේ 
නැගිටින්නටවත් හිතක් නැතුව 
බොද වුන අනාගතේ දිහා 
තවත් කදුළු වැටෙද්දී බලන විට
අනවසරයෙන් පැමිණි නුඹ 
පිසලුවා කදුළු 
පෙන්නුවා ජීවිතය. 
රැගෙන මගේ බිදුණු සිත 
සාත්තු කල නුඹ
තනිවුන ජිවිතයට දුන්න අරුතක් 
අල්ලාගෙන මාව ගෙන ගිය 
ජිවිත ගමන් මගේ වැටෙන්නට නොදී 





ඒත්...?
හදිස්සියේම අතැර මාව
ගිය නුඹ බොහෝ දුරක් 
ඒත් නුඹට අමතක උනා නේද
දෙන්නට මගේ හිත මට නැවත 
දැන් හිතක් නැති අදමයෙක් ලෙස
මම යමි ජිවිත ගමනේ තනිව 
දැන්...
දුකක් නැත
කදුළු නැත
හිනාවක් නැත 
තරහව පමණයි මුළු දිවියම
ස්තුති ඔබට  
 

Friday 22 April 2011

අහිංසකාවි...

වචනයක් වත් කතා නොකළත් 
නුඹ එදා මගේ දිහා  බලපු විදිහට
මගේ හිත ගැස්සිලා ගියා 
ඒ කතා කරන ඇස් වචන දාහකින් කියන්න බැරි දේවල්   
එක බැල්මකින් කිවුවා 
මම පුදුම උනා...
ඇත්තටම මට තාමත් පුදුමයි...

මම දැක්කා නුඹ මගේ දිහා හොරෙන් බලනවා 
මම එක දැක්කම හොරයක් කරපු පුසී පැටියෙක් වගේ 
නුඹ අහක බලාගත්ත 
නුඹේ කෙහෙරැල් හුළගට අවුල් වෙද්දී 
මට හිතුන ලගට ඇවිත් හදන්න 
එත්..?

මතකද එදා නුඹ මට ටිපි ටිප්  දීපු එක?
එදා ඒ හිනාව මගේ ගිනිගත්ත හිතම සැනසෙවුව
ඒ හිනාව තමයි මම මේ ලෝකේ දැකපු අහිංසකම හිනාව
නුඹ, මට පෙන්න දෙපාරයි හිනාවුනේ 
එත් ඒ හිනාව මගේ මුළු ආත්මයටම කතා කළා 

මම දන්නවා මම නරකයි 
නුඹ මට අහිංසක වැඩියි 
නුඹ මට නංගියෙක් වගේ 
එත් මම...,
නුඹේ හිනාවට, නුඹේ කතාවට, නුඹේ අහිංසක කමට 
මාරම ආදරෙයි   

Thursday 21 April 2011

මැද ලොකු මාළු හාල්මැස්සෝ තෙල් දැමීම




මාරයා අයියයි / පිනිබිඳු අක්කයි සැරෙන් සැරේ එක එක කෑම බීම  හදල ඒවා ගැන විස්තර දාද්දි අපිට ඉන්නත් බෑනේ ඇයි අපිත් දන්නවා කෑම බීම හදන්න ඔන්න බලාගන්න මම හදපු කෑම... මේක ගෙදරදී හදන්න උත්සහ කරන්න හැමෝටම පුළුවන්...

අවශ්‍ය ද්‍රව්‍ය-

හාල්මැස්සෝ 250g (එක ලොකු හාල්මස්සෙක් ඉන්න ඕන)
කෑලි මිරිස් මේස හැදි 5යි   
ලොකු ළුණු ගෙඩියයි 
රම්පෙ කොළ බාගයයි 
කරපිංචා ඉත්තයි 
කැමරාවයි 
ජංගම දුරකතනයයි
ස්ථාවර දුරකතනයයි 
හැන්දයි
පොල් තෙල් මේස හැන්දී 4යි 
අක්කෙක් හෝ අම්මව 

සාදන ආකාරය -

අක්ක හෝ අම්ම හාල්මැස්සෝ එක හදනකන් කුස්සියේ රැදී  සිටින්න.. හදලා ඉවර වේගෙන එද්දී තමන්ගේ ජංගම දුරකතනයෙන් ගෙදර ස්ථාවර දුරකතනයට ඇමතුමක් ලබාගන්න..
පසුව තමන්ම ගිහින් එම ඇමතුමට ප්‍රතිචාර දක්කවන්න.. පසුව එම ඇමතුම අම්මට හෝ අක්කට බව පවසා වහාම කුස්සියට යන්න.. ඉන් පසු කැමරාව ක්‍රියාත්මක කර ලොකු මාලුවව හොයන්න. හොයල හම්බුනාම වහාම මාලුව මැද්දෙන් තියල අනිත් පොඩි මාළු වටෙන් තියන්න හැකි ඉක්මනින් චායාරූප ගත කර වහාම හාල්මැස්සන් තිබු ආකාරයෙන්ම සකස් කර කුස්සියෙන් පැන යන්න

ප්‍රවීන සුප වේදි මාලන්  

Wednesday 20 April 2011

සුරඟන ඇස් 08


සමාව දුන මැන සමාව දුන මැන වරදක් වූවානම්....


මෙන්න පිලිගන්න සුරඟන ඇස් 8...


පරන ඒව මෙතනින්


.................................................................................................................................................................



කිවුවට හිත දෙන්නේ නෑ ඉඹින්න අන්තිමට මම ගැන වැරදියට හිතුවොත්. මම නිකන් ගල් වෙලා වගේ මට මාවම පාලනය කරගන්න බෑ වගේ වෙන කවදාවත් නොවුන විදිහට ඇයි මම මේ ඇස් දෙක ලග අද ගොළු වෙලා ඉන්නේ..? මටම හිතාගන්න බෑ 

"ආව්.." 
"මොකද නහය මිරිකුවේ?"

"මොකද? මොකද කියල අහන්නේ දැන් මන් කොච්චර වෙලාද ඇවිල්ල මොන කල්පනාවකද ඉන්නේ? මොන දිහාද ඔච්චර බලන් ඉන්නේ?"

ඇත්ත නේන්නම් මම මේ ඇස් දෙක දිහා බලන් හිටිය මිසක් මුකුත් කතා කළේවත් නෑනේ දැන් ඉතින් කරන්න තියෙන්නේ හොදට හිනාවෙලා මුකුත් නොවුන වගේ හායි කියන්න තමයි...

"හායි..."

"හායි.. දැන්ද හායි කියන්නේ..?" 
 මේකටත් ඉතින් විරිත්තන්න තමයි තියෙන්නේ වෙන මොනා කරන්නද? 

"මෝඩයා විරිත්තන්න තමයි දන්නේ හැම එකටම"

" ඉතින් මම මොන කරන්නද මම ඔයා එනකන් තමයි බලන් උන්නේ එත් ඔය ඇස් දෙක දැක්කම.."
ආ වැරදි දෙයක් කියවුනද මන්ද.. දැන් ඉතින් අහයි එකටත් දාහක් ඒවා 

" මොනාද මගේ ඇස් දෙක දැක්කම කියල නැවැත්තුවේ" 

"නෑ මුකුත් නෑ"
"දැන් මෙතන හිටගෙන ඉන්නද කල්පනාව?"
මම ඉතින් ලෝකේ කාපු එක හින්ද මේ ප්‍රශ්නාවලියෙන් ගැලවෙන්න හොදම ප්‍රශ්නේ ඉදිරිපත් කළා දැන් ඉතින් ඕකට නෑ කියන්න විතරනේ ඔයාට තියෙන්නේ අනේ මට ඔය ගැන දුකයි කෙල්ලේ.. 

"හ්ම්.. යං.."

"කොහෙද" 

"ගෙදර මිසක් වෙන කොහෙද?" 

අම්මෝ සැර මෙයාගේ...
"ගෙදර යන්න බෑ"

"එහෙනම්?"

"අපි පාක් එකට ගිහින් ටිකක් වෙලා ඉදල යං  "
මොකද මන්ද මට මෙයා ලගදි හුරතල් වෙන්න හිතෙන්නේ මැජික් එකක් වත් කරලද මන්ද මේ ඇස් දෙක මට....

.................................................................................................................................................................................

හ්ම්.. මෙයා මගේ දෙවැනි එක වගේ දැන් කොච්චර වෙලා වෙනවද මෙතනට ඇවිත් තාම වචනයක් වත් කතා කරේ නෑනේ ඔලුව ඇත  ගගා ඉන්නවා 
මට හැමදාම මේ උකුලේ ඔලුව තියන් ඉන්න ඇත්නම්
මෙහෙම හිතුන වර ගැන කොච්චරද කියල මට මතකත් නෑ...
එත් මම වත් නොදන්නා දෙයක් මට වෙනවා කියල මට දැනෙනවා මේ දේ ආදරයද? වෙන්න බෑ මට රිද්දෝපු දෙයකට මම ආයේ ලං වෙන්නේ ඇයි..?
එත් මේ කෙල්ල ලගදි මට මොනාද මේ වෙන්නේ..? අනේ මන්දා... හැමදාමත් මෙතනම තමයි...

"මේලි.."

"ම්...."

"මේ..ලි....."

"ඇයි...?"
අම්මෝ මෙයාට යන කේන්තිය...

"කුකුල් කේන්ති කාරී..., හිනා මව මවම ඉන්න..."
"මේ ඔයාට මතකද අපි මුලින්ම හම්බුන දවස අර මම ඔයාව වැට්ටුවේ.. මම නම් හිතුවේ මට එදා හොදටම බනි කියලා.. ඔය ඇස් දෙක දැක්කම මම හොදටම බය උන එදා... එත් ඒ ඇස් දෙකට අද.."
අපොයි මොනා කියවෙනවද මන්දා.. මෙය මොනාහරි හිතයිද දන්නේ නෑ?

"ඔව් අද මොනාද?"

"නෑ මුකුත් නෑ..."
"අපි දැන් යමුද.."
කිවුවට මට යන්න හිත දෙන්නේ නෑ මම කොමද මේ උකුලෙන් නැගිටින්නේ තවත් මේ උණුහුම විදින්න ආසයි පොඩි එකෙක්ගේ වගේ මගේ ඔලුව අතගවගන්න ආසයි මේ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ආසයි හැමදාම, ඔයා නොදන්නවා උනාට මගේ ජිවිතයේ ගොඩක් වෙනස් උනා මේ ඇස් දෙක හින්දා මේ ඇස් දෙකේ අයිතිකාරී හින්දා ඔයාගේ අහිංසක හීන ලෝකේ හින්දා මට මොනාද වෙලා තියෙන්නේ කියල මම දන්නෙත් නෑ.. එත් මම.. 
අනේ මන්දා මට මොන වෙලාද කියල....

ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙයා නැතුව මට පාටියෙන් වැඩක් තියනවයෑ අහල බලන්න ඕන එනවද කියලා..

"මේලි..."

"ම්.."

"ඔයාට හෙට වැඩක් නෑ නේද?"

"විශේෂයක් නෑ"

"හෙට පොඩි පටියක් තියනව ඔයා එනවද?"

"මොනාටද පාටියක් හදිස්සියෙම"
"මම මෙදා පාර මැච් එක හොදට සෙල්ලම් කරපු හින්දා මව ලොම්බර්දියා වලට තේරුණා ඉතින් මගේ යාලුවෝ පටියක් ඉල්ලනවා ඔයා අනිවාර්යෙන් එන්න ඕන එනවා නේද?"

"වාව් නියමයිනෙ.. මට දැන්ද කියන්නෙ....
මම එන්න බලන්නම්..." 

"දැන් මම කොච්චර පාටි වලට එන්න කිවුවද ඔයා එකකටවත් ආවේ නෑනේ මේකද ජිවිතේ මෙලිසා 
ඔයා මේ පාටීයටනම් අනිවාර්යෙන් එන්න ඕනා.."

"හ්ම්.. මම එන්නම්"

" මගේ හොද කෙල්ල එහෙනම් හෙට 4 වෙද්දී එන්න මම ඔයාව ගන්න එන්නම් ෆාමසිය ලගට,
එනවාමයි නේද?"

"ඔව් ඔව් එනවා"

"එහෙනම් අපි දැන් යන්ද.. ඔයාට ගෙදර යන්නත් පරක්කු වෙනවනේ..."
එහෙම කිවුවට නම් මට නැගිටින්න මොකක්ද වගේ මේ උණුහුම තව විදින්න ආසයි එත් මෙයා ගෙදර යන්න එපෑ...

විහිලු කර කර පිස්සු නට නට කොම හරි මෙලිසත් එක්ක මමත් ඔහොන්ම ගෙදර ගියා.. දැන් ඉතින් අරුන්ට පණිවිඩේ දෙන්න ඕන හෙට පාටිය හරි කියලා... එත් ඇයි මම මෙලිසා එනකන්ම හිටියේ පාටිය දාන්න? අනේ මන්දා ලෝක ප්‍රශ්නයක් තමයි මේක... මේ කෙල්ල මාව පිස්සෙක් කරන්න තමයි මේ යන්නේ... 

Tuesday 19 April 2011

මගේ දුක

කියන්නට මුකුත් නැත 
ලියන්නට මුකුත් නැත
මුල්ලකට වෙලා මම
හිදිමි නෙතු අයාන

නුඹෙන් ඇමතුමක් නැත
කෙටි පණිවිඩයක්ද නැත  
ජංගමය අතට ගෙන
බලා හිදිමි මම, තවම
  
කියන්නට කෙනෙකු නැත 
ලියන්නට පතක් නැත
අතට අහුවුන යතුරු පුවරුවේ 
කොටමි මගේ දුක, මෙලෙස

-හිතක් ඇත්තෝ බලත්වා-


  

Saturday 16 April 2011

මම කවුද?

ඇත්තට මම කවුද?
මම දන්නෙත් නෑ..
ඇයි මම ජිවත් වෙන්නේ..
එකත් දන්නේ නෑ..

මම මොනාද කරන්නේ
මම මොනාද කරන්න ඕනේ 
මම මොකටද ඉපදුනේ 
මොනාද මන් වටේ තියෙන්නේ 
ලොකු ප්‍රශ්නයක් 
උත්තරයක් නැති. 
කොච්චර හිතුවත් 
හැමදාම එකම තැන පල්වෙන 
ප්‍රශ්නයක්

මොකක්ද මේ ජීවිතය,
උත්තරයක් තියනවද?
තියනවනම් මටත් කියන්න

 
-තරු පිරුන විශ්වයේ තනිව ඉපිද ජීවිතය සොයන මම-

Thursday 14 April 2011

කොහොමද?

නුඹත් එක්ක තනි වෙන්නට
මැවූ සිහින බොද වෙනකොට 
කොහොමද මම තව දුරටත්
ජිවත් වෙන්නේ...?

නෙඹේ මිහිරි සිනාව මට
තව දුරටත් නෑසෙන විට
කොහොමද මම තව දුරටත් 
නොඅඩා ඉන්නේ...?

නුඹේ පුංචි ඇස් දෙක මට
පුංචි කතා නොකියන විට 
කොහොමද මගේ පාලු හිතින් 
පද මුමුනන්නේ...?

-නුඹෙන් පිළිතුරක් බලාපොරොත්තු වන මම-


 

Wednesday 13 April 2011

ස්තූතියි

එත්... 
මම ඔයාට හැමදාම වගේ ආදරෙයි
ඔයා මොනා කිවුවත්
කොච්චර මගේ හිත රිදුනත්
ඔයාට දැනෙන්නේ නැතුව ඇති 
ඒ ඔයා ලග ගොඩක් අය ඉන්න හින්දා
එත් මම තනියම
මගේ තනිකම එක පුංචි බලාපොරොත්තුවක් තියන් 
මාව ජිවත් කරනවා 
ඒ පුංචි බලාපොරොත්තුව ඔයා 
ඔයාට නොතේරුනාට.
 
ස්තූතියි ලගින් ඉන්නවට..
ගොඩාක් ස්තූතියි...

Tuesday 12 April 2011

ඒත්...

හිතට දුකයි කවදාවත් නොවුන විදිහට 
ඇයිද කියන්න හරි හමන් හේතුවක් දන්නෙත් නෑ 
එත් මහා පාළුවක් දැනෙනවා 
මහා තනිකමක් මාව වහගෙන වගේ 
එක වචනයක් මට මෙච්චර දෙයක් කරයි කියල මම නම් හිතුවෙවත් නෑ 
එත් දැන් ඒ දේ වෙලා 
මම තනි වෙලා කවදාවත් නොහිතපු විදිහට 
කියන්න දේකුත් නෑ 
මුකුත් ලියවෙන්නෙත් නෑ හිත හිරවෙලා
තනිවෙලා
මහා හිස් කමක් 
මහා පාළුවක් 
වචන නෑ ලියන්න 
මට මොකද උනේ කියල 
එත්....

Monday 11 April 2011

ඇයි අම්මි?

මම ආසයි ඔය පපුවට තුරුල් වෙන්න
ආදරෙන් මගේ ඔලුව අතගාවගන්න
මගේ නළලට උම්මා ගන්න
ආදරෙන් හුරතල් වෙන්න

එත් මම එච්චර වාසනාවන්ත නැද්ද?
ඇයි මාව හුරතල් කරන්නේ නැත්තේ?
ඇයි මාව බදාගන්නෙ නැත්තේ?
මම එච්චරටම අවාසනාවතද?

මොනා උනත් මම අම්මිගේම පුතා නේද?
මම වැරද්දකින් ඉපදුනත් මම අම්මිගේම නේද?
ඇයි ඒ දේ පිළිගන්නේ නැත්තේ අම්මි
ඇයි මාව ඕන නැත්නම් මට මේ ජිවිතේ දුන්නේ?
ඇයි අම්මි?



තම අඩන දරුවාව සනසවන්නේ නැතුව දුරකතනයේ එල්ලි සිටි මවක් දැකීම නිසා සිතට නැගුන සිතිවිල්ලක්

Thursday 7 April 2011

??????

පාවෙන්න ආසයි 
හැමදේකින්ම ඈතට පියබලා යන්න 
කවුරුත් නැති කව්රුවත් එන්නැති මගේම ලෝකෙකට 
ඈත්වෙලා ඉන්න ආසයි හැමදේකින්ම 
හිස් වෙන්න, කිසි දෙයක් නැති හිස් මනසක් හදාගන්න 
කාටවත්ම මට කරදර කරන්න බැරි වෙන්න 

පියබන්න නිල් අහස පුරාම
කිමිදෙන්න මහා සාගරයේ පතුලටම 
තරු අතරේ පාවෙන්න 
බිදුන මගේ හිත කෑලි කරලා  හංගන්න 
ඈත තියන තරුවක 
සාගරයේ ගැඹුරුම තැනක
අහසේ තියන උසම තැනෙ
කාටවත්ම ආයේ හදන්න බැරිවෙන්න
හොයාගන්න බැරිවෙන්න 
හිතක් නැති කාලකන්නියෙක් වගේ ජිවත් වෙන්න  
තනියම....

-ස්තුතියි ඔබට-

Wednesday 6 April 2011

මගේ කුමරියේ




හිරු බහින සැදෑවක
නූඹේ අතින් අල්ලගෙන
සුදු පාට රැලි වැටුන 
වෙරළේ පියමන් කරන  
ඒ හීනෙ මගේ ඇස්
ඉදිරි පිට බොද වෙද්දී 
මම කොම ඉවසන්නේ 
කියන් මගේ කුමරියේ 

මම වැරදි බව දනිමි 
නුඹ හරිද මම නොදනී 
නුඹ කීව ලෙසට මම 
පැවසුවා නොවෙද? ඇයි, 
ඉතින් නුඹ මාව තව  
මේ ලෙසින් රිදවන්නේ 
සොයුරියක විලසවත් 
ඉදින් මගේ කුමරියේ 

Monday 4 April 2011

සුරඟන ඇස් 07

සමාවෙන්න පරක්කු වුනාට.. මේක ඉක්මනින් ඉවර කරන්නයි දැන් හිතාන ඉන්නේ විභාග ටිකත් ඉවර හින්දා දැන් ඉක්මනට ලිවුවෑකි.. නැවතත් සමාව ඉල්ලනවා...
කට්ටියට අමතක නම් මෙතනින් ගිහින් පරන එව බලන්න

.................................................................................................................................................................



හපොයි මේ උදේ පාන්දර කවුද කෝල් කරන්නේ.. මිනිස්සු නිදා ගන්නේ නැද්ද?

"හෙලෝ... ක්‍රිස්ටියන් ඔයාට දැන් කෝමද?"

ආ... මේ මෙලීසනේ

"හොදයි දැන් ප්‍රශ්නයක් නෑ"

"අද මැච් නේද යන්නේ නැද්ද?"

හපොයි අද මට මැච් නේද? හොද වෙලාවට මතක් කලේ නැත්නම් අනාතයි...

"යනවා යනවා මම මේ ඇදගෙන ඉන්නේ තව ටිකින් යනවා"

"ඇදගෙන ඉන්න බව තේරෙනවා කතා කරන විදිහෙන්ම, ඉක්මනට ඇදගෙන යන්න පරක්කු නොවී"

හොද වෙලාවට මෙයා කතා කලේ නැත්නම් ඉතින් අනාතයි.. දඩස් ගා ඇද්ගෙන දුවගෙන මෙන් මම යන්නට විය. වෙනදා මම යන වෙලාවට වඩා අදනම් හොදටම පරක්කු වී ඇත. අදනම් මෙලීසා යන්න ඇති අපරාදේ උදෙන්ම ඒ මූන බලාගන්න තිබ්බ චාන්ස් එකත් නැති උනානේ... කෝමහරි වෙනදා වෙලාවට වඩා යන්තම පැය බාගයක් විතර පරක්කු වෙලා මම පුරුදු පාරෙන් පිට්ටනියට යන්නට හැරුනෙමි.. පුදුමයකි මෙන්න මෙලීසා මං දිහා බලාගෙන හිනා වෙනවා...මෙයා අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද. දැන් හොදටම පරක්කු වෙලානේ...

"ගුඩ් මෝනින්ග්, අද ඉස්කෝලෙට යන්නේ නැද්ද?"

"ගුඩ් මෝනින්ග්, යන්න තමයි ආවේ ඒත් මේ උදෙන්ම ඇදගෙම මගේ යාලුවෙක් මැච් එකකට යන්න යනවා කිවුවනේ. ඉතින් යාලුවට විශ් කරන්න මම මේ බලාගෙන ඉන්නේ"

හපොයි.. මෙන්න මෙයා මම එනකන් මෙතන ඉදලා.. පිස්සු නැත්නම් ශෝක්.. මොනා කරන්නද ඉතින් දත් 32ම පෙන්නලා හොදට හිනාවෙන ගමන් ඔලුව කසන්න තමයි මේ වගේ වෙලාවල් වලදි කරන්න පුලුවන් හොදම දේ...

"හරි ඉතින් පොඩ්ඩක් පරක්කු උනා තමයි, ඒත් ඔයාට ඉස්කෝල්ට යන්න තිබ්බනේ"
ඈ සමග කතාවට වැටී යන ගමන් මම කිවුවෙමි. එහෙත් ඇගෙන් කිසි ප්‍රතිචාරයක් නැත.. හාකෝ හාකෝ...
"මට සමාවෙන්න, අනිත් දවසේ මං එනකන් බලාගෙන ඉන්න එපා ඔයාගේ පාඩම් පාඩු වෙනවනේ"
"හ්ම්... අනිත් දවසේ පාඩම් පාඩු වෙන්නේ නෑ, මම ඔයා එනකන් බලාගෙන ඉන්න එක නවත්තන්නෙත් නෑ ඔයා වෙලාවට වැඩ කරනවා ඒක තමයි වෙනස් වෙන්නේ"
මලා මෙන්න බොලේ මෙයා මට නීති දානවා... ඒකත් හාකෝ...

............................................................................................................

කෝමින් කෝම හරි මට වැඩියේ හොදට සෙල්ලම් කරන්න හම්බුනේ නම් නෑ අද... මොනා කරන්නද. ගෝල් 3ක් ගහගත්තෙත් බෝම අමාරුවෙන් ඒක හින්දා උඩින්ම මාව ලොම්බාර්දියා ටීම් එකට තේරුනාද මංදා.. ඉතින් මොනා කරන්නද? මගේ යක්ස යාලුවෝ රෑනට පුන්චි පහේ පාටි කෑල්ලකුත් ඕනා කිවුව හින්දා මුන්ව රවට්ටන්න කියලා හිතාගෙන රෑ වෙලා ක්ලබ් යන්නට හිතුවෙමි.. ගෙදට ගොස් මහන්සි යන්න හොදට ඇග පත සෝදා බඩ උතුරන්නම තියන ජාති ඔක්කොම අනුභව කලෙමි... හවස 5 පනින්න හම්බුනේ නෑ මුන් සෙට් එක කවදාවත් නැතුව මාව ඇදගෙන යන්නට ගෙදරටම ඇවිල්ලා... අනේ මට තියන ආදරයක් මුන්ගේ.. කෝම හරි බීලා නටලා කරන්න තියන පිස්සු ඔක්කොම කරලා මම ගෙදරට ආවා...

හුටස් මෙන්න බොලේ ෆෝන් එකේ මිස්ඩ් කෝල් 13ක්.. කවුද මට මෙච්චර කතා කරන්න ඉන්නේ?
මෙලීසාගෙන්.. හපොයි මට කතා කරන්න අමතක උනානේ... දැන් මොකද කරන්නේ.. මේ වෙලාවේ මනුස්සයෝ නිදාගන්න හින්දා ඉතින් කරන්න තියෙන්නේ සමාව භාජනේක දාලා මැසේජ් එකක් යවන එක තමයි..
මැසේජ් එක යවා හැරෙන්නටත් ප්‍රතම හැරෙන තැපෑලෙන් පිලිතුරු ලැබිනි...
ම්හු.. වචනෙකින්වත් බැනලා නෑ.. අනේ හරි හොදයි...
කෝමින් කෝම හරි මැසේජ් කිරිල්ල මට නින්ද යනකන්ම බලපැවැත්තුනා.. ඒත් කමක් නෑ කියමුකෝ....

ප්‍රැක්ටිස් කිරිල්ලත් මාසයක් පමන නැති හින්දා දැන් ඉතින් හොදට පිස්සු නට නට හිටියැකි.. එත් එතකොට කොහොමද මෙලිසව දකින්නේ.. ප්‍රශ්න පත්තරයයි එකටත් මොනා හරි කරන්න වෙනවා දැන්.. එත් ඇයි මම මෙලිසව දකින්නේ..? අනේ මන්දා මොනා වෙලාද කියලා මට..

.........................................................................................................
කොහොම හරි පහු වෙනිදා මම මෙලීසව බලන්න කියලා ගියා වෙන කවදාවත් නැති තරම් පිලිවලකට.. මට මොනා වෙනවද කියලා මම වත් දන්නේ නෑ... ඉස්කෝලේ ඇරෙන වෙලාව කිට්ටු කරලා ගිහින් ඒ ලස්සන ඇස දෙක දකින්න වෙන කවදටවත් වඩා නොඉවසිල්ලෙන් හිටියා.. ඈත ඉදන්ම මාව හොයා හොයා ඔලුව කරකො කරකෝ එද්දී මට පවු කියලත් හිතුනා.. මේ කෙල්ල මට මොනාද කරලා වගේ මට අද හරි අමුතුයි.. එන්නකෝ ලගට අද කරන්නම් හොද වැඩක්.. 

අද නම් නිකන් වෙනදට වඩා හිමින් වගේ එන්නේ.. මොකද මන්දා..?
"හායි.."
මෙලීසා වෙනද වගේම අත වනාගෙන මන් ලගට ආවත් වෙනද වගේ මට හායි කියන්නත් අමතකයි වගේ මේ ලස්සන ඇස දෙක මට මොනා හරි කරලා වගේ.. ඉඹින්න ආසයි මේ හුරතල් කම්මුල.. මොනා හිතුවත් කරන්න දෙයක් නැ අද නම් ඉඹිනවමයි...

තවම

හිතයි තනි වෙන්න,
ඈත් වෙන්න හැම දේකින්ම
කවදාවත් හීනෙකින්වත් නොහිතපු විදිහට,
හැමෝගෙන්ම ඈත් වෙන්න..,
රිදවගන්න මටම
කලකිරිලා මම මං ගැනම
ඇයි..?
හේතුව...?
නොදනිමි තවම මම..
සොයමි මම මට සිදුවූ දෙය
තවම

Sunday 3 April 2011

අහිමි කවිය නුඹම විය



සද නොමැති රාත්‍රියක, 
ඝන අදුරේ මම තනිව 
නුඹ ගැනම හිතන විට 
නෙතු හඩයි මට හොරෙන්

හිරි වැටුන මගේ හිත 
නුඹ ගැනම හිතන විට 
ඒ හිරිය මගේ ඇග
පොඩි කරයි නොදැනීම

කිසි දිනක කදුළු බිදු 
නොවැටුණු ඇස් අගින් 
අද වැටෙයි කදුළු බිදු
නුඹ අහිමි බව දැනී

- අහිමි බව දැන දැනම නුඹට පෙම් බදිනා මම-
   

Saturday 2 April 2011

සුරඟන ඇස්

කට්ටියට මතකද අර මොන ඇස් ද මන්දා කතාවක් ගෙනාව මම ඔන්න එක මේ සතියෙන් ඉවර කරන්නයි යන්නේ.. සුදානම් වන්න අද 7


සුරඟන ඇස්

Friday 1 April 2011

මගෙ සඳ



පුංචි කොල්ලෙක් මම 
සදුට ආදරේ කරන 
එත් සද මට ගැලපෙනවද?
මම ඒ ගැන දන්නේ නෑ
මම ආදරෙයි...
ඒත් සදට කවුරුත් නෑ කියලනම් දන්නවා
දැන් ඉතින් ඉවසන්න තමයි තියෙන්නේ 
එක්කෝ මම මගේ සද ලගට එනවා 
නැත්නම් මම සද  මගේ ලගට ගන්නවා 
මොකද කියන්නේ...?