කියන්නට මුකුත් නැත
ලියන්නට මුකුත් නැත
මුල්ලකට වෙලා මම
හිදිමි නෙතු අයාන
නුඹෙන් ඇමතුමක් නැත
කෙටි පණිවිඩයක්ද නැත
ජංගමය අතට ගෙන
බලා හිදිමි මම, තවම
කියන්නට කෙනෙකු නැත
ලියන්නට පතක් නැත
අතට අහුවුන යතුරු පුවරුවේ
කොටමි මගේ දුක, මෙලෙස
-හිතක් ඇත්තෝ බලත්වා-
අනේ මන්දා. තනි හිතෙන් ආදරේ කර කර දුක් විඳිද්දි අපි බැන්නා හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කෙල්ලට කියපන් කියලා. දැන් කෙල්ලට කිව්වට පස්සෙ උඹ ඊට වැඩිය දුක් විඳිනවා. මට කියන්න දෙයක් නෑ මල්ලි. දුකයි. හිතෙන් අත ඇරල දාපන් කියල කියන්නෙ කොහොමද. උඹ ඊට වැඩිය දුක් විඳියි.
ReplyDeleteහිත් වලට මේ තරම් දුක් දෙන්න දෙවියෝ මොකට ආදරය කියල දෙයක් මැව්වද මන්දා...~x(
ReplyDeleteබලපන් පෝන් එක ඔන් එකේද කියල..?? 8-)
ReplyDeleteආදරය දුකක් නම් නෙමේ.. එක විදින්න හා විදවන්න හේතු වෙන්නෙත් අපිමයි...
ReplyDeleteඑක මාලුවද බන් මුලු මුහුදටම ඉන්නේ.සමහරවිට උබට ඔයිට වඩා හොද එකක් සෙට්වෙයි .
ReplyDeleteමාත් කියන්නෙ තව බලාහිදින්න කියල,
ReplyDeleteane huke nannannee =))
ReplyDeleteඅනේ මගෙ කට . . ඔය කියන අපි ආදරය විඳින්නත් උදව් කරානම් . . . මාර්ලන් මට මළ පනිනවා ඕයි . . .මේ මාව මිණිමරුවෙක් කරගන්න එෆා කියනවා .
ReplyDelete#%$^#&#^%$^^# !!!!!
බලා හිදිමි මම
ReplyDeleteනුඹේ හඩ සවනත
වැටෙන තුරාවට
බිදලා පාළු බව..
නුඹට දැනෙනවද
හිත කතාකරන හඩ
දැන්වත් ඇවිත් විගහට
අමතනවද නුඹ මාව..
කියන්න දුක
ReplyDeleteහඟවන්න හද
පතුරන්න හඬ
අඩුවේවි හිතේ බර...
මගේ දුක බලන්න ආව හැමෝටම පින්,,,,
ReplyDeleteපිනිබිඳු අක්කා: තනිකම ජීවිතය වෙච්ච මට මේ දුක කජ්ජක්ද අක්කේ....?
ReplyDeleteතාරා: ඒ ආදරයම ඒ හිත් සනසන හින්දයි
පොඩි එකා: ඔව් බං ෆෝන් එක ඔන්
නිම්ශා නංගි: හ්ම්... ඔව් ඔව්
රජිත්: එහෙම බෑනෙ බං මුහුදෙ මාලු හුගක් හිටියට හිත යන්නෙ එක මාලුවෙක්ටනෙ... හම්බුනත් නැතත් එයා මගේ.... ලගින් හිටියත් නැතත් එයා මගේ....
ඇනෝ: ස්තූතියි
වල් කිටී: කූල් ඩවුන් කූල් ඩවුන්.... වඩියෙ වස වෙන්න එපා
දිනේශ්/ හිරණ්‍ය: ස්තූතියි
ඉවසපං කොල්ලෝ .... කෙල්ලෝ ඔහොම්මයි ..ඉවසලා බලමු තව ටිකක් ..
ReplyDeleteජයම වේවා !! මචං
ඔව් ඔව් සඳරු අයියේ ඉවසලා බලනවා....
ReplyDeleteදුක බලන්න එන්න පරක්කු වුනා අය්යේ.............
ReplyDeleteඔහොම උනා කියලා ඉතින් එච්චර හිත නරක් කර ගන්ට එපා....පොඩ්ඩක් ඉවසලා බලමු.........
චුට්ටක් ඉවසලා බලමු මලේ. අර කතාවටත් කියනවනේ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා.
ReplyDeleteඔව් ඔව් අපි බලමු..
ReplyDeleteසමාවෙන්න..., ඇත්තමයි
ReplyDeleteමම හිටියෙ ගොඩක් දුකින්
හිතුවෙ නැති විදිහටයි උනේ...
දන්නවනම් මං ගැන හරියට මට සමාවෙන්න... :(
මමත් කියන්නේ ටිකක් ඉවසලා බලන්න කියලා. හම්බවෙන්න තියෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. නැත්නම් ඉතින් දුකින් මැරුණත් හම්බවෙන්නේ නැති දේ හම්බ වෙන්නේ නෑමයි. ඒක නිසා ටිකක් ඉවසලා බලන්න. නැත්නම් ඉතින් අමාරුවෙන් හරි හිත හදා ගන්න වෙනවා මලයෝ....
ReplyDeleteසඳලි/ කොජි අක්කා: හාකෝ හාකෝ ඉවසලා බලමු එහෙනම්.....
ReplyDeleteසබද වැහි වැටෙන හැන්දෑවේ
ReplyDeleteවැලපෙන හද මඩලේ
දුක් සුසුන් වැල් පිටින්
මා හදට මුසුවුණා
යළිඑන බව කියා
යන්න යන්නෙමි මා......
චතුර මධුශංඛ