Sunday 7 September 2014

සුභ ගමන්

නුඹ,
බිඳුන සිත
පලුඳු නැතිව
දිලිසෙන්න
ලස්සනට
ආදරෙන් හදලා
කාටවත්ම
හදන්න බැරි වෙන්න
ගැසුවේ ඇයි
මහා කලු ගලක
බිදිලා යන්න
තිබුනටත් වඩා
කුඩා අංශු වලට,
ඒ බිදුන
අංශුවක්, අංශුවක් ගානේ
තියෙන්නේ
මගේ අසරන කම මිසක්
පලිගැනීම නොවෙයි