Tuesday 19 April 2011

මගේ දුක

කියන්නට මුකුත් නැත 
ලියන්නට මුකුත් නැත
මුල්ලකට වෙලා මම
හිදිමි නෙතු අයාන

නුඹෙන් ඇමතුමක් නැත
කෙටි පණිවිඩයක්ද නැත  
ජංගමය අතට ගෙන
බලා හිදිමි මම, තවම
  
කියන්නට කෙනෙකු නැත 
ලියන්නට පතක් නැත
අතට අහුවුන යතුරු පුවරුවේ 
කොටමි මගේ දුක, මෙලෙස

-හිතක් ඇත්තෝ බලත්වා-


  

21 comments:

  1. අනේ මන්දා. තනි හිතෙන් ආදරේ කර කර දුක් විඳිද්දි අපි බැන්නා හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කෙල්ලට කියපන් කියලා. දැන් කෙල්ලට කිව්වට පස්සෙ උඹ ඊට වැඩිය දුක් විඳිනවා. මට කියන්න දෙයක් නෑ මල්ලි. දුකයි. හිතෙන් අත ඇරල දාපන් කියල කියන්නෙ කොහොමද. උඹ ඊට වැඩිය දුක් විඳියි.

    ReplyDelete
  2. හිත් වලට මේ තරම් දුක් දෙන්න දෙවියෝ මොකට ආදරය කියල දෙයක් මැව්වද මන්දා...~x(

    ReplyDelete
  3. බලපන් පෝන් එක ඔන් එකේද කියල..?? 8-)

    ReplyDelete
  4. ආදරය දුකක් නම් නෙමේ.. එක විදින්න හා විදවන්න හේතු වෙන්නෙත් අපිමයි...

    ReplyDelete
  5. එක මාලුවද බන් මුලු මුහුදටම ඉන්නේ.සමහරවිට උබට ඔයිට වඩා හොද එකක් සෙට්වෙයි .

    ReplyDelete
  6. මාත් කියන්නෙ තව බලාහිදින්න කියල,

    ReplyDelete
  7. ane huke nannannee =))

    ReplyDelete
  8. අනේ මගෙ කට . . ඔය කියන අපි ආදරය විඳින්නත් උදව් කරානම් . . . මාර්ලන් මට මළ පනිනවා ඕයි . . .මේ මාව මිණිමරුවෙක් කරගන්න එෆා කියනවා .
    #%$^#&#^%$^^# !!!!!

    ReplyDelete
  9. බලා හිදිමි මම
    නුඹේ හඩ සවනත
    වැටෙන තුරාවට
    බිදලා පාළු බව..

    නුඹට දැනෙනවද
    හිත කතාකරන හඩ
    දැන්වත් ඇවිත් විගහට
    අමතනවද නුඹ මාව..

    ReplyDelete
  10. කියන්න දුක
    හඟවන්න හද
    පතුරන්න හඬ
    අඩුවේවි හිතේ බර...

    ReplyDelete
  11. මගේ දුක බලන්න ආව හැමෝටම පින්,,,,

    ReplyDelete
  12. පිනිබිඳු අක්කා: තනිකම ජීවිතය වෙච්ච මට මේ දුක කජ්ජක්ද අක්කේ....?

    තාරා: ඒ ආදරයම ඒ හිත් සනසන හින්දයි

    පොඩි එකා: ඔව් බං ෆෝන් එක ඔන්

    නිම්ශා නංගි: හ්ම්... ඔව් ඔව්

    රජිත්: එහෙම බෑනෙ බං මුහුදෙ මාලු හුගක් හිටියට හිත යන්නෙ එක මාලුවෙක්ටනෙ... හම්බුනත් නැතත් එයා මගේ.... ලගින් හිටියත් නැතත් එයා මගේ....

    ඇනෝ: ස්තූතියි

    වල් කිටී: කූල් ඩවුන් කූල් ඩවුන්.... වඩියෙ වස වෙන්න එපා

    දිනේශ්/ හිරණ්ය: ස්තූතියි

    ReplyDelete
  13. ඉවසපං කොල්ලෝ .... කෙල්ලෝ ඔහොම්මයි ..ඉවසලා බලමු තව ටිකක් ..

    ජයම වේවා !! මචං

    ReplyDelete
  14. ඔව් ඔව් සඳරු අයියේ ඉවසලා බලනවා....

    ReplyDelete
  15. දුක බලන්න එන්න පරක්කු වුනා අය්යේ.............
    ඔහොම උනා කියලා ඉතින් එච්චර හිත නරක් කර ගන්ට එපා....පොඩ්ඩක් ඉවසලා බලමු.........

    ReplyDelete
  16. චුට්ටක් ඉවසලා බලමු මලේ. අර කතාවටත් කියනවනේ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා.

    ReplyDelete
  17. ඔව් ඔව් අපි බලමු..

    ReplyDelete
  18. සමාවෙන්න..., ඇත්තමයි
    මම හිටියෙ ගොඩක් දුකින්
    හිතුවෙ නැති විදිහටයි උනේ...
    දන්නවනම් මං ගැන හරියට මට සමාවෙන්න... :(

    ReplyDelete
  19. මමත් කියන්නේ ටිකක් ඉවසලා බලන්න කියලා. හම්බවෙන්න තියෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. නැත්නම් ඉතින් දුකින් මැරුණත් හම්බවෙන්නේ නැති දේ හම්බ වෙන්නේ නෑමයි. ඒක නිසා ටිකක් ඉවසලා බලන්න. නැත්නම් ඉතින් අමාරුවෙන් හරි හිත හදා ගන්න වෙනවා මලයෝ....

    ReplyDelete
  20. සඳලි/ කොජි අක්කා: හාකෝ හාකෝ ඉවසලා බලමු එහෙනම්.....

    ReplyDelete
  21. සබද වැහි වැටෙන හැන්දෑවේ
    වැලපෙන හද මඩලේ
    දුක් සුසුන් වැල් පිටින්
    මා හදට මුසුවුණා
    යළිඑන බව කියා
    යන්න යන්නෙමි මා......

    චතුර මධුශංඛ

    ReplyDelete