Sunday 31 May 2015

වෙනස


පවුල
රැක ගන්න, 
කන්න දෙන්න 
උදේ ඉදන් 
රෑ වෙනකන් 
ගිනි අවුවේ 
තාර පොලවේ 
පිච්චි පිච්චි 
හෙලන දහඩිය

shape
figure එකට 
healthy
body එකට
fat
burn වෙන්න 
තණ පලසේ 
තුරු සෙවනේ 
සවස පැයකට
හෙලන දහඩිය

Thursday 26 February 2015

කිරිල්ලිය

මා පිය තුරුලේ
හැදුනු
පුංචි කිරිල්ලිය නුඹ
නොදුන්නේ සිත
රැගෙන යන්නට
රිදවයි කියා
බිය වූ නිසයි මම

මා පිය තුරුලේ
වැඩුන
අහිංසක කිරිල්ලිය නුඹ
රිදව ගත්තත් සිත
නොරිදවුයේ
අවිහිංසක කමට

මා පිය තුරුලේ
හැදුන
හැඩකාර කිරිල්ලිය නුඹ
විච්චූරණ නැති
සරල මනහර

මා පිය තුරුලේ
වැඩුන
ආදරබර කිරිල්ලිය නුඹ
නුඹටත් හොරෙන්
ආදරයක පැටලුනු

සුභ පැතුම් නුඹට
පියබන්නට පරිස්සමට
ආදරබර අහසෙහි
නිමක් නොපෙනෙන
ඉමක් සොයාගෙන