Thursday 23 August 2012

වරද

ඔහු..,
දියනියගේ බඩගින්න නිවන්නට
"හොරෙන්" අරගත්
රුපියල් දහස නිසා
පොලිසියෙන් ගුටි කා
අද සිරගෙදරය

එතුමා..,
තම පුතුට
සැප රියක් අරන් දීමට
ජනතාවට "පාඩු" කල
රුපියල් මිලියන සියය නිසා
පොලීසියෙ ආචාර මැද
අද නම්බුනාම ලබයි

එකම වරදය
දඩුවම වෙනස්ය
වැරදිකරුවෙක් බුහුමන් ලබන විට
අනිකා සිරගෙදරය

වරද එතනමය