මාරයා අයියයි / පිනිබිඳු අක්කයි සැරෙන් සැරේ එක එක කෑම බීම හදල ඒවා ගැන විස්තර දාද්දි අපිට ඉන්නත් බෑනේ ඇයි අපිත් දන්නවා කෑම බීම හදන්න ඔන්න බලාගන්න මම හදපු කෑම... මේක ගෙදරදී හදන්න උත්සහ කරන්න හැමෝටම පුළුවන්...
අවශ්‍ය ද්‍රව්‍ය-
හාල්මැස්සෝ 250g (එක ලොකු හාල්මස්සෙක් ඉන්න ඕන)
කෑලි මිරිස් මේස හැදි 5යි
ලොකු ළුණු ගෙඩියයි
රම්පෙ කොළ බාගයයි
කරපිංචා ඉත්තයි
කැමරාවයි
ජංගම දුරකතනයයි
ස්ථාවර දුරකතනයයි
හැන්දයි
පොල් තෙල් මේස හැන්දී 4යි
අක්කෙක් හෝ අම්මව
සාදන ආකාරය -
අක්ක හෝ අම්ම හාල්මැස්සෝ එක හදනකන් කුස්සියේ රැදී සිටින්න.. හදලා ඉවර වේගෙන එද්දී තමන්ගේ ජංගම දුරකතනයෙන් ගෙදර ස්ථාවර දුරකතනයට ඇමතුමක් ලබාගන්න..
පසුව තමන්ම ගිහින් එම ඇමතුමට ප්‍රතිචාර දක්කවන්න.. පසුව එම ඇමතුම අම්මට හෝ අක්කට බව පවසා වහාම කුස්සියට යන්න.. ඉන් පසු කැමරාව ක්‍රියාත්මක කර ලොකු මාලුවව හොයන්න. හොයල හම්බුනාම වහාම මාලුව මැද්දෙන් තියල අනිත් පොඩි මාළු වටෙන් තියන්න හැකි ඉක්මනින් චායාරූප ගත කර වහාම හාල්මැස්සන් තිබු ආකාරයෙන්ම සකස් කර කුස්සියෙන් පැන යන්න
ප්‍රවීන සුප වේදි මාලන්
එළ එළ...ඉතිං අර
ReplyDelete"කෑලි මිරිස් මේස හැදි 5යි
ලොකු ළුණු ගෙඩියයි
රම්පෙ කොළ බාගයයි
කරපිංචා ඉත්තයි" ඒවා මොකටද..?
:)] :)):))
ReplyDeleteඇයි කොස්සක් ඕනෙ නැද්ද? අම්මාගෙන් ගුටි කන්න.
ReplyDeleteනියම කෑම හැදිල්ල්ක් තමා. උදෙන් පිණිබිදු ගෝවා මල් හැදුවා දැන් මල්ලි හාල් මැස්සෝ කරියක් හදනවා. එල එල මල්ලි. මාරම රහයි ගුටිත් එක්ක හාල් මැස්සෝ කද්දි මර රහක් ඇති නේ ???
ReplyDeleteමාරයා අයියා: ඒව මං හිතන්නෙ අරකට ඒව ටික දැම්මා..
ReplyDeleteඅනෝ: =))
පිනිබිඳු අක්කා: නෑ අක්කනෙ හැදුවෙ ඒක හින්දා වැඩෙ ශේප්
මදුරංග අයියා: පිනිබිඳු අක්කගෙ කෑම මේවත් එක්ක බලද්දි මොනාද? හදපු විදිහටම හිතාගත්තෑකිනෙ මට කෝම දක්ශතාවයක්ද තියෙන්නෙ කියලා
මේක දැක්ක වෙලාවේ ඉඳන් හාල්මැස්සන් කන්ට පුදුම ආසාවක් ඇතිවෙලා තියෙන්නේ. ගේ ගිනි ගනී කියන බයට ගමට යනකල් ඉන්නවා. නැත්නම් ඕන කරන අමුද්‍රව්‍ය නම් ලෑස්ති.
ReplyDeleteඕකට ලුනු දැම්මෙ මම.. ඒක හින්දා රසට තියනවා...
ReplyDelete:-O
ReplyDelete8-}
ReplyDeleteමම අහලා තියන පට්ටම කෑ ම හැදිල්ල ලේසිය් ඉක්මන් නේ........
ReplyDeleteඑල... දැන් ඕකට අපිම මහන්සි වෙන්න ඕන නෑනේ... අම්මා හදපු එකක් උනත් අපිට් අපුළුවන්නේ " මැද ලොකු මාළු හාල්මැස්සෝ තෙල් දාන " විදිහට හදන්න.. ඇයි ලොකු මාළුවා තෝරන එකනේ කලයුතුම වැඩේ...
ReplyDeleteආයෙත් අහලා බීටෝ.... ඕක ප්‍රගුන කරගනින් මාරම ලේසී...
ReplyDeleteදිනේශ් අයියා: ඔව් ඔව් ඒක තමයි වැදගත්ම වැඩේ.. නැත්නම් ඔක්කොම ඉවරයි
බොලා වගේ පුත්තු අම්මලට බිරින්දන් ට සදා වාසනාවන්!
ReplyDeleteපොඩි කාලෙම මන් දැනගත්තා උබ දවසක තැනකට එයි කියලා,, පට්ට සීන් 1 බන් මලු :))
ReplyDeleteඔවා කරන් ගිහින් අම්මේ ගුටි කන් වෙයි..අනික ඔහොම වත් කුස්සියට නම් මම යන් නැ..අපෝ..ගියොත් බෙරෙන් බැ...
ReplyDelete:)) :)) :))
ReplyDeleteසංජු අක්කා: ඔව් ඔව් මම ඇවිල්ලා ලෝකෙටම එකයි...
ReplyDeleteගෞතම්: හි හී =))
නිම්ශා: හොර කෙල්ලෝ....
රොබින්: 8-}
අදනේ මරුම රෙසිපිය හම්බ උනේ, මේක හොදා ඔක්කොටෝම වැඩිය.
ReplyDeleteඒකනේ... ඕවා හැමෝම කියල දෙන්නෙ නෑ.. අපෙන්ම තමයි ඉගනගන්න වෙන්නෙ
ReplyDeleteඅහ්හහ්හා...:)) මැද ලොකු මාලුවා හොය හොය ඉන්න එක නම් ටිකක් භයානකයි.. මොකද ඒ අතරතුර අම්මා හරි අක්කා හරි ආවොත්?? හෙහේ... :P
ReplyDeleteඒවට නංගි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න දැනගෙන ඉන්න ඕනා....
ReplyDelete=))
ReplyDeleteAnish
උඹලගෙ අක්කට කියල කේක් එකක් හදවගෙන වරෙන් කැම්පස් පටන් ගත්තම.අරුන් කිව්ව ඒව හරි රහයි කියල....
ReplyDelete