Thursday 21 April 2011

මැද ලොකු මාළු හාල්මැස්සෝ තෙල් දැමීම




මාරයා අයියයි / පිනිබිඳු අක්කයි සැරෙන් සැරේ එක එක කෑම බීම  හදල ඒවා ගැන විස්තර දාද්දි අපිට ඉන්නත් බෑනේ ඇයි අපිත් දන්නවා කෑම බීම හදන්න ඔන්න බලාගන්න මම හදපු කෑම... මේක ගෙදරදී හදන්න උත්සහ කරන්න හැමෝටම පුළුවන්...

අවශ්‍ය ද්‍රව්‍ය-

හාල්මැස්සෝ 250g (එක ලොකු හාල්මස්සෙක් ඉන්න ඕන)
කෑලි මිරිස් මේස හැදි 5යි   
ලොකු ළුණු ගෙඩියයි 
රම්පෙ කොළ බාගයයි 
කරපිංචා ඉත්තයි 
කැමරාවයි 
ජංගම දුරකතනයයි
ස්ථාවර දුරකතනයයි 
හැන්දයි
පොල් තෙල් මේස හැන්දී 4යි 
අක්කෙක් හෝ අම්මව 

සාදන ආකාරය -

අක්ක හෝ අම්ම හාල්මැස්සෝ එක හදනකන් කුස්සියේ රැදී  සිටින්න.. හදලා ඉවර වේගෙන එද්දී තමන්ගේ ජංගම දුරකතනයෙන් ගෙදර ස්ථාවර දුරකතනයට ඇමතුමක් ලබාගන්න..
පසුව තමන්ම ගිහින් එම ඇමතුමට ප්‍රතිචාර දක්කවන්න.. පසුව එම ඇමතුම අම්මට හෝ අක්කට බව පවසා වහාම කුස්සියට යන්න.. ඉන් පසු කැමරාව ක්‍රියාත්මක කර ලොකු මාලුවව හොයන්න. හොයල හම්බුනාම වහාම මාලුව මැද්දෙන් තියල අනිත් පොඩි මාළු වටෙන් තියන්න හැකි ඉක්මනින් චායාරූප ගත කර වහාම හාල්මැස්සන් තිබු ආකාරයෙන්ම සකස් කර කුස්සියෙන් පැන යන්න

ප්‍රවීන සුප වේදි මාලන්  

23 comments:

  1. එළ එළ...ඉතිං අර
    "කෑලි මිරිස් මේස හැදි 5යි
    ලොකු ළුණු ගෙඩියයි
    රම්පෙ කොළ බාගයයි
    කරපිංචා ඉත්තයි" ඒවා මොකටද..?

    ReplyDelete
  2. ඇයි කොස්සක් ඕනෙ නැද්ද? අම්මාගෙන් ගුටි කන්න.

    ReplyDelete
  3. නියම කෑම හැදිල්ල්ක් තමා. උදෙන් පිණිබිදු ගෝවා මල් හැදුවා දැන් මල්ලි හාල් මැස්සෝ කරියක් හදනවා. එල එල මල්ලි. මාරම රහයි ගුටිත් එක්ක හාල් මැස්සෝ කද්දි මර රහක් ඇති නේ ???

    ReplyDelete
  4. මාරයා අයියා: ඒව මං හිතන්නෙ අරකට ඒව ටික දැම්මා..

    අනෝ: =))

    පිනිබිඳු අක්කා: නෑ අක්කනෙ හැදුවෙ ඒක හින්දා වැඩෙ ශේප්

    මදුරංග අයියා: පිනිබිඳු අක්කගෙ කෑම මේවත් එක්ක බලද්දි මොනාද? හදපු විදිහටම හිතාගත්තෑකිනෙ මට කෝම දක්ශතාවයක්ද තියෙන්නෙ කියලා

    ReplyDelete
  5. මේක දැක්ක වෙලාවේ ඉඳන් හාල්මැස්සන් කන්ට පුදුම ආසාවක් ඇතිවෙලා තියෙන්නේ. ගේ ගිනි ගනී කියන බයට ගමට යනකල් ඉන්නවා. නැත්නම් ඕන කරන අමුද්‍රව්‍ය නම් ලෑස්ති.

    ReplyDelete
  6. ඕකට ලුනු දැම්මෙ මම.. ඒක හින්දා රසට තියනවා...

    ReplyDelete
  7. මම අහලා තියන පට්ටම කෑ ම හැදිල්ල ලේසිය් ඉක්මන් නේ........

    ReplyDelete
  8. එල... දැන් ඕකට අපිම මහන්සි වෙන්න ඕන නෑනේ... අම්මා හදපු එකක් උනත් අපිට් අපුළුවන්නේ " මැද ලොකු මාළු හාල්මැස්සෝ තෙල් දාන " විදිහට හදන්න.. ඇයි ලොකු මාළුවා තෝරන එකනේ කලයුතුම වැඩේ...

    ReplyDelete
  9. ආයෙත් අහලා බීටෝ.... ඕක ප්‍රගුන කරගනින් මාරම ලේසී...

    දිනේශ් අයියා: ඔව් ඔව් ඒක තමයි වැදගත්ම වැඩේ.. නැත්නම් ඔක්කොම ඉවරයි

    ReplyDelete
  10. බොලා වගේ පුත්තු අම්මලට බිරින්දන් ට සදා වාසනාවන්!

    ReplyDelete
  11. පොඩි කාලෙම මන් දැනගත්තා උබ දවසක තැනකට එයි කියලා,, පට්ට සීන් 1 බන් මලු :))

    ReplyDelete
  12. ඔවා කරන් ගිහින් අම්මේ ගුටි කන් වෙයි..අනික ඔහොම වත් කුස්සියට නම් මම යන් නැ..අපෝ..ගියොත් බෙරෙන් බැ...

    ReplyDelete
  13. සංජු අක්කා: ඔව් ඔව් මම ඇවිල්ලා ලෝකෙටම එකයි...

    ගෞතම්: හි හී =))

    නිම්ශා: හොර කෙල්ලෝ....

    රොබින්: 8-}

    ReplyDelete
  14. අදනේ මරුම රෙසිපිය හම්බ උනේ, මේක හොදා ඔක්කොටෝම වැඩිය.

    ReplyDelete
  15. ඒකනේ... ඕවා හැමෝම කියල දෙන්නෙ නෑ.. අපෙන්ම තමයි ඉගනගන්න වෙන්නෙ

    ReplyDelete
  16. අහ්හහ්හා...:)) මැද ලොකු මාලුවා හොය හොය ඉන්න එක නම් ටිකක් භයානකයි.. මොකද ඒ අතරතුර අම්මා හරි අක්කා හරි ආවොත්?? හෙහේ... :P

    ReplyDelete
  17. ඒවට නංගි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න දැනගෙන ඉන්න ඕනා....

    ReplyDelete
  18. උඹලගෙ අක්කට කියල කේක් එකක් හදවගෙන වරෙන් කැම්පස් පටන් ගත්තම.අරුන් කිව්ව ඒව හරි රහයි කියල....

    ReplyDelete