Sunday 18 September 2011

අහිමි පොරොන්දුව

පාලු සිත ලගට වී
ගෙතූ පද අමතකද?
නෙතු ලගම නුඹ රැදී
ඇන්ද සිතුවම් කොයිද?
හඬන සිත ලගට වී
සැනසූව නුඹ නැතිව
හඬන සිත තනි කරන්
ඉදිමි මම අද තනිව 

මගේ දුක ලග රැදී
සැනසූව නුඹ මෙදින  
ඔහු තුරුලේ හුරතල්ව
ගෙවයි දිවි මා නැතිව 
අමතකද නුඹ එදා
මට දුන්න පොරොන්දුව
අද තනිව මා ඉදියි
නුඹේ පොරොන්දුව සමග 

Saturday 10 September 2011

නුඹ සවිය මා ලගයි

ජීවිතය දුෂ්කරයි 
යනෙන මග නොම පෙනෙයි
ඉලක්කය බොහො දුරයි
යන විදිහ නොම දනියි
ගැටළු මා වෙල ගනියි 
හෙළ වෙන්නවත් නොදෙයි 
එහෙත් බිය නොවෙමි මම 
නුඹ සවිය මා ලගයි 

වැටුන විට නැගිටින්න 
අත දෙන්න නුඹ හිදී
අඩන විට කදුළු බිඳු
පිසලන්න නුබ හිදී
ජිවිතයේ හරි මගම 
ගෙනියන්න නුඹ හිදී
ඉතින් බිය නොවෙමි මම 
නුඹ සවිය මා ලගයි

මෙච්චර කල් එක එක අයට කවි ලිවුවට අක්කල දෙන්නට ලිවුවේ නෑනේ ඔන්න එකත් අද ලිවුවා දැන් ඉතින් බයක් නෑ.... 


Thursday 8 September 2011

පරාජය

ජීවිතය කවදාවත් අපි කැමති දේවල් අපිට දෙන්නේ නෑ
අපි ජිවත් වෙන්න ඕන නම් අපිට ඕන කරන දේවල් අපි ලබාගන්න ඕන
අපිට ඕන විදිහට
ජීවිතයේදී වැටීම් එමටයි 
වැටුන විට හැම දෙයක්ම අත අරිනවනම් 
එතනයි අපි පරදින්නේ
පරාජය කියන්නේ අපි අන්තිමයා වීමවත් 
අපිට දිනන්න බැරි වීමවත් නෙවෙයි
පරාජය කියන්නේ ජිවිතයෙන් පැනයාම
පරාජය කියන්නේ වැටුන විට හැම දෙයක්ම අත ඇරීම
වැටුන විට නැගිටින්න පුළුවන් නම්
අපි හැමෝම ජයග්‍රාහකයෝ 

පරාජය කියලා දෙයක් නෑ,
අපිට පුළුවන් නම් වැටුන විට නැගිටින්න 
හැමදෙයක්ම වැරදියට වෙද්දී අපිට නිවැරදි වෙන්න 



Friday 2 September 2011

කල්පය

ඔයා හරියට පිච්ච මලක් වගේ 
පිවිතුරුයි, සුවදයි, ලස්සනයි 
ඔයාගේ හිනාව මගේ මුළු ආත්මයම පිනවනවා
ඔයාගේ කතාව මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා 
කොටින්ම ඔයා නිකන් සුරංගනාවියක් වගේ
මටම කියලා මවපු...
ඔයාව කල්පයකටත් වඩා කාලයක් මං ලගින තියාගන්න මම ආසයි...
ඒත් ඔයා දන්නවද 
කාලය කියන්නේ මිහිහෙක්ගේ හිතේ මැවුණු සිතිවිල්ලක් විතරයි කියලා
ඉතින් ඔයාගේ හිතේ කල්පයකට තියන කාලය ගොඩක් දිග උනාට
මට ඒක එකම ඒක තප්පරයක් විතරයි...
සමහර විට තප්පරයකටත් වඩා අඩු වෙන්න ඇති...
අනේ මන්ද මෙයිට වඩා මොනා කියන්නද කියලා
ඔයා තේරුම් ගන්න