Saturday, 10 September 2011

නුඹ සවිය මා ලගයි

ජීවිතය දුෂ්කරයි 
යනෙන මග නොම පෙනෙයි
ඉලක්කය බොහො දුරයි
යන විදිහ නොම දනියි
ගැටළු මා වෙල ගනියි 
හෙළ වෙන්නවත් නොදෙයි 
එහෙත් බිය නොවෙමි මම 
නුඹ සවිය මා ලගයි 

වැටුන විට නැගිටින්න 
අත දෙන්න නුඹ හිදී
අඩන විට කදුළු බිඳු
පිසලන්න නුබ හිදී
ජිවිතයේ හරි මගම 
ගෙනියන්න නුඹ හිදී
ඉතින් බිය නොවෙමි මම 
නුඹ සවිය මා ලගයි

මෙච්චර කල් එක එක අයට කවි ලිවුවට අක්කල දෙන්නට ලිවුවේ නෑනේ ඔන්න එකත් අද ලිවුවා දැන් ඉතින් බයක් නෑ.... 


5 comments:

  1. යකෝ වැදගත්ම එක ලියලා නෑ පොඩි අක්කගේ චොකලට් කේක් එක කන්න කන්න ආසා හිතෙන කේක් එක ගැන :P

    ReplyDelete
  2. සිරාවට ඒක අමතක වෙලා බං.... මේ ලගදි දවසක අයෙම හදයි... උබල ආවොත් කෑවකි.. නාවොත් ඉතින් සොරි කියන්න තමයි තියෙන්නේ....

    ReplyDelete
  3. සොරි කියන්න එපා යකෝ :@

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... නියමයි.. සහෝදරියන් ගැන ලියන්න මතක් ව්උනු එක..
    ලස්සනයි... :)

    ReplyDelete