Saturday 26 February 2011

නුබ


හිත දුකින් අඩන විට
ලගට විත් නුබ
ඒ දෙඩූ වදන් වලින්
සිත සැනසුන අපූරුව..

හිත කෑ ගහන විට
ඒ දුක ඒ සතුට
වදන් වලට හරවන්න
කියා දුන් නුබ

විටක මිතුරියක ලෙස
රන්ඩු කරමින්,
විටක සොයුරියක ලෙස
හිත සැදූ නුබ

දැන්, 
නැවත් නොඑනා වග
නොකියා කියද්දි,
ඉවසන්නේ කොහොමද?


-නැවත තනි වූ මා-

අද්‍යාපන කටයුතු වෙනුවෙන් සති දෙකක විරාමයක්

Wednesday 23 February 2011

නුඹ මලකි ලස්සනම



නුඹ මලකි..
ලස්සනම...
නොරෑවටෙන්... 
බබරුන්ට..
උන් ඒවි රොන් ගන්න...
රොන් අරන් පැන යන්න..

නුඹ අයිති ලස්සනම
පුන්චි සමණළයකුට...
ඉඩ දෙන්න කාලයට..
සමණලුට වැඩෙන්නට..

ඉඩ දෙන්න සමණලුට...
රැදෙන්නට මල ලගම..
රැකගන්න ලස්සනම...
ඒ සොදුරු පුන්චි මල..

ජීවිතය තිබෙන තුරු...
ආදරය කරන්නට....

Tuesday 22 February 2011

ජීවිතය සම්පූර්නයි


"හෙලෝ"

"අයියෙ මට පොඩි ප්‍රශ්නයක්... ඔයාව හම්බෙන්න පුලුවන්ද?"

"ඇයි නංගි මොකක්ද ප්‍රශ්නේ ඇයි ඔයා අඩන්නේ.."

"මම වෙලාව ඔයාට කියන්නම් මම දැන් තියනවා වෙනදා තැනටම එන්න"

දුරකතනය විසන්දි විය..

..........

ඇය මට මීට අවුරුදු 3කට කලින් මුන ගැසුනු යෙහෙලියකි..යෙහෙලියකට වඩා ඈ මට මගේම සොයුරියකට සම විය, මගේ මව තරම් නොවූවත් මා ගැන හොදින් හොයා බලන්නියක් විය.. මා සිතේ ඇය කෙරේ ආදරයක් තිබුනත් එය පැවසීමට මා පසු බැස්සේ ඇගේ මෙම ක්‍රියාවන් නිසාය... ඇත්තටම මා ඇයට ආදරය කලත් ඒ ආදරය තේරුම් කිරීමට මට අපහසුය... මා ඇදගන්නා සෑම ප්‍රශ්නයකටම පිලිතුරු ඈ සතු විය.. මගේ ජීවිතයේ මා කාටවත් නොපවසන සෑම සිද්දියක්ම ඈ දනී කොටින්ම මා ඈ ලග අඩාද ඇත... ඈ මගේ සෑම දෙයක්ම දනී මා අඩන විට හිනස්සන්නට මට තරහ ගිය විට මගේ තරහව නිවන්න මට දුකක් දැනුන විට මා සනසන්න කොටින්ම ඈ මටත් වඩා හොදට මාව දනී....

ඒත් ඈට සැමදා මට සොයුරියක වී සිටින්නට නොහැකි නිසාත් මා ඇයට මගේ ආදරේ නොකී නිසාත් දැනට අවුරුද්දකට පෙර ඇගේ නිවසින් ඇයට යෝජනාවක් ගෙන  ආවා.. ඈ මට ඒ ගැන පවසා මට තනියම ජීවත් වෙන්න කියා දී  මගෙන් දුරස් වෙන්නට විය.. මං ඒ ගැන සිතා ඇඩුවත් මා ඇයට ඒ බවක් ඇගවූයේ නැත... මා සැමදා ඇයට සිතින් ආදරය කලා තවමත් ඒ ආදරයේ වෙනසක් නැත..

......

අදට ඈ අන්තීමට මා සමග කතා කොට මාස 3ක් ආසන්න වෙයි... මොන දේ තිබුනත් මගේ උපන්දිනය දා ඈ පාන්දරම මට සුභ පතයි.. අවසන් වරට ඈ මට කතා කලෙත් මගේ උපන්දිනයට සුභ පතන්නය...

ඒත් ඇයි මෙයා අද අඩන්නේ. මම මහත් වූ අපහසු තාවයක පැටලිනි මා සමග කොපමන වලි දාගත්තත් මා කොපමන ඈට බැන්නත් ඈ කවමදාවත් අඩා නැත... මා බනින විට ඈ කරන එකම දේනම් බිම බලාගෙන සිටීමයි... ඒත් අද මොකද?

....
දුරකතනයට කෙටි පනිවිඩයක් පැමින දුරකතනය කෑ ගසන්නට විය.. තාමත් මගේ දුරකතනයේ තිබෙන්නේ ඈ වෙනස් කරන ලද දුරකතන නාදයන්ය ඒවා ඇසෙන සෑම විටම ඒ ලස්සන හුරතල් දෑස් මතක් වේ.. මගේ ඒකපාර්ශ්වීය ආදරය මතක් වේ එය වේදනවක් උනත් මං ඒ වේදනාවටද මහත් සේ ඇලුම් කලහ..

"ayye karadharayak nethnam maawa hawasa 4ta hambenna puluwandha?"
ඒ ඇගේ පනිවිඩයයි..

.......

"ඇයි මගේ ළමයෝ අඩන්නේ...."

"අරයාට මාව ගැලපෙන්නේ නෑලු එයා මාත් එක්ක තියන සම්බන්දේ නවත්තනවලු මට ගෙදරිනුත් බනිනවා යන්න තියන හැම තැනකම ගිහින් දැන් බෑ කියෝගන්නව කියලා හරියට නිකන් මම මෙයාව හොයාගත්තා වගේ..."

ඈ හොදටම අඩයි ඇගේ කදුලු මා තවත් අපහසු තාවයට පත් කරයි මා කවදාවත් ඈ අඩනවා දැක නැත ඉතින් ඈව සනසන්නට මා දන්නේ නැත ඒත් ඇගේ කදුලු මගේ හිතේ මහා දුකක් ඇති කරයි මමවත් නොදන්න දුකක්.. හිතා ගන්න බැරි දුකක්..

"අනේ ළමයෝ අඩන එක නවත්තන්න"

මා ඇගේ ඒ සුදු කම්මුල් වලින් ඇගේ මූන ඔසවන ගමන් ඈට පැවසීය මගේ ඇස්ද දැන් ටැප් එක ඇර ඇත ඈ ඒ බවක් නොදු‍ටුවාය... මා ඈව සැනසීමට මගේ ජීවිතේ පලවෙනි පාරට ඈව මගේ පපුවට තුරුලු කරගත්තෙමි ඈ පුදුම වී හිස ඔසවා බලන විට මගේ කම්මුල් දිගේ කදුලු බිදු ගලා වැටෙමින් තිබිනි මා කිසිදාක නොසිතූ ලෙස මා ඈ අසල අසරන විය මා මගේ හිත පාලනය කරගැනීමට සැරසෙද්දී ඈ මගේ කම්මුල්වල කදුලු පිසමින් මගේ දෑස් දෙස බලා සිටින්නට විය මා මෙච්චර කලක් හිතේ සගවාගෙන සිටි රහස එලිවෙන්නට යන බවක් මට දැනුන නිසා මා වහා එතනින් නැගිටින්නට විය...


හිත රවටා ගැනීමට තරම් කාලයක් මම බැස යන හිරු දෙස බලා සිටින්නට විය...
නැවත් මා ඈ අසලට ගොස් වෙනදා මෙන්ම ඈ අසලින් ඉදගතිමි.. ඈ මගේ අතින් අල්ල සමාව අයදින්නට විය

"ඇයි ළමයෝ මගෙන් සමාව ඉල්ලන්නේ මම ඔයා මට කරපු වරද මොකක්ද මගෙන් සමාව ඉල්ලන්න තරම්"

නැවත ඇගේ දෑස දෙස මගේ දෑස් යොමු විය ඒ ආදරය පිරුනු හුරතල් දෑස් මගෙන් මොනාවාද ඉල්ලනවා මෙන් මට දැනිනි...

"ළමයෝ අපි පොඩ්ඩක් ඇවිදිමුද වෙරල දිගේ?"

ඇයද එයට කැමති විය අප දෙදෙන නැවත් පෙර ලෙසම විහිලු කරමින් වෙරලේ ඇවිදින්නට විය ඒත් මගේ හිත මට මෙල්ල නොවන බවකි... දෙවන පාරටද ඈව මගේ ජීවිතය මගෙන් ඈත් කරන්නට එපායැයි සිත කෑ ගසන්නට විය.. දෙදෙනාම ඇවිද ගෝස් වෙනදා අපි නැවත හැරෙන තැනටම පැමිනියෙමු... ඈත ක්ෂිතිජයේ හිරු ගිලෙමින් පවතී ඒ රත් පැහැ හිරු කිරන ඇගේ මුහුනේ දැවටී ඈව තවත් ලස්සන කරයි...  එය තවත් මාව අසරන කරයි...

අවසානයේදී මා තීරනයකට එලබිය ඈ අකමැති වූවත් ඈට මගේ ආදරය ප්‍රකාශ කිරීමට හිත දෛර්ය කරගෙන ඇගේ අතකින් අල්ලා ඈ මා දෙසට හරවා ගත්හ.....

බෝනික්කියක් මෙන් ලස්සන රවුම් ඒ ඇස් වලින් මා දෙස පුදුමයෙන් මෙන් බලන්නට විය..
මගේ තොල් කාන්තාරයකදී මෙන් වියලී ගොසිනි, පපුවේ බෝම්බ පුපුරනාවක් මෙනි, කීමට දහසක් දේ තිබුනත් මා ගොලුය එහෙත් හිත දගලයි... අවසානයෙ මා ඇගෙ රෝස පැහැ කම්මුල් මගේ දෑතින්ම අල්ලා ඇගේ මුහුනට සමීප විය.. වෙන්නේ කුමක් දැයි දැනගෙන මෙන් ඈ දෑස පියාගත්හ...  කීමට ඇති සියලු දේ ඇගේ ඒ සොදුරු නලල් තලයේ තැන්පත් කලෙමි.. මගේ ආදරය එකදු වචනයක්වත් නොපවසා ඇයට දැක්වීමට මා සමත් විය කොපමන වෙලාවක් එසේ සිටියාදැයි මට මතක නොවීය මා නැවත් පියවි සිහියට එන විට ඈ ලැජ්ජවෙන් මා දෙස බලා සිටින්නට විය

"ඇයි මහත්ත්යෝ මෙච්චර ආදරයක් හිතේ තියාගෙන මට නොකීවේ"

ඒ ඇගේ ප්‍රතිචාරයයි...

ඉන් එහාට මගේ ජීවිතය සොඳුරු දේවදූතිකාවක් සමග සතුටෙන් ගෙවීමට තරම් වාසනාවන්ත බව දැනී මා සතුටින් ඉපිලෙන්නට විය...
අද මගේ ජීවිතය සම්පූර්නයි..

හැමදේම වෙන්නේ හොදටයි

ටිකක් කම්මැලි හිතෙන කතාවක් වෙයි ගනන් ගන්න එපා කැමතිනම් කියවන්න... මේක ලිවුවෙව විශේශ හෙතුවකට ඒ හින්දා කැමතිනම් කියවලා ගන්න තියන දෙයක් ගන්න...

ඔන්න එකෝමත් එක රටක හිටියලු රජෙක්.... දවසක් මේ රජා තමන්ගෙ ඇමති වරු සෙට් එකත් එක්ක දඩයමේ යන්න පිටත් උනාලු... දැන් මෙන්න සෙට් එක දඩයමේ යනවා හාද... දැන් ඔහොම යාගෙන යාගෙන යද්දි දැක්කලු මුවෙක්... රජා ගත්තලු තුවක්කුව ආ... නෑ නෑ දුන්න අරන් තිබ්බලු මුවාට 0.001කින් වැඩේ මිස් උනාලු... ඔහොම උනාම හැම ඇමතියාම කිවුවලු අයියෝ අපරාදේ කියලා.. එකෙක් විතරක් "හැමදේම වෙන්නේ හොදටයිනෙ රජතුමනි" කියලා කිවුවලු දැන් රජාට මලලු හාද.... ඒත් රජා ඉවසගෙන හිටියලු... ඔන්න දැන් සෙට් එක යනවලු ආයෙත්... දැන් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කට්ටිය ගගක් ගාව නැවතුනාලු... නැවතිලා දැන් ඔන්න කට්ටිය වතුර බොනවලු වතුර බිබී ඉද්දි අර පඩි කතාව කියපු ඇමතියා දැක්කලු ඉබ්බත් එක්ක රේස් 1 යන හාව ගහක් ගාව පොඩි ඇලට් 1ක් දාගෙන ඉන්නවා... දැන් ඉතින් මෑන් වැඩ්ඩ වගෙ ගිහින් පෙන්නුවලු රජාට... දැන් ඔන්න රජාටත් හෙන හැපිලු... මොකද දැන් සෙට් එක පැයගානක් මොකෙක්වත් නැතුව හොදටම වේලිලාලු හිටියේ.. රජාගත්තලු දුන්න තිබ්බලු හාවට ඊතලේ කැරකිලා කැරකිලා ගිහින් වැදුනලු හාවගෙ කනක, කන පසාරු කරගෙන ගිය ඊතලේ ගිහින් ගහේ වැදුනලු... දැන් ඉතින් රජාත් හෙන හැපි එකේ දුවගෙන දුවගෙන ගිහින් ගැලෙවුවලු ඊතලේ... හුටා ඊතලෙත් එක්කම රජාගේ ඇගිල්ලකටත් බඩු හම්බුනාලු... ඇගිල්ල බිමලු... මූ ඉතින් රට දෙවනත් වෙන්න කෑ ගහනවලු... ඇමතියො සෙට් එක ජාති ජාති කියවලු රජාගෙ හිත හදන්න ඔය අස්සෙ අර පඩි ඇමතියා ආයෙත් කිවුවලු "ගනන් ගන්න එපා රජතුමනි හැමදේම වෙන්නේ හොදටනේ" කියලා
දැන් ඔන්න රජාට 82332.5ට මලලු ඒත් රජා මුකුත් නොකර ඉවසගෙන හිටියලු දෙන්නම්කො උබට කියලා....

දැන් ඔන්න ඔහොම ටික කාලයක් ගෙවුනලු රජා ඇගිල්ල නැති උනත් අවුලක් නැ සැපෙන් ඉන්නවලු ඔය අස්සෙ රජාට මතක් උනාලු ඇගිල්ල කැපුනු වෙලේ අර පඩි ඇමතියා කියපු කතාව... රජාට හිතුනාලු මූට හොද වැඩක් කරන්න.. දැන් ඔන්න රජා කතා කලාලු ඇමතියාට කතා කරලා කිවුවලු "දැන් දඩයමේ යන්න ලෑස්ති වෙන්න තනියම" කියලා.. මෑන් දැනගත්තලු හරි බඩු තමයි කියලා... ඒත් කමක් නෑ කියලා ලැස්ති උනාලු... දැන් ඔන්න දෙන්නා යනවලු  දඩයමේ...


දැන් ඔහොම ටික දුරක් ඇවිදගෙන ගිහින් දෙන්න ලං උනාලු හෙලකට... රජා කිවුවලු දැන් උබට හැමදේම වෙනෙන හොදටනේ මේ දේත් වෙනෙන හොදටද කිය්ලා බලපන් කියලා ඇමතියාව හෙලෙන් පහලට තල්ලු කලාලු... කරලා ඔන්න රජා යනවලු ආයේ මාලිගාවට යන්න.. දැන් ඔහොම ඇවිදගෙන යද්දි රජාව මාට්‍ටු උනාලු නිදානයක් ගන්න ලැස්තිවෙලා බිල්ලක් හොය හොය ඉන්න හොර ‍රැලකට... හොර ‍රැලත් හොය හොය හිටියේ කිසිම අඩු පාඩුවක් නැති සර්ව සම්පූර්න මිනිහෙල්ක්වලු.. රජාත් ඉතින් නියමට ගැලපෙනවලු දැන් ඔන්න කට්ටිය බිල්ල ඔප්පු කරන්න රජාව මරන්න ලැස්තියලු... ඔන්න මරන්න කියලා කිනිස්ස උස්සද්දිම දැක්කලු රජාගෙ ඇගිල්ලක් නැති විත්තිය.. දැන් මුන්ට හෙනම ප්‍රශ්නෙලු.. දැන් කට්ටිය රජාව බැදලා තියලා කතාවලු... ඇගිල්ලක් නැති මූව මරල වැඩක් නෑයි කියලා කට්ටිය තීරනේකට ඇවිත් රජාව දාලා යන්න ගියාලු යන්න ගියෙත් රජාගෙ තියන ඔක්කොම සූරගෙනලු... දැන් රජා එහෙට මෙහෙට පෙරලි පෙරලි උදවු ඉල්ලනවලු.... කෝම කෝම හරි රජා දගලලා දගලලා බේරුනාලු... දැන් රජාට හෙන අප්සට් ලු... මොකද අර ඇමතියා කියපු කතාව ඇත්තනේ... බැරි වෙලාවත් එදා දඩයමේදි මුවා බේරුනේ නැත්නම් හාවට තියන්නේ නෑ... හාවට තිබ්බේ නැත්නම් ඇගිල්ල කපෙන්නේ නෑ.. ඇගිල්ල කැපුනේ නැත්නම් අද බඩුම තමයිනෙ.. දැන් ඔන්න රජා හෙන අප්සට් එකේ ආයෙත් ගියාලු හෙල ලගට ගිහින් එබිල බලද්දි ඇමතියා ඉන්නවලු වැලක එල්ලිලා.. දැන් රජාත් කෝම හරි කට්ටියව එක්කන් ඇවිත් ඇමතියාව බේරගත්තලු... රජාට දුකටම ඇඩෙන්න වගේලු.. රජා කෝම හරි විස්තරෙ කිවුවලු.. තමන්ට දැන් තේරෙනවා කියපු දේ කියලත් රජා කියල ඇමතියගෙන් සමාව ඉල්ලනවලු... එතකොට ඇමතියා මෙන්න මෙහෙම කිවුවලු "රජ තුමනි ඔබ තුමා මාව හෙලට තල්ලු කලේ හිද වෙලාවට නැත්නම් මම අර හොරුන්ට අහු වෙලා වෙලහකටත් මැරිලා" කියලා රජා ඇහුවලු ඒ මොකද ඒ කියලා... එතකොට ඇමතියා කිවුවලු "ඔබ තුමාගේ ඇගිල්ල නැති හින්දා ඔබ තුමාව අත ඇරියට මාව අතාරින්න කිසි හේතුවක් නෑ මාව කෙලින්ම මරන්න ගියානේ" කියලා

ඔන්න ඕකයි ලමයිනේ කියන්නේ හැම දේම වෙන්නේ හොදටයි කියලා...

ඒත් අපිට වැරදුන තැනකින් අපි හැදුනේ නැත්නම් කිසිම දෙයක් හොදකට වෙනෙන නෑ... අපිට වරදින්නේ හැදෙන්න.. ඉතින් වැරදුන තැන් වලදි දුක් වෙලා පලක් නෑලු වැ‍රැද්ද ආයෙ නොවෙන්නේ හැදෙන්නලු තියෙන්නේ...

ආයෙමත් කියන්නේ හැමදේම වෙන්නේ හොදටයි කියලා තමයි

Sunday 20 February 2011

හිත පතන්නෙ නුබවමයි



අවසර දෙන්නම් හිත ඇතුලටම එබෙන්න...
රිද්දුවත් කමක් නෑ ආසයි විදින්න..
වේදනාවත් සතුටක් මට..

ඔබ ඈත යන දාට.. 
බාලාගෙන ඉන්නම් කදුලු පිරි දෙනෙතින්..
ආසයි ඉඩ දෙන්න කදුලු බිදුවකට, සෝදන්න මගේ දුක...
ඒ පාලු රුදුරු බව...

දනිමි නුබ අහිමි බව..
සිතට නොව තේරෙන්නේ..
විදවන්න අවසරයි ආදරේ අහිමි බව..

ලගින් ඉන්නට සිතයි..
විදවමින් ඒ සතුට..
දුකක් බව දැන දැනම ලන් වෙන්නේ කිමද මම

නුබේ උකුලේ සැතපෙන්න..
නුබෙන් හුරතල් වෙන්න.. 
නුබෙ දෙතොල් සිප ගන්න
හිත පතයි මට හොරෙන්..

මම දන්න එකම දේ 
නුබ මාගෙ නොවන බව
සිත නොදැන ඒ වගක්
පෙම් කරයි නුබට තව

Friday 18 February 2011

ආසයි...



ආසයි ඔයාව මගේම කරගන්න...
ආසයි ඔය නළලට හාදුවක් දෙන්න...
ආසයි මගේ පපුවට ඔයාව තද කරගන්න..
ආසයි ඔය අතින් අල්ලන්  ඇවිදින්න මේ හැම තැනම

ආසයි මේ ලෝකේ වටේම ඔයාව ගෙනියන්න..
ආසයි මගේ ආදරේ තරම ඔයාට පෙන්නන්න..
ආසයි පොඩ්ඩක් ඔයාව කේන්ති අවුස්සන්න..
ආසයි ඔය ඇස් වලින් කදුලු පනිනකන් ඔයාව හිනස්සන්න..

ආසයි ඔය අතින් අල්ලන් ඇවිදින්න..
ආසයි ඔය මූන දිහා බලාගෙනම ඉන්න..
ආසයි ඔය නළලට උනුසුම් හාද්දක් දෙන්න...
ආසයි ඔයාව මගේම කරගන්න..

ඒත්...


මේක හීනයක්..
කවදා හරි සැබෑ කරගන්න..
එතකන් ඉවසන්න..

Thursday 17 February 2011

කවමදාවත් ඔයාව මට එපා...

ආසයි තනි වෙන්න...
මේ හැම දේකින්ම ඈත් වෙන්න...
මගේම ලෝකෙක තනි වෙන්න...
කාටවත් මාව රිද්දන්න බැරි වෙන්න...

ඔව් මේ දේ කරන්න අමාරුයි ඒත් මම කරනවා...
ඔයා ගොඩක් දේවල් මට දෙනවා වගේ පෙන්නුවා...
ඒත් ඔයා මාව ගොඩාක් ‍රැවැට්‍ටුවා...
මාව ගොඩාක් තනි කලා...

ඔයා හොදටම දන්නවා මම පොඩි එකෙක් වගේ කියලා...
ඉතින් ඔයා බොරුවට මාව හුරතල් කලා...
මගේ හිතේ ඔයාව රදවන්න මාව පෙලබෙවුවා..
පස්සෙ ඔයා මගේ ජීවිතේම වෙද්දී මාව දාල ගියා...

මම ඔයාට බනින්නේ නෑ..
කවදාවත්..
ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න මම ඔයාට කරදර කරන්නේ නෑ...

ඔයාට බොහොම ස්තූතියි මං තනි උන වෙලාවෙ මා ලගින් බොරුවට හරි හිටියායි කියලා පෙන්නුවාට...
ඔයා මාව ගොඩක් රවට්ටලයි කියලා මං දැන ගද්දි මම ගොඩක් පරක්කු වැඩියි..

ඒත් දැන් මට ඔයාව එපා.. 
කවමදාවත් ඔයාව මට එපා....

chrome වලින් මූනූ පොතේ පින්තූර ලොකු කරගන්(chrome extension 2)

ඔන්න අදත් නියම බාන්ඩයක් හම්බුනා...
දැන් හදිස්සියෙ බේතකටවත් මූනු පොතේ සැරි සරන්නෙක් නැති එකෙක් හොයාගන්න බැරි කාලේ මේකනම් කට්ටියට ගොඩක් ප්‍රයොජනවත් වෙයි...

මේකෙන් කරන්නේ මූනුපොතේ පොඩියට තියන පින්තූර ලොකු කරලා පෙන්නන එක... දැන් හිතන්නකෝ ඔයාට කාගේ හරි ෆොටෝ ඇල්බම් එකක් බලන්න යනවා අල්බම් එකට ගියාට පස්සෙ එකින් එක බලන්න කම්මලී... අන්න බේත අපේ බාන්ඩෙ ඉන්නව උදවුවට එයා අපි මවුස් පොඉන්ටර් 1 ගෙනියන ෆොටෝ එක ලොකු කරලා පෙන්නනවා... ලේසියි පහසුයි...සිම්පල් ප්ලෑන් එකක්...

මෙන්න ලින්ක් 1

මෙන්න මෙතනිනුයි ඔන්/ඕෆ් කරන්නේ


ඔන්න කට්ටියට ස්නැප්ස් ටිකක් පොඩි එකාගේ වැඩ බලාගන්න


Wednesday 16 February 2011

google එක්ක සින්හලෙන් නම් ඕන දෙයක්

කට්ටිය බය වෙන්න එපා මම කොහොමත් මේ වගෙ ඒවා තමයි ලියන්න හිතාගෙන හිටියෙ පොඩ්ඩක් විතර ට්‍රැක් පෑන්නට





අද මට නියම භාන්ඩයක් හම්බුනානෙ... මේකයි කේස් එක මම පාවිච්චි කරන්නෙ chrome, ඉතින් පාවිච්චි කරන අය දන්නෙ නෑතුව ඈති ගිනි නරියාට වගේම මේකටත් සින්හල යුනිකේත පරිවර්තකයක් තියනවා කියලා. වැඩේ හරි සිම්පල්....බාගන්න ඕන සබෑදිය මම යට දාල තියෙන්නේ...

මොනා උනත් මේක තාම පරීක්ශන මට්ටමේ තියන හින්දා පොඩි පොඩි අඩුපාඩු වගයක් නම් තියනවා..... 

1) සමහර වෙලාවට ඉක්මනට ටයිප් කරන්න වෙනවා නෑත්නම් වචනෙ බාගයක් විතර එන වෙලාවල් තියනවා (මෙහෙමයි බාගයක් කිව්වට නිකන් මේ වගෙ අම්මා / අම්ම්ආ)
2)අපිට බ්ලොග් පොස්ට් 1ක් ලියන්න ගන්න අමාරුයි... ඒකට කරන්න තියෙන්නේ පෝස්ට් ටයිටල් 1 දාන තෑන 
සින්හලෙන් ගහලා යට කොටසට පිටපත් කරන්න

*methana type kaloth mae wage*

මොනා උනත් නියම වැඩසටහනක් කියලා තමයි කියන්න තියෙන්නේ

බා ගන්න 
උදවුවට



තවත් මේක හදපු කෙනාගෙම පහරම පහර එකක් තමයි ඉන්ග්‍රීසි සින්හල ශබ්දකෝශය ඒකනම් මම එච්චර පරීක්ශා කලේ නෑ මොනා උනත් ඒකත් නියමයි අපිට තියෙන්නේ අපිට ඕන වචනය උඩින් Double click කරන්න විතරයි වචනයට අදාල සින්හල තේරුම පෙන්නනව කතා කරල වැඩක් නෑ ඒ ගැනනම් එම extension එකට අදාල සබෑදියයි, උදවු කරන බ්ලොග් ලිපියයි දෙකම යට ඇති

බාගන්න
උදවුවට


 මේ වැඩේ කරපු පහන් සහෝදරයටනම් වැඩි වැඩියෙන් මෙවන් වැඩ කරන්න ආශිර්වාදය ලැබෙන්න ඕන

Tuesday 15 February 2011

සුරඟන ඇස් 04

සුරඟන ඇස් 03
සීතල ඇස් III



මේ කෙල්ල අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද? මම දැන් මෙතන විනාඩි  15ක් විතර බලාගෙන ඉන්නව... හ්ම්... මදෑ ගොලු කෙල්ලව කතා කරවන්න බලාගෙන උන්නා... මම කවදාවත් නැතුව මගේ සිතුවිලි අතර තනි වෙලා වගේ හැගීමක් දැනුනා... මේකි මැජික් කාරයෙක්ද කොහෙද එක පාරක් ඇස් දෙක දිහා බලලා මෙච්චර දෙයක් කරන්න පුලුවන්නම් අම්මෝ...

............................................

එක වරම බෝම්බයක් පුපුරනවා වැනි ශබ්දයක් ඇසී මම වට පිට බැලීමි පිට මත ගිනිකන්දක් පිපිර ගියා වැනි වේදනාවක් මගේ පිට මතින් එන විට මට සියල්ල වැටහිනි මේ අපතයෝ සෙට් 1න් එකෙක් මගෙ පිට අත ගාල තියනව වගෙ... ඒත් මුන් නිකන් බලාගෙන ඉන්නේ මම මගේ පිටටම ගහගත්තා වගේනෙ.. ඉදිල්ලකෝ උබල දන්නවනෙ මම කවුද කියලා.... එවිටම ඒ බෝලගෙඩි ඇස් අයිති කාරි පාලු පාරට හැරෙනවා මගේ 83 වනි  ඥානයට දැනිනි මම නිකමට වාගෙ ඒ දෙස බලද්දී ඇය වෙනමම ලෝකයක් තුල පාසල කරා යනවා දුටිමි.
මටත් හොරා මුන් ටික ඇය ගැන සොයා ඇති බව වැටහුනේ අපත ෆ්‍රැන්සෙස්කෝ කියූ දෙයිනි
"උඹ පුලුවන් නම් ඔය කෙල්ලත් එක්ක කතා කරල පෙන්නපන්"

අයියෝ සිම්පල්නෙ මල්ලී මම එසේ මටම කියාගත් මුත් මුන්ට මුකුත් නොකීවෙමි මුන් නිකන් විසුවියස් ගිනිකන්දටත් වඩා භයානක බව මන් අත් මෙන්ම කකුල් දැකීමෙන්ද දනී....

"මම යනවා උබලා පිට්ටනියට යමන් මන් එන්නම්...."

කිවුවද මං වාශ්ප විය... මාගේ වාශ්පවීමේ සීඝ්‍රතාවය අරුන්ගේ මොලේට මන් කියන දේ යනවාටත් වඩා ඉක්මන් නිසා මට කිසි කරදරයක් නැතුව මාරු වීමට හැකි විය...

හ්ම්... බබා වගේ යන හැටි... වට්ටන්න හිතයි අදත්... සිතට දැනෙන දේ ක්‍රියාවට නැංවීමේ අසීමිත හැකියාවක් තිබුනත් මේ බෝල ගෙඩි ඇස් කාරිය හමුවේ මං අසරන වෙන්නේ ඇයිද කියා මට මුලු ලෝකේම පෙරලුවත් නම් හොයාගත නොහැකිය... මේ.... මුලු ලෝකෙම කිවුවේ ආදර්ශ ලෝක බෝලයක් හොදේ
පිස්සු නැත්නම් ශෝක් වූ මං වහා ඇය කරා ඇදෙන්නට විය...

"චාව්...මෙලීසා"
මම මුලු ප්‍රදෙශයම දෙවනත් වෙන්න කෑ ගසමින් ඇය කරා ඇදෙන්නට විය...
මා ඈ අසලට ගිය විට කුරුමිනියෙක් ඇවිදිනවා වගේ මහා ශබ්දෙකින් ඇයද මට පෙරලා සුභ පැතුවාය... "හොද වෙලාවට මං සීසර් ගාව තොල් කියවීමේ පාටමාලාව හැදෑරුවේ" නැත්නම් ඉතින් මේ කියන දේවල් තේරුම් ගන්න මට මේ මුලු ජීවිත කාලෙම වැය කරන්න වෙනවනේ.... මට හිනාය ඒත් ඉතාමත් අපහසුවකින් ඒ හිනාව තද කරගෙන සිටියෙමි

මේකිට කිසි ගානක් නැත ඔහේ පාඩුවේ ගමන් කරයි... දැන් එතකොට මං මෙතන වෙලා බලාගෙන හිටියෙ මේ ටික අහගෙන යන්නද... අනේ කෙල්ලෙ මම නම් යන්න දෙයි... කොහොමත් අපි දෙන්නම එකම තැනටනේ යන්න ඕනා....

ආ.. මෙලීසා ඉන්න මාත් යන්නෙ ඔයාලෑ school 1ට මනේ මාත් එක්කම යං...

එවිට ඇය මා දෙස කන්න වගේ බැලීය.. ඒ ඇග හිරිවට්ටන බෝල ගෙඩි ඇස් දෙකෙන් මං දිහා බැලුවෙ නිකං මගෙ නහය උඩ පීසා එක තියන්වා වගේනෙ....

"හරි හරි ඔයාලෑ එකටම නොවුනත් අල්ලපු එකටනේ යං මාත් එක්කම"
හි හී දැන් ඉතින් හා කිවුවත් යන්න වෙනවා බෑ කිවුවත් යන්න වෙනවා... පවු අප්පා දුකේ බෑ.. දැන් යංකො මාත් එක්කම...

මේ කෙල්ල නිකන් ඇවිදින්නේ මං මරන්න ගෙනියනවා වගේ බයෙන්නේ මේ මොකෝ මේ... ඇවිදින හැටි දැකලා මගේ හිනාව එලියට පනින්න යද්දිම මම බෝම අමාරුවෙන් ඒ හිනාව නැවත අනුභව කලෙමි.. දැන් ප්‍රශ්නයක් නැත... සමහර විට මේ ළමයගෙ රටේ හැටි වෙන්න ඇති... මොකක් "ළමයා" මේ මොකෝ බොලවු මට වෙලා තියෙන්නේ... මේකිනම් මායාකරියෙක් වගේ මොකද මෙයා ගාවදි මන් මෙච්චර වෙනස් වෙන්නේ....  හි හී අනේ අනේ මන් නම් වෙනස් වෙයි... දැන් ඔයාට මං ඔයාව කයි කියලා බයක්ද තියෙන්නේ... හාකෝ මං ඒ බය නැති කරන්නම්කො එහෙනම්...

"ම්... මෙලීසා ලස්සන නමක් කවුද දැම්මේ" මං ඇයට ඉතා සමීප වී පැවසූයෙමි..
මොන කතා කරනවා තියා මූනවත් ඔසවා බැලුවේ නැත...අනේ අඩුම තරමේ ස්තූති කරන්නවත් තිබුනා නේද?

මටත් මොකෝ මං කියන දේ ඇහෙනවනේ දැන් අහගෙන ඉන්නකෝ....

"ඔයා ෆුට් බෝල් වලට ආසද? මොන ටීම් එකටද වැඩියෙන් ආසා" උත්තර නොලැබෙන්නාවූ මගේ දෙවන ප්‍රශ්නයද ඇය වෙත යොමු කලේමි..
"මොකද හලෝ ගොලුද....?"
අහස අදුරු වන්නට විය මේ මොකෝ මේ.. අද හිම වැටෙන්නේ නෑ කිවුවනේ... මුන් බොරුමයි කියන්නේ... කාලගුන අනාවැකි කරුවගේ අම්මලා තාත්තලා ආච්චිල සීයලා වේයලා ඈයලා ඔක්කොම මතක්කරගෙන මන් සිතුවෙමි.
"මම එච්චර බලන්නේ නෑ ක්‍රිස්ටියන්"
"මොකක්?" කවුද ඒ... අනේ මෙන්න මෙලීසා කතා කරනවා... එවිටම කාලගුනයේ සිදූ වූ ක්ෂනික වෙනසට හේතුව මට  ප්‍රත්යක්ශ වන්නට විය...

"ආ... ඔයාට කතා කරන්න පුලුවන්ද..? මම හිතුවෙ ඔයා ගොලු ලමයෙක් කියලා"


මෙච්චර ලස්සන කටහඩක් තියාගෙන මොකට ගොලු වෙනවද මංදා...
ඔය අමුතුයි මෙලීසා.. අපි බලමුකෝ මට ඔයාව වෙනස් කරන්න පුලුවන් වෙයිද කියලා...

"ආ ඇත්තද? මම නම් සෙල්ලම් කරනවා.. කොහොම හරි මේ අවුරුද්දේ 'ලොම්බර්දියා' ටීම් එකට සෙල්ලම් කරන්න තමයි හිතගෙන ඉන්නේ..."
මමත් මොකාද වගේ ඔහේ කියවයි අහගෙන ඉන්නවද නැද්ද කියලා දෙයියෝ තමයි දන්නේ...

"ම්.. ඔයාගෙ වයස කීයද?" ඇගෙන් පිලිතුරක් නොලැබෙනා බව දැන උන්නද ඈ සමග දොඩමලු වීමේ අහින්සක ආසාවක් හිත තුල දගලන්නට විය.. ඒත් ඇයි මම මෙහෙම හිතට ඕන දේ කරන්න දෙන්නේ... මම ආවේ මෙයාට හොද වැඩක් කරන්න මෙයා මට හොද වැඩක් කරයි වගේ.. අනේ පවු...

"මට අවුරුදු 17යි.." මේං බොලේ උත්තර දුන්නා... හරි නේද කෙල්ලේ කතා නොකරන එක්කෙනා ඔය යස අපූරුවට කතා කරන්නේ... ක්‍රිශ් ඉතින් කලොත් වැඩක්මනේ...

"ආ මට 18යි.." එය මගේ පිලිතුර විය..

ඇයි මං දිහා බලාගෙන නැතුව බිම බලන් කතා කරන්නේ දන්නේ නෑ නේ...? මාව බිමිනුත් පේනවද දන්නේ නෑ... මේ කෙල්ල නම් හරි අමුතුයි මොන ලෝකෙකින් ආවද මංදා...
මෙතෙක් වෙලා ගොලුව සිටි කෙල්ල මං දිහා නොබැලුවත් දැන් ටිකින් ටික මා සමග කතා කරයි... ඉතින් මටත් හරි හැපිලු ඔන්න....

ඔහේ කියවමින් ඇයත් සමග පාසලට ලගටම පැමිනියෙමි... ඇයට සුභ පතා මම පිටියට යාමට සූදානම් වෙද්දි මගේ අපත යාලුවන්ගේ ඔත්තු කාර කන්ඩායම මා ඉදිරියට පැමින මගෙන් ප්‍රශ්න කරන්නට විය
"කොහොමද ඒ කෙල්ල එක්ක කතා කලේ", "මොනාද ඒ කෙල්ල උබත් එක්ක කතා කලේ" අනේ මංදා මම නිකන් White House 1ට බෝම්බ ගහල වගේනෙ මාව මුන් ප්‍රශ්න කරන්නේ..
ඔය අතර මගේ එලම ‍ෆිට් 1 කියූ දෙයින් මං පොඩ්ඩක් කලබල විය "ඔය කෙල්ල මෙච්චර කාලෙකට කා එක්කවත් කතා කරල නෑ ඔහොම..." මොකක්?
එතකොට මම එච්චරම දක්ශයෙක්ද? නියමයි දැන් මට ගොලු අයව කතා කරවිය හැකිය නියමයිනෙ..

මොනා සිතුවත් ෆ්‍රැන්සෙස්කෝ කියූ දෙයින් මම පොඩ්ඩක් කලබල විය... හාකො හාකෝ...

..........................................................

Sunday 13 February 2011

මගේ ආදරෙ

මගේ හිත ඉල්ලනේ ඔයාවයි කෙල්ලේ...
ඒත් මන් කොහොමද ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ...
මම මහ පවු කාරයෙක් 
මට තේරෙන්නේ නෑ මගෙ හිත ඇයි ඔයාවම ඉල්ලනෙ කියලා
ඒත් මම කොහොමද ඒ දේ කරන්නේ...

මන් ආසයි ඔය තුරුලට වෙලා හිතේ දුක නැති වෙනකන් අඩන්න..
ඒත් ඔයා පවු..
ඔයාගේ ආදරේ මන් වගේ පවු කාරයෙක්ට ගැලපෙනෙන නෑ..
ඒක හින්දා මම ඉවසන්නම්...

මම ආසයි මගේ හිතේ ඉන්න ඒ පුන්චි කෙල්ල
ලස්සන මනාලියක් වෙලා යනවා බලන්න...
ඒත් ඒ මන් එක්ක නෙමේ
හොද වැදගත් මහත්තයෙක් එක්ක...
මම එදාට එන්නම් ඔයාට සුබ පතන්න
මේ තමයි කෙල්ලෙ මගේ ආදරෙ...

හැමදාම හීනයක් වෙලා මන් ලගින් රැදෙන්න...
ඒ හීනෙට මම ආදරෙයි මේ හැමදේකටම වඩා
ඇත්තමයි මම කියන්නේ

Friday 11 February 2011

මමයි මමයි මමයි


හිතට දුකක්  දැනෙනව.. ඇයි දන්නේ නෑ..
මොනා වෙලාද කියලා මට තේරෙන්නේ නෑ...
මහා හිස් කමක්... මහා පාලුවක් මාව වහගෙන..
ඒ ආලෝකය මගෙන් අයින් කරලා..
මම ආසවෙන් හිටපු...මම බලන්න ආසවෙන් හිටපු...
ඒ එලිය මගෙන් දුරස් වෙනවා වගේ...
මම දන්නේ නෑ මොනා කරන්නද කියලා...
මං එන්න එන්න තනි වෙනවා වගේ.. හිතාගන්න බෑ ඇයි කියලා...
මහා ඉඩෝරෙකට අහුවෙලා හිටිය මට පුන්චි පොද වැස්සක් දීලා 
ඔයා මගේ හිතේ ලොකූ බලාපොරොත්තුවක් ඇති කලා..
ඒ බලපොරොත්තුව හිතේ වැඩෙද්දි ඔයා ගිහින්...
ආයෙමත් මහා තනිකමක්..

මම බලාපොරොත්තු වුනේ නෑ ඔයාව මගේ කරගන්න..
ඔයා මගේ නෙමෙයි කියන්නත් මම දන්නවා..
ඒත් මම ආස කලා ඔයා දිහා බලාගෙන ඉන්න..
පොඩි ලමයෙක් හද දිහා බලාගෙන ඉන්නව වගේ...
ඔව් ඔයා මගේ ජීවිතේට හිතගන්නත් බැරි වෙගෙකින් ආවා...
ඒත් දැන් ඔයා හිතා ගන්නත් බැරි වෙගෙකින් මාව දාල යනවා...
ඔව් ඔයා යන්න ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න..

මම ඉන්නම් මෙතනම... ඔයා දිහා බලාගෙන...
ඒත් මම නිකමෙක් වෙන්නේ නෑ...
මගෙ බලාපොරොත්තු මගේ හීනයන් මම ලං කරගන්නව..
මගේ තනිකම මට හුරුයි...
ආසයි තනි වෙන්න...
මමයි මමයි මමයි විතරක් ඉන්න...

Wednesday 9 February 2011

ඒත්.....?



මටත් හොරා සිතට එබී...
මොනවද නුබ ඔය කරන්නේ...
ආදරයක් දෝතට දී...
මොනවද නුබ මේ පතන්නේ...

ආසයි මං අත් අල්ලං...
ඇවිදින්නට ලොකේ වටේ...
ඒත් කෝම අත් අල්ලං...
ඇවිදින්නේ ලෝකෙ වටේ...

දහසක් නෙත් අප වෙත ඒයි
බේරෙන්නට විදිහක් නෑ
බේරුනාට වැඩකුත් නෑ
නුබ මා හට අයිතිත් නෑ

අප කුමක්ද මේ කරන්නේ
මා හට දැන් වැටහෙන්නෑ
වැටහුනාට වැඩකුත් නෑ
හිත මා හට නතු වෙන්නෑ

හිතින් නුබට ආදරේ කරන්නම් හැමදාමත්
නුබ මා ලග හිටියත්, නොහිටියත්
මට ඕන එකම දේ
මගේ ඇස් දෙක පියවෙනකන් 
නුබ සතුටින් ඉන්නව බලන්න විතරයි
ඊට පස්සෙත් සතුටින්ම ඉන්න...
මේකට ආදරේ කියන්න එපා
මේ දේ ආදරේට වඩා ගොඩක් ගැබුරුයි
අනන්තයටත් වඩා ඈතට විහිදුන හැගීමක්
ඒ හැගීම තමයි මගේ ජීවිතයම
මං කවදාවත් කියන්නේ නෑ "මම ඔයාට ආදරෙයි" කියලා
ඒ දේ මගෙන් විදින්න...
ඔව් මං වැරදියට හිතුවට ඔයාට මාව හොද යාලුවෙක් විතරයි කියන්න මම දන්නවා
ඒත්.....?

නුබ



මලකි නුබ සුවද විහිදුවන...
ගගකි නුබ සිසිල් දිය බෙදන...
පවනකි නුබ වෙහෙස නිවන...
මගේ නොවෙයි මා ලග ‍රැදෙන...

ගන්නට සිතයි මගෙ තුරුලට...
දීමට සිතයි හාදුවක් නලලට...
කීමට සිතයි කවියක් නුබටම...
මගේ නොවෙයි මා ලග ‍රැදෙන..

ඔව් නුබට මං ආදරෙයි මුලු හිතින්ම ඒත් ඒ හිතින් පමනයි...
නුබ මට වටී මටත් වඩා....
කියන්නට ලෝබයි ආදරේ නුබට...
ලගින් ඉන්න මිතුරකු විලස හැමදාටමත් මා ලගින්ම...

Tuesday 8 February 2011

සුරඟන ඇස් 03



හිතාගෙන හිටියට කතා කරන්න බෑ කියලා ඔයාටත් කතා කරන්න පුලුවන් නේ... ආඩම්බර කමටද කතා කරන්නේ නැත්තේ නැත්නම් වෙන හෙතුවකටද? අනේ මංදා.. ඔයා හරි අමුතුයි කෙල්ලේ ආස්‍රය කරලම බලන  ඕනා... සිතුවිලි අතර සැරිසරමින් මං ගෙදරට සැපත් වීමි... "ආ.. මෙන්න බොලේ ගේ මගෙ ලගට ඇවිත් නෑ නෑ මං ගේ ලගට ගිහින්" ගෙදරට ආවට වඩා අපායකට ආවනම් හොදයැයි සිතුනි.. ගෙදර අඩුම තරමේ විහිලුවක් කරන්නට කූබියෙක් වත් නැත අඩුම තරමේ කූබි පැටියෙක් වත්ද නැත... සිටියාද හොයන්නට බැරිය...

නිවසට පැමින වොශ් 1ක් දමා ගත්ත මම මගේ අතීජාතයන් කොහේදැයි සොයන්නට විය.. සද්දයක් වත් නැත මුන්ට ෆෝන් අරන් දීපු උන්ට ගහන්නට හිතෙන්නේ මේ වෙලාවට තමයි.. ලගට ගිහින් උබට මං දැන් කෝල් 1ක් ගන්නවා කතා කරපන් යැයි කියා කෝල් කලොත් නම් මුන්ට කතා කිරීමට පුලුවන... මේ වගේ වෙලාවකට මුන්ව හොයාගන්න පුලුවන් බංකු යට, කනු බදාගෙන වගේ තමයි... හරි හරි මාවත් මේ වෙලාවට හොයන්න පුලුවන් එහෙම්මම තමයි... කෙසේ හෝ පැයක් පමන ගත වන විට එකෙක්ව හොයාගන්නට පුලුවන් විය... දැන් අපි දෙන්නයි... "කෝ අනිත් උන්?" මං උගෙන ඇසූ විට මූද ඇස් ලොකු කර "කෝ අනිත් උන්?" කියා මගෙන් ඇසීය මට මලය.. බිම බලන විට මා අවට හිමද දිය වී ඇත... මූ තුමාට එය තේරී හරි හරි උන්ව හොයමු කියා මාවත් ඇදගෙන යන්නට විය, තවත් බැය බාගයක් යන විට සෙට් එකම සොයාගන්නට හැකි විය... මුන් ටික ඉන්නා නිසා මාහට හවස් වරුව හොදට ව්‍යායාම කල හැකිය හැමදාම නොවුනත්
මාසෙකට දවස් 40ක් විතර මෙවන් විනාසයන් සිදු වෙයි..

දැන් සෙට් 1ඒම ප්‍රදාන මාතෘකාව මා හට හවස උන දේය.... මෙවන් විනාසයක් මං දැන ගෙන උන්නානම් මුන්ව හොයා එන්නේ නැත... එකෙක්ට කියා කට ගන්නා විට තවකෙක් අසයි ඌට කියා කට ගන්නා විට තවකෙක් අසයි... අවසානයේ මාගෙ පුන්චි මොලයට නියම අදහසක් පහල විය කට්ටියව බිම ඉදවා මං හිට ගත්තාය මුන් දැන් පොඩි උන් මෙන් කම්මුල්වලට අත ගසාගෙන මාගේ වීර ක්‍රියාව ඇසීමට සූදානම්ව සිටී අනේ මේ මූනු ටික මෙහෙම පේද්දි මං හිත පාලනය කරන්නේ කොහොමද..? මේ වගේ සීත වෙලාවක, කිවුවට එච්චර සීත නෑ 2C වගේ තමයි සීත, මූනට හොද වතුර පාරක් වැදුනොත් කොහොමද දන්නේ නෑ නේ... ඔන්න දැන් තමයි නියම වීර ක්‍රියාව පටන් ගන්නේ මං උගුර පාදමින් අසල තිබූ වතුර බෝතලයක් අතට ගෙන වතුර උගුරක් බී කතාව කියන්නට ලෑස්ති වීමි මුන් සෙට් 1 තාමත් කට ඇටගෙන බලගෙන සිටී අනේ මේ මූනු ටික දැක්කාම කොහොමද මම වතුර නොගහ ඉන්නේ... කමක් නෑ මුන් පවුනේ..

 "චකස්" මොකක්ද බොල ඒ සද්දේ....? ආ.... මොකද මුන්ගෙ මූනේ වතුර....? කෝ මේ බෝතලේ තිබ්බ වතුර ටික... තප්පර කීපයකින් මට සියල්ල වැටහුනි මගේ අත විසින් මුන්ට වතුර ගසා ඇත... දැන් ඉතින් මොනා කරන්නද මුන් ටික මට ගහන්න ඉස්සර මෙතනින් මාරු වෙනවා ඇරෙන්න... මං හැරෙන්නටත් පෙර මගේ කන ලගින් හිම බෝලයක් විසිවනු මට දැනුනි.. ආ නියමයි දැන් ඉතින් වතුර ගැහුව වගේ නෙමේ කකුල් දෙකට පින් දීල දුවන්න තමයි තියෙන්නේ.. කොපමන වේලාවක් මා දිවුවාද කියා මට මතක නැත මතක ඇති එකම දෙයනම් මට හොදටම හැති වැටී බිම වතිරුනා පමනකි මා වට කරගත්තාවූ 10 පමන වන මැරයන් පිරිසක් මට පමනක් බලපාන හිම වැස්සක් වැස්සවූවාය..

විනාඩි පහකට පමන පසු උන්ම මාව නැගිට්‍ටුවා පිස්සු නැටීමත් එතනින් නවත්වා මට සිදූ දෙය අසන්නට විය.. මමත් වචනයක් වත් අඩු නොකොට මාගේ ප්‍රකාශය ඉදිරිපත් කලා උන්ද කට ඇරගීන අහගෙන සිටියහ.. මේක නිකන් මම ඉතාලි පා පන්දු කන්ඩායමෙ නායකය වෙලා ලෝක කුසලානය දින්නා වගේනෙ මගෙන් ප්‍රශ්න කරන්නේ මං යාන්තම කතාව පවසා ඉවරයක් කෙරුවාය.. අනේ බොල ගොලු කෙල්ලේ උබ මට කරපු දෙයක් ඉන්නකො හෙට අල්ලගන්නම්... ඔය කටින් වචන සීයකට වඩා කතා කරවල තමයි මම නවතින්නෙ... ඔයා දන්නෙ නෑනෙ මම කවුද කියලා හෙට බලාගත්තැකි මම කවුද කියලා


මගේ රාජකීය කතාව ඇසුවාට පසු අපි සෙල්ලම් කිරීමට ක්‍රීඩා පිටියට යන්නව වීමු... උදේ මාගේ පැවති නොසන්ඩාල ක්‍රීඩා විලාශය වෙනුවට නැවත මාගේ සුපුරුදු ක්‍රීඩා විලාශය පැමින ඇති සෙයක් මට දැනුනේ විරුද්ද පැත්තේ ගෝල රකින්නා හිසේ අත ගසාගෙන සිටිනවා දැකීමෙන් හා එයට ඇලෙක්ස් දුන් පිලිතුරු හේතුවෙනි
"අර මොකද බං ඔලුවට අත ගහගෙන ඉන්නෙ" කියා ඇසුවෙමි... ඇලෙක්ස් මගේ ඔලුවට ගසා
"උබ කොහෙ ඉදන්ද සෙල්ලම් කරන්නෙ"
"පිට්ටනියෙ ඉදන්නේ.." ඒ මූ සෙල්ලම් කලාට ඒකවත් දන්නේ නැද්ද? මම හිතින් සිතුවෙමි
"මං දන්නාව පිට්ටනියෙ ඉදන් තමයි කියලා උබේ හිත තියෙන්නේ කොහෙද?"
මූටනම් හොදටම පිස්සු වගේ "ඇයි බොල හිත තියෙන්නේ පපුවෙනෙ"
මම ඇලෙක්ස් ගේ හිස අත්ගාමින් පැවසුවෙමි...
වෙන්න බැ උබේ හිත වෙන කොහෙ හරි තියෙන්නේ නැත්නම් උබ ගෝල් 5ක් ගහපු එක උබට අමතක වෙනෙන කොහොමද?
"මොකක්?" කවුද මටත් හොරෙන් මගෙ නමට ගෝල 5ක් ගැහුවේ.... මේ ලෝකෙ හරි අසාදාරනයි... මම එසේ සිතුවෙමි...

.......

ක්‍රීඩා කිරීමෙන් පසු නිවෙස් බලා යන්නට විය නිවෙස් වලට යන විට පාරේ ඇති හිම මට විරිත්තන්නට විය.. යකා ගිය පාර මම හිම අහුරක් ගෙන පොඩි කර පොඩි කර අතට ගත්තෙමි.. එය දැක මගේ මිතුරන් දුවන්නට විය.. අනේ මංද මුන්ට මොනා වෙලාද කියලා.. එසේ සිතමින් වෙර යොදා හිම ගුලිය වීසි කලෙමි පාවෙමින් ගමන් කල හිම බෝලය ෆ්‍රැන්සෙස්කෝගේ පිට මත වැදිනි.. මම තනියම මා සමග තරග කිරීමට 10ක් අනේ මටත් මොකෝ.. තනියම කිවුවට මමයි, වම් අතයි, දකුනු අතයි, වම් කකුලයි, දකුනු කකුලයි අපි 5 දෙනෙක් ඉන්න බව මතක් වූයෙ ස්වල්ප වේලාවකට පසුය අපි 5 දෙනා එකතු වූ විට මේ ලෝකයම උනත් පෙරලිය හැකිය... මා දෙසට වේගයෙන් ඇදෙන මිසයිල ප්‍රහාර වලකාලමින් මා ඉතාමත් වේහයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට විය සතුරු කන්ඩායම ඉතාමත් කෙටි කලකින් මර්දනය කරන්නට මට හැකි විය.. පසුව ඔවුන් පැමින මගෙන් සමා ඉල්ල සාමගිවිසුමකට අත්සන් තබා මා වටා ආරක්ශක බැම්මක් ඉදි කොට මාව ඉතාමත් ආරක්ශා සහිතව නිවස කරා ඇරලුවහ....

......

නිවසට ගොස් ඇග පත හෝදා ඇදට වැ‍ටුනි... මහා පාලුවකින් මගේ හිත වසාගන්නට ඒ සුවල්ප කාලයට හැකි විය.. කොච්චර පිස්සු නැ‍ටුවත් මම මහා හිස් පුද්ගලයෙක් බව මගේ හිතට දැනුනි... මං මේ හිස් බවට පාලුවට ආස නොකලෙමි මගේ හිතට ඕනා විදිහට මාව පාලනය කරන්න දෙන්න බෑ.. මන් එසේ සිතා පාපන්දු තරගයක් නරබන්නට විය... තරගය අතර තුර මට ඒ බෝල ගෙඩි ඇස් දෙතුන් වතාවක්ම මතක් විය... මතක් වෙන හැම පාරකම මගේ මුහුනට සිනාවක් ලන් විය... ඒ සිනාවෙ අරුත "ඔයා හෙට ඉවරයි කෙල්ලේ" විය හැක.... අපි ඒක හෙටම බලමුකෝ...  එසේ සිතා මං නිදන්නට විය......

.....

Sunday 6 February 2011

හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැත

`

ඔව් කෙල්ලේ මං දන්නව ඔයා කවදාවත් මට අයිති නෑ කියලා....
ඒත් මගෙ හිත මට පාලනය කරන්න බැරිනම්..

ඔව් මං දන්නවා ඔයා මට පිපුන මලක් නෙමෙයි කියලා...
ඒත් ඒ මලේ ලස්සන දකින්නේ නැතුව ඉන්න බැරිනම්...

ඔව් මං පින් කරලා නෑ ඔයාව මගේම කරගන්න...
ඒත් මං පව් කරලත් නෑ ඔයාව නොදැක ඉන්න...

ඔව් මං දන්නව මේක කිසි තේරුමක් නැති වැඩක් කියලා..
ඒත් මං වෙන මොනවා කරන්නද?

හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැත!

Friday 4 February 2011

මා පැතූ ආදරය... ලත් තැනම ලොප් විය...



සිතුවත් ආදරය කරන්නට...
මගේ මුලු හදින්ම...
නොසිතුවෙමි කිසි දිනක..
ඔබට මා එපා බව...

මැවූමුත් අප හට,,,
මා සිහින මාලිගා...
නොසිතුවෙමි කිසි දිනක..
ඔබට එය එපා බව



අනේ බොල කෙල්ලෙ උබ හිතුවෙ මං උබේ පස්සෙන් එයි කියලද?
මගේ හිත බිදපු උබේ බොරු ආදරෙ මට ජිල් බෝල දෙකක් තරම්වත් වටින්නේ නෑ....
ඇයි වෙන කෙල්ලො නැද්ද? 
උබේ පස්සෙන් අවිත් ආදරේ හිගාකන්න මට පිස්සු කියලා හිතුවද?

උබේ ගමන උබ උබේ පාඩුවෙ යමං..
මගේ ගමන මට යන්න දීලා

සුරඟන ඇස් 02

සබැදියන්: 




මට මොනා වෙලාද කියලා මටවත් හිතාගන්න බෑ.. එක්කෝ ඒ කලු ඇස් කාරි එක පාර මගේ සමාව බාරගත්තනම් මෙහෙම ප්‍රශ්නයක් නෑනෙ... හ්ම්.. අද හවසවත් මේ ප්‍රශ්නෙ ඉවරයක් කරගන්න ඕනා නැත්නම් වෙන්නේ හැම තිස්සෙම මේක ඔලුවට කරදරයක් වෙලා මගේ බලාපොරොත්තුව මගෙන් දුරස් වෙන එක.. අද බැනුම් අහුවා හොදටම ඇති.. ලබන මාසේ ‍තෝරගැනීම් තරග වලට මෙහෙම සෙල්ලම් කරන්නයෑ... එහෙම උනොත් නම් අනාත වෙන්නයි වෙන්නේ...  හැම දේම සැහැල්ලුවට අරන් පුරුදු මට මේ ප්‍රශ්නය මහ බරක් විය...

.....

මා කොපමන වේලාවක් කල්පනා කරමින් පැමිනියේදැයි මතකයක්වත් නැත.. තනි වීමේ උවමනාවක් තිබුන නිසා මා යහලුවන්ට වඩා ගමන බාලකලෙමි.. ඔවුන් මට අලුත්ම පිස්සුවක් හැදිලායි විහිලු කරමින් යන්නට විය... ඇත්තටම යහලුවන් අතර පිස්සුම චරිතය මම විය.. ඒත් ඒ අද උදේ සිදුවීමෙන් පසු මට කුමක් වූයේදැයි මම නොදනිමි... ආඩම්බරකාරි මිනිස්සුන්ගෙ අතින්නෙ වැරදි වෙන්නේ මොකද වෙන්නේ සමාව ඉල්ලපුවම දුන්නනම් නිකන් අතින් පයින් යනව වගේ....

නැවත ඒ ඇස් දෙකේ හිමි කාරියගෙන් සමාව ඉල්ලා මේ ප්‍රශ්නය මෙතනින්ම ඉවරයක් කරගත යුතුය.. එහෙත් මා කවරදාකවත් එක වැරද්දකට එක පාරකට වඩා සමාව ඉල්ලා නොමැත... නෑ සමාව ඉල්ලලම නෑ කිවුවොත් තමයි හරි ඒත් ඒ ඇස් 2 මට කරදර කරන්නේ අයි මෙච්චර.. ඇයි මගෙ හිත මට කරදර කරන්නේ ඒ කෙල්ලගෙන් සමාව ගන්න කියලා...  මගේ ගෑහැනු යාලුවන් ගැන කිසි විටකත් මට මෙවන්න සිතුවිල්ලක් පහල වී නෑ.. මගෙ අතින් එයාලට වැරද්දක් උනත් සමාව ඉල්ලන්න හිතිලම නෑ.. අනේ මංදා මට මොනා වෙලාද කියලා...  මේ විදිහට ගියොත් නම් අද හවස Ricardo ගෙ ගෙදර ඇති පිස්සු නැටීමට අබ සරනයි..

.......

යහලුවන්ව බොරු කන්දකින් වහලා පසල අද්දර පාරට පැමිනියේ ඇයගෙන් සමාව ඉල්ලීමටය.. "එන්නේ නැද්දෝ අපිටත් වැඩ තියනවා" මං මටම කියාගනිමින් වෙලාව කන්න වගේ ඔරලෝසුව දෙස බලාගෙන සිටියෙමි.... මගේ වාසනාවට මෙන් වැඩි වෙලා යන්නට මත්තෙන් ඇය පැමිනියාය...හොද වෙලාවට දැන් ආවෙ නැත්නම් ඔරලොසුවෙ ක‍ටු බඩෙන් තමයි ගන්න වෙන්නෙ... වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කිවුවට ඉතින් පැය බාගයක් තරම් පොඩි වෙලාවයි ගියෙ... "එහෙනම් කෙල්ලේ අද හවසම් වරුවම කැවට වංදි ගෙවන්න වෙයි නේ..." දැන් අරූගෙ ගෙදර ගිහින් බැනුම් අසනවට වඩා මෙයත් එක්ක පිස්සුවක් නැටීම දාහෙන් සම්පතකි..

"ඒයි... මාව මතකද...?"
මා ඈ සිටි තැනට දුව යන අතර කෑ ගැසුවෙමි... ම්හූ ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත...
"මම ක්‍රිස්ටියන්, යාලුවො කියන්නේ නම් ක්‍රිශ් කියලා... සමාවෙන්න උදේ පොඩ්ඩක් හදිස්සියෙන් ආවෙ ඒකයි ඔයාගෙ ඇගේ හැප්පුනේ..."
ම්හු... නැවතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත...
"ඔයාගෙ නම මොකක්ද?"
"ඔයා මෙහෙ කෙනෙක් නම් වෙන්න බෑ... ඔයාට තියෙන්නෙ කලුම කලු ඇස්.. අනික ඔයාගෙ හමත් මෙහෙ අයගෙ වගේ නෙමෙයි ලස්සනයි"
"ඔබ ඇමතූ ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත" මා මටම කියාගනිමින් සිනාසුනෙමි
ඇයට ගානක් නැත ඇය ඇගේ පාඩුවේ ඇගේ ගමන යයි මං මෙතන iPod 1ක් දැම්මා සේ කියවයි... හිතාගෙන ඉන්නේ මගෙ හවස් වරුවම අනුබව කරලා බබා වගේ යන්නද.... හි හී බලාගන්නකො දැන් ඔයාට මොකද වෙන්නේ කියලා....
  මම ඇගේ කන ලගට ගොස් හයියෙන් කෑ ගැසුවෙමි...
ඈ ඔරවා මා දෙස බැලුවාය... "ආ ඔයාගේ කන් ඇහෙනවද මං හිතුවෙ ඇහෙන්නේ නැතුව ඇති කියලා එක හින්දා පොඩ්ඩක් පරීක්ෂා කලා" මං මගේ දත් වලින්ම 42ක් පෙන්වා ඇගේ ඔරවන දැස දෙස බැලුවෙමි..
හිතාගෙන ඉන්නෙ ඔය බෝලගෙඩි ඇස් දෙකෙන් මාව අල්ලන්නද...? අල්ලයි මගෙ නැට්ට මා තනිව සිනාසෙමින් මටම කියා ගතිමි..
එහෙත් ඇගෙන් කිසිදු ශබ්දයක් පිට නොවෙයි... හොද වෙලාවට මට කටහඩ පරීක්ශනයක් නැත්තේ තිබ්බනම් කෙල්ලට එම පරීක්ෂනයද සමත් වෙන්නට වෙයි...
ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත... ඉතින් මට මොකෝ... කතා කරන්න බැරි උනත් කං ඇහෙනවනෙ දැන් ඉතින් මං කියන දේ අහගන්නකෝ කියා සිතමින් මම මගේ ජීව දත්ත පත්‍රිකාවම ඈ ඉදිරියේ හෙලුවෙමි... ඈ ඇගේ පාඩුවෙ ගමන් කරයි මා මගේ පාඩුවෙ කතා කරයි අනේ මංදා... එක පාරටම මට ලස්සන කටහඩක් ඇසිනි මම බීරාන්ත තත්වයට පත්වී මේ මොකාදැයි වට පිට බැලුවෙමි කවුරුත් නැත
මෙන්න බොල මෙතන හිටිය කෙල්ල නෑ.... "මොකක්? " මට ඇහුනෙ මොකක්ද?
ම්ම්ම්.........
හරි මතක විදිහට "මම මෙලීසා..." ඒත් කෝ මේ මෙලීසා කියන එකා....
එවිට මා දු‍ටුවේ ගොලු කෙල්ල පොත් ටිකද ‍රැගෙන අතුරු පාරක දුව යන අයුරුයි...
"ආ.... එතකොට ඔයා මෙලීසද?"
හරිය ඈට කතා කිරීමටද පුලුවන.. හෙට අල්ලගන්නම්කෝ.... මම මටම කියාගෙන නිවසට යාමට පිටත් විය

Tuesday 1 February 2011

මගේ ආදරෙ


මේ කෑ ගහන්නේ නුබටයි කියලා තාම හිතෙන්නේ නැද්ද?
මං කියන ඒවා ඇහෙන්නේ නැද්ද?
මීට වඩා මට කියන්න තේරෙන්නේ නෑ 
මේ ඔයාටමයි කියලා හිතුනු වෙලාවක එන්න මං ලගට..
මං බලාගෙන ඉන්නම්..
කල්පයක් හරි...
ආසයි ඒ දවස ඉක්මනට උදා වෙනවනම්...
ඔව් මං පවු කාරයෙක්..
ඒත් මට වෙනස් වෙන්න පුලුවන්..
සමාව දෙනවනම්..
ඉක්මනට එන්න මං ලගට 
මට ඔයාව තද කරල තුරුලු කරගෙන 
මගේ ආදරෙ කියන්න ඕනා..