Thursday 30 June 2011

100

සියක් ලිපි එක පෙලට
සය මසක් යන්ට පෙර
ලියු අයුරු වත් නොදනී 
නමුදු දැන් සියය පැන

මා ලගම සිටි ඔබට
තුති පුදමි පිරි සිතින් 
තවත් මා ලග ඉදන්
දිරිගන්වනු මැනවි 

සොයුර නුඹ හැර ගියත්
නුඹ නමින් කවි පෙළක්
ලියන්නෙමි දුක් සිතින් 
නිති සුවය ලැබෙන්නට 

ලග ඉදන් හරි වැරදි
බැලූ නුඹ දැන් නෑනේ
එත් මක් කරන්නද 
මම යනවා තව දුරට 

කියවන්ට බැරි උනත්
හරි හොදයි යැයි කියපු
නුඹ සැමට තුති පුදමි
මගේ කවිය නිම කරමි 

Wednesday 29 June 2011

අවසන් ගමන

වෙලාව හවස 4 ට විතර. මුළු අහසම වලාකුළු වලින් වැහිලා මහා මුසල අදුරක් හැමතැනම පැතිරිලා. ඈත ගහක වහල හිටපු  බස්සෙක් අවේලාවේ කෑ ගහනවා කිසිම සද්දයක් අවට නැති හින්ද උගේ හඩත් හිතේ ගබුරුම තැනක මහා බියක් එක්ක අමුතුම අමුතු මුසල පාළුවක් ඇති කරනවා. 

"ඔක්කොම ලෑස්තිද?"

"ඔව්.. දැන් කීයටද බන් ගන්නේ"

"4.30 ට බන් තාම ෆාදර් ඇවිල්ල නෑ"

වෙනදා පාරේ යන කෙල්ලන්ට විහිලු කරන්න නැගල හිටපු තාප්පේ පුරාම අද එක එක බැනර්. වෙනදා අපි විහිලු කරද්දී අපිට බැනගෙන ගිය කෙල්ලෝ අද දුකින් බලන් ඉන්නවා. හේතුව..?
 හිතාගන්න බැරි හේතුවක් තාමත් හිත විස්වාස නොකරන හේතුවක්.

"මාලා.. ෆාදර් එක්කන් එන්න කවුරුත් නෑ පොඩ්ඩක් ගිහින් එක්කන් වරෙන්" 

කරුමෙටද මන්ද කාර් එකේ හොන් එකත් වැඩ නෑ.. අවුරුද්ද දාට ගෙවල් වලට බට්ටෝ විසි කර කර ගිය පාර පුරාම අද සුදු කොඩියි ගොක් කොලයි මේවා අපිට මොනාද මේ කියන්නේ.. හිත විස්වාස නොකරන ඇත්ත පිළිගන්න කියලද මේ කියන්නේ..

"ෆාදර් ඉන්නවද? "

"ඔව් මේ අර තල්දෙක පල්ලිය ලග මල ගෙදරට යන්න ලෑස්ති වෙනවා" 
ඇයි මේ මේකම මිනිස්සු කියවන්නේ.. වෙන දෙයක් ඇත්තෙම නැද්ද? 

"අපි අවේ එක්කන් යන්න තමයි. ෆාදර් ට කතා කරනවද?"

"ආ ළමයි ඔයාල මිලර් ලෑ ගෙදරින්ද? "

"ඔව් ෆාදර් අපි යමුද?"
අපි පිටත් වීමු. මහා නිශ්ශබ්දතාවක් අප අවට, වෙන දවසක නම් මෙවන් නිශ්ශබ්දතාවක් කිසිම විටක අප වෙලගන්නේ නැත. 
ටයර පාරේ ගැටෙන හඩත් ඈතින් ඇසෙන බල්ලකුගේ උඩු බිරුම් හඩත් ඇරෙන්නට ඇසෙන එකම ශබ්දයනම් අපගේ සුසුම් ලෑම් හඩ පමණි.

" මොන උනත් ඒ ළමය හොද ළමයෙක් නේ.."  

නිශ්ශබ්දතාව බිදිමින් ෆාදර් තෙපලු වදන් ශෝකයෙන් සිටි අප හදවත් තවත් අසරණ කළා මිස අපට සරණක් වූයේනම් නැත .

කෙමෙන් කෙමෙන් ගොක් කොළ වලින් සරසන ලද පාරට අප පැමිණියහ. කදුලෙන් බරවූ ඇස් වලට පාර නොපෙනුනත් මතකයෙන් මෙන් අදාල තැනට වාහනය ගෙනයාමට මම සමත් වීමි.   
වාහනය නැවතීමට තැනක් වත් සොයාගැනීමට නොහැකි වන සේ වාහන පාර පුරාවටම නැවත තිබිණ. කෙසේ හෝ වාහනය නැවත නිවසට පැමිණෙන විට ඇසුණු විලාපහඩ තව තවත් අප හිත් කාලකන්නි පාලුවකින් පිරවීමට සමත් විය. කිසිම හැගීමක් දැනීමක් නැති හිස් මිනිහෙක් නිවසට ඇතුළු විය.
ෆාදර් ගේ අවසාන ආශීර්වාදය සවන් වැකෙද්දී බොදවූ නෙතින් මම අවට බැලුවෙමි නිවාස පිරෙන්නට සිටි නෑදෑයන් මිත්‍රයන් සියලු දෙනාම හිස් බැල්මකින් ඔහුගේ නිසල දේහය දෙස බල සිටිනවා ඇරෙන්නට වෙනත් කිසිවක් මගේ නෙත නොගැටුණි.
ඔව් මේ ඉන්නේ මිනිස්සු හම්බ කරපු අපේම සහෝදරයෙක්. ලස්සන හිනාවක් හැම විටම මුහුණේ රදවාගෙන අපිව හිනස්සපු අපේම සහෝදරයෙක්. එත් අද.. ඒ හිනාව ගොළු වෙලා ඒ කතාව නැති වෙලා දරන්න බැරි දුකක් හිතේ ගබුරකම තැන්පත් වෙලා..
අපි අපිවම බදාගෙන අඩනවා... ඒ ඇඩුම් අපේම සහෝදරයකුට අපේ හිනාවට.. අද අපේ හිනාව අපිව දාල යන දුකට 

නොයෙකුත් විලාප, අඩුම් , බදාකිරීම් මැද ඔහුගේ නිසල දේහය තබා තිබු පෙට්ටිය වහන විට අපිට අපිවම අමතක විය මූ බදින දාකට හොදම රැග් එක දෙන්න හිටපු අපිට දැන් මුගේ පෙට්ටියට කරගහන්න වෙලා කියල දැනෙනකොට අපි කොච්චර අවාසනාවන්ත මිනිස්සු දැයි හිත අපෙන්ම ප්‍රශ්න කරන්නට විය  
අතින් ඇසෙන ගිනිකෙළි තවත් අපේ හිත් රිදවන විට ඒ ගිනිකෙළි මුගේ විවාහ දිනයට පත්තු කරන්නට අපේ තිබු සිහිනයන් මතක් ව තවත් අපිව අවාසනාවන්ත දුක් ගංගාවකට ඇද දැමුහ. 

ඇසෙන්නාවූ දුක් බර ගීත කන්ඩයන් විලාප හඩවල් මැදින් උරහිස මත ඇති අපේ සොයුරාගේ අවසාන යහනාව ගෙනියද්දි දෙපා වාරු නැතිව වැටෙන්නට ගියේ ශරීරයට දැනුන බරට නොවේ හිතේ තිබු බරටයි.. "නුඹ හිතේ ඇති කරපු ඒ හිඩැස යේම කවුරුද පුරවන්නේ.."
හිතෙන නැගෙන ප්‍රශ්න වදන් වලට පෙරලන්නට පුළුවන් වුනත් ඒ ප්‍රශ්න වලට උත්තර බදින්නට උබ දැන් අපි ලග නෑ... 

සියලු වත් පිළිවෙත් හී අවසානයේ නුඹ සිරුර අපෙන් වෙන්නව අඩි 6 ක් ගැබුරු සොහොනක තැන්පත් කරද්දී නුඹ අපේ හිත්  තුලත් කවමදාවත් පිරවිය නොහැකි මහා හිඩසකුත් තබා යන්නට ගිය 

ඔව් මෙතනින් සියල්ල අවසානයි... එහෙත් අපි දන්නවා නුඹ දැන් දෙවියන් තුරුලේ හිද අප දිහා බලාගෙන ඉන්නවා කියල 

Sunday 26 June 2011

රාමුව


ඔබත්, මමත්
හිර වෙමින් 
තෙරපෙමින්
සෙවුවත්
පිළිතුරු; ප්‍රශ්නයට
පිළිතුර ඇත්තේ 
පිටනම් 
"රාමුවෙන්" 

Saturday 25 June 2011

නිදිමත



ඇස පියන් වැසෙද්දී
හිස කඩන වැටෙද්දී
හැගීමක තෙරපුමක් 
හිතින් පැන නොඑද්දී
නුඹ දොඩන වදන් වැල්
අහසටම ඇහෙද්දී

නිදියන්න හිතයි මට
වැටෙන තැන ගුලි වෙමින්...

Friday 24 June 2011

කොහෙද යන්නේ?


කීයටද යන්නේ
කොහොමද යන්නේ
ඇයි යන්නේ 

කවුද දන්නේ
කොහොමද දන්නේ
ගිය අයත් එන්නේ නෑනේ 

මොනා කරන්නද?
කෝම ඉවසන්නද?
කවුරුහරි දන්නවද?

අකුරු හතරක්;
මහා වේදනාවක් 
කඳුළු ගංගාවක්  

මොනා කරන්නද
ඉවසනවා ඇරෙන්න 
අපිත් කවදාහරි යයිනේ

අන්න එදාට හම්බෙමු...

(සොදුරු මිතුර නුඹ වෙනුවෙන්...)

Milar



Milar- උඹ මට කිවුවා මතකද උඹේ කතාව මගෙ බ්ලොග් එකේ ලියහන් කියලා... මට සමාවෙයන් මචං උබ ජීවත් වෙලා ඉද්දි මට ඒ දේ කරන්න බැරි උනාට ඒත් මං දැන් මට පුලුවන් විදිහට ඒ පිස්සු කතාව ලියනවා...
උඹ කැමති විදිහටම..
ඒ කතාවට නමක් දාන්න අපේ ගේ ඉස්සරහ ගිය වලිය උඹට මතකයිද?
හරි මම අද පරදින්නම් උඹ ආස නමෙන් මම ඒ කතාව ලියන්නම්...

Saturday 18 June 2011

අකීකරු හිත


අකීකරු හිත
මෙල්ල නෑ මට 
දුවයි ඔබ මොබ 
සොයයි නුඹ තව

එහෙත් නුඹ තව 
නොමැත මන් ලග
ගිහින් නුඹ දුර
ඈත අත හැර 

පිලි නොගනී හිත
නුඹ නොමැති බව
අඬයි නෙතු පිරි 
කඳුළු බිම හෙල

මක් කරන්නද 
නොතේරෙයි මට
අඩන හිත 
වද දෙයි තවත් මට 

Thursday 16 June 2011

ඒ ආදරයද?

නුඹ,

මගේ නොවෙයි
එත් නුඹ මගෙමයි 
නුබේ හිත මගේ නොවෙයි
එත් ඒ හිතට මන් ආදරෙයි
මගේ ඇස් නුඹ පිළිනොගත්තත්
නුඹ ඒ ඇස් අඩවයි
මමවත් නොදන්නා අමුතු හැගීමක්
අපැහැදිලි හැගුමක් 
නුඹම වෙනුවෙන්
මගේ හිතේ දග කරයි

ඒ ආදරයද?



Wednesday 15 June 2011

අසම්මතය



නොතේරෙන නොදන්නා 
වචනයක පටලැවී 
හිතේ ඇති දහසක් හැගුමන්
වචනයට, ක්‍රියාවට 
නොපෙරලා
හිතේ තියන් දුක් විදින්න සැලසු
නිර්මාතෘ කවුරුන්ද
"අසම්මතයේ" 

Tuesday 14 June 2011

ජිවිතයම විහිළුවක්

මම වැලි කැටයක්
ඔව් පුංචිම පුංචි වැලි කැටයක්
කාටවත්ම එක පුංචි වැලි කැටයකින් වැඩක් නැතුව ඇති
එත්......;
පොඩ්ඩක් හිතල බැලුවද 
පුංචි වැලි කැට ගොඩක් එකතු වෙලයි
විශාල ගොඩනැගිල්ලකට බධාමයක් වෙන්නේ කියලා
විශාල ගොඩ නැගිල්ලක් ශක්තිමත් කරන්නේ කියල
ඉතින්?
තව දුරටත් ඔඹ හිතන්නේ මම වැඩක් නෑ කියලද?

ජිවිතයම විහිළුවක් නේ...?

Monday 13 June 2011

අදට අවුරුද්දක් පිරෙන සහෝදරීට සුභ උපන්දිනක් වේවා... ඒත් හොයාගන්නවත් නැති එකනේ කේස් එක....

අදට අවුරුද්දක් පිරෙන සහෝදරීට සුභ උපන්දිනක් වේවා... ඒත් හොයාගන්නවත් නැති එකනේ කේස් එක....

ගිටාරයට පෙම් බැදි ඇය





මෙරුන් පැහැයට ලස්සනයි නුඹ 
නුඹේ වැයුමද ලස්සනයි තව 
ආදරය මුසු අමුතු හැගුමක් 
නුඹේ වැයුමෙන්  පිබිද වෙයි මට

ගිටාරයේ තත් නුඹව රිදවයි
එදැක මාගේ නුවන් තෙත් වෙයි 
නුඹව සනසන සොදුරු රිද්මය 
මගේ හිත තුල තනිව නද දෙයි  

විදින්නට ඒ සොදුරු රිද්මය 
කරන ඇරයුම් අහක යයි තව 
ගිටාරයේ තත් අතර දිවියම 
ගෙවයි නුඹ මා ගණන් නොගෙනම 

හැකිද වන්නට නුඹේ ගිටාරය 
තුරුලේ ඉන්නට හැකිය එතකොට 
එවිට නුඹගේ සොදුරු වැයුමෙහි 
රැදෙන්නට හැක මියෙන තුරු මට 

Future Leaders Training camp prt 2

අද ලියන්නම් මම මොනාද අපිට ඉගැන්නුවේ කියල. මේකෙනම් වැඩිපුර ලියන්න දෙයක් නෑ අපිට එවල තියන විශයන්මයි උගන්නන්නේ එත් ලේචා හොදයිනම් මේ කොටස නම් උපරිමයි.
අපිට ජිවත් වෙද්දී ඒ දේ හරියට කරන්න ඕන කොමද කියල තමයි මුලින්ම උගන්නන්නේ.

පලවෙනි පාඩම විදිහට මෙතන උගන්නන්නේ තමන් අවට්ට පරිසරය කොමද හරියට තියාගන්නේ කියල.. මුලින්ම තමන්ගේ ඇද ඊට පස්සේ කාමරය ඊට පස්සේ අල්මාරිය ඇදුම් වැට සමහර විට අපි මේවා පාවිච්චි කලත් හරියට පාවිච්චි කරන විදිහ දන්නේ නෑනේ එක හින්ද මේ කොටස ගොඩක් වටිනවා. මොකද අපි කැම්පස් ගියාම අපි අපේ දෙමවුපියන්ගෙන් ඈත් වෙනවනේ එතකොට උදේට ඇද හදල දෙන්නවත් ඇදුම් වැට හදල දෙන්නවත් කවුරුත් නෑනේ එක හින්ද මේ කොටස ගොඩක් වටිනවා. අනිත් දේ තමයි පලවෙනි දවසේ මේක ඉගැන්නුවට පස්සේ අපි ඊලග දවස් 20 ම මේ විදිහට ඉන්න ඕන එක හොද පුරුදු වීමක්. හිටියේ නෑ කියල අපිට බනින්නේ නෑ. එත් මොකද මන්ද අනිවාර්යෙන් මේ විදිහට ඉදවෙනවා. 

පස්සේ තියෙන්නේ බෝජනාගාර වත් පිළිවෙත්
මේකෙදි අපි බෝජනාගාරෙකදී කොමද හැසිරෙන්න ඕන කියල මුල ඉදන්ම කියල දෙනවා. හොද පුරුදු නරක පුරුදු මේ ඔක්කොම. අහර අනුබව කරන ආකාරයත් කියල දෙනවා. මේක ගොඩක් වටින්නේ අපි සමාජයේ හොද තැනක ඉද්දි අපේ හැදියාවන් පෙන්නන්න මොකද පිලිවලට ඒ කටයුතු කරද්දී අනිත් ය අතර විශේෂ තැනක් අපිට ලැබෙනවා අනිත් දේ තමයි මේකත් ඉතිරි දවස් 20 ම කෙරෙනවා එතකොට නිකන්ම මේක අගට යනවා. තව දෙයක් අපිට මෙතැනදී බෝජනාගාර උපකරණ නිවැරදිව බවිත කරන ආකාරය ගැනත් කියල දෙනවා.

කල කළමනාකරණය
මේකනම් ගිය ද ඉදන්ම කරන්න තියන දෙයක්. වෙලාවට වැඩ කරන හැටි තමාගේ දවසේ වැඩ කටයුතු හරියට පිලිවලකට හදාගන්න හැටි. තමන් රැකියාවක් කරද්දී එම ස්ථානයේ වැඩ කටයුතු හරියට කරන පුළුවන් විදිහ. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහම් මේකෙදි කියල දෙනවා. 

තව මනෝවිද්‍යාව හා ප්‍රත්මදාර දේශන කීපයකුත් තියනවා. මේකෙදි ප්‍රතමාදාර දේශනයනම් ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යෙන් සහබාගි විය යුතු දේශනයක් තමයි ප්‍රත්මදර දේශනය. වෙන තැනකදී ඉගන ගන්නත් අමාරුයි අනිත් දේ ගොඩක් වෙලාවට මේක කරන විදිහ අපිට කරලම බලන්නත් දෙනවා (මිනිහෙක්ට කෘතීම ස්වසනය දෙන එක වගේ) {ආස ඇති නේ.. නෑ නෑ එකේදී දෙන්නේ ඈන් කියල උපකරණයක් මාරු ඈ....}

තව නිතිය ගැනත් උගන්නනවා.
මේක ටිකක් කම්මැලි වෙන්න පුළුවන් එත් ජීවිතේට ගොඩක් වටිනා දේශනයක්. කම්මැලි උනත් හොදට අහගෙන ඉන්න පුළුවන් තරම් නෝට් ගහගන්න. පස්සේ දවසකදී හරි ප්‍රයෝජනයක් එයි. මොකද නිතිය විෂයක් හැටියට ඉගන ගන්නේ නැත්නම් මේ දැනුම අපිට හම්බෙන්නේ අඩුවෙන් හින්ද. මේක තමයි ගොඩක්ම වටිනා දේශනය 

තව මිනිහෙක් විදිහට රටේ ඉතිහාසය දන්නේ නැත්නම් ඒ මිනිරා නිකමෙක් වගේනේ අන්න ඒ හින්දම රටේ ඉතිහාසය ගැනත් ඵට්ටම දේශන 2-3 ක් තියනවා. අපිටනම් මේ දේශනය දුන්නේ පොලිස් විද්‍යාලයේ විදුහල්පති තුමා. එතුමානම් නියමයි කට පාදමින් ඔක්කොම කියනවා අහන ඉන්නත් ආසයි. තව උගන්නද්දී කියපු කතන්දර ටිකනම් පට්ට. 

මේ ඇතිනේ, තව ඉතින් ලිංගිකත්වයට සම්බන්ද දේශන දෙක තුනකුත් තියනවා. එකෙදිනම් උනේ අපි දේශකයට උගන්නපු එක තමයි. ආ... තව කියන්න දෙයක් තියනවා STD ගැන ලේචේදී පොඩි ෆොටෝ වගයක් පෙන්නයි අනේ බලන්නනම් එපා එදා දවල් කම එතැනින්ම හබක් එහෙම උනොත්..

ස්තුතියි....

තව මොන වගේ විස්තරද ඕන කියල කියන්න ඉක්මනට...

Sunday 12 June 2011

කවමදාවත් උඹලව අමතක වෙන්නෙ නෑ මචං


ආවේ නුපුරුදු ලෙස
බියකින්, චකිතයකින්
සිංහයකුට බියව දුවන මුව පොවුවකු සේ..
දුටුවා නුඹලාව
මා ලෙසම බියවී
ගැහෙන හදවතින් බලාගෙන ඉන්නවා
මගේ හිතත් ඒ රිද්මයමටම ගැහෙන්නට විය
එහෙත් ඒ බිය කෙමෙන් පහව ගොස්
බැදුනා අප බැදීමකින්
වූවා නුඹලා මට මගේම සහොදරයින්

එහෙත්...;
දැන් වෙන්නව ගොසින් අපි..
කදුලු පිරි දෑසින්
බලමි මම නුඹලා මා අසලදැයි
සොයමි මම නුඹලාව..
එහෙත් අප වෙන්ව ගොස් හමාරයි
එක් පොරොන්දුවක් සමග
'කවමදාවත් උඹලව අමතක වෙන්නෙ නෑ මචං'

Leadership training camp - part 1

දැන් අපි බලමු අපිට මොනාද කලේ කියල... 

පළවෙනියටම  PT  ගැන බලමුකෝ... 

මුලික අරමුණ නිරෝගිමත් ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කාරන එක. ඒ අතර තුර වෙලාවට වැඩ කිරීම දරාගැනීමේ හැකියාව වැඩි කිරීම වගේ දේවලුත් තිබ්බ. අනිත් දේ තමයි කම්මැලි කම නැති කරන එක මොකද පාන්දරම නැගිටලා 6 වෙද්දෙ  PT වලට යන්න ඕන. ගියේ නෑ කියලා බනින්නේ නම් නෑ එත් අපිට උගන්නන උපදේශක වරුන්ට බනිනවා. ඉතින් වෙන යට බැනුම් අස්සවන්නේ නැතුව වෙලාවට යන්න පුරුදු වුන.

දෙවනියට ඝන සරඹ ගැන බලමු 

මේකෙදි අපගේ එදිනෙද ජිවිතයට කෙලින්ම බලපෑමක් නැතත් වෙලාවට වැඩ කිරීම කණ්ඩායමක් ලෙස එකියව සිටීම කණ්ඩායමක් ලෙස එම කණ්ඩායමේ නායකයාගේ අණට කීකරු වීම වගේම දරාගැනීමේ හැකියාවත් ඇහුන්කන් දීමේ මෙන්ම හොදින් ග්‍රහණය කිරීමේ හැකියාවත් පුරුදු වෙනවා. 

තුන් වෙනියට ප්‍රතමදාර ගැන බලමු 
නායකයකු ලෙස සමාජයේ තැනක් ඇති පුරවැසියෙකු ලෙස අපි දැනගත යුතු මුලිකම ප්‍රතමාදාර ඉගැන්නුවා.. මේකනම් අනිවාර්යෙන් වටිනවා මොකද හදිස්සියකදී අපිට ගොඩක් උපකාරී වෙනවා හින්දා. තව මේකෙදි අපිට හදිස්සි අවස්ථාවකදී තීරණ ගන්නේ කොමද කියලත් උගන්නනවා. කලබල නොවී සිටින්නත් උගන්නනවා 

හතර වෙනියට කණ්ඩායම් ක්‍රියාකාරකම් 

මේකෙදි කණ්ඩායමක් ලෙස එකමුතුව දෙනලද කාලයක් තුල අදාල වැඩක් නිම කිරීම මෙන්ම කණ්ඩායමක් ලෙස හැමෝගෙම මතයන්ට ඇහුන්කන් දෙන්න උගන්නනවා.. එක ජිවිතයට ගොඩක් වටිනවා.
මේකෙදි අපිට කරන්න තිබ්බ ආසම දෙවක් දෙක තමයි කණ්ඩායමක් ලෙස කන්දක් තරණය කිරීම දහවල් ආහාරය පිළියෙළ කර ගැනීම 
තව කණ්ඩායම් නාට්‍යක් ඉදිරිපත් කිරීම මඩේ එරුන වාහනයක් ගොඩ ගැනීම හදිස්සි අවස්ථාවකදී කණ්ඩායමක් ලෙස තීරණ ගැනීම වගේ දේවල්. තව දරාගැනීමේ පා ගමන මේ ගමන 5km  වගේ වුනාට අපිනම් ක් විතර ගිය මේකනම් කණ්ඩායමක් ලෙස ගොඩක් ෆන් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන් කොල්ලෝ විතරක් ඉන්න කෑම්ප් එකක නම් කෙල්ලෝ බලන්න තියන හොදම චාන්ස් එක පුලුවන්නම් ඉස්සරහටම යන්න කොඩිය ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදි. එතකොටනම් කෙල්ලෝ අපි දිහා හොදට බලනවා. තව හොදට කා ගගහ යන්න එතකොට තමයි නියම ෆන් එක තියෙන්නේ මේ කොටසට තමයි මන් හුගක් ආසයි

ඊට පස්සේ ඉතින් දේශනා තමයි. දේශනා ගැන දැනගන්න ඕනනම් කමෙන්ට් එකක් දන්නා. මන් ඒවා ගැන කියන්නම්. 
තව අමතක වුන මොනාහරි කරුණක් තියනවනම් මන් ඒ ගැන පස්සේ දාන්නම්... 

දැනට නවතිනවා...

පහලගමදී ලියු කවි සමග හමුවන්න
මම marlan 

Saturday 11 June 2011

Future Leaders Training camp


දැන් කට්ටිය කියනවනේ ඔය නායකත්ව පුහුණුව ගැන එක එක කතා... 
මන් දැන් කියන්න යන්නේ මන් හිටිය කෑම්ප් 1 ගැන විස්තර.. සම්පුර්ණ විස්තර මොකද ඔය විස්තර කියන අය කෑම්ප්  1ක් අතුලටවත් ගිහින්ද ඔය විස්තර කියන්නේ කියලා මට සැකයි...

ඔන්න මම කියන්නම් ඇත්තම සිද්දිය... අපි ගියා ගිය මාසේ (මැයි) මාසේ 22 වැනිදා කෑම්ප් 1 ට ගිය දවසෙනම් අත්තටමම බයක් තිබුන මේක මොකක්ද කියල හරියටම දන්නේ නැති හින්දයි පොලිස් විද්‍යාලයකට ගිය හින්දයි .. එත් පලවෙනි දවස ඉවර වෙද්දීම දැනුනා මේක හිතන තරම් නරකක් නෑ කියලා...

ඇත්තටම අපිට කරන්න තිබ්බ අමාරුම වැඩේ තමයි පෙරඩ් එක ඒ ඇරෙන්න එතන කරපු කිසිම දෙයක් නරක නෑ.... ආසාවකින් කරන්න පුළුවන්.. ඇත්තටම එම විද්‍යාලයේ සෑම ගුරුවරයෙක්ම සෑම උපදේශ කරුවෙක්ම අපිට ලොකු සහයෝගයක් දුන්න... අපේම තාත්තලා වගේ අපිව බලාගත්තා අපේම සහෝදරයෝ වගේ අපිත් එක්ක හිටියා අපේම යාළුවො වගේ අපිත් එක්ක සතුටෙන් විහිලු කරා... විශේෂයෙන්ම මතක් කරන්න ඕන පහලගම පොලිස් විද්‍යාලයේ අජිත් ගුරු පියානන්වත් සමරකෝන් ගුරු පියානන්වත් ලාල් ගුරු පියානන්වත් රූපසිංහ ගුරු පියානන්වත් මේ හතර දෙනා අපි කොච්චර පෙරඩ් එක වරද්දුවත් අපිට වචනෙකින්වත් බනින්නේ නැතුව මාරම ඉවසීමකින් පුරුදු කර... 
PT එකනම් මාරු ආසාවෙන් කළා.... එකටත් අර ගුරු මහත්වරුන් මාර සහයෝගයක් දැක්වුව... මට තාමත් මතක් වෙනවා මහන්සියට අපි ඉදගත්තම අපේ මහන්සිය යන්න ලාල් සර් කියන කතා... අපිව හිනස්සන්න එතුමා නොයෙකුත් කතා කිවුවා අපේ මහන්සිය නැති කරන්න....

අනිත් දේ තමයි එතන තිබුන උපදේශන පන්ති... ගොඩක්ම ස්තුති වෙන්න ඕන අපේ පොලිස් පරීක්ෂක මහත්මයට ඇත්තටම සර් අපිට ගොඩක් දේවල් ඉගැන්නුවා ජීවිතය ගැන නායකත්වය ගැන නිතිය ගැන සමාජ සම්බන්දත පවත්වාගෙන යන ආකාරය ගැන මන් නිතිය ගැන උගන්නද්දී ප්‍රශ්නනම් ටිකක් වැඩිපුර ඇහුව තමයි එත් සර්ට ඒවා කරදරයක් උනේ නෑ... ඒ හිනාව මුනේ තියාගෙනම ඒවාට උත්තර දුන්න..... 

තව අපිට තිබුන පා ගමයි කදු නැගීමයි ලස්සනට සංවිදානය කරන්න පහලගම පොලිස් විද්‍යාලයේ oic  සර් මාරම වෙහෙසක් දරුවා එකේ ප්‍රතිපල උපරිමයෙන් අපි වින්දා...

ඇත්තටම මේ කෑම්ප් එක මගේ ජීවිතේට ගොඩක් බලපෑම් කළා ගොඩක් නිශ්ශබ්ද පුද්ගලයෙක් වුන මම 150 ක් පමණ සෙනගක් ඉදිරියේ ගීතයක් ගයනා කළා මගේ ජිවිතේ ප්‍රථම වතාවට. තව කවදාවත් නැතුව මම විවාදෙකට සහබාගි උන... එක නම් 100% සාර්ථක නොවුනත් මන් සතුටු වෙනවා මගේ ඉදිරිපත් කිරීම ගැන. 
මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කලා... මට හරිම සතුටුයි මන් ගැනම.. කියන්න නම් දෙවක් ගොඩක් තියනවා මම ඒවා පස්සේ කියන්නම් දැනට මේ ඇති... 
දරාගැනීම නම් උපරිමයි දැන් වෙනදා කාර් එකේ ගමනක් ගිහින් ඇවිත් පැයක් විතර නිදාගන්න මම අද බස් එකක 130km පමණ ඇවිල්ලත් තාමත් පියවි තත්වයෙන් ඉන්නවා... 

තව විශේෂයෙන් කියන්න ඕන අපි හිතාගෙන හිටියට පොලිස් නිලදාරියෙක් කියන්නේ මහා සැර පරුෂ පුද්ගලයෙක් කියලා මේ දවස් ටිකට මගේ ඒ හැගීම නැති උනා... විශේෂයෙන්ම අද දවසේදී... අපේ ඇස වලට කදුළු එන්න කලින් අපේම ගුරුවරු කදුළු පිරිච්ච ඇස වලින් අපි දිහා බලාගෙන ඉද්දි ඒ දැනුන වේදනවා වචනයකින් කියලා නිම කරන්න බෑ.. 

මම ගරු කරනවා ඔබලාට විශේෂයෙන් අජිත් සර්ට.... මන් ටිකක් කරදර කලත් වචනෙකින්වත් මට බන්නේ නෑ... 


මම ආමි....

මම ආමි....