Wednesday 29 June 2011

අවසන් ගමන

වෙලාව හවස 4 ට විතර. මුළු අහසම වලාකුළු වලින් වැහිලා මහා මුසල අදුරක් හැමතැනම පැතිරිලා. ඈත ගහක වහල හිටපු  බස්සෙක් අවේලාවේ කෑ ගහනවා කිසිම සද්දයක් අවට නැති හින්ද උගේ හඩත් හිතේ ගබුරුම තැනක මහා බියක් එක්ක අමුතුම අමුතු මුසල පාළුවක් ඇති කරනවා. 

"ඔක්කොම ලෑස්තිද?"

"ඔව්.. දැන් කීයටද බන් ගන්නේ"

"4.30 ට බන් තාම ෆාදර් ඇවිල්ල නෑ"

වෙනදා පාරේ යන කෙල්ලන්ට විහිලු කරන්න නැගල හිටපු තාප්පේ පුරාම අද එක එක බැනර්. වෙනදා අපි විහිලු කරද්දී අපිට බැනගෙන ගිය කෙල්ලෝ අද දුකින් බලන් ඉන්නවා. හේතුව..?
 හිතාගන්න බැරි හේතුවක් තාමත් හිත විස්වාස නොකරන හේතුවක්.

"මාලා.. ෆාදර් එක්කන් එන්න කවුරුත් නෑ පොඩ්ඩක් ගිහින් එක්කන් වරෙන්" 

කරුමෙටද මන්ද කාර් එකේ හොන් එකත් වැඩ නෑ.. අවුරුද්ද දාට ගෙවල් වලට බට්ටෝ විසි කර කර ගිය පාර පුරාම අද සුදු කොඩියි ගොක් කොලයි මේවා අපිට මොනාද මේ කියන්නේ.. හිත විස්වාස නොකරන ඇත්ත පිළිගන්න කියලද මේ කියන්නේ..

"ෆාදර් ඉන්නවද? "

"ඔව් මේ අර තල්දෙක පල්ලිය ලග මල ගෙදරට යන්න ලෑස්ති වෙනවා" 
ඇයි මේ මේකම මිනිස්සු කියවන්නේ.. වෙන දෙයක් ඇත්තෙම නැද්ද? 

"අපි අවේ එක්කන් යන්න තමයි. ෆාදර් ට කතා කරනවද?"

"ආ ළමයි ඔයාල මිලර් ලෑ ගෙදරින්ද? "

"ඔව් ෆාදර් අපි යමුද?"
අපි පිටත් වීමු. මහා නිශ්ශබ්දතාවක් අප අවට, වෙන දවසක නම් මෙවන් නිශ්ශබ්දතාවක් කිසිම විටක අප වෙලගන්නේ නැත. 
ටයර පාරේ ගැටෙන හඩත් ඈතින් ඇසෙන බල්ලකුගේ උඩු බිරුම් හඩත් ඇරෙන්නට ඇසෙන එකම ශබ්දයනම් අපගේ සුසුම් ලෑම් හඩ පමණි.

" මොන උනත් ඒ ළමය හොද ළමයෙක් නේ.."  

නිශ්ශබ්දතාව බිදිමින් ෆාදර් තෙපලු වදන් ශෝකයෙන් සිටි අප හදවත් තවත් අසරණ කළා මිස අපට සරණක් වූයේනම් නැත .

කෙමෙන් කෙමෙන් ගොක් කොළ වලින් සරසන ලද පාරට අප පැමිණියහ. කදුලෙන් බරවූ ඇස් වලට පාර නොපෙනුනත් මතකයෙන් මෙන් අදාල තැනට වාහනය ගෙනයාමට මම සමත් වීමි.   
වාහනය නැවතීමට තැනක් වත් සොයාගැනීමට නොහැකි වන සේ වාහන පාර පුරාවටම නැවත තිබිණ. කෙසේ හෝ වාහනය නැවත නිවසට පැමිණෙන විට ඇසුණු විලාපහඩ තව තවත් අප හිත් කාලකන්නි පාලුවකින් පිරවීමට සමත් විය. කිසිම හැගීමක් දැනීමක් නැති හිස් මිනිහෙක් නිවසට ඇතුළු විය.
ෆාදර් ගේ අවසාන ආශීර්වාදය සවන් වැකෙද්දී බොදවූ නෙතින් මම අවට බැලුවෙමි නිවාස පිරෙන්නට සිටි නෑදෑයන් මිත්‍රයන් සියලු දෙනාම හිස් බැල්මකින් ඔහුගේ නිසල දේහය දෙස බල සිටිනවා ඇරෙන්නට වෙනත් කිසිවක් මගේ නෙත නොගැටුණි.
ඔව් මේ ඉන්නේ මිනිස්සු හම්බ කරපු අපේම සහෝදරයෙක්. ලස්සන හිනාවක් හැම විටම මුහුණේ රදවාගෙන අපිව හිනස්සපු අපේම සහෝදරයෙක්. එත් අද.. ඒ හිනාව ගොළු වෙලා ඒ කතාව නැති වෙලා දරන්න බැරි දුකක් හිතේ ගබුරකම තැන්පත් වෙලා..
අපි අපිවම බදාගෙන අඩනවා... ඒ ඇඩුම් අපේම සහෝදරයකුට අපේ හිනාවට.. අද අපේ හිනාව අපිව දාල යන දුකට 

නොයෙකුත් විලාප, අඩුම් , බදාකිරීම් මැද ඔහුගේ නිසල දේහය තබා තිබු පෙට්ටිය වහන විට අපිට අපිවම අමතක විය මූ බදින දාකට හොදම රැග් එක දෙන්න හිටපු අපිට දැන් මුගේ පෙට්ටියට කරගහන්න වෙලා කියල දැනෙනකොට අපි කොච්චර අවාසනාවන්ත මිනිස්සු දැයි හිත අපෙන්ම ප්‍රශ්න කරන්නට විය  
අතින් ඇසෙන ගිනිකෙළි තවත් අපේ හිත් රිදවන විට ඒ ගිනිකෙළි මුගේ විවාහ දිනයට පත්තු කරන්නට අපේ තිබු සිහිනයන් මතක් ව තවත් අපිව අවාසනාවන්ත දුක් ගංගාවකට ඇද දැමුහ. 

ඇසෙන්නාවූ දුක් බර ගීත කන්ඩයන් විලාප හඩවල් මැදින් උරහිස මත ඇති අපේ සොයුරාගේ අවසාන යහනාව ගෙනියද්දි දෙපා වාරු නැතිව වැටෙන්නට ගියේ ශරීරයට දැනුන බරට නොවේ හිතේ තිබු බරටයි.. "නුඹ හිතේ ඇති කරපු ඒ හිඩැස යේම කවුරුද පුරවන්නේ.."
හිතෙන නැගෙන ප්‍රශ්න වදන් වලට පෙරලන්නට පුළුවන් වුනත් ඒ ප්‍රශ්න වලට උත්තර බදින්නට උබ දැන් අපි ලග නෑ... 

සියලු වත් පිළිවෙත් හී අවසානයේ නුඹ සිරුර අපෙන් වෙන්නව අඩි 6 ක් ගැබුරු සොහොනක තැන්පත් කරද්දී නුඹ අපේ හිත්  තුලත් කවමදාවත් පිරවිය නොහැකි මහා හිඩසකුත් තබා යන්නට ගිය 

ඔව් මෙතනින් සියල්ල අවසානයි... එහෙත් අපි දන්නවා නුඹ දැන් දෙවියන් තුරුලේ හිද අප දිහා බලාගෙන ඉන්නවා කියල 

8 comments:

  1. ඇත්තටම ගොඩක් දුකයි මල්ලි ඔයාගේ යාළුවාට වෙච්ච දේ අහලා. අපි ඒ යාලුවාට දෙව්මවුන් තුරුලේ සැනසීම පතමු.

    ReplyDelete
  2. හ්ම්... ඔව් අයියේ.. ඒ දේ විතරයි අන්තීමට ඉතුරු වුනේ...

    ReplyDelete
  3. ou malan,,,,apita ethuru une duka vithrai,,,,,manusayo vana apata daragatha nohaki deval valin ekak thama ,,,Duka ,,, kiyanne,,,,oya hamadama api ekka ,,mill.............

    ReplyDelete
  4. කියවගෙන යද්දි ගොඩක් දුක හිතුන බං. ඒත් මොනව කරන්නද? එන හැම කෙනාටම යන්න වෙනව.

    ReplyDelete
  5. එරා: හ්ම්... ඔව් බන්z කෝමද අෆි මිලාව අම්තක කරන්නෙ?

    කසුන්: ඔව් බන් ඒත් යන්න මේ ඉක්මන් වැඩී බං අවුරුදු 20 යන්නත් වයසක්ද බං

    ReplyDelete
  6. මාලන් හොද උන් තමා ඉක්මනින් යන කතාව උබ දන්නවා නේ, ඒ වගේම මූත් යන්න ඇති, මට ඒ කතාව ඇත්ත උන සිද්දි කීපයක්ම වෙලා තියනවා, පුදුම විදිහට මිනිස්සුන්ට ලං වෙනවා, එහෙම ගොඩක් අයව ලං කරගෙන ඒ සේරමන්ටම දුකක් දීලා සෙනග පුරෝගන අන්තිම ගමන යනවා.

    ReplyDelete
  7. කියවද්දි ඇත්තටම දුක හිතුනා.. ඒත් අපි කාටත් මේ දේ පොදුයිනේ...

    ReplyDelete
  8. හ්ම්ම්ම්...මම ඒ අයියව හොදට දැකල තියනව අපෙ ඉස්කෝලෙ හිටියෙ..අපේ ජිවිතය නිශ්චිත නැහැ කියල මට දැන් හොදට තේරෙනවා.

    ReplyDelete