මෙරුන් පැහැයට ලස්සනයි නුඹ
නුඹේ වැයුමද ලස්සනයි තව
ආදරය මුසු අමුතු හැගුමක්
නුඹේ වැයුමෙන් පිබිද වෙයි මට
ගිටාරයේ තත් නුඹව රිදවයි
එදැක මාගේ නුවන් තෙත් වෙයි
නුඹව සනසන සොදුරු රිද්මය
මගේ හිත තුල තනිව නද දෙයි
විදින්නට ඒ සොදුරු රිද්මය
කරන ඇරයුම් අහක යයි තව
ගිටාරයේ තත් අතර දිවියම
ගෙවයි නුඹ මා ගණන් නොගෙනම
හැකිද වන්නට නුඹේ ගිටාරය
තුරුලේ ඉන්නට හැකිය එතකොට
එවිට නුඹගේ සොදුරු වැයුමෙහි
රැදෙන්නට හැක මියෙන තුරු මට
ලස්සන කවි ටික. නියමයි.
ReplyDeleteකෑම්ප් එකේදි කවි ලිව්වා කිව්වෙ මේවා වෙන්න ඇති. ලස්සනයි මල්ලි.
ReplyDeleteකෑම්ප් ගිහින් ලෙඩේ තදටම හැදිලා වගේ පව්...කවි ටික ලස්සනයි.
ReplyDeleteනෑ නෑ මේ කෑම්ප් යන්න ඉස්සර ලියපු එකක් කෑම්ප් ගිහිල්ල ලියපුවා දාන්නේ පස්සේ....
ReplyDeleteම් ම් ලස්සනයි,,
ReplyDelete