Monday 13 June 2011

ගිටාරයට පෙම් බැදි ඇය





මෙරුන් පැහැයට ලස්සනයි නුඹ 
නුඹේ වැයුමද ලස්සනයි තව 
ආදරය මුසු අමුතු හැගුමක් 
නුඹේ වැයුමෙන්  පිබිද වෙයි මට

ගිටාරයේ තත් නුඹව රිදවයි
එදැක මාගේ නුවන් තෙත් වෙයි 
නුඹව සනසන සොදුරු රිද්මය 
මගේ හිත තුල තනිව නද දෙයි  

විදින්නට ඒ සොදුරු රිද්මය 
කරන ඇරයුම් අහක යයි තව 
ගිටාරයේ තත් අතර දිවියම 
ගෙවයි නුඹ මා ගණන් නොගෙනම 

හැකිද වන්නට නුඹේ ගිටාරය 
තුරුලේ ඉන්නට හැකිය එතකොට 
එවිට නුඹගේ සොදුරු වැයුමෙහි 
රැදෙන්නට හැක මියෙන තුරු මට 

5 comments:

  1. ලස්සන කවි ටික. නියමයි.

    ReplyDelete
  2. කෑම්ප් එකේදි කවි ලිව්වා කිව්වෙ මේවා වෙන්න ඇති. ලස්සනයි මල්ලි.

    ReplyDelete
  3. කෑම්ප් ගිහින් ලෙඩේ තදටම හැදිලා වගේ පව්...කවි ටික ලස්සනයි.

    ReplyDelete
  4. නෑ නෑ මේ කෑම්ප් යන්න ඉස්සර ලියපු එකක් කෑම්ප් ගිහිල්ල ලියපුවා දාන්නේ පස්සේ....

    ReplyDelete
  5. ම් ම් ලස්සනයි,,

    ReplyDelete