Monday 31 January 2011

සුරඟන ඇස් 01



හොදටම පරක්කු වෙලා... නැගිට්ට ගමන් හදිස්සියෙ ඇදගෙන ලෑස්ති උනා මිසක් ගත්තේ මොනාද කියලවත් මතකත් නෑ... 
නියමයි  විනාඩි 20න් Ground 1ට යන්න වෙනවා දැන් නම් රොකට් දාල තමයි යන්න වෙන්නේ... ට්‍රෑම් 1ක් එනකන් හිටියොත් නම් කෝචා මාව මරාගෙන කයි පුලුවන් ඉක්මනට දුවගෙන යනවා  "රෑ තිස්සේ club ගානේ ගිහින් පිස්සු නටනවට හොද පාඩං" දුවන ගමන් මම සිතුවෙමි එහෙත් එය මා මටම කියාගත් කීවෙනි පාරදැයි මටම මතක නැත..

නොසිතූ මොහොතක පාරට පැමිනී ඒ ඇඟේ වේගයෙන් පැමිනි මා හැපුනි එයින් ඇය තරමක් දුර විසිවී ගොස් බිම වැ‍ටුනි
Shit කවුද පාරට පැන්න බූරුවා... "මොනා උනත් මගේනෙ වැ‍රැද්ද" විසිවී ගිය පොත් අහුලන ගමන් සිතුවෙමි..  හොද වෙලාවට Winter 1 වුනේ නැත්නම් මා පැමිනි වේගෙට ඇඟේ කිලෝ 1ක්ම පාරට පූජා කරන්න තමයි වෙන්නේ... වරදට සමාවගැනීමට හිත නොදෙන නමුත් පාන්දරම මේ වගේ වැඩක් කරලා සමාව නොගෙන සිටීම ඊටත් වඩා වැරද්දකි

සමාවෙන්න... මා සමාව අයදින විට ඒ නෙත් තරහෙන් පුපුරමින්  අතේ තිබූ ඇගේ පොත් උදුරා ගනීද්දී ඒ නෙත් මගේ ඇස් හා ගැ‍ටුනි... "මා ජීවිතයේ පලවෙනි වරට කෙල්ලකගේ ඇස් වලට වශී වීමි... ඒ ඇස්...." මා පුදුම වී ඒ නෙත් දිහා බලාගෙන සිටින ඇය මට වචනයකින්වත් නොබැන ඇගෙ ගමන යන්නට විය..

............................................................................................

ක්‍රිස්ටීන් මොන ලෝකෙද තමුසෙ ඉන්නේ....?
ආ.... සමාවෙන්න සර්...
සමාවෙන්න.... සමාව ඉල්ලන්නයි සෙල්ලම් කරන්නයි 2ක් බෑ බෝලෙ කකුල ලගටම එනකන් ඇස් කොහෙ තියන්ද බලාගෙන උන්නේ.... "නියමයි මං මෙච්චර වෙලා පිට්ටනියෙ එක තැන හිටගෙනද ඉදල තියෙන්නේ?" 
"මෙතෙක් කල් කන්ඩායමේ හොදම ක්‍රීඩකයා වෙලා හිටපු මං අද දවසට කොපමන් බැනුම් අහුවාද...? " 
"ඔක්කොටම වග කියන්න ඕන ඒ ඇස් දෙක තමයි.. මෙච්චර කල් හොදට හිටපු මට මොනා කලාද මංදා" මා මටම කියාගනිමින් ගොස් බංකුවෙන් වාඩි වී නැවත ඒ ලස්සන ඇස් මත කරන්නට වීමි

ලස්සන හීනයක්...


නුබ නැති ජීවිතයක් දැන් මට නැති තරම්
හිතාගන්නටවත් බැරි විදිහට
මගේ හිතට ඇවිත්
නුබ මගේ හිතේ දගලනකොට
බලාගෙන ඉන්න ආසයි ඇස් පියවෙනකන්ම
තේරුමක් නැති උනත් බලාගෙන ඉන්න ආසයි
ඔයා පුන්චි හා පැටියෙක් වගේ
මගේ පපුවට තුරුලු වෙනකොට
ඔයාට රිදෙන්නේ නැති වෙන්න
ඔයාව තවත් මගෙ පපුවට හිරකරගන්න ආසයි

ඔව් මේක හීනයක් ලස්සනම ලස්සන හීනයක්...
නැගිටින්න හිත දෙන්නෙ නෑ
මොකද මේ  හීනෙ තමා මගෙ මුලු ජීවිතේම...

සුරඟන ඇස්

පෙරවදන


හිතුවක්කාර සිත බ්ලොග් අඩවියේ කොටස් වශයෙන් පලවන "සීතල ඇස්" කතාමාලාවේ "ක්‍රිශ්" නොහොත් "ක්‍රිස්ටීන්" නැමති චරිතය "සීතල ඇස්" කතාව දකින ආකාරයට අද සිට ඔබට "සුරඟන ඇස්" මගින් රස විදිය හැක...
සතියකට එක කෝටසක් පමනක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියත් ඔබගේ ඉල්ලීම පරදී එය වෙනස් වීමට පුලුවන...
තවද මෙම කතාව මෙහි මුල් අයිතිකාරිය වන "නිම්ශා" ගේ අවසරය ලබාගෙන ඉදිරිපත් කරන අතර උපුටාගැනීම් සිදුවෙතොත් ඇයගේ අවසරය ඇතිව සිදුකරන ලෙස ඉල්ලමි...

 ප.ලි.- මෙය මා ඉදිරිපත් කරන පලවෙනි කතාව නිසා වැරදි ඇතොත් ඒවාට සමාව අයදිමි. තවද මෙමගින් මෙහි මුල් කතාවට කිසිදු හානියක් නොවන ආකරයෙන් ඉදිරිපත් කිරීමට මා උත්සහ දරන අතර මෙහි මුල් කතාවට මෙමගින් අසාදාරනයක් වන බව දැනේ නම් මාහට එය දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි..

ඔබට ස්තූතියි...!

Sunday 30 January 2011

සිංහයෝ

2011 ලෝක ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඉදිරිපත් වන ලාංකික ක්‍රිකට් කන්ඩායමට සුභ පතමින් නොයෙක් ආකාරයේ ගීත ඉදිරිපත් කලා.... සමහරක් ගීත වෙලද දැන්වීම් වලටම පමනක් සීමා උනා....

ඒ අතරින් ලස්සන තේරුමක් තියන ලස්සන ගීතයක් තමයි ඉන්ද්‍රචාප ලියනගේ ගායනා කරන නදීක ගුරුගේ ජයවර්දන හා රුවන් ස්‍රී වල්පොල නිශ්පාදනය හා සංගීතවත් කල "සිංහයෝ" ගීතය

අහල බැලුවොත් වෙනස තේරෙයි...


සිංහයෝ.... සිංහයෝ......

Thursday 27 January 2011

Virtual ආදරේ...

නොදනිමි ඔබ කවුද?
ඔබ කොහෙද?
ඒත් මා සිත ඔබ ලග නැවතිලා...
නොදැක්කෙමි ඔබ කෙලෙසද?
නොඅසාම ඔබේ කටහඩ
ආදරේ කලෙමි නුබට....
නොදනිමි මෙය කෙලෙසක
අවසානයක් දකීවිදැයි
ඒත් මං නුබට ආදරෙයි....

මගේ හිත නුබට
ආදරය කරන වග නොදැන කතා කරන විට නුබ
කියන්නට හිතයි මං නුබට ආදරෙ කරන වග...
ඒත් මට බයයි නුබ මා සමග පවතින මිතුදම එයින් නවතීවිදැයි කියා...

නුබ නොදන්න නුබේ පෙම්වතා

Monday 24 January 2011

Space shuttle තාප පරිවාරක ආවරන



නාසා ආයතනය තමන්ගේ Space Shuttle ව්‍යාපෘතිය මේ අවුරුද්දේදී නැවැත්වීමට සූදානමින් සිටින නිසා තම ව්‍යාපෘතියේ මතක සටහන් ලෙස Space shuttle හී තාප පරිවාරක ආවරන 7000ක් පාසල් හා විශ්ව විද්‍යාල වලට ලබාදීමේ සූදානමක් පවතිනවා.... ඔවුන්ගේ අරමුන ශිශ්‍යයින් තුල අභ්‍යවකාශ තාක්ශනය තුල උනන්දුවක් ඇතිකිරීම තුලින් අනාගත අභ්‍යවකාශ තාක්ශනවේදීන්, ඉජිනේරුවන් වැඩි පිරිසක් ඇති කර ගැනීමයි...


ඉතිහාසයෙන් බිදක්



:D තව දෙයක් ඔන්න ඕව නිකන් නේමේලු ඔන්න දෙන්නේ $23.40 ලංකාවට එහෙම කොහොමද දන්නේ නම් නෑ....
ගන්න අදහසක් එහෙම තියනවනම් මෙතනට යන්න

http://www.nasa.gov/mission_pages/shuttle/flyout/index.html
http://blogs.nasa.gov/cm/blog/NES_Teachers_Corner/posts/post_1293122507369.html
http://en.wikipedia.org/wiki/Space_Shuttle

Thursday 20 January 2011

අම්මා

අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ....
දරුවන්ගේ දුක් කදුලු දකින දා සුරලොව සිට අත පා....
ඒ කදුලැලි පිසිනා....

අම්මාවරු නැති දරුවන්ගේ..
සංකා දුක් කවුදෝ දන්නේ...
ඒ දුක් දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ...
සංසාරේ මතු බුදු වන්නේ...

සෙනෙහස වැඩි දා සිතද බොලද වේ..
ලොවම ආදරේ කියා සිතේ..
මායාවක් වී එහි තනි වූ දා..
අම්මා පමනයි ලග ඉන්නේ...
අම්මා පමනයි ලග ඉන්නේ...



මේ සිoදුව කොච්චර ඇත්තක්ද නේ... අපිට මොන ප්‍රශ්නේ ආවත් අපි මොන තත්වෙක හිටියත් අපිව මේ ලෝකෙ බාරගන්න ඉන්න අපේ අම්ම විතරමයි නේ... ඕන කෙනෙක්ට කියන්න පුලුවන් ඔයා වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන් කියල ඒත් අපේ අම්ම අපිට සලකන තරම් කාටවත්ම බෑ අපිට සලකන්න කාට හරි මේකට විරුද්ද වෙන්න පුලුවන් නම් ඒක මහම මහ බොරුවක්... මේ ලෝකෙ මනුස්සයෙක්ට විදින්න පුලුවන් උපරිම වේදනාවටත් වඩා වැඩි වේදනාවක් දරාගෙන අපිව අම්ම මේ ලෝකෙට බිහි කරනව ඊට පස්සෙ අපිව ලොකු කරනවා අපිට උගන්නනවා විදින්න පුලුවන් උපරිම වේදනා විදගෙන..  ඒත් අම්ම අපෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ... කිසිම දෙයක් නෑ නේද ?

තමන්ගේ අම්මට මේ හැම දේකටම වඩා ආදරේ කරන්න අද අපි මෙතන ඉන්නෙ  අම්ම හින්දයි කියල මතක තියාගන්න....


අම්මා වෙනුවෙන්

Wednesday 19 January 2011

3D Tv (Without Glass)

2010 මුල් කාලදි රූපවාහිනී නිශ්පාදකයන් විසින් 3D රූපවාහිනී ලොවට හදුන්වා දුන්නත් එම රූපවාහිනී නැරබීමට විශේශයෙන් සකසන ලද ඇස්  කන්නඩි යුගලයක් පැලදීමට අවශ්‍ය වුනා


නමුත් මෙම කන්නඩි පැලද රූපවාහිනිය නැරබීම නරබන්නන්ගෙන් 50% පමන කරදරකාරි අත්දැකීමක් උන නිසා රූපවාහිනී නිශ්පාදකයන් කන්නඩි පැලදීමකින් තොරව 3D රූප නැරබිය හැකි රූපවාහිනී තිර නිශ්පාදනයට පෙලබුනා

එසේ නිර්මානය කර පලමු වරට එලිදක්වපු 3D තිරය සහිත උපකරනය වුනේ 2010 පෙබ්‍රවාරි මස එලිදක්වපු Nintendo 3DS ක්‍රීඩා උපකරනයයි



Nitendo ක්‍රීඩා උපකරනයේ තිරය වරකට එකම රූපය කෝන 2කින් පෙන්වනට හැකි ලෙස නිපදවා තිබෙන අතර එම රූප පෙනෙන කෝනය ඉතාමත් කුඩා පරාසයක පැතිර ඇති නිසා වරකට එක අයෙකුට පමනක් 3D ගුනය සහිත රූප පෙනෙයි මෙය යම් තරමකට සාර්තකත්වයක් පෙන්වුවත් එම තාක්ශනය රූපවාහිනී තිර වලට යොදා ගැනීමේ නොහැකියාවක් තියනවා(මොකද එක පාරකට එකෙකුට වඩා TV බලනවනෙ).

නමුත් මෙම සතිය තුල Glass Free 3D Tv තාක්ශනයේ යම් වෙනසක් සිදුඋනා... ඒ 2011 CES ප්‍රදර්ශනයේදී iPont International ආයතනය 5 දෙනකුට එක විට නැරබිය හැකි 3D  තිරයක් (140 cm)  ආදර්ශනය කර පෙන්වීමට සමත් වීමෙන් (3D Tv)

නමුත් මෙම රූපවාහිනියේ ඇති දෝශයක් ලෙස තිරයේ දීප්තිය මදි කම දැක්විය හැකියි  
කෙසේ උවත් ඉතාමත් ඉක්මනින් අපිට කන්නඩි නොදා 3D TV බලන්න නම් හම්බෙයි වගේ...


සැ.යු.- අපිට 3D රූප පෙනෙනේ අපේ ඇස් 2ට එකම රූපය දෙයාකාරයකට පෙන්වීමෙනි... 


වැරදි ඇතොත් කමා කර නිවැරදි කරන ලෙස ඉල්ලමි


Thursday 13 January 2011

ඇයි මෙච්චර සීත

මේ දවස් වල සීතට හේතුව ගැන පොඩ්ඩක් කියන්නයි ඔන්න යන්නෙ






මේකට හේතුව වෙන්නෙ ලා නීනා(La Niña, 2) නමින්  හැදින්වෙන තත්වයක්ලු... ඒක වෙන්නෙ පසි‍ෆික් සාගර කලාපයේ උශ්නත්ව වෙනසකින් කියල තමයි කියන්නේ..... එහෙම උනාම ඉතාමත් සීතල ප්‍රබල සුලං තත්වයක් ඇති වෙනවලු... අන්න එහෙම උනාම ආසියාව ඕස්ට්‍රේලියාව කියන කලාප වල උශ්නත්වය සාමාන්්‍ය අගයට වඩා පහල බැසීම අදික ලෙස වර්ශාව ඇති වීම වගෙ වෙන්න පුලුවන්ලු(වෙලා තියෙන්නේ)..



තව මේක එක එක කලාප වලට වෙනස් ආකාරයෙන් බලපානවලු....


උ.ඇමරිකාව- ටිකක් විතර වැඩිපුර සීතලක් තියනවලු *
ද. ඇමරිකාව- ටිකක් විතර රස්නයක් තියනවලු **
නැ. ආසියාව- හොද ගාන්නට සීතයි ***
ද. ආසියාව\ ගි.ආසියව\ ඕස්ට්‍රේලියාව - හොද ගානට වහිනව සීතයි නැද්ද...


මෙච්චර කාලෙකට ආව (ඔය කිවුවට එහෙම්මම නෑ) හොදම එක තමයිලු මේක
දැනට ඇවිත් තියන අවුරුදු: 1903-4 | 1906-7 | 1908-9 | 1916-17 | 1920-21 | 1924-25 | 1928-29 | 1931=32 |1938-39 | 1942-43 | 1949-50 | 1954-55 | 1964-65 | 1970-71 | 1973-74 | 1975-76 | 1988-89 | 1995-96 | 1998-99 | 2006 | 2007-08 | දැන්


*-http://weather.yahoo.com/img/ussat_440x297.jpg.html
**-http://www.usatoday.com/weather/forecast/international/south-america-temps-index.htm
***-http://weather.yahoo.com/img/asia_sat_440_mdy_y.jpg.html


උපුටාගැනීම්


http://mageahasa.blogspot.com/2011/01/blog-post.html
http://www.nasa.gov/topics/earth/features/strong-la-nina.html
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/learnmoreninonina/
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/elnino/
http://sealevel.jpl.nasa.gov/science/elninopdo/latestdata/
http://en.wikipedia.org/wiki/El_Ni%C3%B1o-Southern_Oscillation
http://www.stormfax.com/elnino.htm
http://www.whoi.edu/oceanus/viewImage.do?id=83611&aid=53506

වැරදි අඩුපාඩු ඇතොත් සමා වී නිවැරදි කරනමෙන් ඉල්ලමි

කාලගුනේ.... :(

අනේ පේන හැටියට තව දවස් 4-5ක් යනකන් අපිට ඉර පායන්නේ නෑ වගේ.....?

සෙනසුරාදා ඉදන් අද වෙනකන් අපරාදෙ කියන්න බෑ අහස තාමත් වලාකුලු පුරෝගෙන ඉන්නවා....
වහින්නෙත් නෑ(අපේ පැත්තට{දැන් කියන්න එපා මං කිවුව හින්දා වහිනව කියල ඔන්න...}).

මේ තියෙන්නේ කොලඹට දවස් 5ක කාලගුන වාර්තාව..

හැබැයි සිකුරාදා රෑ වෙලා ඉදන් ඔන්න රාත්‍රී පැහැදිලි අහසක් ලැබෙනවයි කියලනම් කියනවා..... 
ඔන්න ඔතනට ගිහින් බලන්නකෝ....
http://www.intellicast.com/Local/Weather.aspx?location=CEXX0001


ආ.... ඔන්න කොලඹට අවුරුදු 61 කට පස්සෙ අඩුම උශ්නත්වයක්(18.8 C )  පවතිනවලු
නුවරඑලියටත්(7.9 C )
ලබාගත්තේ- Hutch News Alert

Monday 3 January 2011

පියානනී



ඔබ දෙසට ඇවිද එන්න ආසයි පියානනී....
ඒත්......
ඔබ තුල විශ්වාසය නැති වී කෙසේ පැමිනෙන්නද පවුකාර කම මා ගිලගන්නා විට....
ඒ නිසයි මා කෑ ගැසුවේ.....
"මා ගලවාගන්න" කියා
මහා කුනා‍ටුවක් මහා ඝෝශාවක් මගේ හඩට බදා කරද්දීත්...
මටවත් නො ඇසුනු ඒ හඩට පිලිතුරු දී
මා ගලවාගත් අපූරුව....



Saturday 1 January 2011

2011

අලුත් අවුරුද්දකුත් ආවා.... පොඩි පිස්සුවක් නටලා ගමෙන්ම බැනුම් අහගෙන දෙයියනේ කියලා අවුරුද්දත් ඔන්න පටන් ගත්තා....

දැන් ඉතින් සෙල්ලම් කරපු කාලේ ඉවරයි මේ අවුරුද්දෙ ඉදන් අනාගතෙ ගැන හිතන්න ඕනා හැමදාම පොඩියි කියල හරියන්නෙත් නෑනෙ.....

ම්.... මේ අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා ගොඩක් වෙනස් වෙයි... දෙයියනේ කියල campus යන්න ඉන්න අවුරුද්ද ඒක මොන වගේ වෙයිද දන්නෙත් නෑ..... :/
අවුරුද්ද පටන් ගත්ත ගමන් exam 1 කුත් තියනවා.....

ඉතින් අපි බලමු මේ අවුරුද්ද කොහොම වෙයිද කියලා නේ.....

ආ... තව කියන්න අමතක උනානෙ.. මේ අවුරුද්දෙ මට ලියන්න බ්ලොග් 1කුත් තියනවලු...  :D