Saturday 9 June 2012

නොනිමි කවියක්

නුඹ
නොනිමි කවියකි, 
ලිවීමට ඉඩ නොදෙන 
-----------------


නුඹ 
අහිමි කවියකි, 
නෙතු තෙමාලන 
මතකයන් ගෙන 
සිත රිද්දා හඩා වැලපෙන 


නුඹ 
මිහිරි ගීයකි,
වදන් නොමැතිව 
සවන් පිනවන 
ගීය තුල මා 
තනුව කරවන 


නුඹ
මලකි ලස්සන,
සුවද විහිදන
සුවදින්ම හිත
මත්ව වට්ටන