Friday 2 September 2011

කල්පය

ඔයා හරියට පිච්ච මලක් වගේ 
පිවිතුරුයි, සුවදයි, ලස්සනයි 
ඔයාගේ හිනාව මගේ මුළු ආත්මයම පිනවනවා
ඔයාගේ කතාව මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා 
කොටින්ම ඔයා නිකන් සුරංගනාවියක් වගේ
මටම කියලා මවපු...
ඔයාව කල්පයකටත් වඩා කාලයක් මං ලගින තියාගන්න මම ආසයි...
ඒත් ඔයා දන්නවද 
කාලය කියන්නේ මිහිහෙක්ගේ හිතේ මැවුණු සිතිවිල්ලක් විතරයි කියලා
ඉතින් ඔයාගේ හිතේ කල්පයකට තියන කාලය ගොඩක් දිග උනාට
මට ඒක එකම ඒක තප්පරයක් විතරයි...
සමහර විට තප්පරයකටත් වඩා අඩු වෙන්න ඇති...
අනේ මන්ද මෙයිට වඩා මොනා කියන්නද කියලා
ඔයා තේරුම් ගන්න 

8 comments:

  1. කොහොම උනත් පමාව හොඳ නැහැ.

    ReplyDelete
  2. හෑ. ප්‍රශ්න අමතක වෙනවනම් එකත් එකටම ගල් බොතලයක් වෙන්ටෑ... උබටම කියොල හදාපු.. :P

    ReplyDelete
  3. අපූරු වර්ණාව... හරිම අගෙයි...:)
    එයා තේරුම් ගනිවී.. මෙහෙම ලස්සනට කියද්දි...
    ජය වේවා...!!!

    ReplyDelete
  4. කල්පයත් තත්පරයත් අතර සිරවුන වෙනස හොයාගන්න තමය් හැමෝම පොරකන්නෙ. ඒත් ඒ වෙනස හරියට ගලපගන්න ඔබට වත් මටවත් හැකිවෙය්ද?

    http://oldpettagama.blogspot.com/

    ReplyDelete
  5. තරිදු: ඔව් ඔව්...

    සුලැගිල්ල: ඔව් ඔව් බං ඒක අමුතුම බෝතලයක්.... කොකා කෝලා බෝතලයක හැඩයක් තියෙන්නේ... ඒත් අමුතුම රහක් තියෙන්නේ....

    හිතුවක්කාරී: තේරුම ගත්තානම් මට ගුටි කන්න තමයි වෙන්නේ...

    ජෝන් : අනිවා බං ඒ වෙනස හොයාගන්න තරම් මමනම් හිත දියුණු කරලා නෑ

    ReplyDelete
  6. නදුන් උයන: ස්තූතියි

    ReplyDelete
  7. ලස්සනයි.............

    ලියන්න දේවල් නෑ කීවට ලියලනේ..... :p

    ReplyDelete