Sunday, 3 April 2011

අහිමි කවිය නුඹම විය



සද නොමැති රාත්‍රියක, 
ඝන අදුරේ මම තනිව 
නුඹ ගැනම හිතන විට 
නෙතු හඩයි මට හොරෙන්

හිරි වැටුන මගේ හිත 
නුඹ ගැනම හිතන විට 
ඒ හිරිය මගේ ඇග
පොඩි කරයි නොදැනීම

කිසි දිනක කදුළු බිදු 
නොවැටුණු ඇස් අගින් 
අද වැටෙයි කදුළු බිදු
නුඹ අහිමි බව දැනී

- අහිමි බව දැන දැනම නුඹට පෙම් බදිනා මම-
   

11 comments:

  1. අහෝ කේදයකි. ඉරකි තිතකි. ලොල්ය.. විරහව.. හුහ්..

    ReplyDelete
  2. හරිම ලස්සනයි... දුක හිතුනා මේක කියවලා... මේ ඔයා අවුරුදු උත්සවේට ආවේ නැද්ද?

    ReplyDelete
  3. දුක හිතුනා බොලව්. මොකෝ මලේ මේ වෙන්ට යන්නේ !!!

    ReplyDelete
  4. පොඩි එකා: ඉරකි තිතකිනම් මම දන්නේ නෑ ඒත් අහෝ ඛේදයක් නම් තමයි

    කොජී අක්කා: නෑ අක්කෝ අද මට ක්ලාස්... ස්තූතියි

    මධුරංග අයියා: ඕවා ගනන් ගන්න එපා අයියේ...

    ReplyDelete
  5. සඳ ඇති රැයක
    කාලය සැරිසරන විටක
    සිහිවේ නිතර නුඹව
    දෛවයේ සරදමට කුමක් කරම්ද
    නිහඬ සුසුමක්
    උණුසුම් කඳුලක්
    මුළු හදවතින්ම පතමි
    ඔබ හැමදා මගේ වන ලෙසට

    ReplyDelete
  6. අමාවක රැයක
    සිහින ගිණිගත් විරාමයක
    ආදරයේ මුලකුරු
    අදුරේ අතරමංව
    සෙවූමුත්,
    මතක සාගරයේ
    යළි දියඹට ඇදෙන රැලි අතර
    හමුවූයේ
    ඔබ මටද
    මා ඔබටද
    අහිමි වූ

    අන්දකාර
    මතකය පමනි...

    ReplyDelete
  7. හිරණ්ය/ දිනේශ්: මේවා දෙකනම් එල

    ReplyDelete
  8. ලස්සනයි මාලන් අයියා විරහව නෙමේ මොකක් උනත් කවිය නම් ගති...

    ReplyDelete
  9. හාකෝ හාකෝ දැන් එහෙමවත් කියමුකෝ...

    ReplyDelete
  10. දුකයි. දුකයි. දුකයි.

    ReplyDelete
  11. අපො දුකයි මාලන්,ඒත් ලස්සනට ලියලා

    ReplyDelete