Tuesday 26 April 2011

හදවත අහිමි මම

බිඳුණු හිතක් අතැතිව 
කදුළු පිරි දෑසින් 
බැලුවෙමි මම ලොවම, 
හැම දෙයක්ම බොදවී 
වැටුණි මග; ජිවිත ගමනේ 
නැගිටින්නටවත් හිතක් නැතුව 
බොද වුන අනාගතේ දිහා 
තවත් කදුළු වැටෙද්දී බලන විට
අනවසරයෙන් පැමිණි නුඹ 
පිසලුවා කදුළු 
පෙන්නුවා ජීවිතය. 
රැගෙන මගේ බිදුණු සිත 
සාත්තු කල නුඹ
තනිවුන ජිවිතයට දුන්න අරුතක් 
අල්ලාගෙන මාව ගෙන ගිය 
ජිවිත ගමන් මගේ වැටෙන්නට නොදී 





ඒත්...?
හදිස්සියේම අතැර මාව
ගිය නුඹ බොහෝ දුරක් 
ඒත් නුඹට අමතක උනා නේද
දෙන්නට මගේ හිත මට නැවත 
දැන් හිතක් නැති අදමයෙක් ලෙස
මම යමි ජිවිත ගමනේ තනිව 
දැන්...
දුකක් නැත
කදුළු නැත
හිනාවක් නැත 
තරහව පමණයි මුළු දිවියම
ස්තුති ඔබට  
 

12 comments:

  1. මීට පස්සෙ මුලු හදවතම දෙන්න එපා. කෑල්ලක් දෙන්න.

    ReplyDelete
  2. කොහොමද අක්කේ එහෙම කරන්නේ?

    ReplyDelete
  3. ආදරයක් ජීවිතේට ඕනේ උනාට ඒක දුකක් කියලා හිතෙන්නෙත් මේ වලාවට තමා.

    ReplyDelete
  4. හ්ම්.... ගොඩක් වෙලාවට ඒක මාරම දුකයි... ගොඩක්

    ReplyDelete
  5. ලොල්ය.. ඇයි අර ඔක්කොම බොද වෙලා උබව බිමට වැටුනෙ..?? o_O ඉක්මනට නැකිටහන් බොල.. නැත්නම් බල්ලො හුජ්ජ කරල යාවි.

    ReplyDelete
  6. මේක ඔයා පෞද්ගලික අත්දැක්කිමක් නිසා ලියනවද? නැත්නම් නිකන් හිතට ආපු නිසා ලියනවද?
    කොහොම උනත් මලයෝ මට කියන්න තියෙන්නේ... ආදරය කියන්නේ මුලු ජීවිතයම නෙමෙයි. ආදරය කියන්නේ ජීවිතයෙන් එක කොටසක් විතරයි. ඉතින් මුලු ජීවිතයම ආදරය කරගන්න ගියොත් කවදාවත් ඔයාට නැගිටලා කෙලින් ඉන්න අමාරු වෙයි. හැමදාම වැටිලම තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා ජීවිතයේ අනිත් දේවල් විඳින ගමන්ම ආදරයත් විඳින්න. ඒක විඳවනවනම් හිතට තරව‍ටු කරලා ඒ ආදරය මරලා දාන්න. නැත්නම් ඔයාට හැමදාම මැරි මැරි ජීවත් වෙන්න වෙන්නේ...

    ReplyDelete
  7. මල්ලියෝ හැමදේම හරියවී පැටියෝ.හැමදේම අපි බලාපොරොත්තුවෙන විදිහටම ලැබෙන්නෑනෙ.මම හිතන්නෙ කොට ජීවිතේ අක්කා හරි

    ReplyDelete
  8. පෙර මං සළකුණක් නැතිව
    ඇවිද ගිය පාරෙන් මම
    අරගෙන නුඹ අළුත් ලොවකට
    පෙන්නුවා ලොවේ හැඩ..

    නමුදු නුඹත් හැරගිහින් අතර මග
    පෙන්නූ මග මා යන
    නුඹට වෛර කරනු බැහැ මට
    ආදරේ නිසා මා නුඹට පිදුව..

    ReplyDelete
  9. මම ඉස්සර උබ ලියන කවි දිහා බලලා හිතුවෙ උබ මහ පිස්සෙක් කියල.(සමහර විට මම ඔය තත්වෙට පත්වෙලා නැති නිසා වෙන්න ඇති.)එක බස් එකක් ගියාට පරක්කුවෙලා හරි තව බස් එකක් එන එකේ ඇයි උබ ගිය බස් එක දිහා බලන් දුක්වෙන්නේ කියලයි මට හිතුනේ.

    ඒත් මගේ යාලුවෙක් කාලයක් තිස්සේ යාලුවෙලා හිටිය ගෑනු ලමයා ලගදි එයාට ඉස්සරහට අපි යාලුවෝ වගේ ආශ්‍රය කරමු කියපු වෙලාවේ ඉදන් ඌ විදින දුක දකිනකොට මට උබ ගැනත් එන්නේ හරිම දුකක්.හැමදෙයකම යහපත් පැත්තකුත් තියෙනවා බන්.කවද හරි ඔය කෙල්ල උබ බැදපු දවසක දාලා ගියානම් උබේ ජීවිතයම විනාසයි.එහෙම නොවී ඔය කරදරෙන් උබේ ජීවිතය බේරගත්ත එක ගැන සතු‍ටු වෙයන්.

    දුක් නොවී ඉන්නේ නැතුව උබ මොකක්හරි ආසකරන පැත්තකින් ඉස්සරහට යන්න බලපන්.එතකොට ටික කාලෙකින් උබට ඕක අමතක වෙලා යයි.ඔය ප්‍රශ්නෙට මුහුනදීපු එකම කොල්ලවත් අවසාන කොල්ලවත් උබ නෙමේ නේ බන්.නිකන් ඕක ගැන හිත හිත ඉදලා පිස්සෙක් වෙන්න එපා

    ReplyDelete
  10. පොඩි එකෝ ඔව් බන් ලොලේ ලොල්ය

    කොජී අක්කා: ස්තූතියි උපදෙසට.. මම මේ හිතේ දුකට ලියන්නේ.. ඒත් මම මගේ අනිත් වැඩත් කරනවා.. දුකයි තමයි ඒ දුක අකුරු කරල ඔයාල දාන කමෙන්ට් වලින් හිත රවට්ටගෙන මම මගේ වැඩ කරනවා පිලිවලකට

    පිටස්තරකාරියක් නොවූ පිටස්තර කාරිට: හ්ම්... ඔව් ඔව් අපි ගොඩක් ආදරේ කරන දේවල් අපිට කවදාවත් අපේ කරගන්න බෑ.. මට දුකයි... ඒත් ඒ දුක නැති වෙයි කවදා හරි

    දිනේශ්: ඔව් කවදාවත් ඒ හුරතල් හිතුවක්කාර හිතට වෛරකරන්න මට බැරි වෙයි...

    රජිත්: ආදරේ වෙලාවකට ලොකු පිස්සුවක් සහෝදරයා....

    ReplyDelete
  11. කොට ජීවිතේ අක්කාගේ කතාව හරි.. හැමදේම සමබරව තියාගන්න එක හොදයි.. ඒත් කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද අනේ මන්දා ඉතින්... :-/

    ReplyDelete
  12. "දුක් වෙන්න එපා බං" අපි එහෙම කීවට උඹට තියන දුක අඩුවෙන්නේ නෑ නේද ? හිතල බලපන් මලේ හැමදාම දුක් වෙනවද ? නැත්තම්....

    ReplyDelete