Thursday, 10 November 2011

යන්න වෙන තෙක් ඉදිමි

බසින හිරු යලි පායාවි
පරවුණ මල් පළ දරාවි 
වැටෙන දිය බිඳු ගඟක් වේවි
එහෙත් මා....?
රැය පහන් වේදැයි නොදනි
නුඹ ලග රැදෙන්නට සිතමි
යන්නට ඇති බව දනිමි
නමුත් ඒ..
කවදාදැයි නොදනි
කොතනකදිදැයි නොදනි
යන හැටි පමණක් දනිමි
ඉතින් මා...
යන්න වෙන තෙක් ඉදිමි
බොරු හිනාවක්‌ මවමි
එය වියකෙන්නට නොදෙමි
ඉතින් දැන්...
සිනාසෙනු මැනවි


13 comments:

  1. ඉතින් දැන්...
    සිනාසෙනු මැනවි
    :)) :D :) =))

    ReplyDelete
  2. ඔච්චමාරාම හිනාවෙන්නත් එෆා බං...
    මගේ හිනා මූණු ටික වැඩ කරන්නේ නෑ වගේ...

    ReplyDelete
  3. මොන දේ වුනත් හිනා වෙලා දරාගන්න පුළුවන් නම් නියමයි සහෝ...:)

    ReplyDelete
  4. බනියා: ඔච්චරම කියලා අරක නිවැරදි කරගනින්

    හිතූ: අන්න හරි එහෙම තමයි වෙන්න ඕන... ඒත් මේකේ කතාව ටිකක් වෙනස් එකක් එකයි කේස් එක

    ReplyDelete
  5. ජීවිතේට හිනාවෙලා මුහුණ දෙන්න පුළුවන්නම් ඒක තමයි ලොකුම දේ.. ලස්සන අදහසක් මල්ලී..

    ReplyDelete
  6. හරිම ලස්සනයි මාලන් අයියා...එ වගේම එහෙම නම් හොදා..හොදා...සුබ පැතුම් ද මන්දා..

    ReplyDelete
  7. තේරුම ගැන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ කට්ටියටම.... කමක් නෑ කියමුකෝ එකට....

    දෙන්නටම ස්තූතියි කිවුවා ඔන්න

    ReplyDelete
  8. යන තෙක් රැඳෙන්න ද?
    නොරැඳී රැඳෙන්න ද??

    අපේ පැකල්ටියේ කැන්ටිමේ බිත්තියක තිබුණු කවියක් මතක් උණා..

    ReplyDelete
  9. නිවාඩුවක් ලැබිලා වගේ.
    නැත්නම් කොහෙන්ද ඉතින් මාලන් මල්ලිගෙන් ලිපියක් කියවන්න වෙන්නේ :)

    ReplyDelete
  10. Nj_A : ඕක මටත් මතකයි අපේ සර් කෙනෙක් කිවුව
    "ඔබ ආවේ කුමකටද?
    ආවකු විලස යන්නද
    නොආවකු විලස යන්නද
    යන තෙක් රදෙන්නද
    රැදී නොරැදී ඉන්නද?"

    මදුරංග අයියා: නෑ ආලෝ මොන නිවාඩුද? ඕක මම ලිවුවේ පෝය දවසේ... පෝයට හම්බුන නිවාඩුව තමයි ඉතින්.. ලොවෙත් නෑ මට නමකුත් හම්බුනා යාන්තම්

    ReplyDelete
  11. අඩෝ පට්ට බන් ලස්සනට ලියලා තියනවා...

    ReplyDelete
  12. ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
    අලුතින් වෙබ් එකක් හදන්න paid domain name එකක් සහ paid hosting දිනාගන්න
    දැන්ම එකතුවන්න
    තවත් අලුත් දේවල් ගොඩාක් රසවිදින්න. ශ්‍රී ලාංකීය තාක්ෂණික හා අධපණික විවෘත කේත ව්‍යාපෘතිය
    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete