බසින හිරු යලි පායාවි
පරවුණ මල් පළ දරාවි
වැටෙන දිය බිඳු ගඟක් වේවි
එහෙත් මා....?
රැය පහන් වේදැයි නොදනි
නුඹ ලග රැදෙන්නට සිතමි
යන්නට ඇති බව දනිමි
නමුත් ඒ..
කවදාදැයි නොදනි
කොතනකදිදැයි නොදනි
යන හැටි පමණක් දනිමි
ඉතින් මා...
යන්න වෙන තෙක් ඉදිමි
බොරු හිනාවක් මවමි
එය වියකෙන්නට නොදෙමි
ඉතින් දැන්...
සිනාසෙනු මැනවි
ඉතින් දැන්...
ReplyDeleteසිනාසෙනු මැනවි
:)) :D :) =))
ඔච්චමාරාම හිනාවෙන්නත් එෆා බං...
ReplyDeleteමගේ හිනා මූණු ටික වැඩ කරන්නේ නෑ වගේ...
මොන දේ වුනත් හිනා වෙලා දරාගන්න පුළුවන් නම් නියමයි සහෝ...:)
ReplyDeleteබනියා: ඔච්චරම කියලා අරක නිවැරදි කරගනින්
ReplyDeleteහිතූ: අන්න හරි එහෙම තමයි වෙන්න ඕන... ඒත් මේකේ කතාව ටිකක් වෙනස් එකක් එකයි කේස් එක
ජීවිතේට හිනාවෙලා මුහුණ දෙන්න පුළුවන්නම් ඒක තමයි ලොකුම දේ.. ලස්සන අදහසක් මල්ලී..
ReplyDeleteහරිම ලස්සනයි මාලන් අයියා...එ වගේම එහෙම නම් හොදා..හොදා...සුබ පැතුම් ද මන්දා..
ReplyDeleteතේරුම ගැන පොඩි ප්රශ්නයක් තියනවා වගේ කට්ටියටම.... කමක් නෑ කියමුකෝ එකට....
ReplyDeleteදෙන්නටම ස්තූතියි කිවුවා ඔන්න
යන තෙක් රැඳෙන්න ද?
ReplyDeleteනොරැඳී රැඳෙන්න ද??
අපේ පැකල්ටියේ කැන්ටිමේ බිත්තියක තිබුණු කවියක් මතක් උණා..
නිවාඩුවක් ලැබිලා වගේ.
ReplyDeleteනැත්නම් කොහෙන්ද ඉතින් මාලන් මල්ලිගෙන් ලිපියක් කියවන්න වෙන්නේ :)
Nj_A : ඕක මටත් මතකයි අපේ සර් කෙනෙක් කිවුව
ReplyDelete"ඔබ ආවේ කුමකටද?
ආවකු විලස යන්නද
නොආවකු විලස යන්නද
යන තෙක් රදෙන්නද
රැදී නොරැදී ඉන්නද?"
මදුරංග අයියා: නෑ ආලෝ මොන නිවාඩුද? ඕක මම ලිවුවේ පෝය දවසේ... පෝයට හම්බුන නිවාඩුව තමයි ඉතින්.. ලොවෙත් නෑ මට නමකුත් හම්බුනා යාන්තම්
ලස්සන පද වැලක්,. :)
ReplyDeleteඅඩෝ පට්ට බන් ලස්සනට ලියලා තියනවා...
ReplyDelete