Saturday 5 March 2011

සුරඟන ඇස් o5

මුලින්ම කට්ටියට කියන්න ඕනා අර MaRLaN කියන එකා ලියන සුරඟන ඇස් කතාව තමයි මේ... ඌට පොඩි කරදරයක් වෙලා මේ දවස් ටිකේ පොඩ්ඩක් කතාව දාන්න පරක්කු වුන එකට සමාව ඉල්ලනවයි කියලා කිවුවා...

තව දෙයක් මගෙ එළ ‍ෆිට් 1ක් බ්ලොග් අවකාසෙට පා තැබුවා ඌට පොඩි සප් 1ක් දෙන්න මේ මෙතනින් පොඩ්ඩක් රිංගලා බලන්න...
ඔව් ඔව් ඔය එළ කොල්ලෙක් වගෙ ඉන්නෙ ඌම තමයි

-Marlan 'da one' Fernando-

හා හා දැන් ඇති, කතාවට එන්න...

.............................................................................................................................................................



දේව ආශිර්වාදය ලබමින් මං නිවස කරා ඇදුනි.. නිවසේ වැඩි වෙලාවක් ඉන්නට ප්‍රිය නොවන නිසා දඩස් ගා කැම සාදා අනුබව කලෙමි... නිතර නිතර ඒ ඇස් ඒ කතාව මගේ මතකයේ සැරි සැරීම නිසා මා මහත් අපහසු තාවයට පත් විය... කවදාවත් නොවිදි අත්දැකීමක්... අනේ මංදා...

ආහාර ගැනීමෙන් පසු සුපුරුදු පරිදී කල්ලි ගැසීමට සිත් විය කට්ටියට කෝල කරනවට වඩා ගිහින්ම හොයාගන්න එක හොදයි කෝල් කරාට මුන්ව හොයාගන්න බෑනේ... අතේ තියන සල්ලි වලට මුන්ගෙ ෆෝන් වලට GPS ට්‍රැකින්  සිස්ටම් එකක් දැම්මනම් ලේසියෙන් මුන්ව ඕනා වෙලාවට හොයාගන්න තිබ්බ...

යාන්තම් කෝම හරි කට්ටියව හොයාගත්ත ඒත් ප්‍රශ්නේ කියන්නේ මුන් ඉන්නෙ කෙල්ලො එක්කනේ දැන් කෝමද සෙල්ලම් කරන්නේ... තව ටිකකින් මුන් කියයි "අපි ක්ලබ් යමුද" අනේ මගෙ කට උබලද සල්ලි දෙන්නේ...  ඒකත් මොකක් හරි කිවුවෑකි.. ඒත් මොකෝ මෙයාට අද වෙලා තියෙන්නේ වෙනදට ඇගේම ඉන්න එකා අද නිකන් බෝම්බයක් පුපුරලා වගේ මූනත් හදාගෙන... අනේ මංදා...
"මේ මොකද බං අර මූන එල්ලන් ඉන්නේ"

"උබ අර කෙල්ලත් එක්ක කතා කරපු එක මෙතන එකෙක් කනේ තිබ්බනේ"
ඒ ෆ්‍රැන්සෙස්කෝ විය....
............
ක්ලබ් ගිහින් බීලා බීලා කකුල් කැඩෙන තුරු නටලා කොහොමින් කොහොම හරි පහු වෙනිදා ක්‍රීඩා තරග සදහා යැමට නැගිටගත්තෙමි... බිමට අඩිය තියන විට බූමිකම්පාවක් මෙන් පොලව දෙදරන්නට විය... මේ මොකද මේ?
"ටිං" මගෙ ඔලුවට උඩින් බල්බ් එකක් පත්තු උනා වගෙ...සිදු ඌයේ කුමක් දැයි මට මීටර් විය
ඕකනෙ කියන්නේ ඕනම දෙයක් ඕනාවට වඩා  ඕනෙ නෑ කියලා අද සෙල්ලම් කරලත් හමාරයි එහෙනම්... ඊයෙ නටපු නැටිල්ලට කකුල් දෙකට දෙවි පිහිට හම්බෙලා වගෙ... හාකො හාකො...
ඒත් අර බෝලගෙඩි ඇස් ඇත්තිව බලන්න ආසාවක් හිතේ එහා කොනේ ඉදන් ඇති වෙන්න විය...


ම්... ගිහින් බැලුවනම් හරි අදත් මොනාහරි කියවල කතා කරවන්න ඕන මොනා උනත් පවු අහින්සක කෙල්ල මෙච්චර ලොකු වෙලත් තාම කතා කරන්න බෑනෙ...
........................

ඈ පාසල් ඉවර වෙන වෙලාවට මම, ඈව  වට්ටපු පාලු පාර ලගට වී සිටියෙමි... මෙන්න බොලේ එයා එනවා ම්.... අද කවදාවත් නැතුව මේ මූනේ හිනාවක් මොකද... ආ.. මේ කෙල්ලට කවුරුහරි හැදියාව කියලා දීලා වගේ මමත් ඉතින් ඔන්න තියන දත් ටික ඔක්කොම පෙන්නලා හිනාවෙලා ඇය අසලට ගියෙමි... නැවතත් සුපුරුදු ප්‍රශ්න විචාරත්මක වැඩ සටහන ආරම්බ විය.. මා ප්‍රශ්න අසයි ඈ ගමන් කරයි ඉද හිට එක ප්‍රශ්නයකට උත්තර දෙයි... නැවත මා ප්‍රශ්න අසයි ඈ ගමන් කරයි

"ඇයි ඔයා වැඩියේ කා කතා කරන්නේ නැත්තේ?" ඔන්න දෙන්නම් දොඩං දැන් දෙන්නකො බලන්න උත්තර....

"මම කැමති නෑ"

"ඇයි කැමති නැත්තේ..?"

"මම දන්නේ නෑ"

ගනන් ගන්න එපා මේ ප්‍රශ්නවලට කෝම හරි වචන තුනකින්ලු උත්තර දෙන්න ඕනා නැත්නම් තරගේ පරාද වෙනවලු ඒකයි ඔය ප්‍රශ්න වලට ඉතාමත් කෙටි වචන තුනේ උත්තර දෙන්නේ නැත්නම් කතා කරන්න අකමැති කමකට නෙවෙයිලු ඔන්න
ඒ මගේ හිත විසින් මාවම සනසාගන්න කියපු දෙයක්ලු ඔන්න

"එහෙනම් ඒ කියනෙන ඔයා මං එක්ක කතා කරන්න කැමතිද?"

කෙල්ල බය වෙලා වගේ මගෙ මූන දිහා බලලා දුවන්නට විය... අනේ බොල කෙල්ලේ ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න තේරෙන්නේ නැද්ද?
.........................

මොනා උනත් මේ කෙල්ල මගේ හිත මාරම විදිහට දිනාගෙන වගේ.. මට තේරෙන්නෙත් නෑ...

මම කොච්චර යාලුවො එක්ක කැරකුනත් ක්ලබ් ගානේ ගියත් මගේ හිතට පුන්චිම සැනසීමක් වත් නෑ ඒ වෙලාව නටන පිස්සුව තමයි ඉතින් ඒත් මෙයා ගාවදි හිත මාරම විදිහට සැහැල්ලු වෙන්වා... මේකි කතා නොකර මෙහෙමනම් කතා කලොත් කෝමට හිටීද මන්දා....
.....................



පහු වෙනිදත් ඔන්න ක්‍රීඩා පුහුනු වීම් වලට මොනාහරි කරගෙන ආවාම ඔන්න සර් ඇවිත්...
"ක්‍රිස්ටියන් තමුසෙ මේ සෙල්ලමක්ද කරන්නේ"
මම හිතින් "ඔව් සර් ඇයි මොකක් වගේද පේන්නේ"

"මේක කරන විදිහට කරන්න බැරිනම් ගෙදර ඉන්නව තව සති කීයද තියෙන්නේ තමුසෙට"

"හරි සර් සමාවෙන්න,පොඩි කරදරයක් උනා ඒකයි එන්න බැරි උනේ"

"ඔව් ඔව් මට පේනව කරදරයක් නම් වෙලා තියනව වගෙ තමයි කියලා...."
අන්න එච්චරයි සර් ඕනා....

කෝමින් කෝම හරි බැනුම් අසා සෙල්ලම් කර ඇග පත සෝදා රජෙක් වගේ එලියට බැහැලා මම ගෙදරට යන්නට විය, අරූ මාව කැව මට බැනලා ඇයි මිනිස්සුන්ගෙ අතින්නේ වැරදි වෙන්නේ ඕකට ඔච්චර බනින්න ඕනද?
 යක්ශයා ආවෙස වෙලා වගේ තරහෙන් පුපුර පුපුර යද්දි මට පොඩි අමුත්තක් දැනී පාරේ ඉදිරියට ඇස් යොමු කලෙමි...
මෙන්න බොලේ බෝල ගෙඩි ඇස් කාරි පොත් ටිකත් බදාගෙන මං දිහා බලාගෙන ඉන්නව.... ආ.... අද ලෝක විනාසයද?
මේ මොකක්ද මේ...

තරහව කොහෙන් ගියාද කියලා නැත කෙල්ල මං දිහා බලාගෙන හිනාවෙයි මමත් ඉතින් සුපුරුදු පරිදී විරිත්තයි... ඈ ලගට ගියාම ඈ වචනයක් වත් නොකියා මා සමග ගමන් කරයි...

මේකිනම් කොහේ හරි ඉදලා ආව පිස්සු මැන්ටලයක් වගේ... මෙච්චර වෙලා මං එනකන් ඉදලා දැන් ගොලු වෙලා... හාකො හාකෝ මමම කතාව පටන් ගන්නම්කෝ...

"ඇයි ඔයා ඊයේ හදිස්සියෙම ගියේ"

"මට පොඩි වැඩක් මතක් වෙලා මම ගියා"

ආහ්.... මෙන්න අද ටිකක වැඩි පුර කතා කරනවා වෙන්න බෑ මේ මෙලිසමද?

"ඉතින් ඇයි ඔයා මං එක්ක කතා කරන්නෙ වෙන අය එක්ක කතා කරන්න අකමැතිනම්" අනේ පවු ඉවරයි නේද?

"දන්නේ නෑ"

ආහ්... මේ මෙලිසම තමයි..
කෝමින් කෝම හරි අපි එක එක ඒවා කියෝ කියෝ යන්නට විය... හදිස්සියේම මම
"මට තිබහයි අපි මොනාහරි බොමුද?"

කෙල්ලගේ ඇස් නලලට වීසි විය බය වෙලා වගේ මං දිහා බලද්දි මට පවු කියා සිතුනි
"එහෙනම් කමක් නෑ අපි යමු"

"ක්‍රිශ් ඔයාට තිබහයිද?"

මෙන්න කෙල්ල මගෙන් අහපු පලවෙනි ප්‍රශ්නෙ... අනේ වාසනාවයි

"ඔව් ඔව් ගොඩාක් තිබහයි" එච්චර තිබහක් තිබුනේ නැතත් මම කිවුවෙමි

"එහෙනම් අපි මොනාහරි බොමු"

අන්න එහෙම එන්නකෝ... අපිත් ආසයිනෙ...
..........................................................................................
දෙන්නා බීම බීපු හැටි අපි බලමුකෝ තව දවස් 2-3කින් ;)

7 comments:

  1. හාකො හාකො ඉතින්. ඉක්මනට අනිත් කොටසත් දාන්ඩෝ..

    ReplyDelete
  2. -Marlan 'da one' Fඑර්නන්ඩො-

    කියන්නේ මොකා...මම ගූගල් එකේත් බැලුවා...උත්තරේ ආවේ බූරුවා කියලා....ගූගල්ට වරදින්නේ නෑ නේ

    ReplyDelete
  3. @ පිනිපිදු අක්කා- හාකෝ හාකෝ... මම ඉක්මනට දානම්කෝ....

    @ඉරුස්- මගුල්ල තමයි....

    ReplyDelete
  4. ශා එහෙනම් කොහොමහරි බීමත් බොන්න කැමති කරව ගත්තා.. කොල්ලා වැඩකරු... :)

    ReplyDelete
  5. වැඩ කරුදත් කියනවා.... කතාකරල වැඩක් නෑ ඒ ගැනනම්

    ReplyDelete
  6. මගෙ මල්ලියේ මම ඊයේ මේ කතාව කියෙවුවා . ඒත් කමෙන්ට් කරේ නෑ !. මොකද මට සිගනල් මදි . ඔයාගේ කමෙන්ට් බොක්ස් එක මට ඊයේ කොයිතරම් උත්සහ කරත් ලෝඩ් කරගන්න බැරි උනා !. .. අදනම් මුලින්ම ආවේ මාලෙව බලන්න නෙවේ . කතාව බලන්න ..

    මෙන්න මාලන් ක්‍රිශ් ව බේබද්දෙක් කරලා ! අනිත් එක්කෙනා නඩු දායිද මන්දා ? .. කොහොම හරි කතාව දැන් එලට ගලාගෙන ගියත් ඉස්සරහදී පොඩ්ඩක් ඇනෙන විත්තිය මම දන්නවා .. බලමු මෙයාගේ පැත්තෙන් කොහොම වෙයිද කියලා .....

    අපි යනෝ ..!

    ReplyDelete
  7. අයියන්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්නමි...
    ආවත් ඇති අයියා....
    මම නම් නෙමේ බේබද්දෙක් කලේ අනිත් කෙනාම තමයි....

    ReplyDelete