Saturday 26 March 2011

අහිමි

අහිමි නුබ ලගට ගෙන 
ආදරෙන් සිප  ගන්න 
තුරුළු කර ආදරෙන් 
උණුහුමට  ගුලිවෙන්න 
නුබේ ඔය ඇස් දෙකෙන් 
ලෝකයම දැක ගන්න 
පතනවා මම තාම
අහිමි බව දැන දැනත්...

මට අහිමි පුංචි මල 
ආදරෙන් රැකගන්න 
පොඩි වෙන්න ඉඩ නොදී
ආදරෙන් සිප ගන්න 
පතනවා මම තවත් 
නුබ අහිමි බව දැනම 

ඔබේ පුංචි ඇස දෙකට
හාදුවක් පුද දෙන්න
නුඹෙ සිනිදු දෙකොපුලේ 
මගේ තොල් රදවන්න 
සීතලම රාත්‍රියක 
නුඹෙ පපුවේ ගුලි වෙන්න 
පතනවා මම තවත්
නුබ අහිමි බව දැනම 

නුබ මගේ නොවුවත් 
ආදරෙයි මම නුබට 
මගේ ලග නොසිටියත් 
නුබ ලගයි මම තවම 
අහිමි බව දැන දැනත් 
නුබට පෙම් බදින මම
ආදරෙයි හැමදාම 
මගේ පුංචි කුමරියේ.....

-අහිමි බව දැන දැනම නුමට පෙම් බදිනා මම-  

14 comments:

  1. චිඃ.. නරක සමනලය.. අනුන්ගෙ කෙල්ලන්ට ලවුකරනව.... චී... කියල හිතෙනව...

    ReplyDelete
  2. ඒ මගේ........ මලයි ...... හිමිකාරයා.... මමයි.....

    ReplyDelete
  3. සමනලයා....කෙල්ල කවුද බන්...බලාගම්මු හෙට... :))

    ReplyDelete
  4. සද අහිමි අහසද මම
    කළුවර ඇයි ලෝකය හැමදාම
    නුඹ අහිමි හදවත මම
    ආදරේ නැතිද හිත ලග තවම..

    කියාගන්න බෑ ආදරේ තරම
    පෙම් කරමි දුරින් හිද මම
    සිහිනයක්ද මෙය දෑස් අග මැවෙන
    දන්නෙ නෑ මම එයත් හරියට..

    පැතුම් පැතුවා අහිම් බව දැනම
    කිමද ඒ අසයි හදවත නිතර
    ආදරෙයි මම නුඹ දන්නෙ නෑ එය
    පෙම් කරමි මම සිතින් තවම නුඹට..

    ReplyDelete
  5. පල යන්න පොඩි එකා.... ;)

    කල්හාර: හාකො හාකො

    රත්ගමයා: හරිය හෙට බලාගමු

    දිනේශ්: ලස්සනයි බං මේක එළ

    ReplyDelete
  6. ඔව්ව ඔහොම තමා... ඇත්ත තිත්තයි බොල.. උනහපුලුව.. :P x(

    ReplyDelete
  7. සිග්නල් නැතුව ඉඳලා අදයි දින දෙකකින් අන්තර්ජාලයට පය ගැහුවේ . ඉතින් මාලන් ආයේ ලියන්න හිතුනයි .?

    "අහිමි බව දැන දැනම නුමට පෙම් බදිනා මම" ඔය පදේම තමයි මාලේ මමත් ප්ලේ කරන්නේ ....

    ReplyDelete
  8. පොඩි එකා කැමති දෙයක් කියපන්කෝ...

    සදරු අයියා: හි හී.... ඒක තමයි මේ දවස් ටිකේම අයියාව හොයාගන්නත් බැරි උනානේ....

    ReplyDelete
  9. මාලන් බුටක් කාලා වගෙයි.
    දිගටම එපාවෙනකම්ම කවි ම ලියන්ඩෝ.ඒක ලේසීයි.තේරුම් ගන්න පහසුයි දිග හෑල්ලක් කියවනවට වඩා.

    ReplyDelete
  10. රජිත්: අපොයි නෑ බූටක් නම් කෑවේ නෑ....
    එල එල මම ලියන්නම්කෝ හිතට දැනෙනකන්ම...

    ReplyDelete
  11. ක්ශිතිජ ඉම පුරාවට
    අදින සිත්තම් සේම....
    නො ඇදෙනා අකුරු වල
    තියන කවි පද සේම....
    නොලැබෙනා ඔය සෙනෙහෙ
    හදවතේ පතුලේම....
    කිමද තව ලතවෙන්නේ
    සිහින නුඹ ලඟ තවම.... ( පබලු )

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ගෙදර ගිහින් එද්දි ගොඩක් බ්ලොග් මිස් උනා. දැන් මේ සේරම කියවගෙන යන ගමන්.

    සදරූ මල්ලිට ප්ලේ කරන්න උදාන වාක්කියක් තියෙනවා. මට එහෙම එකක්වත් නැති හැටි. !!!!

    ReplyDelete