හිරු බැස යන සැන්දෑවක
මුහුදු වෙරලේ රැලි අතරින්
ඇවිද යමින් ඔබත් එක්ක
ආසයි නුඹ සිප ගන්නට
සඳු නැග එන රාත්‍රියක
මල් දෝතක් අතට අරන්
නුඹ සමගින් පන්සල් ගොස්
ආසයි පැතුමක් පතන්ට
හිරු නැග එන හිමිදිරියක
නුඹ තුරුලේ හුරතල් වී
නුඹෙ උනුසුම් හාදු ලබා
ආසයි මට නැගිටින්නට
හිරු මුදුනේ, මද්දහනේ
හෙම්බත් වී සිටිනා විට
මහන්සි මගේ නැති වෙන්නට
ආසයි කට හඩ අහන්න
-නුඹ මත්තෙම නැහෙනා මම-
සදුත් නුඹ වී හිරුත් නුඹ වි
ReplyDeleteපායා එන මගේම ලොකෙක
ආසයි මම තරුවක් වී
අහස් කුසේ තනි රකින්න..
දෑතින් අල්ලාගෙන පරිස්සමට
සමනල් පාලමේ ඈතක
ආසයි මම දුරකට යන්න
එනවනම් නුඹ මගේම ලෝකෙට..
හුටස් අයියේ තරුවක් උනාම කෝමද හිරුගේ තනි රකින්නේ?
ReplyDeleteඑළ එළ කවිය ලස්සනයි
ඉර පායන වෙලාවටත් අහසේ තරු තියෙනවලු.. ඒත් ඉර එළිය නිසා අපිට ඒවා පේන්නෙ නෑ...
ReplyDeleteඑය නම් දනිමි.... හදේ එලිය වැඩි උනාමත් තරු අඩු වෙන්නේ එම හේතුව නිසාමයි කියලත් දනිමි
ReplyDeleteඕකට කියන්නේ ප්‍රබලයා විසින් දුබලයාව යටපත් කරනවා කියලා
ඒත් කෝමද ලග තියාගන්නෙත් නැති නපුරෙක්ගෙ තනි රකින්නේ? :-/
හ්ම්ම්ම්... ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. අපි එහෙම හිතෙන්නෙ අපිට පේන විදිහ නිසා වෙන්න පුළුවන්....
ReplyDeleteලස්සනයි අයියා...
ReplyDeleteඋදේ පාන්දර නින්දක් නැතිව ...
ReplyDeleteනින්ද නම් මොනාද අක්කා... ඇහැරුන වෙලාවෙ දැම්මා
ReplyDeleteනිම්ශා- ස්තූතියි නංගියෝ
ලස්සන කවි සැට් එක
ReplyDeleteස්තූති වේවා...
ReplyDeleteෆට්ට කුලකයක් ය...
ReplyDeleteකෝක කොහොම උනත් මම නොදන්න දෙයක් තියෙනව අහන්න...
දන්න කෙනෙක් ඉන්නවනම් හොයල බලල මට ඒගැන කියාදෙන්න...
මේ ඔච්චර සිප ගන්න ආසනම් ඇයි ඕකට මුහුදු වෙරලම තෝර ගන්නෙ...?? නිකන් ගේ ඇතුලෙ කබරය සෙට් විච්ච වෙලාවක අල්ලගෙන අල්ලගෙන ගිහින් ගේ ඇතුලටම දැම්ම වගේ වැඩක් නෙ බන්.. o.O
;))
ReplyDeletehmmm danan hitiye nane oyaa kavikaarayek kiyala.anywy dats gud.
ReplyDeleteniyamae...wel done bro.
කවි විතරක් නෙමේ නන්ගි තව බොහෝ දේ ඇත වටයක් ගිහින් බලන්න
ReplyDeleteමාර ලස්සන කවි ටික නේ මල්ලි. මල්ලි ඔය කවියෙක් උන ගෑනු ලමයා ගැන යමක් ලිව්වේ එහෙම නැද්ද.
ReplyDeleteතමන් ආදරේ කරන එක්කෙනා ලගින්ම ඉන්න තියෙනවනම් ආයේ වෙන මොනවෙයි.....
ටැ මොල මැරියන්...?? තො මොකෝ නක්කලේට හිනා වෙන්නෙ...???
ReplyDeleteනෑ ඉතින් බං හිනා යනවනේ....
ReplyDeleteකවිය ලස්සනයි මාලන් . උඹ උපතින්ම කවි කාරයෙක් .
ReplyDeleteහපොයි අයියේ මම එච්චර දක්ෂයෙක් නෙමේ....
ReplyDeleteඔයා ගොඩක් ලස්සනට ලියනවා
ReplyDelete1st appreciate urslf iya
ReplyDelete