Sunday 20 March 2011

ආසයි මට

හිරු බැස යන සැන්දෑවක
මුහුදු වෙරලේ ‍රැලි අතරින් 
ඇවිද යමින් ඔබත් එක්ක
ආසයි නුඹ සිප ගන්නට

සඳු නැග එන රාත්‍රියක
මල් දෝතක් අතට අරන්
නුඹ සමගින් පන්සල් ගොස්
ආසයි පැතුමක් පතන්ට

හිරු නැග එන හිමිදිරියක
නුඹ තුරුලේ හුරතල් වී
නුඹෙ උනුසුම් හාදු ලබා
ආසයි මට නැගිටින්නට

හිරු මුදුනේ, මද්දහනේ
හෙම්බත් වී සිටිනා විට
මහන්සි මගේ නැති වෙන්නට
ආසයි කට හඩ අහන්න

-නුඹ මත්තෙම නැහෙනා මම-

21 comments:

  1. සදුත් නුඹ වී හිරුත් නුඹ වි
    පායා එන මගේම ලොකෙක
    ආසයි මම තරුවක් වී
    අහස් කුසේ තනි රකින්න..

    දෑතින් අල්ලාගෙන පරිස්සමට
    සමනල් පාලමේ ඈතක
    ආසයි මම දුරකට යන්න
    එනවනම් නුඹ මගේම ලෝකෙට..

    ReplyDelete
  2. හුටස් අයියේ තරුවක් උනාම කෝමද හිරුගේ තනි රකින්නේ?

    එළ එළ කවිය ලස්සනයි

    ReplyDelete
  3. ඉර පායන වෙලාවටත් අහසේ තරු තියෙනවලු.. ඒත් ඉර එළිය නිසා අපිට ඒවා පේන්නෙ නෑ...

    ReplyDelete
  4. එය නම් දනිමි.... හදේ එලිය වැඩි උනාමත් තරු අඩු වෙන්නේ එම හේතුව නිසාමයි කියලත් දනිමි

    ඕකට කියන්නේ ප්‍රබලයා විසින් දුබලයාව යටපත් කරනවා කියලා

    ඒත් කෝමද ලග තියාගන්නෙත් නැති නපුරෙක්ගෙ තනි රකින්නේ? :-/

    ReplyDelete
  5. හ්ම්ම්ම්... ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. අපි එහෙම හිතෙන්නෙ අපිට පේන විදිහ නිසා වෙන්න පුළුවන්....

    ReplyDelete
  6. ලස්සනයි අයියා...

    ReplyDelete
  7. උදේ පාන්දර නින්දක් නැතිව ...

    ReplyDelete
  8. නින්ද නම් මොනාද අක්කා... ඇහැරුන වෙලාවෙ දැම්මා

    නිම්ශා- ස්තූතියි නංගියෝ

    ReplyDelete
  9. ලස්සන කවි සැට් එක

    ReplyDelete
  10. ස්තූති වේවා...

    ReplyDelete
  11. ෆට්ට කුලකයක් ය...
    කෝක කොහොම උනත් මම නොදන්න දෙයක් තියෙනව අහන්න...
    දන්න කෙනෙක් ඉන්නවනම් හොයල බලල මට ඒගැන කියාදෙන්න...

    මේ ඔච්චර සිප ගන්න ආසනම් ඇයි ඕකට මුහුදු වෙරලම තෝර ගන්නෙ...?? නිකන් ගේ ඇතුලෙ කබරය සෙට් විච්ච වෙලාවක අල්ලගෙන අල්ලගෙන ගිහින් ගේ ඇතුලටම දැම්ම වගේ වැඩක් නෙ බන්.. o.O

    ReplyDelete
  12. hmmm danan hitiye nane oyaa kavikaarayek kiyala.anywy dats gud.
    niyamae...wel done bro.

    ReplyDelete
  13. කවි විතරක් නෙමේ නන්ගි තව බොහෝ දේ ඇත වටයක් ගිහින් බලන්න

    ReplyDelete
  14. මාර ලස්සන කවි ටික නේ මල්ලි. මල්ලි ඔය කවියෙක් උන ගෑනු ලමයා ගැන යමක් ලිව්වේ එහෙම නැද්ද.

    තමන් ආදරේ කරන එක්කෙනා ලගින්ම ඉන්න තියෙනවනම් ආයේ වෙන මොනවෙයි.....

    ReplyDelete
  15. ටැ මොල මැරියන්...?? තො මොකෝ නක්කලේට හිනා වෙන්නෙ...???

    ReplyDelete
  16. නෑ ඉතින් බං හිනා යනවනේ....

    ReplyDelete
  17. කවිය ලස්සනයි මාලන් . උඹ උපතින්ම කවි කාරයෙක් .

    ReplyDelete
  18. හපොයි අයියේ මම එච්චර දක්ෂයෙක් නෙමේ....

    ReplyDelete
  19. ඔයා ගොඩක් ලස්සනට ලියනවා

    ReplyDelete