එදා පෑයූ හිරු,
එදා පෑයු සඳු,
අද කොහෙද...?
ගතට සිසිල දුන්,
සිතට සුවය දුන්,
ඒ සුලග අද කොහිද?
එකිනෙකාගෙ දුක සතුට වෙනුවෙන්,
ලගින් හිටපු මිනිස්සු කොහෙද අද?
කුසට අහරක්, ගතට සෙවනක් දුන්
ඒ ලස්සන ගස් කොහෙද අද?
බල තන්හාවෙන් පිරිච්ච කාලකන්නි
අපේ පොලව බෙදාගන්න මරාගත්තට
ලැබුනද උන්ට එක අගලක්වත්
යද්දි ගෙනියන්න,
උන්ගෙ බල තන්හාවට අපි අද විදෝනවා..
මහා ලොකු විද්‍යාවට පුලුවන් උනාද අපිට පිහිට වෙන්න
පිහිටක් වෙනුවට අපිව නැති කරා මිස..
ඔව් මේ පුන්චි පැලය අපිට පිහිට වෙයි..
ඔව් මේ අපේ දෙවනි අවස්තාව
අපේ එකම බලාපොරොත්තුව
මුලු ලෝකෙම වෙනස් කරන්න,
මේ එකම එක පුන්චි පැලයට පුලුවන් වෙයිද?
පුංචි පැලේ මහ ගහක් වෙන දවසට ඒ ගහ වටේට හයියට තවත් ගස් ගොඩාරියක් තියේවි.
ReplyDeleteඒක නම් හරි තමා කාලයත් එක්කම මිනිස්සුත් වෙනස් වෙනවා. කවදාහරි අපි මේ හරි හම්බකරගත්ත දේ දාලා යන්නම වෙනවා. ඒකයි ඇත්ත.
ReplyDeleteඔන්න මම මල්ලිගේ බ්ලොග් එක මගේ රීඩර් එකටත් දා ගත්තා. දැන් දිගටම එන්න පුලුවන්.
මොනව වෙනස් උනත කමක් නෑ උඹ සැලෙන්න එපා...ඒක නෙමේ...කෝ යකෝ සුරඟන ඇස්.....ග‍්රර‍්රර‍්ර
ReplyDeleteබොහොම ස්තූතියි කට්ටියටම....
ReplyDeleteසුරඟන ඇස් මග එනවා......
kalayath samaga hama dema,venas venava,sobadarmayath ehema,,,eth,api ape balaporothu nathi karagatha yuthu natha
ReplyDeleteඒක සැබැයි... පටලවගෙන වගෙදෝ කියලා හිතෙනවා
ReplyDeleteමාලන් මම මේ නිර්මාණයට ගොඩාක් කැමතියි . මේක හරිම ලස්සනයි . මාරම ගති . මට ඉතින් මේක වර්නණා කරන්න තරම් කවි සිතිවිලි නෑ . මට කියන්න තේරෙන්නේ මේක හරිම ගති කියලා විතරයි ..
ReplyDeleteඋඹත් සොඳුරුසිත වගේමයි .. පද හරඹ වලටම උපන් කෙනෙක්
අපෝ වත් අක්කට මාව සම කරන්න හම්බෙන්නේ නෑ... එයා නිකන් මහා මුහුද වගේ මම වතුර බින්දුවක් වෙද්දි....
ReplyDeleteමොනා උනත් අදහසට බෝම ස්තූතියි අයියේ....
කාලය එක්ක හැමදේම වෙනස් වෙන එක අපිට නවත්තන්න බැහැ... :(
ReplyDeleteඅපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ නේද අක්කේ....
ReplyDeleteමටත් හිතෙන්නේ.. කාලය හැම්දේම වෙනස් වෙනවා.. එ වෙනස් විමට හැඩගැහෙන එක තමයි හොදම දේ...
ReplyDeleteහාකෝ.....
ReplyDelete