Thursday, 17 March 2011
සුරඟන ඇස් 06
කොහොමින් කොහොම හරි මෙලීසාත් සමග මම අවන්හලකට ඇදුනි... හ්ම්... මං එක්ක කතාවත් නොකරපු කෙල්ල දැන් මං එක්ක බීම බොන්නත් ඇවිත් නේ.. හාකො හාකො ඒකෙත් හැටි...
අපි දෙන්න ගිහින් පාර පේන හරියේ ඇති මේසයක් ආසලින් වාඩි විය.. ම්හු ඇගෙන් කිසි සද්දයක් නැත ඔහේ වාඩි වී සිටියි... මටත් මොකෝ.. ටික වේලාවකින් ඇනවුම් කරන ලද බීම දෙක අප අසල විය.. ඒත් ඈ එසේමය.. මෙයා ගල් වෙලාවත්ද?
"මෙලීසා..."
ම්.... කෝ සද්දයක් වත් නෑනෙ..?
"මෙලීසා...."
දෙවන වර මගේ සද්දය ටිකක් වැඩි විය ඒත් ඇගෙන් කිසි ප්‍රතිචාරයක් නැත... මෙයා එක්කෝ ගල් වෙලා නැත්නම් පාරෙ යන වාහන ගනන් කරනවා දැන් එතකොට මේ බීම දෙකම මමද බොන්න ඕනා.. නෑ ඉතින් බොන්න නම් බැරි කමක් නෑ ඒත් හරි නෑනෙ...
ම්.. පරීක්ෂන අංක එක බාහිර පරිසරයට සංවේදීතාව පරීක්ෂා කිරීම අතට ගත්ත කොල කැබැල්ල බෝල කර මූනට ගැසුවෙමි නැත ප්‍රතිචාරයක් නෝමැත.. පලමු පරීක්ෂනය අසාර්තකයි.. මගේ විද්යාත්මක දැනුම දන්නවනම් මාව නාසා එකෙනුත් ගෙනියලා හැන්ගිලාම ඉන්න එක හොදයි..
දැන් එතකොට දෙවනි එකට කරන්නේ මොකක්ද....? හරිය දෙවනි එකට අපි කං අහෙනවද කියලා බලමු..
ඇගේ අසලට ගියද ඈ තාමත් නිසොල්මන්ව පාර දෙසම බලාහිදියි..වෙනදා නොදකින දීප්තියකින් ඒ බෝල ඇස් දෙක දිලිසෙයි. මොනා උනත් කෙල්ල පවුනේ බාදා කරන්න හොද නෑ ඔහෙ කල්පනා කරන්න දෙන්න ඕනා අනික මට මේ බීම දෙකම බොන්න බැරි කමකුත් නෑනෙ....
යන්තම් කෝම හරි බීම දෙකම ඉවර කර ටික වෙලාවක් යද්දී ඈ පියවි සිහියට පැමිනි බව යන්තමින් මෙන් දුටිමි.. හපොයි දැන් මහ විනාසයක්නෙ වෙන්නෙ..
ම්... ක්‍රිස්ටියන් ඔයා බීම බොන්නේ නැද්ද?
දෙයියනේ දැන් කෝමද කියන්නේ බීම දෙකම මම බිවුවා කියලා.. හ්ම්.. කියන්න ඕන නෑ ඇස් දෙකෙන් පෙන්නුවනම් හරිනෙ..
ක්‍රිස්ටියන් ඔයා තාම මුකුත් ඉල්ලුවෙ නැද්ද?
"ආ.. එවා හරි...
මොනාද ඔයා ඔච්චර කල්පනා කරන්නේ"
බීම දෙක මුහුන පාපු කරදරය වසං කිරීමේ කූට අදහසින් මන් එසේ ඇසුවෙමි.
එවිට ඈ සිනාසී මේසය දිහා බැලුවාය..
හපොයි මේ මොකද කලේ....
ම්.... ඇයට ගානක් නැති හැඩකි... පුන්චි හිනාවක් මූනේ රදවාගනිමින් මා දෙස ඈ බැලුවාය ඒ හිනාවේ තේරුම නිකන් මේ වගෙ එකක් වෙන්න ඇති "ඔයා මගේ එකත් බිවුවද?"
ඉතින් ඕකට උත්තරෙත් ඔය විදිහටම දුන්න නම් හරිනේ.. මමත් දත් විලිස්සා සිනාසී ඈ දෙස බලන්නට විය...
"දැන් තිබහ නැද්ද?"
ඒ ලස්සන පුන්චි මූන පැත්තට ඇල කර ඈ මගෙන් ඈ ඇසුවාය.. මම මෙච්චර අවුරුදු ගානකට මං ගැන මෙච්චරම ආදරයකින් සොයා බැලූ කවුරුවත් හිටියාද කියලා මතක් කරන්නට විය.. නෑ නෑ කවුරුත් නෑ...
ඈ තාමත් උන් ඉරියවුවෙන්ම මා දෙසම බලාගෙන මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මෙන් සිටින නිසා මං පොඩි එකෙක් මෙන් බෙල්ල දෙපසට වනා නෑ කියා ඈ දෙස බලන්නට විය..
"දැන් යමු මට පරක්කු වෙනවා"
මමත් ඉතින් දඩි බිඩි ගාලා නැගිට ගත්ත අන්තීමට තව බීම ගන්න උනොත් අම්මෝ....
..................................................................................................................................
දැන් දැන් පෙර මෙන් නොව ඈ මා සමග හොදින් කතා කරයි මාත් වෙන කවරෙකුටවත් ලන් නොවූ ලෙස ඇයට ලං වෙයි මටත් හිතාගන්න බැරි විදිහට දැන් ඈ මගේම ජීවිතයේ කොටසක් වෙලා වගේ මට කොච්චර යහලුවන් සිටියත් මේ මිතුරුකම ඊට වඩ වෙනස්... අනේ මංදා....
....................................................................................................................................
කොහොමින් කොහොම හරි තෝරාගැනීම් තරග පවත්වන දිනයද ලං වී තිබුනි හරි හරියට පුහුනු වීම්ද තිබෙන නිසා හවසට ගෙදරට යන විට නිකන් ලෝකෙම එපා වෙලා වගෙ තමයි ඉතින් ඒත් හොදකට තියෙන්නේ දැන් මා එනතුරු මෙලීසා බලාගෙන සිටින එකයි... දවසෙම මහන්සිය ඈ දකින විට කොහේ යනවද කියා මං නම් දන්නෙ නැත මොනා උනත් ඈ කතා කරනවා මදී කියලනම් මට හොදටම දැනෙයි ඒත් ඈ මං කියන හැම දේම අහගෙන ඉන්නවා කියලනම් හොදටම විස්වාසයි..
අම්මෝ මාරම විදිහට ඔලුව කකියනවා.. මුන්ට මේ අවුවෙම ප්‍රැක්ටිස් තියන්න ඕනද? මම නිකන් පාවෙවී වගෙ ගෙදරට බඩ ගාන්න විය..
අපොයි අන්න මෙලීසා ඉන්නවා... අසනීප ගතියෙන් යන්න හොද නෑ කියලා මටම හිතාගෙන වෙනදා පුරුදු විදිහටම යන්නට විය.. ඈ ලගට යන විට වෙනදා පුරුදු සිනාව නොව ටිකක් අමුතු විදිහට මං දිහා බලාගෙන ඉන්නව වගේ දැනුන නිසා ඇගේ සිතුවිල්ල වෙන අතකට යැවීමට වෙනදා පුරුදු කතා පෙට්ටිය විවෘත කිරීමට ගියත් පොඩි අපහසුවක් දැනුනි... ඒත් කෝම හරි කතා පෙට්ටිය ඇර ගන්නට සමත් විය අසනීප ගතියත් හොදටම හංගගෙන කතාවට බැස්සෙමි..
"හලෝ... අද හවස මොකද කරන්නේ?"
"මුකුත් නෑ"
ඇගේ කතාවෙ ටිකක් අමුතු බවක් දැනුනි මටත් මොකෝ
"ම්.. අපිත් එක්ක යන්න එනවද පාටියක් තියනවා"
"අසනීප තියන් පාටි වලට යන්න පිස්සුද?"
මොකක් මෙයා කෝමද දැන ගත්තේ මට අසනීපයි කියලා මම කිවුවෙ නෑනෙ..
"මට ඇති අසනීපයක් නෑ ඔයා කෝමද දන්නේ මට අසනීපයි කියලා"
"මට කියන්න බැරිනම් කමක් නෑ මූනෙන් කිවුවෑකි අසනීපයි කියලා"
හපොයි මේ මොකක්ද මේ උනේ.. මෙයා කෝමද කියන්නේ මට අසනීපයි කියලා මගෙ මූන බලාගෙන.. වෙනදත් මං අසනීප තියාගෙන යාලුවෝ එක්ක එහෙ මෙහෙ යනවනෙ උන් දන්නෙ නෑනෙ මට අසනීපයි කියලා...
"ඔයාට හිත් කියවන්න පුලුවන්ද?"
"මේ පන්ඩිත කතා කියන්නේ නැතුව ඉන්නවද?"
හපොයි මෙන්න ගිනි බෝලෙට ආයෙ ගිනි ඇවිලිලා... දැන් ඉතින් ඉදල ඉවරයි..
"ඔහොම ගෙදර ගියැකිද පයින්.. තෙරෙන්නේ නැද්ද?"
හොදා දැන් ඉතින් නියම දේශනාවක් අහගත්තැකි...
"පොඩ්ඩක් මෙහෙම ඉමු ටැක්සියක් එනකන්" එසේ කියා ඈ මාව අසල තිබූ බංකුවකින් ඉන්දුවාය...
ඇගේ මූන නිකන් දැන් එඩ්නා ගිනි කන්දමෙනි තව පොඩ්ඩෙන් පුපුරන ගානක් තියෙන්නේ...
ඉන්නටම බැරි නිසා මුකුත් නොසිතා ඇගේ උකුලට හිස තබා ගතිමි.. ඈ පුදුමයෙම් මෙන් මා දෙස බලා මගේ හිස අත්ගාන්නට විය.. කවදාවත් නොවිදි අමුතුම හැගීමක් දැනෙන්නට විය.. හැමදාමත් මෙහෙම ඉන්න තියනවනම්.. ඒත් මෙයා කවද හරි බැදල මේ රටින් යයි එතකොට ඉතින් මෙහෙම ඉන්න හම්බෙන්නේ නෑනෙ...
"මෝඩයා.."
ඈ තෙරක් නැතුව මට මොනාදෝ කියයි මට නම් මුකුත් ඇහෙන්නේ නෑ.. එවිටම වාගේ ඈ ගෙන්වූ ටැක්සිය අප අසල විය..
"නැගිටින්න පුලුවන්ද" ඈ මාගෙ නලලට අත තබා ඇසූ විට මගේ සිතට මහත් වූ දුකක් දැනෙන්නට විය.. කවදාවත් නොවිදි සෙනෙහසක්...
"හ්ම්...." මං බෝම අමාරුවෙන් ඒ ටික කියා නැගිට ගතිමි..
ඈ මාව ටැක්සියෙ හිදුවා රියදුරුට මොනාදෝ කියනවා ඇසුනා.. මං නැවත ඇස් ඇර බලන විට මම මගේ ඇද උඩ..
මේකිටනම් පිස්සු..
Subscribe to:
Post Comments (Atom)
බිම විදුරු දෙකම බිව්වේ.... කාන්තාරේකද ඉන්නේ ... :O
ReplyDeleteඉතුරු....ටික...මාසේට එකක් නොදා සුරගන ඇස් ඉවර කරමු නේ ඉක්මනට...
කියවන්න පටන් ගත්තු ගමන්.. කියෙවුවෙත් නෑ.. කියවලා ඉවර වුනත් මට අද කියන්න තියෙන්නෙ එක දෙයයි.. පටන් ගනිද්දීම මට හිනා.. "හාකෝ හාකෝ.."
ReplyDeleteනිම්ශා නගා: ඉන්න දෙන්නම්
ReplyDeleteඉවසීමෙන් සැනසීම ලැබුනේ නැත්නම් හදිස්සියට කොරොස් කටෙත් අත් දාගන්න බැරි වෙනවානෙ නගෝ
ළමයා: මට තේරුනේ නම් නැත ඒත් කමක් නෑ හාකො හාකො
මොනා නැතත් ඉතින් පෙරේතකමනම් වසන් කරන්න බැහැ නොවැ... මේ ඉතුරු ටිකත් ඉකමණටම දාන්න... :)
ReplyDeleteහරිය අක්කා ඉක්මනට දාන්නම්..
ReplyDeleteඇයි දෙයියනේ මූට අසනිප උන එක කාටවත් වැදගත් නෑ මූ බීම දෙකම බිවුව එකයි දැන් ප්‍රශ්නේ නේ...
අදයි මෙ පැත්තට ආවෙ... ලස්සන කතාව යාළුවා...
ReplyDeleteමේ....මම කියෙව්වේ නෑ හොදේ......
ReplyDeleteඅඩේයි... මූ කාන්තාරෙක ඉදන් ආපු එකෙක් ද කොහෙද.. බීම දෙකම බීලනේ.
ReplyDeleteලස්සන කථාව...
එහෙම බිම බිපු එක වැරදිනෙ,,යුතුකම එයා ගැනත් හිතන එක,,දැක්කනෙ එයා ඔයා ගැන කොච්චර හිතනවද,,
ReplyDeleteදිනේශ්: ස්තූතියි පැමිනියාට.. කලු සුදු වෙන්න සාදරයෙන් පිලිගන්නවා
ReplyDeleteරත්ගමයා: ලගදිම උබට කියවන්න හම්බෙයි
මදුරංග අයියා: කාන්තාරෙක තමයි ඉදලා තියෙන්නේ... අනේ මංදා
සඳලි: ඒකනේ ඒකනේ.. ඌ මහ හොද නැති එකෙක් අපි වගෙ නෙමේ
කතාව මෙච්චර හොද... තමන්ගෙ කතාවක් නිසාද ?
ReplyDeleteනැත සොයුරිය මගේ කතාව මීට හාත්පසින්ම වෙනස්... ඔයා කතාවෙ මුල් කොටස් පෙරවදන කීයෙවුවනම් දැන ගන්න තිබ්බ මොකක්ද කතාව කියලා
ReplyDelete