Sunday 13 March 2011

නුඹ සහ මම


සිතින් පැතුවෙමි ලගින් ඉන්නට
ලගින් ඉදගෙන තුරුල් වන්නට
තුරුල් වී තොල් පෙති සිබින්නට
සිඹූ තොල් පෙති කිති කවන්නට

උදෑසන නුඹේ ලගින් ඉන්නට
කිති කවා නුඹ ඇහැරවන්නට
නුඹෙන් උනුසුම් හාදු ගන්නට
නුඹෙ අතින් රස තේ ලබන්නට

දහවලේ නුඹ අවුස්සන්නට
ඇමතුමක් දී රවට්ටන්නට
නුඹ සැදූ රස බතක් කන්නට
ඉක්මනින් යලි ගෙදර එන්නට

නුබත් සමගින් ගමන් යන්නට
නුඹ වඩාගෙන කිති කවන්නට
මුහුදු වෙරලේ පියමනින්නට
ඇඳිරි වූ පසු ගෙදර එන්නට 

නුඹත් සමගින් අහර පිසිනට
නුඹෙ අතින් මට කවගන්නට
නුඹේ උකුලේ හිද නිදන්නට
නුඹගේ කරදර සැමියා වන්නට

................................................

බීප් බීප් බීප්... හපොයි නැගිටින්න වෙලාව හරි නේ?


-නුඹගේ කරදරකාර සැමියා-

15 comments:

  1. පට්ට බන්,,
    ඇස් දෙක වැලපෙනවා
    nyway වඩාගෙන කුචු කවන්නන්නම් එලවලු විතරක් කාල මදි මසුත් කාපන් :D

    ReplyDelete
  2. වැඩියෙ කැගහන එපා

    ReplyDelete
  3. නියම කතාව. කරදර කාර සැමියා
    වඩාගන්න නම් කෙට්ටු කෙනෙක් වෙන්න එපැයි

    ReplyDelete
  4. ඔවු ඔවු කෙට්‍ටුයි තමයි

    ReplyDelete
  5. හිහ්..හිහ්.. ලස්සනයි. ඔයාට වඩා ගන්න පුලුවන් තරම් කෙට්‍ටු කෙනෙක්නම් ඉතියෝපියාවෙන්වත් හොයා ගන්න පුලුවන් වෙයිද? :D

    ReplyDelete
  6. අනේ අක්කේ මේ එන්න එපා හරිය... හැමෝම ඔයා වගෙ බතල නෑ... ලස්සන කෙට්‍ටු ගැනු ළ්මයි ඉන්නවා.... ඔය යට තද අකුරෙන් දාල තියන එක කාටවත් පෙන්නෙ නැද්ද?

    ReplyDelete
  7. බතල අය කියුට් අනේ මේ මං වගේ.... .´:))

    ReplyDelete
  8. දැකල නැති හිංදා කමක් නෑ ;)

    ReplyDelete
  9. මම නම් ආස ඔය වගේ කරදරකාර සැමියෙක්ට... මගේ අනාගත බෙකරි කාරයා ඔහොම උනොත් හොදයි.....

    ලස්සනයි කවි පද ටික.....

    ReplyDelete
  10. ලොල්ය.. නොදකින්.. ලිවුවොත් ලියන්නෙ ඔහොම 1ක් ම තමා... ඊයා හලෝ... කිචිකවන ඇරෙන්න් වෙන දෙයක් ඇත්තෙම නැද හැබෑට කරන්න... අහ්???

    ReplyDelete
  11. නිම්ශා නන්ගි: හොදට හොයල බලන්න එතකොට හම්බෙයි

    සුලැගිල්ල: නෑ බං... ආදරේටනෙ කිති කවන්නේ :X

    ReplyDelete
  12. ම්...ම්... ලස්සනයි

    ReplyDelete
  13. ස්තූතියි සඳලි

    ReplyDelete
  14. මෙවන් සැමියෙක් නම් එළය... දැක්කාමයි කෙනෙක් කියනවා"නුඹත් සමගින් අහර පිසිනට".. හැම පදයක්ම ලස්සනයි.. මම ගොඩාක්ම කැමති අර පේලියට..

    ReplyDelete
  15. හැමෝම එක වගේ නෑනෙ අක්කා....

    ReplyDelete