Thursday 31 March 2011

හීනයක්





සිත දුවයි හැම තැනම 
මෙල්ල නෑ මට තවම
පාට නැති  හීනයක 
පාට තව තවරන්න

මට අහිමි හීනයට 
මා පාට තවරාවී 
පාට ගෑ හීනය 
රැගෙන ඔහු පැනයාවි

එහෙත්, මා ආදරෙයි හීනයට මගේ නොවූ....


16 comments:

  1. නෑ මලේ
    ඔහුට බැහැ
    නුඹ පාට තවරාපු
    සුන්දරම හීනෙකට
    අයිතියක් කියන්නට...
    හීන මල් කැකුලියට
    කියාපන් නුඹ ගිහින්
    ඒ පාට තැවරුවේ
    නුඹ මිසක්
    වෙන අයෙක්
    නොව කියා

    ReplyDelete
  2. මා පාට තැවරුවත්
    ඈ අයිති ඔහුටනම්
    මට බෑනෙ අයිතියක්
    කියන්නට ඈ හට...

    ඈ, ඇගේ හීනය
    ඔහු සමග ගොඩ නගන
    අයුරු, මා බලාගෙන
    රවටගන්නම් මාව...

    ReplyDelete
  3. අඩෝ...නැගිටන....කිරි එක බීපන්....හීනයක් දැකලා තියෙන්නේ උඹ

    ReplyDelete
  4. ආ...
    හොදටම දවල් වෙලා නේ බං රත්ගමයෝ..
    තැන්ක් යූ වෙවා නැගිට්ටුවට

    ReplyDelete
  5. ලොල්ය.. කොච්චර ආස උනත් හීන වලින් වැඩක් නෑ බන්... බ්වෑක්... හීන සක්ස්...!!!

    ReplyDelete
  6. http://www.youtube.com/watch?v=1yr3S-CK8P0

    ReplyDelete
  7. මට අයිති නැති හීනයක්
    මැවුනා දෑස් අග දවසක්
    ඒ හීනය ගෙනේවියි කඳුළක්
    සිතුවෙ නැහැ මම ගතවුන එක මොහොතක්..

    කළු සුදු හීනයට මා දුටුව
    එක් කල වර්ණ හැඩතල
    සුන්දර කලා තවත් සිහිනය
    සිහිනයක් බව මට නොතේරිම..

    මොහොතක කඳුළක් ගලා ආ විටදි නෙතග
    බැලූමුත් යලි සිහිනය පිසලා ඒ කඳුළ
    මා පාට තැවරූ සිහිනය
    අන්සතු වෙලා මටත් නොදැනිම..

    ReplyDelete
  8. පොඩි එකා: ඔව් ඔව් ඒකනම් ඇත්ත බං

    පිස්සි: සාදරයෙන් පිලිගන්නවා කලු සුදු වෙන්න,ඔය සින්දුවනම් මට
    හොදටම ගැලපෙනවා

    දිනේශ් අයියා: හ්ම්.. ඕකම තමයි මමත් කිවුවෙ... ලස්සනයි මේකනම්

    ReplyDelete
  9. හීන වනන්තරේ
    රූස්ස ගහක් යට
    පුංචිම පුංචි ආලෝකයක්
    තරුවක් කඩා වැටිලා
    කැලේ හැමෝම
    වටවෙලා බලාන
    දිස්නය මලානිකයි
    එත් තරුව තරුවමයි

    මේක මම කලින් ලියපු එකක්, ටිකක් විතර ගැලපෙනවා කියල හිතුව,,,

    ReplyDelete
  10. ඔයාටත් පේන්නෙ මාර හීන නේ.මැච් බලලා නිදියගන්න හින්දා මේ ටිකේ මටනම් හීනෙනුත් ක්‍රිකට් මැච් පේනවා.

    ReplyDelete
  11. අවදි වන්න.. අවදි වන්න..
    දීප්තිමක් දිනකි උදා වෙලා තියෙන්නේ... :D

    ReplyDelete
  12. හිරණ්‍ය: ඔව් ගැලපෙනවා... ඒක ලස්සනයි

    රජිත්: එච්චර මැච් බැලෙන්නෙ නැති හින්දා මෙවා තමයි පේන්නේ

    කොජී අක්කා: හාකො හාකො :D

    ReplyDelete
  13. දවල් හිනයක් නෙවේ නම් එච්චරයි .!

    ReplyDelete
  14. හීනයක් තරමට අනේ අය සැබවක් නම්...
    ආදරේ මගේ හීනයක් තරමට ලස්සන නම්..
    සැබැවක් ලෙස සුන්දර නම්....
    නැ ඇත්තටම එය පාට ගැ මායවක්...

    ReplyDelete
  15. මාරම හීනයක් නේ. තමන්ගේ හීන වෙන අයට අරන් යන්න ඉඩ දෙන්න එපා මලේ !!!!

    ReplyDelete
  16. සඳරු අයියා: නැ නෑ දවල් හීනයක් නෙමේ...

    නිම්ශා නංගි: දැන් දන්නවනෙ....

    මදුරංග අයියා: පිස්සු හැදෙයි..

    ReplyDelete