Wednesday 30 March 2011

නොදනිමි



සැහැල්ලුවෙන් තිබූ හිත අද හරි බරයි,
කියාගන්න බැරි හැගීමක් මුළු හිතම වහගෙන 
ආදරෙයි ඒ හැගීමට, 
දැනෙනවා මගේ මුළු හිතම  පිරිලා වගේ   
දරාගන්න බැරි උනත් ආදරෙයි...
විදින්නට ආසයි...

මම දැන් ආදරවන්තයෙක් 
ඔව්, හිතින් විතරයි තමයි 
එත් මම ආසයි..
හැගෙනවා නුබ මන් ලග කියා 
මම ආදරෙයි නුබට...

ආසයි නුබේ අතින් අල්ලන් පියාබන්න 
නිල අහස පුරාවටම 
ගනින්න අහසේ තියන තරු කැට ගණන 
කියන්න ඒ තරු කැට ගානටත් වඩා ආදරෙයි කියලා 

ආසයි නුබව තුරුළු කරගන්න මගේ පපුවට 
විදින්න දෙන්න ආදරේ තරම 
නුබ මගේම කියලා දැනෙනකන් තද කරගන්න
කවදාවත් නොයන්න නුබ මගේම කරගන්න  

හ්ම්... මම දන්නා එකම දේ මම නුබට ආදරෙයි කියන්න විතරයි 
අදට මේ ඇති...

24 comments:

  1. "ආසයි නුබව තුරුළු කරගන්න මගේ පපුවට
    විදින්න දෙන්න ආදරේ තරම
    නුබ මගේම කියලා දැනෙනකන් තද කරගන්න
    කවදාවත් නොයන්න නුබ මගේම කරගන්න"

    මං හිතන්නෙ බං මේක අපි හැමෝගෙම හීනේ :D

    මේ කවිය හොරකම් කරලා මගේ බ්ලොග් එකේ දාන්ට හිතයි.. :D
    මේක මට = යි බං..

    10/10

    ReplyDelete
  2. අනේ දැන් මදෑ ඕක හිතේ හිර කරගෙන හිටියා. කෙලින්ම කියන්න බැරි නම් බ්ලොග් එකේ URL එක වත් දෙන්න එයාට. අපිත් ආසාවෙන් ඉන්නවා ඔයාගෙ හීනෙ හැබෑ වෙනකල්.

    ReplyDelete
  3. "මම දන්නා එකම දේ මම නුබට ආදරෙයි කියන්න විතරයි"

    මමත් මේක උදාන වාක්‍යය කරගෙන හිටියා කාලයක්. මොනවා කරන්නද ඒ ආදරයට ආයුෂ අඩු උනා නෙ.

    පිණිබිදු කිව්වත් වගේ ඕක හිර කරගෙන නො ඉද කියලා දැම්මනම් අහවරයි නෙව

    ReplyDelete
  4. බනියා: අවුලක් නැත.. ස්තූති වේවා...

    පිනිබිඳු අක්කා: ස්තූතියි වේවා අක්කේ.. වැඩියෙ හදිස්සි වෙන්න හොද නෑනෙ...

    ReplyDelete
  5. හපොයි මේ මොකද අප්පා හැමෝම එකම දේ කියන්වන්නේ... ;)

    ReplyDelete
  6. ආයි...මෙන්න මූ මොකක්ද වන්තයෙක් ලු..මචන්,ඔය බර කියන එව්ව එක එක විදිහට එන්නේ...උඹට තියෙන්නේ හිතේ බරද වෙන මොකක් හරි බරක්ද?
    ආදරේ කරන්න ගත්තම ඔය ඔක්කොම බර එනවා :))

    ReplyDelete
  7. නුඹ ඇවිත් මගෙ හිතට
    තවරලා ආදරක්
    ඒත් කොහොම නුඹට කියම්ද
    හිතේ බැදි සෙනෙහසේ තරම්..

    දුරයි නුඹ මගෙන් බොහො දුරයි
    නමුදු ආදරෙයි අහසක් තරම්
    ලංවෙන්නට බැරි උනත් මෙ ලෙසින්
    පතමි පැතුමක් නුඹ මගේ වන මෙන්..

    ReplyDelete
  8. ඔව් ඔව් බං ඒකනම් ඇත්ත තමයි

    දිනෙශ් අයියා: ඕකනම් මට නියමෙට ගැලපෙනවා

    ReplyDelete
  9. ආසයි නුබව තුරුළු කරගන්න මගේ පපුවට
    විදින්න දෙන්න ආදරේ තරම
    නුබ මගේම කියලා දැනෙනකන් තද කරගන්න
    කවදාවත් නොයන්න නුබ මගේම කරගන්න

    මේ කොටස කියෙව්වහම මට Twilight එකේ Edward'ව මතක් උනේ... හරිම ලස්සනයි... :)

    ReplyDelete
  10. බලන් ඉන්නේ ඇයි
    තවත් කාලයක්
    මේ දැන්ම,
    මේ දැන්ම කියන්න
    ඔබට දැනෙන දේ
    මට දන්නෙත් ඒ දේමද
    උදව් කරන්න වටහාගන්න

    ඉතින් ඇයි තවත් ඔහොම ඉන්නේ,,,

    ReplyDelete
  11. කොජී අක්කා: ඒ මොකද ඒ... එඩ්ව(ර්)ඩ් අයියව මතක් වෙලා... සීතල කොල්ලා නේ ඔය කියන්නේ....
    ස්තූතියි අක්කෝ....

    හිරන්ය අයියා: :) ඔහොම කියනවනම් මමත් ආසයි.... කියන්නත් ඕනා....

    :X

    ReplyDelete
  12. ලොල්ය.. ඒකත් නරකම න.. මම කිවුවෙ හිතෙන් ආදරේ කරන එක..!! :D :D :D

    ReplyDelete
  13. මම දන්නා එකම දේ මම නුබට ආදරෙයි කියන්න විතරයි හිතේ විතරක් ඕක තියාගෙන නිකම් බොරුවට තැම්බි තැම්බි හිටියොත් උඹටත් වෙන්නේ . සම්පත් බන්ඩාර මහත්තයාට වෙච්ච දේම තමයි . ඒක නිසා මූටම අහපං ! බලපං මේ මම. කෙල්ලගෙන් ඇහුවා! එයා ලොකු ලොකු කැටයං දැම්මා! . මම පදිරි උනා . ! අන්තිමට එයාව ගනං ගන්නේවත් නැතුව ඉන්නවා දැන් .....උඹට ඊට වඩා සුබ ප්‍රතිථයක් ලැබේවි මාලන් . මේ උඹ මූනදෙන රියල් අද්දැකීමක් නේද ?

    කවිය නම් වෙනදා වගේම ගති ....

    ReplyDelete
  14. පොඩි එකා: ඔව් ඔව්

    සඳරු අයියා: මට ඕනා එයා ලගට ගිහින් මගෙ ආදරෙ කියන්න ඒක හින්දා මට තව ටික කාලයක් ඉන්න වෙනවා....

    ReplyDelete
  15. එහෙනම් ඉතින් උඹටත් සම්පත් බන්ඩාරට වෙච්ච සෙතේම තමයි !

    ReplyDelete
  16. හිත හැගිමකින් මත් වි..
    ආදරමය යැ දැයි නොදන්න..
    කුමක් මම කියන්නද...
    නොසගවා පවසන්න යැයි නොකියා..

    හිතේ තියන් ඉන්නවාට වඩා කියන එක හොදයි අයියේ...

    ReplyDelete
  17. කවුද ඕයි සම්පත් බන්ඩාර කියන්නේ....?

    නිම්ශ නංගි: හේතු ගනනාවක් ඇත නොකියා ඉදීමට

    ReplyDelete
  18. මේ ඕයි , කියලා දාමු ඕක කියලා කිව්වට මම දන්නව නොකියා ඉන්න හේතු එක්දහස් ගානක් තියෙනවා කියලා . . අපි ඒකට පොතකුත් හැදුවා නේද ඕයි ? :ඩී
    හැබැයි ඉතින් එයා අහනකන් ද තමුන් බලන් ඉන්නෙ කියලත් මට අහන්න වෙනවා . . වටින් ගොඩින් එහෙන් මෙහෙන් උඩින් යටින් කථා කරන වෙලේ , පනිවිඩ යවන වෙලේ , කෝල් කරන්න ට්‍රයි කරන වෙලේ , එහෙ යන්න ට්‍රයි කරන වෙලේ , නිදා ගන්න ට්‍රයි කරන වෙලේ , නිදාගෙන නැති වෙලේ , ෆෝන් එකෙන් එෆ් බී එන වෙලේ අර ඔක්කොම අමතක කරලා ඕක කියලා දැම්මනම් හරි ඕයි කිව්වට පූල් ගේම් එකේ විනින්ග්ස්z ගාන නම් බලන්න එෆා . . " සzහාල් නහී ජායෙන්ගා" :පී හික් හැක්ස්z

    ReplyDelete
  19. ම්..... නිදාගන්න ට්‍රයි කරන වෙලාවෙ නම් මතක් වෙන්නෙත් එයාවම තමයි... ෆෝන් එක අතට ගත්තාමත් මතක් වෙන්නෙ එයාවම තමයි.. සල්ලි ඉවර වෙනකන් FB පේජ් එක රීෆ්‍රෙශ් කරන්නෙත් එයා හින්දාම තමයි.. මැසේජ් එවන්නෙ නැත්තෙත් එයාම තමයි...

    ඒත් නොකියන්න හේතු ගොඩක් තියනවා ඕයි :)

    ReplyDelete
  20. හා හා . . . නැහ් මම කිව්වෙ ඔය ඔක්කොම කරන වෙලේ අරක වචන තුනයි නෙ ඕයි . . . කියලා දැම්මා නම් ඉවරයි . . .කෙල්ලොත් මම හිතන විදියට කැමති කෙලින්ම කියන එකට තමයි . . කැමැත්ත දෙන එක එයාලගෙ වැඩක් . . කැමති නැත්තO තව වැඩ තියෙනව කරන්න . . සෝ , නෝ ෆ්‍රොබ්ලම් ඇට් ඕල්ල්ල්ල්ල් කියලා කෝබි බ්‍රයන්ට් කියලා තියෙනවා :) :)

    ReplyDelete
  21. මෙහෙම දේකුත් තියනවනෙ ඕයි...
    කෙල්ලෙක්ට ෆෝන් එකෙන් කතා කරලා කියනවට වඩා කෙල්ලෙක්ට මැසේජ් එකක් තියනවට වඩා ඒ කෙල්ල ලගටම ගිහින් ආදරේ කියන එකයි වටින්නෙ නේ...

    ReplyDelete
  22. එහෙනO ගිහිල්ලම කියමු . .

    http://tinypic.com/r/316nkur/7

    ReplyDelete
  23. සම්පත් බන්ඩාර කියන්නේ මගේ බොසාටනේ බං !

    ReplyDelete
  24. හුටස් ඇයි බොසාට මොකද අයියේ වෙලා තියෙන්නේ...? :-O

    ReplyDelete