Thursday 24 March 2011

සිරකරුවොත් මනුෂ්යයෝය

වෙනද මෙන්ම ඉර පයලා 
තවත් දවසක් අඩු වෙලානේ 
ඒ උනාට තවත් දවස් අටසිය ගානක් තියෙනේ

මට මතකයි එදා දවස 
කන්න මුකුත් තිබ්බේ නෑනේ
මගේ පොඩි උන් ටික බඩ ගින්නේ
අඩන අයුරු මට අහුනනේ
මගේ නෝනා මගේ දිහා දුකින් බැලුව මට මතකයි 
ඒ උනාට මගේ අතේ සතයක් වත් තිබුනේ නෑනේ 
අතට ගත්ත කමිසය මම යන ගමන්ම ඇගට දැම්ම 
හන්දියේ කඩයට යන විට 
පොල් ගෙඩියක් ඇස ගැටුනා 
පොල් ගෙඩියත් අතට අරන් කඩයට යන්නට ගියානේ 
පොල් ගෙඩියට හාල් සේරුවක් අරගෙන මම ආවනේ
නෝනා මොනාදෝ කරලා පොඩි එවුන්ට කන්න දුන්න
අපි දෙන්නත් ඉතුරු වෙච්ච දං කුඩු ටික කාල දැම්ම 

ටිකක් හවස් වෙද්දී මෙන්න පොලොසියෙන් ගෙදර ආව 
පොල් ගෙඩියක  හොර කමකට මාව කුදලගෙන ගියානේ 
පොඩි එවුනුයි මයේ නොනයි හොදටම ඇඩුවා මතකයි
ඒ උනාට මෙච්චර කල් මන් තනියෙන් කවුරුත් නෑ

අද උදේම මට එළියේ වැඩ කරන්න තියනවාලු
ජේලර් මහත්තයා ඇවිත් දෙකක් ඇනල කියලා  ගියා
ඔන්න ඉතින් එළියේ මම වැඩ කරමින් ඉන්නා විට 
පොඩි එකෙක් මාව දැකල මෙහෙම අහපි අම්මාගෙන්
"අම්මේ අම්මේ අර මාම ඇයි දම්වැල් දාගෙන ඉන්නේ"
පොඩි එකාට අම්මා කියපි

"ඕකා මහා මිනිමරුවෙක් ඒ හින්ද තමයි ඔහොම"
පොඩි එවුන්ගේ බඩගින්නට පාරේ තිබ්බ පොල් ගෙඩියක් 
කඩේට දී හාල් සේරුවක් ගැනීම මරණයක්ද?

මිනිස්සු මැරු මිනිමරුවොයි බැංකු කඩපු කබ්බ හොරුයි
රට ගෙනියයි යස අගෙට තියන ජාති හොරකං කර  
පොඩි එකාගේ බඩගින්නට පාරේ තිබ්බ පොල් ගෙඩියක් 
කඩේට විකුනපු වරදට මම හිරෙලු පස් අවුරුදු 

ඇස දෙක කදුලින් තෙත් වෙයි මගේ පොඩි උන් මතක් වෙලා 
ඇස් පිහදාගෙන බලද්දී නෙත ගැටුනා යස වදනක් 
"සිරකරුවොත් මනුෂ්යයෝය"


19 comments:

  1. හිරෙන් නිදහස් වෙලා එන හැම මිනිහ දිහාම අපි බලන්නෙ එකම විදිහට මිනීමරුවෙක් වගේ තමා. සමාජයෙන් ඒ මනුස්සයට ආපහු පිලිගැනීමක් නෑ. පුංචි වරදකට හිරේ යන මිනිස්සු ආපහු දෙවෙනි වතාවට හිරේ යන්නෙ බොහෝ විට ඊට වඩා සමාජ විරෝධී දෙයක් කරලා.

    ReplyDelete
  2. ඕන් මේකට නම් මම ලයික් හරිය...

    ReplyDelete
  3. ඔව් අක්කා ගොඩක් වෙලාවට එහෙම තමයි.. මොකද පොඩි වරදක් කරලා හිරෙ ගියත් "අරය හිරෙත් හිටියනෙ" කියලනෙ කියන්නෙ..
    එතකොට ඒ මනුස්සයට එපාම වෙලා ඒ මිනිහා ආයෙම කවදාවත් වෙනස් නොවෙන විදිහට මනසින් හිර කාරයෙක්ම වෙනවා..
    වෙනස් වෙන්න ඕන උනත් වෙනස් වෙන්න දෙන්නෙ නැත්නම් ඒ මනුස්සයෝ මොනාද කරන්නේ... අපි ඒ දකින විදිහ වෙනස් කරගන්න ඕනා ඇත්තටම අපි තමයි ඒ මනුස්සයන්ව මිනි මරුවෙක් කරන්නෙ හොරෙක් කරන්නෙ.. අන්තිමට අපිම තමයි ඒ මනුස්සයව හිර කාරයෙක් කරන්නෙ.. අපිම තමයි ඒ මනුස්සයව සමාජ විරෝදී වැඩ වලට පොලබවන්නේ..

    ReplyDelete
  4. රතා: ස්තූතියි බං.. උබෙන් හොදක් ඇහුවමද මංදා

    ReplyDelete
  5. ලොල්ය...මිනීමරුව කියල මට කිවුවනම් තව කමක් නෑ... අර අම්මට වැරදිල මයෙ හිතෙ.. හික් ය

    ReplyDelete
  6. ඔව් ඔව් උබ ගැනනම් කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
  7. මූ ලැජ්ජ නැතුව කමෙන්ට් දාන්නත් එනවනේ? සිරා පෝස්ට් එක මචං

    ReplyDelete
  8. එළ එළ රංග අයියේ... කවුද පාර කිවුවෙවෙ මේ පැත්තට එන්න.. දැක්කමයි මේ ඇවිල්ල ඉන්නවා.... ඔබගේ පැමිනීම මට සතුටකි...

    ReplyDelete
  9. අගුළු දැමු විසල් දොරටු ලග
    දෙපයේ සිරවු විලන්ගු යුගල මත
    සිරගත නොවුන මගේ සිතුවිල්ල
    කවි කරමි මම නුඹට ඈසෙන්නට.

    කවුළුවෙන් එහා ලෝකය
    එබිකම් කරන හිරු රෑස් අතර
    දුහුවිල්ලක් තරමටටම නොසැලකුව
    සිරකරුවෙකුද මම නුඹ වෛර කරන.

    යකඩ කුරු අතර ගෑටෙන
    ඉදහිට ඈහෙන බැටන් පොළු හඩ
    අපේ සුසුම් හඩ තරමටම
    දොන්කාර නොදෙන අරුමය.

    දුප්පත් කමට උන වරදට
    හන්වඩු ගැහුවා උන් ජිවිත කාලයටම
    දිනෙක නිදහස ලබා ආවද
    ගැලවේවිද මට උන් බෑදි නම.

    ReplyDelete
  10. පට්ට පට්ට මචෝ සිරාවටම හිතට වදින්න දීලා තියන්වා,නියමයි....

    ReplyDelete
  11. නියමයි ආ...මමනම් ලකුනු දහයෙන් දහයක් දෙනවා.

    අපිට තරුන කවි සමාජයක් එහෙමත් හදාගන්න පුලුවන්වෙයි මගෙ හිතේ..
    අ.ත.ක.ස.ය වෙනුවට ස.ත.ක.ස.ය වගේ එකක් :D
    (දිනේශ් ගේ එකත් හොදයි)

    ReplyDelete
  12. අනිවාර්යෙන්ම මමත් මේ ලිපියට ගොඩක් කැමතියි. ඔය වගේ තමයි රුපියල් පන්සියයක් ගෙවා ගන්න බැරි මිනිස්සුත් බන්ධනාගාරවල් ඇතුලේ ඉන්නවා.

    ඒ මිනිස්සු නඩත්තු කරන්න ආණ්ඩුව රුපියල් පන්සියයේ ඒවා කීයක් නම් නාස්ති කරනවද !!!!!

    ඒ වගෙම ඔය මිනිස්සු කවදාහරි හිරෙන් නිදහස් වෙලා ආවම ගෞරවනීයව ජීවත් වෙන්න මේ සමාජය ඉඩ දෙනවනම් තමයි හොද.
    නැත්නම් හැමදාම මිනිමරුවා හොරා කියලා හංවඩු ගහන එක නේ සිද්ධ වෙන්නේ.

    ReplyDelete
  13. දිනේශ් අයියා: ස්තූතියි..
    කවිය ලස්සනයි

    අසංක: ස්තූතියි මචෝ...

    රජිත්: නියමයි හදමු ( මේ මොකක්ද ස.ත. ක.ස.ය. කියන්නේ)

    මදුරංග අයිය: ඔව් අයියේ ඒ කතාව සම්පූර්න ඇත්ත..

    ReplyDelete
  14. හරිම ලස්සනයි මාලන්,අද මෙ සමාජය හිත් තෙරුම් ගන්නවා හරිම අඩුයි

    ReplyDelete
  15. සම්පුර්ණ ඇත්තක් දාලා මාලන් අයියේ... සිරකරුවොත් මනුෂ්‍යයෝය ... මෙහෙම තිබ්බාට මිනිස්සු තෙරුම් ගන්නවා අඩුයි...එක සැරයක් ගිහින් ඇවිත් ඊලග සැරේට යන්න පාර පෙන්නන මිනිස්සු ඉන්න රටක් මේක ...

    ReplyDelete
  16. සඳලි: ස්තූතියි වෙවා...

    නිම්ශා: ඔව් නංගි ඒක ත්මයි ලොකුම ප්‍රශ්නෙ...
    ඒත් ඇත්තටමන නගියො ලන්කාවෙ එහෙම නෑනෙ... ඉතාලිය ඒ අතින් බලද්දි හරි අන්තිමයි නෙ...?

    ReplyDelete
  17. එල එල මචං කඳුලු එන්න ලියලා තියනවා...........

    ReplyDelete
  18. ඉතාලියේ ''සිරකරුවොත් මනුශ්‍ය්යෝය'' කියලා සිංහලෙන් ගහලා නැනේ අයියේ...කිව්වේ කාටද .කියලා තෙරුම් ගනිවි නේහ්..

    ReplyDelete
  19. නිම්ශා නංගි: ඔව් ඔව්

    කල්හාර: ස්තූතියි මචන්

    ReplyDelete