Monday 21 March 2011

නිරය

වන්නට අකමැතිය
කරදරයක් නුඹට
එහෙයින් යමි මම 
නුඹෙන් වෙන්ව
තනිව දිවි ගෙවනට


සිටියත් නුඹ 
මගේ ලගම
හැගේ මට
අකමැති බව නුඹ,
මට


ඉතින් මොකටද 
තවත් කරදර
යන්නට යමි මම
නුඹෙන් තොර ලොවකට


සිතුවත් යන්නට
නුඹෙන් තොර ලොවකට
මා පරාදයි
නුඹ නැති ලෝකයක් 
සිතන්නටත් බැරිය


ඉතින් මම
කුමක් කරන්නද
සිටිමි තව
නුඹ එන මග බලාන


එහෙත් නුඹ
දැන් නොඑයි
ඒ කිමද 
නොදනී


ඉතින් මම
යමි යන්නට
නුඹෙන් තොර වූ
නිරයට


-නිරයේ තනියෙන් සිටින මම-

8 comments:

  1. නුඹට තැවුලක් ගෙනෙන්නට
    සිත නොකියයි මට කිසිවිටක
    නුඹෙ සතුටට ඉඩ දී හෙට
    සිත කියයි මට නික්මී යන්නට..

    සිනාසුනත් නුඹ ලොවට පෙනෙන්නට
    සගවූ කඳුළැල් පෙනේ දෑස් අගින් මට
    නුඹෙන් තොරව තැනු ලෝකයක් කොහිද
    නමුදු නික්මෙමි මම සතුට පතා නුඹට..

    ReplyDelete
  2. නුඹෙන් නික්ම මට..
    හිදින්නට නොහැකිය ...
    ඉදින් නො අතහැර හිතවත..
    හිදින් මා ලගම..

    දැනෙනවා නුබ නොමැති පාලුව...
    හඩනවා මුලු හිතම තනිකමට ..
    නුඹ හැර දමන මගෙ හිත..
    කිසි අයෙකුට යලි හිමිද නැත..
    හැර නොයන් කිසිකල..
    නුඹ හැර අයෙක් මට නොමැත.....

    ලස්සනයි මාලන් අයියා...

    ReplyDelete
  3. දිනේශ්/ නිම්ශා : මේ ඔච්චර ලස්සන කවි දාන්න එපා අප්පා... එතකොට මං ලියපු එක නිකන් මොන්ටිසෝරි කවියක් වෙනවනෙ

    දෙන්නගෙම කවි ලස්සනයිලු ඔන්න. දෙන්නටම ස්තූතියි ඔන්න

    ReplyDelete
  4. ආදරය කරන කාලෙට ඔහොම වෙන්ටෑ. තමන් ආදරය කරන කෙනා නැති තැන නිරය වගේ ඇති.

    ලස්සන සිතුවිලිනේ මල්ලිට තියෙන්නේ.

    ReplyDelete
  5. ලස්සන කවි ටික......

    ReplyDelete
  6. හික් ය. හුහ්.. මෙන්න මෙයා වෙන ලෝකෙකට යන්න යනෝ... උබ කොහෙයන්නද බන්.. මෙන්න මෙහෙට වෙලා ආතල් එකෙ හිටු.. මෙන ලොවකට යන්න...

    ReplyDelete
  7. මදුරංග අය්යා: ඔව් ගොඩක් වෙලාවට.. තමන්ගේ ආදරේ තමන්ව මග අරිද්දි හිතෙන්නෙම තමන් නිරයක ඉන්නවා කියලා තමයි

    බීටා: එළමායි.. ස්තූති වේවා බීටෝ ( අයියා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලා දක්වන්න)

    සුළැඟිල්ල: උබව අල්ල ගන්න තමයි හිටියේ උබ මොනාහරි කලාද ඊයේ...?

    ReplyDelete
  8. අපො යන්න එපා,,,මේ ගොඩක් ලස්සනයි

    ReplyDelete