Saturday 19 March 2011

ආදරය අන්දයි


නිල් පාටට ලස්සනයිලු
කලු කන්නාඩිය හැඩයිලු
අනේ නුඹේ බටර් පාර
මං ‍රැවටෙන් නෑලු ඔන්න

යලුවො මගේ කියයි මෙහෙම
"උඹේ කෙල්ල මාර ගති"ලු
ගති කියන්නේ මොකක්ද මම
තාම හොයයි දන්නේ නැතිලු

නිකමෙක් වී සිටියා මම
නුඹ ආවා මගේ ලොවට
අදුරු වෙච්ච මගෙ ලෝකෙට
ආලෝකය ගෙනාව නුඹ

‍රැකියාවක් සොය දීලා
සමාජයේ තැනක් දීලා
යාලුවො මට හොයා දීලා
ජීවිතයම වෙනස් කලා

ඇස් දෙක මගෙ නොපෙනුනාට
මගෙ ලෝකෙම දැන් එලියයි
මුලු ලෝකෙම නුඹේ ඇසින් 
බලන්න දැන් මට පුලුවන්

ආදරය අන්දයිලු..
කවුද කිවුවෙ දන්නේ නැද්ද?
දැන ගත්තොත් මට කියන්න
අනින්න දත් බඩට යන්න

-නුඹේ ඇසින් ලෝකය දකින මම-

17 comments:

  1. :O
    මේ මොකො මෙයයිට වෙලා තියෙන්නෙ... අන්දයි කියන්නෙ මම... ඇනපන් බලන්න දත් බඩට යන්න... :P

    ReplyDelete
  2. අඩේ මල්ලි ආදරය අන්ධයි කිය කියා මොනවෙයි මේ කියවන්නේ. පට්ටයි ආ.

    ඒ උනාට දුකයි සීන් එකක් නේ.

    ReplyDelete
  3. නිල් පාටට ලස්සනයිලු
    කලු කන්නාඩිය හැඩයිලු
    අනේ නුඹේ බටර් පාර
    මං ‍රැවටෙන් නෑලු ඔන්න

    යලුවො මගේ කියයි මෙහෙම
    "උඹේ කෙල්ල මාර ගති"ලු
    ගති කියන්නේ මොකක්ද මම
    තාම හොයයි දන්නේ නැතිලු

    අඩෝ.....මේ ටික කොහෙන්ද හොයා ගත්තේ.....මගේ කතාව නේ යකෝ.....

    ReplyDelete
  4. සුළැඟිල්ල: ඉදපිය අනින්න b-(

    මධුරංග අයියා: ඔව් ඉතින් ඒකට මොනා කරනද අයියා.. ජීවිතේ හැටි ඔහොම තමයි

    රත්ගමයා: මට කියන්නේ.... මම නම් දන්නේ නෑ ඔන්න

    ReplyDelete
  5. නිල් පාටට ලස්සනයිලු
    කලු කන්නාඩිය හැඩයිලු
    අනේ නුඹේ බටර් පාර
    මං ‍රැවටෙන් නෑලු ඔන්න

    යලුවො මගේ කියයි මෙහෙම
    "උඹේ කෙල්ල මාර ගති"ලු
    ගති කියන්නේ මොකක්ද මම
    තාම හොයයි දන්නේ නැතිලු

    මේ කවි දෙක නම් සිරා හෙනටම හිතට ඇල්ලුවා.
    නියමය්.....එළමකිරි

    ReplyDelete
  6. බීටා: ස්තූති වේවා

    ReplyDelete
  7. ලෝකයම සොදුරුයි
    දැනගත්තා නුඹෙ හිතින්
    අදුරු ලෝකෙට ආලෝකයක්
    දුන්නා මට නුඹෙ හිතින්..

    ජීවිතය ගැන හරි යමක්
    ඉගන්නුයේ නුඹයි මට
    කොන්වෙලා සමාජයෙන්
    සිටි මා සොයාන ඇවිදින්..

    ReplyDelete
  8. දිනේශ්: ලස්සනයි බන්සෝ....
    ළමයා: ඔයිට වඩා ගොඩාක් බං :X :X :X :X :X

    ReplyDelete
  9. නිල් පාට කීවම ...

    කට ඇරලා මම මේක කියනවා මාලන් කලු සුදු බ්ලොග් එකේදී මම දැකපු කවි අතර මම ආසම කවිය මේක . අනික් ඒවා කැතයි කීවා නෙවේ මම මේ කවියට මාර ආසයි .. මාරම ,,

    ReplyDelete
  10. සඳරු අයියේ ස්තූතියි කිවුවා ඔන්න....

    ReplyDelete
  11. ඇත්තටම මේකනම් පට්ට... මාත් මාරම ආසයි මේකට... ;;)

    ReplyDelete
  12. බෝම ස්තූතියි කොජී අක්කේ....

    ReplyDelete
  13. හහ්... හා ... ඔයාත් එ සැරේ නිල් ඇස් දෙකකට වශි වෙලාද අපේ සදරු සර් වගේ..අනේ අම්මපා මේ පොඩි උන්ට ගිය කල..


    ෆට්ට..ෆට්ට

    ReplyDelete
  14. හපොයි නිල් පාට ඇස් දෙකක් ගැන නෙමේ ඒ කියන්නේ නිල් පාට ඇදුමක් ගැන

    ReplyDelete
  15. ප.ලි.- හරි ලොකු එකා.... :))

    ReplyDelete
  16. ෂොක් කවිය මාලන්

    ReplyDelete