Wednesday 16 March 2011

හති වැ‍ටුන මගේ සිත

හති වැ‍ටුනි,
මගේ අත්ත‍ටු වලට
යා නොහැක තව දුරක්
නුබද ඉගිලි ගොස්ය
නුපුරුදු හිස් අහස
හැරයන්න මා දමා
හිරු එලිය අගුනයි
මගෙ බිදුනු හිතට
නොහඩමි මා තවත්,
සමු නොදුන් අතිතෙට..
නිහඩවම සවන්දෙමි,
මැදියමෙ කලුවරට..
දිරි අරන් පියබන්න,
හෙට පිපෙන අලුයමේ..


කියවන ඔබගේ නිර්මාන වලට ඉඩක් ලෙස අලුත් පි‍ටුවක් ආරම්බ කලා එහි පලමු නිසදැස ලෙස ඉශානි අනුත්තරා අක්කා ඉදිරිපත් කල නිසදැස මෙලෙස ඉදිරිපත් කරනවා..
ඔබටත් marlanfernando1991@gmail.com ලිපිනය හරහා ඔබේ නිර්මාන එවිය හැක.. ස්තූතියි

මෙයට මාලන්

17 comments:

  1. ලස්සන නිර්මාණයක්. දෙතුන් පාරක් ම කියෙව්වා. ස්තුතියි ඉශානි.
    ඒ වගේම මාලන්ටත්

    ReplyDelete
  2. Ishani Anuththaraa16 March 2011 at 10:47

    මගේ නිර්මානෙටත් ගොඩ වැදිල ගියට ගොඩක් සතු‍ටුයි. මංගල කමෙන්‍ටුවට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  3. බය නොවි ලියනු. අපි කවදත් ලස්සන නිර්මානයක් කියවනවා. දිගටම ලියන්න :)

    ReplyDelete
  4. ප්‍රින්ට් කරලා පර්ස් එකේ දාලා තියාගන්නවා . හරිම ලස්සනයි . උඹගේ ලස්සන කවි නිර්මාණ මම ආසාවෙන් කියවනවා . උඹ තාම බ්ලොග් එක පටන් ගත්තා විතරයි ..... ඒ උනාට බලහං උඹට ඉන්න පාඨකයෝ ගොඩ ... ඇස්වහක් කටවහක් නෑ තු:හ්

    ReplyDelete
  5. මේක කියෙවුවාම.. දෙයක් මතක් වුනා.. කෙනෙක් මතක් වුනා.. :(

    ReplyDelete
  6. සඳරු අයියේ මේක මගෙ නිර්මානයක් නෙමෙයි මේක ඉශනි අක්කගේ

    ReplyDelete
  7. ආඅව්.......ඉශානි අනුත්තරා අක්කා :))

    ReplyDelete
  8. ඔව් උබෙ නෝනා ;)

    ReplyDelete
  9. ඔන්න ඉතින් රතාගේ කුප්ප කම ඉහට ගැහුවා. රතාට ඉතින් අක්කෙක් පෙන්නන්න බෑනේ. :)

    ඉශානි අක්කා මේ ඔබේ අවධානය පිනිසයි !!!!

    ReplyDelete
  10. ලස්සනට ලියලා තියෙනවා. මම මුලින්ම හිතුවේ මාලන් ලිව්වා කියලා.... :)

    ReplyDelete
  11. මගේ කවිය අද රෑට අක්කන්ඩිය

    ReplyDelete
  12. අනේ කුනුහබ්බ අහගෙන්නේ නැතුව ඉදින්...මගේ යාලුවා යකෝ

    ReplyDelete
  13. අපි නොදන්න ඉරුවාගේ යාලුවා... :X අනේ මේ ඉදින් බං බොරු නොදා.. නැද්ද මාලෝ..

    ReplyDelete
  14. අනේ මංදා බං මටනම් තේරෙන්නේ නෑ

    ReplyDelete
  15. ඉශානි අක්කියා බ්ලොග් එකක් පටන් ගන්නකෝ..ලස්සනට ලියනවා..හරි ලස්සනයි..

    ReplyDelete
  16. ලස්සනට ලියලා

    ReplyDelete