Monday 14 March 2011

වේගවත් අර්ද ශතකයක්...

හ්ම්.... අද කට්ටියට කියන්න යන්නේ වැදගත් කතාවක්... ඔය පුලු පුලුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ කට්ටියම... අනිත් අයට කරදර නොකර

ඔන්න එකමත් එක කාලෙක මාලන් කියලා අහින්සක හිත හොද කාටත් කරදරයක් නැති කොල්ලෙක් හිටියලු හාද... දැන් මේ කොල්ලා අවුරුද්දකට කලින් විභාගයක් එහෙම කරලා කම්මැලි කමේ ගෙදරට වෙලා ඉද්දි කොල්ල දැක්කලු sindiya කියලා වෙබ් පි‍ටුවක්.. දැන් ඕකේ එක එකා ලියන කතා සිංදු විස්තර එහෙම තියනවලු..මිනිහත් කියෝගෙන එහෙම යනවලු.. දැන් ඔහොම කියවද්දි මිනිහට හම්බුනාලු පොජ්ජෙගෙ අඩවිය කියලා බ්ලොග් පි‍ටුවක් දැන් කෝමින් කොම හරි පොජ්ජෙ අයියාවත් එකෙන් අදුන ගත්තලු.. දැන් කාලය හිමින් හෙමින් ගෙවීගෙන යද්දි දවසක්(2010-12-21) වෙනිදා පොජ්ජෙ අයියා අහනව මාලන් කොලුවගෙන් මෙහෙම

පොජ්ජෙ අයියා- මාලන් මල්ලි ඔයාට බ්ලොග් 1ක් නැද්ද
මාලන්- නෑනෙ මට ලියන්න බෑ කියවන්න විතරයි පුලුවන් ඒක හිංදා ලියන්නේ නෑ
පොජ්ජෙ අයියා- අපිත් පටන් ගද්දි ලියන්න නම් බෑ තමයි ඒත් පටන් ගත්තට පස්සෙ ලියන්න දේවල් එනවා පටන් අරන් බලන්නකෝ
මාලන්- ම්... බලමුකෝ

ඔන්න  ඊට පස්සෙ දවස් දෙක තුනක් එහෙම ගියාට පස්සෙ මාලන් කොලුවා යනවා blogger.com කියන වෙබ් පි‍ටුවට.. ගිහින් බ්ලොගයක් පටන් ගන්නව.. මල මගුලයි අරූට මුකුත්ම තේරෙන්නෙ නෑ.. අහගන්නත් කවුරුත් නෑ.. කෝම හරි තීක්ශන බුද්දිය පාවිච්චි කරලා වැඩේ ගොඩින් ගොඩ දාගන්නවා... දැන් ඔන්න ඊට පස්සෙ මිනිහා මේසෙ හපාගෙන කල්පනා කරනව මොනාද ලියන්නේ කියලා.. ම්හු.. මුකුත් මොලේට එන්නෙ නෑ.. පස්සෙ මිනිහා හිතනවා හැමදාම ඔය අලුත් අලුත් දේවල් ගැන බල බල ඉන්නෙ එකේ ඒවා ගැනවත් ලියනවා කියලා දානව පෝස්ට් 1ක් මෙහෙම.. දැන් වැඩේ හරි.. පස්සෙ මාලන් කොලුවා යනවා ආයෙම sindiya.com අඩවියට ගිහිල්ලා ඒකෙ තමන්ගෙ බ්ලොගේ වගෙ එක රෙජිස්ටර් කරනවා මල මගුලයි මොකද යකෝ rss කියන්නේ දැන් ඉතින් මෑන් පැය ගනන් හොයනවා rss ගැන බැරිම තැන කාගෙත් හිතවතා google.lk දෙවියගෙන් අහපුවම උත්තරේ හම්බෙනවා.. ඉතින් ඒකත් දාල ඒ වැඩේ ඉවර කරගන්නවා.. ඔහොම SBU එකෙත් ඕකම කරනවා....



දැන් ඔන්න මිනිහා බ්ලොග් ලියනවා සතියකට එකක් වගෙ.. ඒත් හැම දාම කියවනවා ඔන්න ඉතින් කියෝගෙන කියෝගෙන යද්දි මිනිහා දකිනවා සීතල කතාවක්.. ඉතින් මිනිහා දානව කමෙන්‍ටුවක් කතාව ලස්සනයි කියලා... ආ.. කලින් කියන්න අමතක උනානේ මූ හෙන පන්ඩිතයා නම මාලන් උනාට දාල තිබ්බේ MaRlaN කියලලු හරිද ඔය හේතුව හින්දම ඒ වෙනකොටත් දෙන්නෙක්(සංජු ටීච , කොට අක්කා) මගේ නම "මැරියං" කියලා ප්‍රකාශ කරලා තිබ්බෙ හරිද... හා හා ආයෙ කතාවට දැන් ඔන්න මිනිහා සීතල කතාවේ කමෙන්‍ටුවක් දැම්මට පස්සෙ කතාවෙ අයිතිකාර හිතුවක්කාරි තුන් වෙනි පාරටත් උගේ නම "මැරියන්" කියලා ප්‍රකාශ කරනවා හරිද දැන් මිනිහට හෙන මල ඇයි දෙයියනේ හෙන ගහන්න වගෙ ෆොටෝ එකකුත් දාල තියන එකේ මුංට හොයාගන්න බැරිද මෙච්චර ලස්සන වැදගත් කොල්ලෙක්ට මැරියං කියලා නමක් දානවද කියලා... දැන් ඔන්න මිනිහා ප්‍රකාශ කරනවා මම මැරියන් නෙමේ මම "මාලන්" කියලා හාද... ඔන්න ඊට පස්සෙ මූටත් එපා වෙලා වෙනස් කරනවා නම MaRLaN කියලා.. ඊටත් පස්සෙ  අන්න හිතුවක්කාරි සමාව භාජනේක දාලා කමෙන්‍ටුවකුත් ඉදිරිපත් කරනවා... ඉතින් මූ හොද කොල්ලනේ මුගේ හිත උනූ වෙලා යනවා... මූත් ඉතින් කමක් නෑ කියලා ඉන්නවා.. ඉද්දි දකිනවා හිතුවක්කාරිගේ මූනු පොතේ ලින්ක් එක.. දැන් ඔන්න මෑන් ආරදනාවක් දාන්නත් ගිහින් කල්පනා කරනවා මේ අක්කා මේක ඇක්සෙප්ට් කරයිද කියලා( ඒ දාල තිබ්බ ෆොටෝ එකේ හැටියට අවුරුදු 25ක් විතර කියල තමයිලු මම හිතුවේ).. කමක් නෑ දානව කියලා ඔන්න ඒකත් දානවා...

ඔන්න දැන් තමයි කතාවේ ත්‍රාසජනක කොටස පටන් ගන්නේ...

ආරාදනාවට දවස් දෙක්කට පස්සෙ ඔන්න අර අක්කා ආරදනාව පිලිගන්නවා මිනිහත් ඉතින් දැන් චැට් කරනවා.. කවදා කාපු මාලුද මූටත් ඉතින් හෙන හැපි.. ඔන්න දවස් දෙක තුනකට පස්සෙ අර මාලනයා අහනවා කෝමද ඕම ලියන්නේ කියලා අර අක්කගෙන්.. අක්කත් කියනවා හිතට ඉඩ දෙන්න කියලා හිත කියන දේවල් එහෙම්ම ලියන්න කියලා.. දැන් එතකොට උගේ බ්ලොගේ වේලි වේලි හිටියේ ඌත්  ඉතින් හිතට ඉඩ දීලා ලියන්න ගනන්වා 1 .... පස්සෙ තමයි දැන ගනෙන ඒ අක්කෙක් නෙමේ කියලා.. ඔන්න ඉතින් නිම්ශා නගාගේ කොටස එතනින් ඉවරයි... ආ විශේශයෙන් කියන්න ස්තූති කරන්න ඕනා සුරඟන ඇස් වලට අවසරය දීපු එකට...

ඔන්න ඊට පස්සෙ තමයි කුප්පයා/ඉශානි අක්කා කොටස පටන් ගන්නේ

ඉරුවාව අදුන ගත්තට පස්සෙ ඔන්න මූත් එක්ක වලිත් යනවා ඊටත් පස්සෙ ඉරුවගෙ අක්කදෝ කවුදෝ කියන ඉශානි අක්කත් මට ආරදනාවක් එවනවා අක්කටත් මම ආරාධවක් යැවුවා..  ඔන්න එයා තමයි මගෙ කවි වලට විචාර දෙන්නේ.. මෙලෝ එකෙක්ට කියවන්න් බැරි උනත් කවදාවත් නරකයි නම් කියලා නෑ

දැන් ඒක නෙමේ මෙතන තියන විශේශත්වය අර මාලන් කියන පොර(මමම තමයි) අද පෝස්ට් 50ක් දානවලු( මේක තමයි 50)

.............................................................................................................................................................

මුලින්ම මම මගේ අම්මටයි තාත්ටයි ස්තූති කරනවා මට මේ ජීවිතය ලබා දුන්නාට මට අකුරු කරවන්න මහන්සි උනාට මන් ලගින් හිටියෙ නැතත් මං ගැන හොදට හොයලා බලලා මාව හොද ලමයෙක් කලාට.. ඔව් ඒ දෙන්නා නැත්නම් මම අද මෙච්චර දෙයක් කරන්නේ නෑ...

දෙවනියට මගේ අක්කලා දෙන්නට ස්තූති කරනවා එහෙ මෙහේ ගිහින් බාල්දි දාගෙන එද්දි මාව බේරගන්න ලගින් හිටියට, අම්මට තාත්තට පස්සෙ ඒ වගේ සෙනෙහසක් ආදරයක් ලගින් ඉදන් මට ලබා දුන්නට

තුන් වෙනියට පොජ්ජෙ අයියාට ස්තූති කරනවා මට මේක පටන් ගන්න කිවුවාට.. මගේ බ්ලොගේට පලවෙනියට පැමිනුනාට

හතර වෙනියට නිම්ශා නංගිට(බ‍ටු ඇටේට) ස්තූති කරනවා ඇහැට පේන්නෙ නැති සයිස් එකට ඉදගෙන මට හිතට අහුම්කන් දෙන්න කියලා දුන්නට සීතල ඇස් හී ක්‍රිශ් වර්ශන් එක ලියන්න අවසරය දුන්නට

පස් වෙනියට සොදුරු සිත ලියන වත් අක්කට ස්තූති කරනවා... මම ලියන්න හුරු උනේ ඒක කියවලා...

හය වෙනියට රත්ගමයා- ඉශානි අක්කා දෙන්නට ස්තූති කරනවා මගේ කවි වලට විචාරයන් දෙනවට වලි දාගන්න එනවට

හත් වෙනියට කොට අක්කට, මදුරංග අයියට, දිල්ශාන් අයියට,  ගෞතම්ට, පිනිබිදු අක්කට, සදරු අයියට, සුලැගිල්ලට(මගෙ නෙමේ), ඒරන්දිට හැමදාම මගෙ බ්ලොගේට ඇවිත් කමෙන්‍ටුවක් දාලා යනවට

අට වෙනියට මගෙ පස්සෙන් එලෝන 35 දෙනාට

අර්ද ශතකයට උදවු කල සැමට ස්තූතියි!

 චතාරික සමයේ පාටි දෙන්නේ නැත

45 comments:

  1. :D :D :D හුටස්...

    අනේ මම නම් බ්ලොග් කෙරුවාව පටන් අර මාස 4ක් විත්‍ර ගියාම තමා බ්ලොග් කියවන්න පටන් ගත්තෙ. හික් ය. බලාගෙන ගියාම මෝතොමෝ මාරයිනෙ. (මට සාපේක්ෂව) හික් ය. කොහොම උනත් ඕන් මගෙන් සුබ පැතුම්... කොහොම හරි මාව අමතක වෙලා නැ නොවැ. අන්තිමට කියන්න දෙයක් තියෙනව. උබ වගේම තමා මමත්... යකෝ මගේනමත් හරියට ලියාපිය.. උගුඩුව. කැපිටල් ළ යන්න.... :P

    ReplyDelete
  2. :-O අත්සන ගහන්න අමතක උනා...

    ලොල්ය....

    ReplyDelete
  3. හෙන ගහපන්...ඉකේයියා...මඩ ගහන්න එපා යකෝ...චික්...
    අලේ....මම ජීවත් වෙලා වැඩක් නැතෝ....
    ඉශානියෙක් ඇද ගන්නේ මොකෝ යකෝ මගේ නමත් එක්ක...ග‍්රර‍්රර්....(කමක් නෑ හොදේ..විහිලුවටා
    මගේ කතාව වගේම තමා..ඔය නිම්සා අක්කා නේ ඉස්ස්සර මට...හික්...උඹ එක තැනක කුප්පයා කියලා තව තැනක රත්ගමයා කියලා...මේ දෙන්නෙක් ද එක්කෙනෙක් ද....
    කමක් නෑ උඹ කොහොම හරි නිම්ශට බටර් පාර ගෑවා නේ...හික්...ආව්...පැනි හිනාව....
    ඉක්මන් 50ට සුබ පතමි......
    තව ලියාපන්...ඒ අස්සේ අර ඇස් කතාවත් ඉක්මනට ලියාපන්..ඒක තව කොච්චර කල් යාවිද දන්නෙ නෑ ඉවර වෙන්න....
    :)) ඉශානි නේ.....ග‍්රර‍්රර‍්රර‍්ර

    ReplyDelete
  4. අනික ඉශානි උඹට රික්වෙස් කරේ නෑ හොදේ...උඹ තමා රික්වෙස්ට් එක දැම්මේ..... :D

    ReplyDelete
  5. අනේ බොල වස්සෝ කවුද රික්වෙස්ට් කලේ කියලා අහපං

    ReplyDelete
  6. සුළැගිල්ල- ස්තූති මල්ලි... පොඩි වැරදීමක් උනා සමා උව මැන

    රත්ගමයා- ස්තූතියි රතගමස්.. උඹත් එක්ක නැත්නම් වෙන කාත් එක්කද බොල ඉශනිඋ අක්කව දාන්නේ... ආව්.. පැනි හිනාව උබේ....

    සමාව බජනය කරනවා ඒක පොඩ්ඩක් අමතක උනා...

    සඳලි- ස්තූතියි මේ පැත්තේ ආවාට

    ReplyDelete
  7. http://syndi.lankablogger.info

    ReplyDelete
  8. මටත් හිතුනා චතාරික කාලයේ පාටි නෑ කියලා. ඒ හින්දා ඉල්ලන්න ගියේ නෑ.
    කොහොම උනත් මල්ලිගේ ඉදිරි ගමනට එක සිතින්ම සුභ පතනවා. බ්ලොග් එක වගේම මල්ලිගේ ජිවිතයට් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.

    ReplyDelete
  9. බොහොම ස්තූතියි මදුරංග අයියේ...

    ReplyDelete
  10. @මැරියන්... පොඩි පොඩි ඒව එකතුවෙලා තමයි ලොකු 1ක් වෙන්නෙ... ඇරත් ඔය කැපිටල සිම්පල් එව්ව හරිය ගහපිය... ලොල්ය... අනික උබ 'ග'ත් වරද්දල.. :/ ලොල්ය. 'nga' බන්... :P ඟ!!!! හරිය...??

    ReplyDelete
  11. අනේ සුළැඟිල්ලෝ මට සිංහල භාශාවට c පාස් එකක් තියෙන්නේ මම ඕවා හරියට දන්නේ නෑ... උඹ මොකෝ මගේ නම වරද්දලා...?

    ReplyDelete
  12. සුබම සුබ පැතුම් මාලන් අයියේ.... තව 50 එවාට පන්සියක් වත් එක දිගට ලියන්න ප්‍රාර්ථනා කරනවා.....

    (ඔයාගේ නම ඉස්සර මම අර ඔයා දාන් උන්න ෆොටො එක එච්චර මීටර් නැ ඉතින් මම හිතුවේ රොබින්-මැරියන් එකේ..ඔයා ඒ නම දාගෙන ඉන්නේ කියලා..කව්ද දන්නේ :::: :) කොහොම උනත් අර මගේ සුකිරි ෆොටෝ එක දැකලා මට විසි පහක ගැරන්ට් එකක් දුන්නාට පස්සේ හම්බවෙන්නකෝ.. ඔයා විතරක් නෙමේ අපේ රත්ගමයාත් කාලයක් යනකම්ම අක්කේ..අක්කේ ග ගා කිය කිය උන්නේ..එයාට නම් මම මාස දෙකක් යනකම් වයස කිව්වෙත් නැ.. ඔන්න ආයෙමත් සුබම පැතුම්... )

    ReplyDelete
  13. රත්ගමයා මං වගෙ නෙමේන නංගියෝ ඌ කුකුලනේ මමනම් ඉතින් අහින්සකයි කියලා මුලු ලෝකෙම දන්නවානෙ... :D හරි හම්බෙමු හම්බෙලා බලාගමු එහෙනම්... ;)

    බෝම ස්තූතියි... (මැට්ටි මං ඒ දවස් වලත් දැන් තියන ෆොටෝ එකම තමයි දාගෙන හිටියේ)

    ReplyDelete
  14. 1. ආහ් ෆනහකුත් ගහලා කියන්නේ . . එලමකිරි . . තව මේ වගේ එල පෝස්ට් ගොඩාරියක් දාන්න ලැබේවා කියල මම සිත් දෙකෙන්ම ෆ්‍රාර්ථනාහ් කරනවා [මගෙයි , අරයගෙයි (එයාගෙ හිතත් මා ලඟ තමයි තියෙන්නේ )]

    2. ආහ් ඉස්තූති කරලා මගෙ නමත් තියෙන්නේ .. හැබෑටම මම මොකක්ද ඕයි කරේ ? :ඩී (ඒකනම් ලොල්ෆුල් ය .)

    3. මේ ඕයි , කව්ද දිල්ශාන් අයියා කියන්නේ ? අරූ ද ? :ඩී :පී හික් හැක්ස්

    4. ඒ අස්සෙන් පූල් ගේම් එකේ ෆෝර්ත් ස්ටේජ් එකකුත් ඕපන් කරලා නැත්තා. . . න් . . දින්නොත් ජී පොයින්ට්ස් 1000ක් නෙමෙයි නා. . . . න් . විලි ලැජ්ජාවේ පණ යනවා ඕයි ..

    5. මම මේ ලියන ඒවා තමුසෙට කියවන්න පුලුවන් නේද ? අද උදෙත් පොඩි ෆ්‍රශ්ණයක් උනා වගේ මතකයි .. උස , මිටි භේදයක් . . අම්බෝබෝබෝබෝ . . . . :පී

    (වල් කිටියා )

    ReplyDelete
  15. මට ස්තූති කරේ මචං මම මක් කරාටද ? මේ බ්ලොග් එකේ තිබිච්ච බොක්කටම වදින අදහස් නිසා තමයි මම මෙහේ පැල පැදියං උණේ . මට කමෙන්ට් කරන්න අමාරුම බ්ලොගෙ එකත් මේක ඒත් මම මේකට කමෙන්ට් එකක් දාන්න විනාඩි 20 දඟලපු අවස්ථාත් නැතුවම නෙවේ ! මේ අපි උඹට මැරියන් කියලා කාඩ් එක ගන්නම් හරිය ...

    ඔයා වේගෙන් ලියලා මම තවම පනහ ගැහුවේ නෑ දැන් පටන් ගෙන මාස ගාණක් වෙනවා ඒත් 50 ගහන්න බැරි උණා ලබන මාසේ දිහාවට 50 ගහන්න ඕන

    සුබ පැතු මාලන් ... උඹ වගේ බ්ලොග් ලියන්නෙක් අඳුරගත්ත එක මම ලද පට්ට වාසනාවකි .. උඹ කල උදවු මට අමතක නෑ

    ReplyDelete
  16. කරුමේ කරුමේ.. මගේ කරුමෙට මෙච්චර ග්ති බ්ලොග් පිටුවක් miss වුනානේ මට... හිතයි මට ඔළුව ගලෙ ගහගන්ඩ..:)) ;;)

    මුළ ඉදන් බ්ලොග් පිටු 50ම කියවන්ඩයි මගේ හිත... බලමුකෝ ඒකෙත් හැටි.. හිත ගිය තැන මාලිගාව කිවුවලු.. මේකත් මාලිගා පිටුවක් නෙව.. රත්ගමස් ඇසුරු කරන්නෙත් එළ ගතුවරු නේ.. ( එක වගේ අය ඇසුරු කරන්නේ ඒ වගේ අයමළු නේ..)

    අනේ ගොයියෝ බටර් නෙවේ.. මට බට්‍ර් පෙන්ඩ බෑ.. ඇලජික්.. :p

    ReplyDelete
  17. දිල්ශාන් මාමාට: පලමුවෙන් ස්තූතියි
    දෙවනුවට: හැමදාම මගේ බ්ලොගේට එනවට
    තෙවනුව: වල් කිටියා
    සිවුවනුව: අපිට නොහැක( හෙට ආවොත් දින්නෝල දෙන්න බැරි වෙයිද?)
    පස්වනුව: කිය්වගන්න නම් පුලුවන් (අනිත් දවසේ පාන්දර කෝල් කරලා කියනවකො IMF ගේමක් තියනව හෙල්ප් 1ට එන්න කියලා)

    සදරු අයියාට: හැමදාම වගේ ඇවිත් මගේ බ්ලොගේ බලනවාට මට ලබාදෙන කමෙන්‍ටු වලට

    ප්‍රාර්තනා අක්ක: ස්තූතියි ආවට ඒත් මම රත්ගම තරම් නම් ගතුවරයෙක් නොවෙමි ( අක්කා වගෙත් මගෙ හිතේ)

    ReplyDelete
  18. මාත් ඉතින් එලවන ලිස්ට් එකේ ඉන්නවා...
    අලුත් අයට ඉඩ දීල පරණ අපි අයින් වෙන එක තමයි ඇඟට වගේම හිතටත් හොද...
    ලියල ලියල දවසක පෑන ඉවර වෙනවා... නොදැවී ශතකයක්. ඊටත් එහා යන්න ධෛර්‍යය වාසනාව ලැබේවා...
    ඉස්සර වගේ නෙමෙයි දැන් බ්ලොග් අවකාශයේ රැදිල ඉන්න හිත ගොඩක් හයිය වෙන්න ඔනි....

    ඒ ශක්තිය නුඹටත් නුඹ වටේ ඉන්න මිතුරන්ටත් ලැබේවා කියල පතනවා.

    ReplyDelete
  19. මුලින්ම ස්තූති කරන්නම්

    ඒත් අලුත් අයට ඉඩ දීල පරන අය අයින් වෙන එක නෙමේ හොද පරන අය අලුත් අයට ආදර්ශයක් වෙන එක නේ... නැත්නම් වෙන්නේ කව්දා හරි දවසක කවුරුත්ම නැති වෙන එක බ්ලොග් ලියන්න. මොකද එනවට වඩා යනවා වැඩි උනොත් එතන ලොකු ප්‍රශ්නයක්නේ.. අනිත් දේ සයිබර් අවකාශයට කට්ටිය වැඩි වෙන්නේ නෑ... ඉතින් අයින් නොවී ඉන්න බලන්න.. අපි වගෙ පුන්චි පුන්චි ළමයින්ට ගුරුහරුකම් දෙන්න...

    ReplyDelete
  20. එලවන ලිස්ට් එකේ කීවේ ...ඔයාගේ ෆලෝවර්ස් ලිස්ට් එකේ. වචන පරිස්සමින් භාවිත කරන්න ඕනි. නැත්තම් කියවන අය වැරදියටයි තේර්ම් ගන්නේ.........

    ReplyDelete
  21. හි හී... සමහර විට

    ReplyDelete
  22. ඔන්න 50ට මගෙන් සුභ පැතුම් මැරියන්... :D
    ඇත්තටම ඔයා ලස්සනට අදහස් ප්‍රකාශ කරනවා. බ්ලොග් ලියනව වගේම ඉගෙනීමේ වැඩ ටිකත් කර ගන්න. අපි ඉතින් හැමදාම ඔයාගේ පස්සෙන් එනවනේ මැරියන්.... :D

    ReplyDelete
  23. Yako apita sthuthi karapan ubatah ekka innawata :P

    api ganath liyapanko blog post ekak marlan puthe :D

    ReplyDelete
  24. කොට අක්කා: ඉවරයිද දැන් ආයෙමත්....

    ගැරඩියා: ඉදින් මන් දානම්...

    ReplyDelete
  25. තේරුනේ නැහැ Marian කොල්ලෝ???????

    ReplyDelete
  26. ආයෙමත් මැරියන් කියන්න ගත්තද කියලා ඇහුවෙ...

    ReplyDelete
  27. අනේ නැහැ Marian කොල්ලෝ? අම්මෝ අපි කැමති නැහැ කවුරුත් මැරෙනවට. එක නිස මැරියන් කියලා කියන්නෙ නැහැ... :D

    ReplyDelete
  28. ග්ර්........... X(

    කමක් නැත පොඩි එකාගේ ආසව නොවෑ....

    ReplyDelete
  29. මාලන්ට දීර්ඝායුෂ ලැබේවා ..... මොකද මචං උඹට කස්ටිය මැරියං! කියලා කියන්නේ උඹ මැරිලා කොහොමද උඹව අපිට එපෑය !

    ReplyDelete
  30. කවුද එකෙක් උඩ දාල තිබ්බනේ මැරියන් කියලා කාඩ් 1ක් ගහමු කියලා ඉතින් දැන් එක එකා ඇවිල්ල මැරියන් කිය කිය යනවා

    ReplyDelete
  31. සදරු අයියේ උබේ උඩ කමෙන්‍ටුවට - බෝම පිං අයියේ අමාරුවෙන් හරි ඇවිත් කමෙන්ට් දානවට.... මටත් සතු‍ටුයි ඉතින් ඔයාව අදුනගන්න ලැබුනට

    ReplyDelete
  32. ප්‍රාර්ථනා බටර් පාරක් ගෑවාලු........... :))

    ReplyDelete
  33. බටර් කියන්නේ බං අම්මෝ එකක් ඒක

    ReplyDelete
  34. මේ , මොකද ඕයි IMF ගේමක් කියන්නේ ? මට හරියටම පැහැදිලි මදි නේ . . . :?

    ReplyDelete
  35. බට් (නමුත්) , ඒක පොසිබල් උනානෙ ඕයි . . . සියල්ල සාර්ථකව අවසාන කරන ලදි නේ ? :?

    ReplyDelete
  36. ඔව් ඔව් ඔබ තුමාට වඩා අමාරු කාරියක් නොවෑ මට තිබුනේ... 150m දුරක ඉදන් හරි පුද්ගලයව අදුන ගන්න

    ReplyDelete
  37. ඔන්න මල්ලියෝ මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  38. ස්තූතියි පිනිබිදු අක්කේ

    ReplyDelete
  39. MaRLaN said...

    ඔව් ඔව් ඔබ තුමාට වඩා අමාරු කාරියක් නොවෑ මට තිබුනේ... 150m දුරක ඉදන් හරි පුද්ගලයව අදුන ගන්න
    15 March 2011 08:22
    -------------------------------------------------

    ආහ් ඕයි මා(ර්)ලන් , තමුසෙට ඇස් පේන්නෙ නැද්ද ඕයි ... මීටර් 150ක් දුර ඉන්න කෙනෙක්ව ඕන කෙනෙක් අඳුරගනියි නෙ ඕයි .. :ඩී

    ඉන්නවකො , අනිත් දවසේ දුර බලන එකකුත් අරන් යමු . . හික් හැක්ස් :පී

    ReplyDelete
  40. එකක් තියනවා අනිත් දවසේ ගෙනියමු.. මොකක් අනිත් දවසේ... :-O

    ReplyDelete