Friday 11 March 2011

උඹලට මේ මොකද උනේ...?

මම ආසයි උඹල එක්ක හොදින් ඉන්න...
මට ඕන උබල එක්ක හොදින් ඉන්න..
උඹල නැති ජීවිතයක් මට හිතාගන්නත් බෑ...

මට මතකයි, ඉස්සර උඹලා 
ගස් ගල් වල රූප ඇද ඇද
සත්තු එක්ක සෙල්ලම් කර කර
මට කරදර කරන්නෙ නැතුව කොච්චර ලස්සනට උන්නද?
කොච්චර මට ආදරේ කලාද?

ඒත් උඹලට මේ මොකද උනේ..?
මට තාම හිතාගන්න බෑ..
දැන් ටික කාලෙක ඉදන් මට හරියට රිද්දනවා
මාව හරියට තුවාල කරනවා
මගෙන් ගන්න තියන ඔක්කොම අරගෙන 
උඹලා මාවම විනාස කරනවා..
ඒත් ඒ දවස් වල මං උඹලට මුකුත් කිවුවෙ නෑ..
ඒ උඹලට මගෙ තියන ආදරේට..
උඹල නොදන්න දෙයක් තමයි 
උඹලා මාව විනාස කරනවා කියන්නේ
උඹලවත් විනාස කරගන්නවයි කියන එක..

මට දැන් හොදටම අමාරුයි
මේ වුන තුවාල හොද කරගන්න ඕනා
ලේ ගලන තැන් නවත්තන්න ඕනා
ඔව් මේක කරන්න අමාරුයි
මං උබලට රිද්දන්නේ නැතුව ඒ දේ කරන්න ගියත් 
ඒ දේ කරන්න අමාරුයි
උඹලට රිදෙයි, සමහර විට උඹලා මැරෙයි
ඒත් මං මේ දේ කරන්නම ඕනා
උබල වෙනුවෙන්ම
අනේ මට සමාවෙයල්ලා

නිමිත්ත- ජපානයේ සිදු වූ බූමි කම්පාව හා ඒ ආශ්‍රිතව ඇති වූ සුනාමි තත්වය... :(

13 comments:

  1. ඇත්ත ඉතින්. කාට කාටත් ලැබෙන්නෙ තමන් කරපු දේවල් වල ප්‍රතිවිපාක තමා.

    ReplyDelete
  2. එහෙම කියන්න අමාරුයි නේ අක්කෙ.. මොකද එතන කරදරේට පත් වෙච්ච හැමෝම එහෙමයි කියලා කියන්න බෑනෙ...

    ReplyDelete
  3. හ්ම්ම්ම්... ලොල්ය. රිදෙයි ද..? මැරෙයිද...??? o.O

    ReplyDelete
  4. උබට නම් මුකුත් වෙන එකක් නෑ තාම පොඩීනෙ

    ReplyDelete
  5. සොබා දහමට උනත් රිද්දනකොට ඔහොම වෙනවා. අපි දියුනු වෙන්න ඕනේ සොබා දහමට වෙන හානිය අඩු කරන්න විදිහකුත් බලලා.
    ජපානයට ඔය වගේ ස්බාවික විපත් ගොඩක් දුරට බලපානවා. ඒ අතින් ලංකාව කියන්නේ ඔය වගේ ස්බාවික විපත් නැති සුන්දර දිවයිනක්.

    ReplyDelete
  6. ඔව් ඒ අතින්නම් අපි ගොඩක් වාසනාවන්තයි

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ක්ෂනික පුවත්

    ReplyDelete
  8. නිමිත්ත නිර්මාණාත්මකව නිර්මාණය කරලා තියෙනවා... ලස්සනයි....

    ReplyDelete
  9. රත්ස්: මොනාද බං ක්ෂනික පුවත්
    කො. අක්කා: ස්තූතියි අක්කේ

    ReplyDelete
  10. @මර්ලන්... හික් ය. හොදටම විශ්වාස දැ...?? එහෙනම් මට මුකුත් වෙන එකක් නැ නෙ.. හික් ය.

    ReplyDelete
  11. ඔව් ඔව් උබට මුකුත් වෙන එකක් නෑ...
    යකෝ මම මාලන් මර්ලන් නෙමේ

    ReplyDelete
  12. අපි වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරි වේවිද ? අපි රිද්දුවේ හිතලා නෙවේ .ලමයි පොඩිකාලේ ඳඟ වැඩ කරන කොට අම්මා ළමයින්ට අනුකම්පා කරනවා . අපිටත් ඕන අනුකම්පාවක් . භූමි කම්පාවක් නෙවේ !

    ReplyDelete