Sunday 6 March 2011

මම ඔයාට ආදරෙයි

අවුරුදු හතරකට කලියෙන් මා සමග ආදරයෙන් බැදුනු නුඹ
මා දුකින් සිටින විට මා බදාගෙන මගේ දුක ඇසූ නුඹ
මා සතුටින් සිටින විට ම ලගට වී මගේ සතුටේ පංගුකාරයෙක් වූ නුඹ
මගේ හිත පාලුවෙන් වෙලෙද්දී මීයුරු හඩින් මා ඇමතූ නුඹ
තනි වූ මගේ ආත්මයට සොදුරු ගීතයක් වූ නුඹ
මගේ දගකාරකම් ආදරයෙන් ඉවසූ නුඹ

මගේම වරදකට දැන් අසනීප වෙලා...
මම ඉවසන්නෙ කෝමද?
ඉක්මනට සනීප කරගන්නත් බෑ..
සනීප කරගන්න සල්ලිත් නෑ...
ඒත් මම ඉන්නේ කොමද?
ඒ ලස්සන හඩ, මාව ජීවත් කරන හඩ අහන්නේ නැතුව ඉන්නේ කෝමද?
මට සමාවෙන්න මම අනිත් දවසෙ මගේ දුකට නුබව රිද්දන්නේ  නෑ..
මම හෙට කෝම හරි නුඹව සනීප කරගන්නවා...

මම දන්න එකම දේ තමයි මම නුඹට මොනා කරත් මම එන්න කියද්දි හැම දේම අමතක කරලා මගේම තුරුලට එනවයි කියන එක... මගේ දුක මගේ සතුට හැම දෙයකදිම මං ලගින් ඉන්නවයි කියන...
මගේ ජීවිතයට තනිකමක් කවම දාවත් දැනෙන්න නොදී හැමදාම මං ලගින් ඉන්නවයි කියන එක මම ඔයාට ඇත්තටම ආදරෙයි. මේ හැම දේකටම වඩා, මට සමාවෙන්න ඔයාට රිද්දුවට මම ඔයාට ගොඩාක් ආදරෙයි.....



















ඔව් ඔයා තමයි මගේ මුලු ජීවිතයම

මම කෝම හරි හෙට කම්බිය දාගෙන ඔයාව සනීපකර ගන්නවා.. පොඩ්ඩක් ඉවසන්න

14 comments:

  1. යකෝ උඩද මං පුල්රොමැන්ටික් උනා.. අන්තිමේදි පික්ශුවක් කෙලලානේ..හැහ්.. කමක් නැ කමක් නැ.. අපුරුයි :D

    ReplyDelete
  2. ඇයි බං මගෙ ආදරෙ තමයි ඔය.. කවමදාවත් මට දුකක් දෙන්නෙ නැති හැමදාම මං ලගින් ඉන්න

    ReplyDelete
  3. හෆොයි මන් හිතුව සුවර් එකටම අරය වෙන්න ඇති කියල :/
    එලz
    පට්ට බන්

    ReplyDelete
  4. මම දුවගෙන ආවා . මාලන්ගේ ලවු එක බලන්න .බලද්දි මූ ගිටාරයකට ලවු කරලා . ගනං ගන්න එපා මචෝ එයාව ඉක්මනට සනීපකරගමු . සනීපකරගත්තට පස්සේ ඇති වෙනකම් ගහන්න බැරියැ


    උඹනම් පට්ට නිර්මාණශීලී පොරක් ...මම මුලදී හිතුවෙම කෙල්ලෙක් ගැනය කියලා .

    ReplyDelete
  5. ගෞතම්- අපෝ එයා නෙමේ උබ දන්නවනෙ මම මෙයාට කෝමද ආදරේ කරනෙන කියල නේ?

    සදරු අයියා- අපෝ ලැජ්ජයි අප්පා එහෙම කියන්න එපා... අපි තාම ඉගන ගන්නවනෙ... :)) දකින හැමදේම ඇත්ත නෙමේ අයියා.... :P

    ReplyDelete
  6. පිස්සු නැත්නම් ජාති...මම මේ හිතුවා අන්න අර කෙල්ලට කියලා තමයි කියලා..මේ මැට්ටා මේ........ගෙම්බා...

    කොමත් උඩ පේලිය ගති... :)

    ReplyDelete
  7. හිතෙන හැම දේම ඇත්ත නෙමෙයි නගේ......

    පිං පිං

    ReplyDelete
  8. නොදකින් උලමා...මම අදත් තව ඩින්ගෙන් අහනවා කෙල්ල කවුද කියලා....හෙනම ගහපන්

    ReplyDelete
  9. යකෝ මේ වහින කාලේ හෙන ඉල්ලන්නේ.... බැරිවෙලාවත් වැදුනොත්... :-O

    ReplyDelete
  10. ඇත්තටම මාත් හිතුවෙ....එත් ලස්සනයි,,

    ReplyDelete
  11. අනේ කට්ටියම ‍රැවටිලානේ...

    ReplyDelete
  12. http://tharuatharin.blogspot.com/
    visit dizz.....

    ReplyDelete
  13. ‍රැව‍ටුනේ නෑ යට මගේ පනගේ ෆොටෝ 1 තිබ්බ හින්දා

    ReplyDelete