Friday 4 March 2011

මායි - හිතයි

"දුක දැනුන හිත සනසන්නට කවුරුත් නැත්නම්
පුන්චි කදුලු බිදුවක දුක දිය කරලා අරින එකේ වරද නෑනෙ"

ඒත් එහෙම කරන්නේ කෝමද?

එහෙම කරන්න බැරිනම් කරන්න  තියෙන්නේ ඉතින්,
අතපය රිදෙනකන් මොනාහරි කරගන්න තමයි

දැන් එහෙම කලොත් හරියයිද?

ඒක ඉතින් මම දන්නේ නෑ...
එහෙම කරන්නත් බැරිනම් ඇස් දෙක වහගෙන,
සද්දේ වැඩී කරලා සින්දුවක් අහන්න..

ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ..

ඒකට උඹ මොනා කරන්නද?
හිත රිද්දුවෙත් අනිත් මිනිස්සුමනම් 
උඹ මොකටද උන් ගැන හිතන්නේ

ඒකත් ඇත්ත තමයි නේ..?

එහෙනම් ඉතින් මම කියපු විදිහට කරපන්
උඹ කැමති දෙයක්

මට බෑ බං ඒ හිත රිද්දන්න

එහෙනම් ඕන මගුලක් කර ගනු 
මම යනවා

-මායි හිතයි අතර උන සාකච්චාවක්-

12 comments:

  1. හිත නම් ආපහු එයි. ඒත් හිත ගත්තු කෙනා?

    ReplyDelete
  2. මේක මාර හිතක් නේ බොලේ..මගේ හිත නම් මට කියන්නේ බන්ඩියට බඩගිනි කියලා විතරයි
    එල එල

    :))

    ReplyDelete
  3. පිනිබිදු අක්කා- හිත ගත්තු කෙනා Sure නෑ අක්කේ....

    රත්ස්- උබ බඩා කියලා හැමෝම දනන්වා....

    ReplyDelete
  4. අනේ මන්ද,
    යනව නම් යන්න දීපන් බන්..

    ReplyDelete
  5. හිත කවුරු හරි අරන් ගියොත් තමයි වැඩේ කියන්නේ

    ReplyDelete
  6. සංවාදයනම් හැමදාම වගේ ලස්සනට ලියලා තියෙනවා. ඔය ළමයා කලින් කිව්ව නේද පාඩම් කරන්න තියෙන නිසා මේ ටිකේ බ්ලොග් ලියන්නේ නැහැ කියලා. මට පේන විදිහට පාඩම් පැත්තක දාලා ආයිත් බ්ලොග් ලෝකයටම වෙලා ඉන්නවා වගේ. පාඩම් වැඩ කරගෙන ඉවර වෙලා බ්ලොග් එකේ ඇති තරම් රවුම් ගැහුවනම් හොඳයි නේද?

    ReplyDelete
  7. මමද කිවුවේ.... ම්.... පොඩ්ඩක් ඉන්න බලන්න මතක් කරනකන්...
    ආ.. ඔව්මනෙ මම තමයි කියලා තියෙන්නේ...
    පාඩම් කරනෝ... හිතේ දුක යන්න කවි ලියනෝ... ඒකයි කේස් 1

    ReplyDelete
  8. ඒකනම් මාරය. ලොල්ය. නැතහොත් ලොලේ ලොල්ය. දැන්කවුදෑ ඔය අන්තිමට යන්නෙ..? ඔයැයිද? නැත්තන් හිතයිද???

    ReplyDelete
  9. හිත හිත මම නෙමෙයි

    ReplyDelete
  10. ''එහෙනම් ඕන මගුලක් කර ගනු
    මම යනවා ''


    එහෙම හිතට යන්න දෙන්න බැ..

    ලස්සනයි..ලස්සනයි :)

    ReplyDelete
  11. ඇයි ඒ.... හිත බලාගන්න කවුරුත් නැත්නම්... :O

    ReplyDelete