Friday 22 April 2011

අහිංසකාවි...

වචනයක් වත් කතා නොකළත් 
නුඹ එදා මගේ දිහා  බලපු විදිහට
මගේ හිත ගැස්සිලා ගියා 
ඒ කතා කරන ඇස් වචන දාහකින් කියන්න බැරි දේවල්   
එක බැල්මකින් කිවුවා 
මම පුදුම උනා...
ඇත්තටම මට තාමත් පුදුමයි...

මම දැක්කා නුඹ මගේ දිහා හොරෙන් බලනවා 
මම එක දැක්කම හොරයක් කරපු පුසී පැටියෙක් වගේ 
නුඹ අහක බලාගත්ත 
නුඹේ කෙහෙරැල් හුළගට අවුල් වෙද්දී 
මට හිතුන ලගට ඇවිත් හදන්න 
එත්..?

මතකද එදා නුඹ මට ටිපි ටිප්  දීපු එක?
එදා ඒ හිනාව මගේ ගිනිගත්ත හිතම සැනසෙවුව
ඒ හිනාව තමයි මම මේ ලෝකේ දැකපු අහිංසකම හිනාව
නුඹ, මට පෙන්න දෙපාරයි හිනාවුනේ 
එත් ඒ හිනාව මගේ මුළු ආත්මයටම කතා කළා 

මම දන්නවා මම නරකයි 
නුඹ මට අහිංසක වැඩියි 
නුඹ මට නංගියෙක් වගේ 
එත් මම...,
නුඹේ හිනාවට, නුඹේ කතාවට, නුඹේ අහිංසක කමට 
මාරම ආදරෙයි   

16 comments:

  1. ලොල්ය. හික්ය. එහෙනම් කෙල්ල හොදට දන්නව ඇති රිලවු ගැන. මොකද රිලවු ටිපිටිප් කන්න මාර ආසයි.. . 8-}

    ReplyDelete
  2. දන්නවනෙ ඉතින් මං ගැන

    ReplyDelete
  3. සුරතල් කවියක් මාලන් ... ආදරේ බේරෙන සුපර් කවියක් ...ඊයේ පෙරේදා උඹ ලියපුවාට වඩා ඇත්තටම මම මේකට එක හිතෙන්ම කැමතියි .. මේක කොපි කරගත්ත මම ...

    ReplyDelete
  4. lassanai mallio.aththa.adare wachana walata harawanna one apita hegem walin kata karanna beriwenakota.eka igiyakin jvite wenas karanna puluwan.

    ReplyDelete
  5. සඳරු අයියා: එළ එළ..

    පිටස්තරකාරි: හ්ම්... ඇත්තමයි

    ReplyDelete
  6. ගොඩාක් හැගුම් බර කවි පෙලක් මාලන් මල්ලි.. මෙ ඇත්තටම ඔය හිත හිත ඉන්නෙ හිතෙ තියෙන දෛ කියලා දාන්නකො...

    ReplyDelete
  7. ගෑනු ලමයෙක්ගෙන් ටිපි ටිප් එකක් කාපු කාලයක් මතක නෑ. අප්ට කොයින්ද බූල් බල්ලෝ. ලස්සනයි ලියලා තියෙන විදිහ. =((

    ReplyDelete
  8. දිනේශ් අයියා: වැඩක් වෙන්නෙ නෑ

    මදුරංග අයියා: අපිටත් කොහෙන්ද බූල් බල්ලො

    ReplyDelete
  9. එලමස්zටේශන් !!!!

    *** වැදිය යුත්තන්ට වදිත්වා . .
    වද්දෝගෙන විඳවත්වා . . . .

    " මොබ ඇමට(හ්) මිස් උන් ඕටියක් එවි ඒවටා උන්ගේ ඉහිටායි , ම්ආරක්ශාවයි "

    ReplyDelete
  10. සිරාවටම ලස්සනයි. බොක්කටම වදිනවා. මේක ඇත්ත කතාවක්ද?

    ReplyDelete
  11. ටිපි ටිප් නම් මරේ මරුය. කවියත් එලය. එහෙත් උඹ දුක් විඳිනවානම් දුකය.

    ReplyDelete
  12. ලස්සනයි.ආදරෙ ප්‍රකාශ කරොත් හොද නෑද්ද?

    ReplyDelete
  13. එහෙම කියන්න හොද නෑ :D

    ReplyDelete