Saturday 16 April 2011

මම කවුද?

ඇත්තට මම කවුද?
මම දන්නෙත් නෑ..
ඇයි මම ජිවත් වෙන්නේ..
එකත් දන්නේ නෑ..

මම මොනාද කරන්නේ
මම මොනාද කරන්න ඕනේ 
මම මොකටද ඉපදුනේ 
මොනාද මන් වටේ තියෙන්නේ 
ලොකු ප්‍රශ්නයක් 
උත්තරයක් නැති. 
කොච්චර හිතුවත් 
හැමදාම එකම තැන පල්වෙන 
ප්‍රශ්නයක්

මොකක්ද මේ ජීවිතය,
උත්තරයක් තියනවද?
තියනවනම් මටත් කියන්න

 
-තරු පිරුන විශ්වයේ තනිව ඉපිද ජීවිතය සොයන මම-

14 comments:

  1. ලොල්ය.. හැම ප්‍රශ්නෙකයම උත්තරයක් තියෙනව බන්... උත්තරයක් නැතිනම් එතන ප්‍රශ්නෙකුත් නෑ.... හිට්ලර්ට යුදෙවුවො ප්‍රශ්නයක් උනා... උත්ත්‍රේ...??? උන් ටිකව මැරුව! හොදට හිතල බලපන් මේ ප්‍රශ්නෙටත් උත්තරයක් වෙන ඇත්තෙම නැද්ද කියල!!! එහෙම නැති උනොත් උබ මැරියන්.. ඒක තමා උත්තරේ.. එතකොට ඔතන මම කියල කෙනෙක් නෑනේ.. :P

    ReplyDelete
  2. හොදයි හොද උත්තරයක්...
    ඇත්තට 'මම' කියලා කෙනෙක් නැති උනොත් මේ කිසි දෙයක් නෑනෙ... මොකද මේ හැම දේම මට සාපේක්ශයිනෙ...

    ReplyDelete
  3. මොකක්ද මේ ජීවිතය,
    උත්තරයක් තියනවද?
    තියනවනම් මටත් කියන්න >>>>

    ජීවිතය කියන්නේ ආදරය කිරීම හා ආදරය ලැබීම . .

    දැන් කියන්න එෆා ඒකට මට වාසනාව නෑ කියලා . . කුඩු කරනවා ! ! ! තාම පරක්කු නැහ් ඕයි :)

    ReplyDelete
  4. ඔන්න එහෙනම් මං කිවුවෙ නෑ...
    එක නමකින් එනවකො ඕයි

    ReplyDelete
  5. මමම වේද මම
    මම නොවේද මමම
    සුළගට සැලෙන
    පහන් සිළ මම

    ReplyDelete
  6. ජීවිතය සොයමි මම
    අතරමංව ලොව තුල
    නිමාවක් නැති සසරක
    තව වරක් ඉපදී මෙලොවට..

    දුවනවා හිත ආයාලේ ඒ මේ අත
    නවතනු බැහැ මට මාවම
    හුදෙකලාව ලොවෙන් තැනක
    ජීවිතය හොයනවා මම තවම..

    ReplyDelete
  7. මම කවුද ? මහා බ්‍රහ්මයා විසින් නෙලාපු රූකඩයක් .

    මහා බ්‍රහ්මයා නූල අදිනවා එයාගේ වේදිකාවේ අපි නටනවා . එයාට අපිව එපා වෙච්චදාට අපි විසි වෙනවා .

    ආරාධනාවකින් තොරවම මේ ලෝකෙට ඇවිල්ලා . ආරාධනයකින් තොරවම යන්න ඉන්න අපි මොකට ඔවුව ගැන හිතනවාද ?

    මාලන් මෙන්න මේ වගේ ඒවට මම කැමතියි ..

    ReplyDelete
  8. "ආරාධනාවකින් තොරවම මේ ලෝකෙට ඇවිල්ලා . ආරාධනයකින් තොරවම යන්න ඉන්න අපි මොකට ඔවුව ගැන හිතනවාද ?"

    මේ කතාවට මම ලයික්...
    ස්තූතියි සඳරු අයියේ අද්හසට. ඒත් තාම හිතට වදින උත්තරයක් හම්බුනේ නෑ..

    දැනට

    1) සඳරු අයියා
    2) Superman
    3) පොඩි එකා

    ReplyDelete
  9. ඇත්තටම මම ... කවුද ... මම වෙන කවුරුත් වෙන්න බැනේ එහෙනම් මම ම තමයි... මම කියන්නේ මගේ හිතට ..මගේ ගති ලක්ශණ වලට .. එවා වෙන කාටත් සමාන කරන්න පුලුවන්ද... කියනවට කියනවා මේ ලෝකේ හත් දෙනෙක් ඉන්නවා කියලා නේද... නැහැ එක වැරදියි...අපිට සමාන කරන්න මේ ඔයාම තමයි කියන්න කෙනෙක් මට නැ ...මම මමම විතරයි..මට මම වගේ කෙනෙක් හම්බවෙලා තියෙනවා නම් එ මම ත් මයි...

    ඇයි ම්ම ජිවත් වෙන්නේ කියලා අහන්නේ ඇයි...ඔයා දැනුත් ජිවිතේ විදිනවා විදවනවා..එකම දේ ඔය හුස්ම ගන්නව නේද... අපි ජිවත් වෙන්නේ ජිවත් වෙන්නන් වාලේ ජිවත් වෙන්න නෙමේ කියල ඔය මේ ප්‍රශ්නේට උත්තරේ හිතා ගන්න..ජිවිතේ ජිවත් වෙන්න අර්තයක් අපේ ජිවිතෙට තියෙනව..අර්තයක් නැහැ කියල දැනුනත් හිත එක්ක කත කරල බලන්න කොණක් ඔයට හම්බ වෙයි...

    මම මොනාද කරන්නේ කියන එකට නම් අයියේ ආයෙමත් හිතට කතා කරලා බලන්න ... තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා නේද..හරියට මට මාව විශ්වාසයි කියන්නේ එහෙම.. එක ඇත්ත.. තමන්ට තමන් ගැනවත් විශ්වාසයක් තියෙන්නම ඕනේ.. එ වගේමයි මම මොනවද කරන්න ඔන කියන එකත් හිතන්න ඔනේ ඔය නේද .. එකම දේ හිත ට අවංක තමන්ට දැනෙන දෙ කරන්න .... කොච්චර කවුරුත් එප කිවත් එක ඔයට හරි නම් නොකර ඉන්න එප .. දහක් එප කිව්වත් ඔය විතරක් එකම මතේ ඉදල දින්නත් පැරදුනත් ඔයට ඔයගේ ආත්ම විශ්වාසය තියෙනව නම් .. වෙන මුකුත් ඔනේ නැහැ නේද..

    ජිවිතය මොකක්ද කියල හිතන්න එප ... ජිවිතය දිහා ඉස්සෙල්ල බලන්න .. ඔයා ඔයාගේ ජිවිතේ දිහා නොබල අහක බලන් උන්නොත් මේ ප්‍රශ්නය එකම තැන පල් වෙනව එක ඇත්ත..එත් ජිවිතය විදින්නට මිස විදවන්නට නොගියොත් සැබැ අරුතක් හොයගන්න බැරි වෙන එකක් නැහැ

    ReplyDelete
  10. ආහ් , එක නම් හම්බවෙලා තියෙන්නෙ . . . :බි.පෙ.හි.වෙ:

    " දඬු මොණරේ නැගලා අහසින් යන්නා..හ් හොයියා හොයියා හෝ හෝ "

    ReplyDelete
  11. මෙන්න තියනවා නියම උත්තරයක්....

    10/10

    ReplyDelete
  12. මම නොකරන ක්‍රියාවන් 7ක් !!!

    1. මම අන් අයගේ සිහින නොබිඳිමි .
    2. මම සියල්ලන්ගේම සිහින සඵල කිරීමට ද නොයමි .
    3. මම අන් අයගේ සිහින නොබිඳිමි .
    4. මම සියල්ලන්ගේම සිහින සඵල කිරීමට ද නොයමි .
    5. මම අන් අයගේ සිහින නොබිඳිමි .
    6. මම සියල්ලන්ගේම සිහින සඵල කිරීමට ද නොයමි .
    7. මම අන් අයගේ සිහින නොබිඳිමි .

    ** ගත යුත්තන් ගනිත් වා !! වැදිය යුත්තන්ට වදිත් වා !!

    ReplyDelete