Thursday 14 April 2011

කොහොමද?

නුඹත් එක්ක තනි වෙන්නට
මැවූ සිහින බොද වෙනකොට 
කොහොමද මම තව දුරටත්
ජිවත් වෙන්නේ...?

නෙඹේ මිහිරි සිනාව මට
තව දුරටත් නෑසෙන විට
කොහොමද මම තව දුරටත් 
නොඅඩා ඉන්නේ...?

නුඹේ පුංචි ඇස් දෙක මට
පුංචි කතා නොකියන විට 
කොහොමද මගේ පාලු හිතින් 
පද මුමුනන්නේ...?

-නුඹෙන් පිළිතුරක් බලාපොරොත්තු වන මම-


 

11 comments:

  1. ලස්සනයි...... ආදරය ගැනම හැමදාම ලියනව ද? ලියවෙනව ද?

    ලැබුවා වූ අවුරුද්ද ක්‍රිස්තියානි බැතිමතකු වූ නුඹටත් කිසිවෙනසක් නැතිවම සුබම සුබ වේවා කියල මා ප්‍රාර්ථනා කරනවා මාලන්...

    ReplyDelete
  2. ඔබ ගැන සිතමින් සුසුම් හෙලමි
    හමුවුනු නමුත් එක්වෙන්නට බැරි විය.....

    එල එල

    ReplyDelete
  3. මම හිතලා ලියන්නෙ නෑ ලිය වෙනවනෙ....

    බෝම ස්තූතියි අක්කෝ...

    ReplyDelete
  4. පාලු හිතම පුරවන්නට
    මම එන දිනයක
    සිනා පිරුනු මුව අයාන
    ඔබ ඉන්නවද....

    වෙරළ කොනක දෑත් බැදන්
    යම් මතු දිනයක
    පාට පාට හීන අරන්
    හිත පුරවනවද ...?

    ReplyDelete
  5. ශාන්: ස්තූතියි කිවුව ඔන්න

    පබලු: හාකො හාකෝ.... :)

    ReplyDelete
  6. මේ මොකද මේ?

    ReplyDelete
  7. අලුත් කෙනෙක්...
    මොකද මේ?

    ReplyDelete
  8. අඩේ ඔයා ක්‍රිස්තියානිද ? මාලන් උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා . අවුලක් නෑ බං

    ReplyDelete
  9. හරිම ලස්සනයි මාලන්

    ReplyDelete
  10. නුඹේ හිතේ ආදරේ මට
    හෙට දිනකදි නොලැබෙන කොට
    මං කොහොමද ඒ නුඹ නිසාම
    සෙනෙහස අමතක කරලන්නේ?

    ReplyDelete