Wednesday 13 April 2011

ස්තූතියි

එත්... 
මම ඔයාට හැමදාම වගේ ආදරෙයි
ඔයා මොනා කිවුවත්
කොච්චර මගේ හිත රිදුනත්
ඔයාට දැනෙන්නේ නැතුව ඇති 
ඒ ඔයා ලග ගොඩක් අය ඉන්න හින්දා
එත් මම තනියම
මගේ තනිකම එක පුංචි බලාපොරොත්තුවක් තියන් 
මාව ජිවත් කරනවා 
ඒ පුංචි බලාපොරොත්තුව ඔයා 
ඔයාට නොතේරුනාට.
 
ස්තූතියි ලගින් ඉන්නවට..
ගොඩාක් ස්තූතියි...

6 comments:

  1. දිනක නුඹට වැටහේවි
    දිනක නුඹත් පවසාවි
    ආදාරේ බව මම
    නුඹට අනන්තව..

    මග බලන් ඉමි මම
    ඒ දිනය උදා වනතුරු
    නුඹට ලංවී ආදරෙන්
    සැනසෙන්නට ජීවිතෙන්...

    ReplyDelete
  2. හො හො.. මම ඒත් බැලුව කලින් ලියපු එකේ ඇයි ඒත් කියල නැවැත්තුවෙ කියල.. දැන්නෙ තේරුනෙ.. :D සකලවිද ප්‍රේක්ෂක ජනීජනයාගෙ සිත් සතන් තුල කුහුලක් ඇතිකරන්න නේද?? :P ලොල්ය.. බර වැඩිද මන්ද..? ;)

    ReplyDelete
  3. දුකක් නෑ
    මට
    වැටෙනා
    හැම කඳුලක්ම
    ඔබේ නාමයෙන්
    නිසා
    ඒ අවසරයවත්
    උරුමයි නේද
    මට

    ඔබ සමඟ
    ගෙවුන
    තත්පරය
    වසරක් කරන්
    ගෙවමි මම
    ජීවිතය සැමදා

    මා වෙනුවෙන්
    ඔබ ගතකල
    මොහොතටත්
    ඔබට ස්තුතියි

    ReplyDelete
  4. දිනේශ් අයියා/ හිරණ්ය: ස්තූතියි කවි වලට දෙකම ලස්සනයි

    පොඩි එකා: ඔව් බන් එහෙම එහෙකට තමයි ඒක එතනින් නැවැත්තුවෙ

    ReplyDelete
  5. ලස්සන, ගොඩක් හැඟීම්බර කවියක්...

    ReplyDelete