Thursday 7 April 2011

??????

පාවෙන්න ආසයි 
හැමදේකින්ම ඈතට පියබලා යන්න 
කවුරුත් නැති කව්රුවත් එන්නැති මගේම ලෝකෙකට 
ඈත්වෙලා ඉන්න ආසයි හැමදේකින්ම 
හිස් වෙන්න, කිසි දෙයක් නැති හිස් මනසක් හදාගන්න 
කාටවත්ම මට කරදර කරන්න බැරි වෙන්න 

පියබන්න නිල් අහස පුරාම
කිමිදෙන්න මහා සාගරයේ පතුලටම 
තරු අතරේ පාවෙන්න 
බිදුන මගේ හිත කෑලි කරලා  හංගන්න 
ඈත තියන තරුවක 
සාගරයේ ගැඹුරුම තැනක
අහසේ තියන උසම තැනෙ
කාටවත්ම ආයේ හදන්න බැරිවෙන්න
හොයාගන්න බැරිවෙන්න 
හිතක් නැති කාලකන්නියෙක් වගේ ජිවත් වෙන්න  
තනියම....

-ස්තුතියි ඔබට-

16 comments:

  1. මොන මගුලක්ද.. ඔන්න ඔය කෙල්ලගෙන් ඉක්මනට අහපං බං..!

    ReplyDelete
  2. මොනාද බං...?

    ReplyDelete
  3. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා. ලස්සනයි කවි ටික !!!!

    ReplyDelete
  4. ඉතින් ඔය කියලා තියෙන්නේ.... :)
    ස්තූතියි අයියේ...

    මටත් මුකුත් හිතන්න බැරි උන හින්දා තමයි ඔය ????? දාල තියෙන්නේ

    ReplyDelete
  5. දුකයි මල්ලි. ඇයි මේ දවස් වල මොකද්ද තියෙන අවුල

    ReplyDelete
  6. මට ඉතින් කියන්න තියෙන්නේ ආදරය සින්දර වරදකි කියලා තමයි... කවිය නම් ලස්සනයි... :)

    ReplyDelete
  7. පිනිබිඳු: එච්චරම අවුලක් නෑ අක්කේ...

    කොජී අක්කා: හාකො හාකෝ අක්කේ "ආදරය සින්දර වරදක් කියලා ඉමුකො එහෙනම්" :))

    ReplyDelete
  8. ???? ?? ?????? ??? ?????? ?? ??????? ??? ?????? ???? ?????? ??? ?????? ?? ?

    ReplyDelete
  9. ශිහ් මට අද හරියට ප්‍රින්ටින් මිස්ටේක් වෙනවනේ... හැමෝම හිනා වෙනවා... :(

    ReplyDelete
  10. ම්..ම්..මොකො මේ,එච්චර දුර යන්න එපා,ලස්සන කවි ටික

    ReplyDelete
  11. අපොයි අක්කෙ විහිලුවටනේ...... :(
    සමාවෙන්න

    සඳලි: බලමුකෝ....

    ReplyDelete
  12. මාර්ලන්ඩෝ , රිප්ලයි වල මොකක් හරි අඩුවක් පේන්නෙ ඇයි මට ? ? ?

    ReplyDelete
  13. මටදැන් උඹට බණ කියලම ඇති වෙලා . ඒත් උඹගේ ලස්සන අදහස් බලන එක නම් එපා වෙන්නේ නෑ

    ReplyDelete
  14. දිල්ශන් අයියා: ඔව් ලොකූ අඩුවක් ජීවිතේටත් එක්කම

    සඳරු අයියා: ස්තූති වේවා අයියේ..

    ReplyDelete